විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - යුක්රේනය
දශක තුනකට කිට්ටු කාලයක් පුරා යුක්රේනයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නීතියෙන් අවසර ලැබුණා හෘද සාක්ෂිය නිසා හමුදා සේවය වෙනුවට වෙනත් පොදු සේවයක් කරන්න. ඒ නිසා සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න.
ඒත් 2022 පෙබරවාරි 24 යුක්රේනයේ යුද්ධය පටන්ගත්තාට පස්සේ හමුදා සේවය අනිවාර්යය කළා. ඒ වගේ කාලෙකත් වෙනත් පොදු සේවයක් කරන්න පුළුවන්ද කියන එක ගැන නීතියක් තිබුණේ නැහැ. ඒ නිසා හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරන අයට නඩු පැවරුවා. මේ ක්‍රියාකලාපයෙන් පැහැදිලිව පෙනුණේ කෙනෙක්ගේ විශ්වාසයන් සහ හෘද සාක්ෂියට එකඟව ගන්න තීරණවලට රජය කිසිම ගරු කිරීමක් කරන්නේ නැහැ කියලයි. ඒත් ඒ විදිහට සැලකීම මානව හිමිකම් සහ යුක්රේන නීතියේ තියෙන මේ දේට විරුද්ධයි. “යම් පුරවැසියෙකු තම ආගමික විශ්වාසයන් නිසා හමුදා සේවයට බැඳීමට අකමැති නම් ඔහුට ඊට සම්බන්ධ නැති වෙනත් සේවයක යෙදීමට හැකියි.”
ඒත් 2025 සැප්තැම්බර් 17වෙනිදා වෙද්දී හෘද සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු සාක්ෂිකරුවන් පස්දෙනෙක්ව සිරගත කරලා තියෙනවා. සමහර අයට මාස 60ක සිරදඬුවමක් නියම කරලා තියෙනවා. තීන්දුව ලැබෙන කල් තවත් තුන්දෙනෙක්ව රඳවලා තියාගෙන ඉන්නවා.
ජාත්‍යන්තරයේ අවධානය
යුක්රේන බලධාරීන් පුරවැසියෙක්ට යුද්ධයට හවුල් වෙන්නේ නැතුව වෙනත් පොදු සේවයක් කිරීමට තියෙන අයිතියට ගරු නොකිරීම ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් තුන්දෙනෙක් කනස්සල්ල පළ කරනවා. ඒ අය 2023 නොවැම්බර් 8වෙනිදා යුක්රේන රජයට මේ වගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. “තමන්ගේ විශ්වාසයන් නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන අයට විරුද්ධව නඩු පැවරීම, ඒ අය වෙනුවෙන් හඬ නඟන අයට විරුද්ධව වැඩ කිරීම අපි දැඩි ලෙස හෙළා දකිනවා.”
කාල රේඛාව
- 2025 සැප්තැම්බර් 17 - සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 8යි. 
- 2022 පෙබරවාරි 24 - හමුදා නීතිය ක්‍රියාත්මක වුණා. හමුදාවට බැඳීම අනිවාර්යය කළා. 
- 2015 ජූනි 23 - විටාලී ෂාලයිකෝගේ නඩුවේදී යුක්රේන මහාධිකරණය තීන්දු කළා රටේ යුධමය තත්වයක් මැද පවා කෙනෙක්ට හමුදා සේවය ප්‍රතික්ෂේප කරලා වෙනත් පොදු සේවයක් කරන්න අයිතියක් තියෙනවා කියලා. 
- 1991 දෙසැම්බර් - වෙනත් පොදු සේවයක් (හමුදා සේවය වෙනුවට) කරන්න නීතියෙන් අවසර ලැබුණා. 
- 1991 පෙබරවාරි 28 - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට යුක්රේනයේ නීත්‍යනුකූල පිළිගැනීම ලැබෙයි.