ඔවුන් පුවටෝ රිකෝ වෙත යාමට හේතුව
සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ස්පාඤ්ඤ පරිවර්තක අංශය, 1993 මැයි 9 වෙනි දා, නිව් යෝර්ක් බෘක්ලින් හි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සිට පුවටෝ රිකෝ, ග්අයිනාබෝ හි වොච් ටවර් සමිතියේ නව ශාඛා කාර්යාලය වෙත මාරු වී ගියහ. මාරු වූයේ මන්ද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ලිවීමේ කාර්ය මණ්ඩලයේ වගකිව යුතු සාමාජිකයෙක් මෙසේ පැහැදිලි කරයි: “පරිවර්තකයන් තමන් පරිවර්තනය කරන භාෂාව එදිනෙදා කථා කරන ස්ථානයේ ජීවත් වන විට ඔවුන් වඩා හොඳ සේවයක් කරන බව අප සොයා ගෙන තිබෙනවා. එපමණක් නොව, එම භාෂාවේ නව වෙනස්වීම් සමඟ ඔවුන් නිතැතින් ම තත්කාලීන ව සිටිනවා. ස්පාඤ්ඤ භාෂාව කථා කරන සියලු දෙනා සඳහා ම පහසු මධ්‍යස්ථානයක් වශයෙන් පුවටෝ රිකෝ තෝරා ගනු ලැබුවා.”
ස්පාඤ්ඤ පරිවර්තක අංශය නිව් යෝර්ක්, බෘක්ලින් හි පිහිටුවා තිබුණේ 1928 පටන් ය, එමෙන් ම ලොව පුරා ස්පාඤ්ඤ භාෂාව කථා කරන පුද්ගලයන් 35,00,00,000කට පමණ බයිබල් පොත් පත් ලබා ගැනීමට උපකාර කිරීම මගින් රාජ්‍යය පණිවුඩය පතළ කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ද වොච්ටවර් ස්පාඤ්ඤ භාෂාවට ප්‍රථමයෙන් ම පරිවර්තනය කරනු ලැබුවේ 1917 දී ය. අද දින, සෑම මසක ම ස්පාඤ්ඤ භාෂාවෙන් ද වොට්ටවර් පිටපත් 30,00,000කට වඩා ද, එවේක්! පිටපත් 20,00,000කට වඩා ද මුද්‍රණය වේ. මෑත වර්ෂවල දී ස්පාඤ්ඤයේ වොච් ටවර් සමිති ශාඛා කාර්යාලය, විශේෂයෙන් ම එවේක්! සඟරාව පරිවර්තනය කිරීමේ දී මෙම වැඩයට වටිනා උපකාරය දී ඇත. ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ගේ මුළු ගණනින් සියයට 25ක් පමණ වන ස්පාඤ්ඤ භාෂාව කථා කරන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ 11,00,000කට වඩා සිටිති. මෙම ගණනට ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්වීඩනය සහ එක්සත් ජනපදය වැනි, ස්පාඤ්ඤ භාෂාව කථා නොකරන රටවල සේවය කිරීමට පැමිණ සිටින දස දහස් ගණන් අය ද ඇතුළත් වේ.
වඩා විශාල සහ වඩා අලුත් පහසුකම් ඇති පුවටෝ රිකෝවලට මාරු වීමෙන් තවත් ප්‍රයෝජනයක් ඇත. එනම් කොළොම්බියාව, පුවටෝ රිකෝව, මෙක්සිකෝව, වෙනිසුවෙලාව සහ ස්පාඤ්ඤය වැනි විවිධ රටවලින් පැමිණෙන පරිවර්තකයන්ට සහ සෝදු පත් බලන්නන්ට සමිතියේ ස්පාඤ්ඤ පොත්වල අන්තර්ජාතික භාෂා ශෛලය වැඩි දියුණු කළ හැකි වන පිණිස, එක මධ්‍යස්ථානයක එක්රැස් වීමට එමගින් සලස්වයි. ලොව පුරා ස්පාඤ්ඤ භාෂාව කථා කරන ජනයා හට පැහැදිලි හා ඉතා නිවැරදි ආකාරයකින් රාජ්‍යය පණිවුඩය බෙදා දීමට මෙය උපකාරවත් වේ. අපි මෙම නව වර්ධනය කෙරෙහි යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය බලා සිටින්නෙමු. g93 9/8