සදාචාරත්වයට සිදුවී තිබෙන්නේ කුමක්ද?
රජයේ නිලධාරින්. දේශපාලන අපේක්ෂිතයන්. ආගමික නායකයන්. එවැනි උසස් මිනිසුන් හොඳ හැසිරීම සම්බන්ධයෙන් ආදර්ශයන් වේයැයි අපි අපේක්ෂා කරන්නෙමු. එහෙත්, මෙම පංතිවල සිටින මිනිසුන් මෑත කාලවලදී, පුදුම දනවන අපකීර්තිමත් සිදුවීම් ගණනාවකම ප්‍රධාන කොටස්කරුවන් වශයෙන් ක්‍රියා කර ඇත. ඔවුන්ගේ වැරදි හැසිරීමට කාමමිථ්‍යාචාරය හා නිර්භීත ලෙස බොරු කීම සිට කූට මූල්‍යමය කටයුතු හා වංචාව දක්වා අවකල් ක්‍රියාවන් ගණනාවක්ම ඇතුළත් වේ.
ද ඩෙත් ඔෆ් එතික්ස් ඉන් අමෙරිකා යන පොත මෙසේ ශෝකය පළ කරයි: “මාරාන්තික රෝගය වන . . . පරිචිත ප්‍රතිශක්ති ඌනතා සංධාවය කෙරෙහි ජාතීන් යොමු වී සිටින අතරතුරේදීම, වෙනත් ආකාරයක ඒඩ්ස් [පරිචිත අඛණ්ඩතාවයේ ඌනතා සංධාවය] වසංගතයක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් එය විගස සුව කරගැනීමට එවැනිම හදිසිතාවයකට පොලඹවා නැත.” (ඇද අකුරු අපේය.) එක්සත් ජනපදය “සදාචාරය පිරිහීමේ ගොහොරක පෙරළෙමින්” සිටී යයි ටයිම් සඟරාව ප්‍රකාශ කරයි.
සදාචාරය පිරිහීමේ ගොහොර එක්සත් ජනපදයට පමණක් සීමා වී ඇතැයි සිතීම උගහටය. මෑත කාලවලදී, ප්රමුඛ පෙළේ මිනිසුන් සම්බන්ධයෙන් වූ නින්දාවන් මගින්ද ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉශ්‍රායලය, ග්‍රීසිය, චීනය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, සෙලවී තිබේ. තවද සමාජයේ නායකයන්ගේ යුක්ති ධර්මය උල්ලංගනය කරන හැසිරීම මගින් ඇත්තෙන්ම පොදු මහ ජනයාව පිළිබිඹු කිරීමක් වන බව කියා සිටීම පුදුමයක් විය යුතු නැත. තායිලන්තයේ අගමැතිවරයා දූෂණය හැඳින්වූයේ, සිය රටේ ඇති “පිළිකාවක්” වශයෙනි. කෑදරකමෙන් සහ විකෘති වූ සමාජ සාරධර්මවලින් අනුබල ලබන රෝගයකින් මුළු සමාජයම පෙළෙන බවද ඔහු පවසා සිටියේය.
ඇත්තෙන්ම ජනයා මෙසේ කල්පනා කිරීම සාධාරණය: ‘ලොවපුරා මෙම සදාචාර බිඳවැටීම පිටුපස තිබෙන්නේ කුමක්ද? ඊටත් වඩා, එය ගමන් කරන්නේ කොතැනකටද?’
‘සොරකම සොරකමක් නොවන’ විට
අමෙරිකා එක්සත් ජනපදයේ කොලම්බස් ඔහයෝහි, විශාල මුදලක් ප්රවාහණය කරන සන්නද්ධ ට්‍රක් රථයක පිටුපස දොර ඇරී මුදල් මලු දෙකක් පිටතට වැටුණි. ගණන් බලා තිබූ ආකාරයට ඩොලර් මිලියන දෙකක් සුළඟේ පා වී ගොස් මහා මාර්ගයේ විසිරී වැටුණු අතර මෝටර් රියදුරන් ගණනාවක් තම සාක්කු හා පසුම්බි, මුදල් නෝට්ටුවලින් පුරවා ගැනීමට විගස මෝටර් රථවලින් බැස ආහ. සමහර මෝටර් රථ රියදුරෝ මෙම සුළු සොරකමේ යෙදීමට CB (පුද්ගලික ගුවන්විදුලි සන්නිවේදනය) ගුවන්විදුලිය මගින් වෙනත් අයවත් කැඳවූහ.
මොනයම් හෝ මුදලක් නැවත දෙනවා නම් සියයට 10ක ත්‍යාගයක් පිරිනමන බවට වූ නිල ආයාචනයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය තරම්ය. වැඩි දෙනෙක් “මට ලැබුණු නිසා එය මාගේය,” යන අදහස දැරූහ. නැවත සොයා ගැනීමට හැකි වූයේ ඉතා ස්වල්ප මුදලක් පමණි. එපමණක් නොව මුදල් “දෙවියන්වහන්සේගෙන් වූ ත්‍යාගයකි” යයි කියමින් මිනිසෙක් සොරකම යුක්තිසහගත දෙයක් බව දැක්වීය. එහෙත්, මෙවැනි සිද්ධීන් එක වතාවක් සිදුවන අතිවිශේෂ ඒවා නොවේ. කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝවල සහ කැනඩාවේ ටොරොන්ටෝවල සන්නද්ධ රථවලින් මුදල් වැටුණු වේලාවේ පසුකර යන්නෝ විදහා පෑවේ එවැනිම ගිජුබවකි.
සාමාන්‍යයෙන්ම අවංක හා කෙළින් වැඩ කරන අය ඉතා පහසුවෙන්ම සොරකම් කිරීමට නැඹුරුවිය හැකි බවටවූ කාරණය සිත කම්පිත කරන ඇඟවීම් ඇති කරයි. යටත් පිරිසෙයින් සදාචාරය පිළිබඳ ජනප්‍රිය සංකල්පයන් කෙතරම් විකෘතිදැයි එය දක්වයි. පුද්ගලයෙකුගෙන් සොරකම් කිරීම අශිෂ්ට දෙයක් වශයෙන් වැඩි දෙනෙක් සලකන අතර, කෙසේනමුත් ආයතනයකින් සොරකම් කිරීම එතරම් වැරදි නැතැයි සලකන බවට නිව් යෝර්ක්වල කොලොම්බියා විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ සහකාර විශේෂඥයෙකු වූ ටොමස් පොග් තර්ක කරයි.
ලිංගික පුරුදු නිදැල්ලේ පවතියි
ලිංගික ක්ෂේත්රයේ සදාචාරයන් පිළිබඳ විකෘති දෘෂ්ටියක් දක්නට තිබේ. කාමමිථ්‍යාචාරයේ යෙදෙන දේශපාලන අපේක්ෂිතයන් කෙරෙහි ජනයා පුදුම අයුරින් ඉවසන බව මෑත සමීක්ෂණයක් පෙන්නුම් කළේය. ‘තමන්ම දුරාචාරයේ බෙහෙවින් නියැලෙන’ නිසා දුරාචාරය හෙලා දැකීමට එවැනි ඡන්ද දායකයන් පසු බැසිය හැකි යයි එක් ලේඛකයෙක් යෝජනා කරයි.
සැබවින්ම, එක්සත් ජනපදයේ සියලු විවාහක ජනයාගෙන් සියයට 31ක් විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පවත්වා හෝ දැනට පවත්වමින් සිටින බව මෑත සංඛ්‍යා ලේඛනයන් හෙළි කරයි. අමෙරිකානුවන්ගෙන් වැඩි දෙනෙකු, එනම් සියයට 62දෙනෙකු, “සිතන්නේ සදාචාර අතින්” එසේ කිරීමෙහි “කිසි වරදක් නැති බවයි.” පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් දෘෂ්ටීන්ද ඒ හා සමානව ලිහිල්ය. වර්ෂ 1969දී කළ සමීක්ෂණයකින් පෙන්නුම් කළේ එක්සත් ජනපදයේ මහජනයාගෙන් සියයට 68ක් එවකට පූර්ව විවාහ ලිංගික ඇසුර අනුමත නොකළ බවයි. අදදින, අනුමත නොකරන්නේ සියයට 36ක් පමණි. වර්ෂ 1960දී, සමීක්ෂණය කළ ස්ත්‍රීන්ගෙන් අඩක් පමණ සිය විවාහ දිනයේදී කන්‍යාවන්ව සිටියහ. අදදින, එසේ සිටින්නේ සියයට 20ක් පමණි.
යුක්ති ධර්මීය යයි කියන්නේ කුමක්ද?
ව්‍යාපාරික අංශයෙහිද සදාචාරය පිරිහීම පැහැදිලිව පෙනෙන්නට තිබේ. දශක දෙකකට ඉහතදී, “මූල්‍යමය සාර්ථකත්වය වැදගත් හෝ අත්‍යවශ්‍ය” යයි සිතුවේ, සමීක්ෂණයට භාජනය කළ පළමු වසරේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සියයට 39ක් පමණි. වර්ෂ 1989වන විට සැබවින්ම සංඛ්‍යාව දෙගුණවූ තරම්ය. සදාචාරය පිරිහීමේ කම්පිත ප්‍රතිඵල සමඟින් බොහෝ යෞවන අයගේ සිතුවිලිවල රජයන්නේ මුදල් හම්බ කිරීම බව පැහැදිලියි.
උසස් පාසලේ (ද්විතීයික පාසලේ) ජ්‍යේෂ්ඨයන් 1,093ක් සමීක්ෂණයට භාජනය කළ විට, සියයට 59ක් පවසා සිටියේ මාස හයක සිර දඬුවමක් විඳීමේ අවදානම තිබියදී වුවත් ඩොලර් මිලියන දහයක වටිනාකම ඇති නීත්‍යානුකූල නොවන කටයුත්තක යෙදීම සඳහා ගිවිස ගැනීමට කැමැත්තෙන් සිටින බවයි! තවදුරටත්, සියයට 67ක් පවසා සිටියේ ව්‍යාපාරික වියදම් ගිණුමකට, අනවශ්‍ය වියදම් එකතු කිරීමෙන් වංචා කරන බවය; සියයට 66ක් පවසා සිටියේ ව්‍යාපාරික පරමාර්ථයක් ඉටු කරගැනීම සඳහා තමන් බොරු කීමට සූදානම් බවයි. ඇරත්, ඇත්තෙන්ම යෞවනයන් ක්‍රියා කරන්නේ තම වැඩිහිටියන් පිහිටුවා ගෙන තිබෙන යුක්ති ධර්මවලට අනුවයි. ව්‍යාපාරික යුක්ති ධර්මයන් පිළිබඳ ව්‍යාපාරික කළමනාකරුවන් 671දෙනෙකුගේ දෘෂ්ටිය ගැන අසා සිටි විට, හතරෙන් එකක් පමණ තර්ක කළේ සාර්ථක වෘත්තියක් සඳහා සිය ගවේෂණය යුක්ති ධර්ම මගින් අවහිර කළ හැකි බවයි. ඉදිරියෙන් සිටීම සඳහා තමන් රිසි සේ නීති වෙනස් කළ බව අඩකටත් වඩා සංඛ්‍යාවක් පිළිගත්හ.
මෙම කැලඹිලි නැඹුරුවාව මර්දනය කිරීමට උත්සාහයක් වශයෙන්, ඇතැම් විදුහල් යුක්ති ධර්ම පිළිබඳ පාඨ මාලාවන් ඉදිරිපත් කරත්. එහෙත් එවන් ප්රයත්නයන්ගේ සඵලත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සැක පහළ කරති. “යුක්ති ධර්ම පිළිබඳ පංති උපකාරවත් වන්නට යන්නේ කෙසේදැයි ඇත්තෙන්ම මට වැටහෙන්නේ නැහැ” යයි ප්‍රධාන පෙළේ කැනේඩියානු ව්‍යාපාරිකයෙක් සඳහන් කළේය. “හොඳ සාරධර්මයන් තිබෙන සිසුන්, තමන්ට අලුත්වන දේවල් එතරම් ගන්නේ නැත, මුල පිරීමට අඛණ්ඩව සිටීමට නැඹුරුවාවක් නැති සිසුන්, කෙසේ හෝ තමන් සිදුකිරීමට යන දුරාචාර ක්‍රියාවන්වල නියැලීමට වෙනත් මාර්ගයක් සොයා ගැනීමට ලබන තීක්ෂ්ණ බුද්ධිය යොදා ගත හැකිය.”
ඊට සමානව ව්‍යාපාරයන් යුක්ති ධර්ම පිළිබඳ නිල නීති මාලාවන් පිහිටුවා තිබේ. එහෙත්, හානිදායක අපකීර්තිමත් සිදුවීමක් සිදුවුවහොත් මිසක නැත්නම් එවැනි නීති මාලාවලට අවධානය යොමු කරනු ලබන්නේ කලාතුරකිනි, එමෙන්ම ඒවා තිබෙන්නේ පිටස්තර ප්‍රදර්ශනය සඳහා පමණි. මේ සම්බන්ධයෙන් කරන ලද මෑත සමීක්ෂණයකින් හෙළි වූයේ ලිඛිත යුක්ති ධර්ම නීති මාලාවන් තිබූ සමාගම්, ඒවා නොතිබුණු සමාගම්වලට වඩා බොහෝ විට යුක්ති ධර්මවලින් තොර හැසිරීමට චෝදනා ලැබූ බවයි!
එසේනම්, සියලු ක්ෂේත්‍රයන්වල සදාචාරයන් පැහැදිලිවම නිදැල්ලේ පවතින අතර, ඒවා ගමන් කරන්නේ කොතැනකටදැයි කිසිවෙකු දන්නා බවක් පෙනෙන්නට නොමැත. එක් ව්‍යාපාරික විධායකයෙක් මෙසේ පවසයි: “වැරදි දෙයින් හරි දේ වෙන්කර හඳුනා දුන් සීමාවන් තවදුරටත් පවතින්නේ නැහැ. ඒවා කෙමෙන් කෙමෙන් විනාශයට පත් කොට තිබේ.” එවන් සදාචාර සීමාවන් අතුරුදහන් වී ඇත්තේ මන්ද? ඒ වෙනුවට පැමිණෙමින් තිබෙන්නේ කුමක්ද? ඊළඟ ලිපිවල මෙම ප්‍රශ්න පරීක්ෂා කරනු ලැබේවි. g93 8/8