ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 46 පි.-48 පි. 2 ¶
  • අප්‍රිකා මහද්වීපය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රිකා මහද්වීපය
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • මෝටර් සයිකලයෙන් දෙවිගේ පණිවිඩය
  • උත්සාහය අත්හැරියේ නැති දැරියක්
  • හිරගෙදරටත් ශුභාරංචිය
  • “අපිට ගොඩක් උදව් ඕනේ”
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 46 පි.-48 පි. 2 ¶
බුරුන්ඩිවල, ගිනි අඟුරු ඉල්ලපු මිනිස්සු දෙන්නාට නෝලා ‘මුරටැඹ’ සඟරා පෙන්නනවා

බුරුන්ඩි: ගිනි අඟුරු ඉල්ලපු මිනිස්සු දෙන්නාට නෝලා ‘මුරටැඹ’ සඟරා පෙන්නනවා

ලොව වටා සේවය

අප්‍රිකා මහද්වීපය

  • රටවල් ගණන 58

  • ජනගහනය 1,08,24,64,150

  • ප්‍රචාරකයන් ගණන 14,53,694

  • බයිබල් පාඩම් ගණන 36,88,959

මෝටර් සයිකලයෙන් දෙවිගේ පණිවිඩය

බෙනින්වල, ඩේසීරේ එයාගේ කුලී රථයේ යන අයට සාක්ෂි දරනවා

බෙනින්: ඩේසීරේ එයාගේ කුලී රථයේ යන අයට සාක්ෂි දරනවා

බෙනින්වල දකුණට වෙන්න තියෙන නගරවල හුඟක් අය කුලී රථ විදිහට පාවිච්චි කරන්නේ මෝටර් සයිකල්. සහායක පුරෝගාමි සේවය කරන ඩේසීරේටත් ඒ වගේ කුලී රථයක් තියෙනවා. හැබැයි ඒක අනිත් ඒවට වඩා වෙනස්. මොකද එයාගේ මෝටර් සයිකලයේ, පිටිපස්සේ යන කෙනාගෙ පැත්තට හරවලා හයි කරපු ස්පීකර් දෙකක් තියෙනවා. මෝටර් සයිකලයේ කෙනෙක් යන වෙලාවට ඩේසීරේ, පටිගත කරපු අපේ ප්‍රකාශන සහ බයිබල් නාට්‍ය එයාට ඇහෙන්න දානවා. එයාලා ඒවා කොච්චර ආසාවෙන් අහනවද කියනවා නම් බහින්න ඕන තැනට ආවට පස්සෙත් බහින්නේ නැතුව දිගටම අහගෙන ඉන්නවා. ඒ ගැන ඩේසීරේ කිව්වේ මෙහෙමයි. “එයාලා මට සල්ලි ටික දීලා බැහැලා යනවා නම් හොඳයි තමයි. ඒත් මට සල්ලිවලට වඩා වටින්නේ එයාලා ශුභාරංචිය අහන එක. අනිත් එක තමයි මට පොත් පත් ගොඩක් දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.”

උත්සාහය අත්හැරියේ නැති දැරියක්

නෝලා ඉන්නේ බුරුන්ඩිවල කඳුකර පළාතක. එයාට අවුරුදු 6යි. දවසක් එයාලා කෑම උයඋයා ඉන්නකොට එහා ගෙදර වැඩට ඇවිල්ලා හිටිය මිනිස්සු දෙන්නෙක් ඇවිත් ගිනි අඟුරු ටිකක් ඉල්ලුවා. නෝලා ඒ වෙලාවේ හිටියේ ලිපේ ගිනි අවුලඅවුලා. ටික වෙලාවකට පස්සේ ගින්දර ඉල්ලගෙන ගිය මිනිස්සු දෙන්නා සිගරට් බොනවා නෝලා දැක්කා. ඒ වෙලාවේ පුංචි නෝලාට හුඟක් දුක හිතුණා. ඒ නිසා එයා ඒ මිනිස්සු දෙන්නා ළඟට ගිහින් “ඔයාලා ගිනි අඟුරු ඉල්ලුවේ සිගරට් පත්තු කරන්න කියලා දන්නවා නම් මං ඔයාලාට ඒවා දෙන්නේ නැහැ” කියලා කිව්වා. ඒ වෙලාවේ නෝලාට, මුල් පිටුවේ සිගරට් එකක පින්තූරයක් තියෙන සඟරාවක් සභාවේ තියෙනවා කියලා මතක් වුණා. එයා නමස්කාර මධ්‍යස්ථානයට දුවලා ගිහින් දුම් බීම ගැන කතා කරන 2014 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ පිටපත් 2ක් ඒ අයට ගෙනත් දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒක දැන්මම කියවන්න කියලත් කිව්වා. තවත් දවසක නෝලා එයාලට සමුළු ආරාධනා පත්‍රයකුත් දුන්නා. නෝලාගේ උනන්දුව දැකපු ඒ දෙන්නා සමුළුවේ දවස් දෙකකට ආවා. එයාලා සමුළුවට ඇවිත් ඉන්නවා දැකපු නෝලා දවල් කෑම වෙලාවේ එයාගේ පවුලේ අයත් එක්ක කෑම කන්න එන්න කියලත් ඒ දෙන්නාට කිව්වා. සමුළුවේදී අහපු දැකපු දේවල් නිසා ඒ දෙන්නම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

හිරගෙදරටත් ශුභාරංචිය

ලයිබීරියාවේ ඉන්න වැඩිමහල්ලන් හිරගෙවල්වල ඉන්න අයටත් දේශනා කරන්න හුඟක් මහන්සි වෙනවා. එහේ අගනුවර වන මොන්රොවියාවල විශේෂ පුරෝගාමි සේවය කරන සහෝදර ඊව් කිව්වේ මෙහෙමයි. “මාර්තු මාසයේ හිරකරුවන් 3දෙනෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වුණා. ඒ නිසා මොන්රොවියාවල හිරගෙදර ඉන්න ප්‍රචාරකයන්ගේ ගාණ 6ක් වුණා.” මේ හිරකරුවන් සේවයේ යන විදිහ ගැන සහෝදර ඊව් කිව්වේ මෙහෙමයි. “හැම සතියකම බදාදයි සෙනසුරාදයි එයාලා එකතු වෙලා අනිත් හිරකූඩුවල ඉන්න හිරකරුවන්ව හම්බ වෙලා දේශනා කරනවා.” දැන් හිරකරුවන් හුඟදෙනෙක් බයිබලය පාඩම් කරනවා. ඒ වගේම හිරගෙදර පවත්වන රැස්වීම්වලටත් එනවා. දවසක් ශාඛා කාර්යාල නියෝජිතයෙක් හිරගෙදරදී දුන්න බයිබල් දේශනයක් අහන්න 79දෙනෙක් ආවා. මීට අමතරව තවත් හිරගෙවල් 6කත් බයිබලය ගැන උගන්වන පන්ති පවත්වනවා. ඒ නිසා හුඟදෙනෙක්ට එයාලගේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

“අපිට ගොඩක් උදව් ඕනේ”

හුදෙකලා පැතිවල ඉන්න අයට යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න උදව් කරන්න සහෝදරයන් ගිය අවුරුද්දෙත් ලොකු උත්සාහයක් ගත්තා. උදාහරණෙකට නැමීබියාවේ රුන්ඩු නගරයට කි.මී. 270ක් ඈතින් තියෙන ගමක ජීවත් වෙන සාන් කියන ආදිවාසී කණ්ඩායමටත් ඒ අවස්ථාව ලැබුණා. ඒ ගමේ යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න ග්ලෙන් කියන පුරෝගාමි සහෝදරයා සැලසුම් කළා. මේක ඒ ගමේ සිහි කිරීම පවත්වන දෙවෙනි වතාව. ඒ අවස්ථා දෙකේදීම ගම්මුලාදෑනීන්ගෙන් අවසර ලැබුණා විතරක් නෙමෙයි සිහි කිරීම පවත්වන්න උසාවියේ ශාලාවත් නොමිලේම ලැබුණා. සිහි කිරීම දවසේ හුඟක් හයියෙන් වැස්සත් 232දෙනෙක් ඒකට ඇවිත් හිටියා. එදා ඉංග්‍රීසි භාෂාවෙන් දුන්න දේශනය ආදිවාසීන්ගේ භාෂාවට පරිවර්තනය කළා. එයාලාගේ භාෂාවෙන් බයිබලයක් තිබ්බේ නැති නිසා යෙසායා 35:5, 6 වගේ බයිබල් පද විස්තර කළේ ප්‍රොජෙක්ටරයකින් පින්තූර පෙන්නලයි. ග්ලෙන් ඒ පළාතේ බයිබල් පාඩම් කිහිපයක්ම සාර්ථකව කරනවා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “ගිය අවුරුදු දෙකේම මං මාසයකට වතාවක් මෙහෙට ආවා. එහෙම ආවම ටික දවසක් නතර වෙනවා. සත්‍යය තුළ ඉක්මනින් දියුණු වෙන්න මෙයාලට බාධා වෙලා තියෙන්නේ භාෂාවයි, මෙහෙට යන්න එන්න තියෙන දුරයි. ඒ නිසා අපිට ගොඩක් උදව් ඕනේ. මේ අවුරුද්දේ සිහි කිරීම තියන්න අවසර ගන්න ගිය වෙලාවේ එක නිලධාරියෙක් මට කිව්වා, අපේ වැඩ කරගන්න ඉඩමකුත් දෙන්නම් තැනකුත් හදලා දෙන්නම් කියලා. පෙරමුණ අරං වැඩ කරන සහෝදරයෙක්ව දෙන එක විතරයි අපි කරන්න ඕනේ.”

නැමීබියාවේ හිම්බා ගෝත්‍රික කාන්තාවකට ප්‍රචාරකයන් දෙන්නෙක් දේශනා කරනවා

නැමීබියාව: හිම්බා ගෝත්‍රික කාන්තාවකට නැමීබියාවේ ප්‍රචාරකයන් දෙන්නෙක් දේශනා කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න