ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp24 අංක 1 3 පි.
  • හරි වැරැද්ද: හැමෝම ගන්න ඕනෙ තීරණයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරි වැරැද්ද: හැමෝම ගන්න ඕනෙ තීරණයක්
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඥානවන්ත තීරණ ගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හරි තීරණ ගන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • හැඳින්වීම
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp24 අංක 1 3 පි.
කලින් පිටුවේ හිටපු තරුණයාම පාක් එකක් භාරව ඉන්න කෙනාගෙන් පාර අහගන්නවා. එයා මැප් එකක් පෙන්නලා කඳු මුදනට යන්න ඕනෙ හරි පාර තරුණයාට පෙන්නනවා.

හරි වැරැද්ද: හැමෝම ගන්න ඕනෙ තීරණයක්

හිතන්න ඔයා කවදාවත් ගිහිල්ලා නැති තැනකට යන්න හිතන් ඉන්නවා කියලා. ඔයාට ඒක කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා.

  1. 1. ඔයාට පුළුවන් ඔයා හරියි කියලා හිතන පාරේ යන්න.

  2. 2. පාර දන්නවා කියලා හිතන අය පස්සේ යන්නත් පුළුවන්.

  3. 3. සිතියමක්, GPS එකක් පාවිච්චි කරලා නැත්නම් පාර හොඳටම දන්න යාළුවෙක්ගෙන් අහලා එතනට යන්නත් පුළුවන්.

මුල්ම විදි දෙකෙන් ඔයා කොහේ හරි තැනකට යයි. හැබැයි යන්න ඕනෙ තැනට යන්න බැරි වෙයි. අන්තිමට කියපු විදිහට කළොත් නම් ඔයාට ඕනෙ කරන තැනට හරියටම යන්න පුළුවන්.

අපේ ජීවිතයත් හරියට ගමනක් වගේ. අපිට ඕනෙ ඒ ගමනාන්තය සතුටින් පිරුණු එකක් කරගන්න. හැබැයි ඒක එහෙම වෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ අපි ගන්න තීරණ මත.

අපි හැම දවසකම පොඩි පොඩි තීරණ ගන්නවා. හැබැයි අපේ ජීවිත කාලෙටම බලපාන තීරණ ගන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ තීරණ හරිම වැදගත්. මොකද හරි වැරැද්ද ගැන අපි හිතන විදිහ ඒ තීරණවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ තීරණවලින් අපිටයි, අපි ආදරේ කරන අයටයි හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. උදාහරණ කීපයක් බලමු.

  • ලිංගික කාරණා, විවාහය

  • අවංකකම, රැකියාව, සල්ලි

  • දරුවන්ව ඇතිදැඩි කරන විදිහ

  • අනිත් අයට සලකන විදිහ

ඒ දේවල්වලදී ඔයා ගන්න තීරණ ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි ඉස්සරහට සතුටින් ඉන්න උදව් වෙයිද? ඒක හරියටම දැනගන්නේ කොහොමද?

හරි දේ, වැරදි දේ මොකක්ද කියලා මං තීරණයකට එන්නේ කොහොමද? ඒක අපි හැමෝම හිතන්න ඕනෙ ප්‍රශ්නයක්.

හරි වැරැද්ද ගැන බයිබලේ තියෙන දේවල් සීයට සීයක්ම විශ්වාස කරන්න පුළුවන් ඇයි? ඒ දේවල් ඔයාට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන මේ සඟරාවේ කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න