ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 28 පි.-29 පි. 1 ¶
  • ශාඛා කාර්යාල කැප කිරීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශාඛා කාර්යාල කැප කිරීම්
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 28 පි.-29 පි. 1 ¶
ශාඛා කාර්යාලය කැප කිරීමේ උත්සවයට ආපු අය

පසුගිය වසරෙන්

ශාඛා කාර්යාල කැප කිරීම්

මැඩගස්කරයේ ශාඛා කාර්යාලය කැප කිරීමේ උත්සවයට ආපු සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්.” 2015 ජනවාරි 24වෙනිදා පවත්වපු ඒ උත්සවයට 583දෙනෙක් ආවා. ඒ අය, කාමර 19ක් තියෙන අලුත් නේවාසික ගොඩනැඟිල්ල, විශාල කරපු කෑම කාමරය සහ අලුත්වැඩියා කරපු මුළුතැන්ගෙය බැලුවේ හරිම ආසාවෙන්. මේ ශාඛා කාර්යාලයේ සේවා අංශය, ගිණුම් අංශය සහ ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශය තියෙන කාර්යාලවල ඉඩ පහසුකම් වැඩි කළා. ඒ වගේම ඕඩියෝ වීඩියෝ සහ සංඥා භාෂා අංශවලට අලුතින් ස්ටූඩියෝ ලැබුණා. බ්‍රේල් පොත් පත් හදන්නත් පටන්ගත්තා. මැඩගස්කරයේ දේශනා සේවයේ ඉතිහාසය ගැන සහ සහෝදර මාක් සැන්ඩසන් ඉදිරිපත් කරපු කැප කිරීමේ දේශනය අහලා ඒකට ආපු අය ලැබුවේ ලොකු දිරිගැන්වීමක්.

මැඩගස්කරයේ ශාඛා කාර්යාලයේ නේවාසික ගොඩනැඟිල්ල

මැඩගස්කරයේ ශාඛා කාර්යාලයේ නේවාසික ගොඩනැඟිල්ල

ඉන්දුනීසියාවේ ශාඛා කාර්යාලය යෙහෝවා දෙවිට කැප කළේ 2015 පෙබරවාරි 14වෙනිදා. තට්ටු 42ක ගොඩනැඟිල්ලක එක තට්ටුවක්, ඒ අසල තියෙන තවත් ගොඩනැඟිල්ලක තට්ටු 12ක් සහ ආසන්නයේ තියෙන තවත් ගොඩනැඟිලි කිහිපයක් ශාඛා කාර්යාලයේ වැඩ සඳහා යොදාගන්නවා. කැප කිරීමේ දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ඇන්තනි මොරිස්. පහුවෙනිදා පාපන්දු ක්‍රීඩාංගනයක පවත්වපු විශේෂ රැස්වීමට 15,257දෙනෙක් සහභාගි වුණා. මේ වැඩසටහන වෙනත් ස්ථාන 41ක හිටිය 11,189දෙනෙක්ට වීඩියෝ මගින් දැකගන්න පුළුවන් වුණා. ඉන්දුනීසියාවට ගිය මුල්ම මිෂනාරිවරයා වන රොනල්ඩ් ජැකා එදා මෙහෙම කිව්වා. “1951දී මං මුලින්ම මෙහෙට එනකොට මෙහෙ හිටියේ ප්‍රචාරකයෝ 26යි. ඒත් අද මේ වැඩසටහනට 26,000කට වඩා සහභාගි වෙනවා. ඇත්තටම මේ රටේ සහෝදරයන්ට දෙවි හුඟක් ආශීර්වාද කරලා තියෙනවා!”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න