ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 26-29 පි.
  • ශාඛා කාර්යාල කැප කිරීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශාඛා කාර්යාල කැප කිරීම්
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • ශාඛා කාර්යාල කැප කිරීම්
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • යෙහෝවා දෙවිට හැම දෙයක්ම කරන්න පුළුවන්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ශාඛා කාර්යාලයක් තියෙන්නේ ඇයි?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
තව තොරතුරු
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 26-29 පි.
කිර්ගිස්තානයේ ශාඛා කාර්යාලය කැප කරන අවස්ථාවේදී පාලක මණ්ඩලයේ සහෝදර ස්ටීවන් ලෙට් කැප කිරීමේ දේශනය ඉදිරිපත් කරමින්

කිර්ගිස්තානය

පසුගිය වසරෙන්

ශාඛා කාර්යාල කැප කිරීම්

කිර්ගිස්තානයේ අගනුවර තමයි බිෂ්කෙක් කියන්නේ. 2015 ඔක්තෝබර් 24වෙනිදා ඒ නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ අලුතින් ඉදි කළ ගොඩනැඟිලි කැප කළා. මේ ඉදි කිරීම් වැඩවලට ඒ රටෙන් සහ වෙනත් රටවලින් ආපු සහෝදරයන් වෙහෙස මහන්සි නොබලා අවුරුදු එකහමාරක් තිස්සේ වැඩ කළා. කැප කිරීමේ උත්සවයේදී පාලක මණ්ඩලයේ සහෝදර ස්ටීවන් ලෙට් “සම්පූර්ණ හදවතකින් යෙහෝවා දෙවිට සේවය කරන්න” කියන මාතෘකාවෙන් දේශනයක් ඉදිරිපත් කළා. රට පුරා නමස්කාර මධ්‍යස්ථාන 18ක සහ තවත් ශාලා 5ක රැස් වෙලා හිටිය සහෝදරයන් 3,000කට වඩා වැඩිදෙනෙක් ඒ දේශනයට සවන් දුන්නා. ඒ වගේම කැප කිරීමේ උත්සවයට පහුවෙනිදා විශේෂ රැස්වීමක් පැවැත්තුවා. රට පුරා ඉන්න ප්‍රචාරකයන් ඒකෙන් ලැබුවේ ලොකු දිරිගැන්වීමක්.

කිර්ගිස්තානයේ ශාඛා කාර්යාලය

කිර්ගිස්තානයේ ශාඛා කාර්යාලය

2016 මැයි 14වෙනිදා කියන්නේ ආර්මේනියාවේ ඉන්න සාක්ෂිකරුවන්ට අමතක නොවෙන දවසක්. එදා ඒ රටේ ශාඛා කාර්යාලය, එක්රැස්වීම් ශාලාව සහ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල පවත්වන්න හදපු ශාලාව කැප කළා. ඒ උත්සවයට 6,435දෙනෙක් සහභාගි වුණා. එදා දුන්න දේශනයේදී ආර්මේනියාවේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන කතා කළා. 20වෙනි සියවසේ මුල් භාගයේදී ඇමරිකාවේ පදිංචියට ගිය ආර්මේනියානුවන්ට තමයි මුලින්ම සත්‍යය දැනගන්න ලැබුණේ. ආර්මේනියාවේ සත්‍යය පැතිරුණේ 1970 ගණන්වලදී. මෑත කාලයක සාක්ෂිකරුවන්ව ආර්මේනියාවේ පිළිගත් ආගමක් හැටියටත් ලියාපදිංචි කළා. ආර්මේනියාවේ මුල් සාක්ෂිකරුවන් හිතන්නවත් නැතුව ඇති තමන්ගේ රටේ ශුභාරංචිය මේ විදිහට ව්‍යාප්ත වෙයි කියලා. කැප කිරීමේ උත්සවයේදී සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් ඒ අලුත් ගොඩනැඟිලි යෙහෝවා දෙවිට කැප කරන්න කැමතියිද කියලා එතන හිටපු අයගෙන් ඇහුවා. හැම කෙනෙක්ම මුළු හදවතින්ම එයාලාගේ කැමැත්ත ප්‍රකාශ කළා.

ආර්මේනියාවේ ශාඛා කාර්යාලය කැප කරන අවස්ථාවේදී පාලක මණ්ඩලයේ සහෝදර ඩේවිඩ් ස්ප්ලේන් කැප කිරීමේ කතාව දෙමින්; සති අන්තයේ පවත්වපු විශේෂ වැඩසටහනට සහභාගි වුණ සහෝදරයන්; සම්ප්‍රදායික ආර්මේනියානු නර්තනයක්

ආර්මේනියාව

ඉහළින්: ආර්මේනියාවේ ශාඛා කාර්යාලය කැප කිරීම

මැදින්: සති අන්තයේ පවත්වපු විශේෂ වැඩසටහනට සහභාගි වුණ සහෝදරයන්

පහළින්: සම්ප්‍රදායික ආර්මේනියානු නර්තනයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න