ජෝර්ජියාව
කුර්දිෂ් ජාතිකයන්ගෙන් පණිවිඩයට හොඳ ප්රතිචාරයක්
“මගේ මව්භාෂාවෙන්ම දෙවියන් ගැන අහන්න ලැබුණ එක ගැන මං හැමදාම යෙහෝවා දෙවිට ස්තුති කරනවා.” එහෙම කිව්වේ ගුල්සාර්.
එයා අවුරුදු අටක් තිස්සේ සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරපු කෙනෙක්. ඒත් එයා බව්තීස්ම වුණේ කුර්දිෂ් කියන එයාගේ මව්භාෂාවෙන් රැස්වීම් තියන්න පටන්ගත්තාට පස්සේ. මෑතක ඉඳන් ජෝර්ජියාවේ කුර්දිෂ් භාෂාව කතා කරන හුඟදෙනෙක් ශුභාරංචියට හොඳ ප්රතිචාරයක් දක්වලා තියෙනවා.
කුර්දිෂ් අය වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ මැදපෙරදිග. සමහර විශාරදයන් කියන්නේ මේ අය පැවත එන්නේ බයිබලයේ සඳහන් වෙන මේදියවරුන්ගෙන් කියලයි. (2 රාජා. 18:11; ක්රියා 2:9) කුර්දිෂ් භාෂාව ඉරානයේ පාවිච්චි කරන භාෂාවක්.
අද මිලියන ගණන් කුර්දිෂ් ජාතිකයන් ආර්මේනියාව, ඉරාකය, ඉරානය, තුර්කිය සහ සිරියාව වගේ රටවල ජීවත් වෙනවා. ඒ වගේම ජෝර්ජියාවේ කුර්දිෂ් වැසියන් 20,000ක් විතර ඉන්නවා. එයාලා දෙවි කෙනෙක් ගැන ලොකු විශ්වාසයක් තියෙන සෙනඟක්.
ජෝර්ජියාවේ කුර්දිෂ් භාෂාවෙන් රැස්වීම් පවත්වන සභා තුනක ප්රචාරකයන් 500ක් විතර ඉන්නවා. 2014 ටිබිලිසිවල කුර්දිෂ් භාෂාවෙන් තුන්දින සමුළුවක් පැවැත්තුවා. ඒකට ආර්මේනියාවෙන්, ජර්මනියෙන්, තුර්කියෙන් සහ යුක්රේනයෙන් සහෝදරයන් ආවා. මුල්ම වතාවට කුර්දිෂ් භාෂාවෙන් සමුළුවක් පවත්වන්න ලැබුණ එක ගැන සහෝදරයන් හුඟක් සතුටු වුණා.