ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp23 අංක 1 14-15 පි.
  • මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මානසික ගැටළු එක්ක සටන් කරන අයට අත දෙමු
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒක කරන්නේ කොහොමද?
  • ඒක උදව් වෙන්නේ කොහොමද?
  • පුංචි උදව්වක් ලොකු වෙනසකට හේතු වෙයි
  • බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුට උපකාර කළ හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිතුරන්ගේ වැරදි හෙළි කරන එක හරිද?
    2008 පිබිදෙව්!
  • එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
    තවත් ලිපි
  • මිතුරෙක් වරදකට හසු වූවොත් මා කුමක් කළ යුතුද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp23 අංක 1 14-15 පි.
කලකිරිලා ඉන්න බිරිඳ කියන දේවල් අහගෙන ඉන්න ස්වාමිපුරුෂයා.

මානසික ගැටලු එක්ක සටන් කරන අයට අත දෙමු

බයිබලයේ කියනවා . . . “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”​—හිතෝපදේශ 17:17.

ඒක කරන්නේ කොහොමද?

ඔයා අඳුරන කෙනෙක් මානසික රෝගයකින් පෙළෙනවා නම් ඔයාටත් ලොකු අසරණකමක් දැනෙයි. ඒත් එයාට සහනයක් සරණක් වෙන්න ඔයාටත් පුළුවන්.

ඒක උදව් වෙන්නේ කොහොමද?

“ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි.”​—යාකොබ් 1:19.

එයාගේ හිතට වධ දෙන දේවල් ගැන කතා කරද්දී හොඳින් ඇහුම්කන් දෙන්න. එයා කියන හැම දේකටම ප්‍රතිචාර දක්වන්න ඕනෙ නැහැ. ඒත් එයාගේ දුක තේරුම්ගන්න උත්සාහ කරන්න. එයා කියන දේවල් නිසා කලබල වෙන්නවත් එයා ගැන වැරදි පින්තූරයක් හිතේ ඇඳගන්නවත් එපා. ඔයාගේ හිත රිදෙන විදිහේ දේවල් පවා එයාගේ කටින් පිට වෙන්න පුළුවන් කියලත් මතක තියාගන්න.—යෝබ් 6:2, 3.

“කලකිරී සිටින අයව සනසවන්න.”​—1 තෙසලෝනික 5:14.

ඔයාගේ යාළුවාට ලොකු කලකිරීමක් දැනෙනවා ඇති. තමන් වටින්නේ නැහැ කියලත් දැනෙනවා ඇති. ඒ නිසා ඔයාට එයාව කොච්චර වටිනවාද කියලා කියන්න. ආදරෙන් කියන එක වචනයකට පුළුවන් හිත වට්ටන සිතුවිලි දාහක් වුණත් බිඳලා දාන්න.

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.”​—හිතෝපදේශ 17:17.

එයා ළඟින් ඉඳලා උදව් කරන්න. එයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා අනුමාන කරන්නේ නැතුව එයාගෙන් අහන්න. එයාට කියාගන්න තේරෙන්නේ නැත්නම්, දෙන්නා එක්ක එකතු වෙලා ටිකක් ඇවිදින්න යන එක, ෂොපින් යන එක, ගේදොර අස්පස් කරන එක නැත්නම් ඒ වගේ වෙන දෙයක් කරමුද කියලා අහන්න.​—ගලාති 6:2.

“බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”​—1 තෙසලෝනික 5:14.

එයා එවෙලේ කතා කරන්න කැමති නැත්නම් මොකද කරන්නේ? එයාට කතා කරන්න ඕනෙ වුණොත් ඔයා ඉන්නවා කියලා එයාට කියන්න. අසනීපේ නිසා එයා ඔයාගේ හිත රිදෙන දේවල් කරයි. දාගත්තු ප්ලෑන් අන්තිම මොහොතේ කැන්සල් කරයි. ඔයාට රුස්සන්නේ නැති දේවල් කරයි. ඒත් ඉවසීමෙන් එයාව තේරුම් අරන් අවශ්‍ය උදව් දෙන්න.—හිතෝපදේශ 18:24.

පුංචි උදව්වක් ලොකු වෙනසකට හේතු වෙයි

“එයාට ඕනෙ වෙලාවක මං ඉන්නවා. එයාගේ අසනීපේ හොඳ කරන්න මට බෑ. ඒත් එයා මනස සැහැල්ලු කරගන්න දේවල් කියද්දී ඒ බර අරගන්න මං එතන ඉන්නවා. ඒකෙන් එයාට ලැබෙන සහනය මට ඇස් දෙකෙන්ම පේනවා.”—ආහාර අක්‍රමිකතාවයක් සහ දරුණුවටම විෂාදය තියෙන කෙනෙක්ගේ යාළුවෙක් වන ෆාරා.a

වයසක කාන්තාවක්ගේ අත ආදරෙන් අල්ලගෙන ඉන්න තරුණ කාන්තාවක්.

“මාව හොඳට තේරුම්ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා. එයා නිතරම මට එයාගේ ගෙදරට එන්න කියනවා. අපි එකට එකතු වෙලා කෑම කද්දී කතා කරද්දී මට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.”—විෂාදයෙන් පෙළෙන හායුන්.

“මගේ වයිෆ්ගේ අසනීපේ නිසා මගේ හිත රිදෙන විදිහේ දේවල් එයාගේ අතින් වෙනවා. ඒත් මං දන්නවා එයාගේ අසනීපේ තමයි එයාව මේ පාලනය කරන්නේ කියලා. ඒක මට උදව් වෙලා තියෙනවා ඉවසීමෙන්, තරහා ගන්නේ නැතුව දිගටම එයාට ආදරය දෙන්න.”—විෂාදයෙන් පෙළෙන බිරිඳක් ඉන්න ජේකබ්.

“මගේ වයිෆ් නැත්තං මෙලහකට මාත් නැහැ. එයා මට ලොකු හයියක්. මගේ අසනීපේ නිසා මං අමාරුවෙන් නම් ඉන්නේ, එයා කිසිම දෙයක් කරන්න කියලා මට බල කරන්නේ නෑ. සමහරවිට එයා ආසම දෙයක් වුණත් මං නිසා කැප කරගන්නවා. එයාගේ ආදරයයි සැලකිල්ලයි තමයි මාව ජීවත් කරවන්නේ.”—මානසික අවපීඩනයෙන් පෙළෙන එන්රිකෝ.

a සමහර නම් වෙනස් කර ඇත.

තව දැනගන්න

jw.org වෙබ් අඩවියට ගිහින් 2015 ඔක්තෝබර් ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙන “අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . . ” කියන ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න