අතිදක්ෂ ඉන්ජිනේරුවෝ
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ඔබ කවදා හෝ මෙම පිටුවේ පෙන්නුම් කර ඇති ස්වාභාවික ඉදි කිරීම් දැක තිබෙනවා ද? අප්‍රිකානු ඩෙල්ඩ් නමැති තණ බිමක වේ ගොඩැලි සාමාන්‍යයෙන් දක්නට තිබෙනවා. සමහර ඒවා ඇතැම් විට අඩි 20කටත් වඩා උසට විහිදී ගිය පටු චිමිනි හැඩැති ඒවා ය. අනෙක් ඒවා සිංහයන් වැනි ගොදුරු අල්ලන්නන් සඳහා ප්‍රියතම මුරටැඹක් සපයන පොළොව මත පිහිටි විශාල ශිඛරයන් ය.
සෑම ගොඩැල්ලක් තුළ ම කුඩා වේයන් මිලියන කිහිපයකට විසිය හැකි පටු මාර්ග හා කාමර විශාල ගණනක් තිබෙනවා. සමහර වේයන් තමන්ගේ ම දිලීර වතු රැකබලා ගන්නා අතර ඉඩෝර කාලවල දී පවා ඒවාට හොඳින් වතුර දමා තබා ගන්නවා. එසේ සිදු වන්නේ කොහොම ද? එක් දහස් නවසිය තිස් ගණන්වල දී, දකුණු අප්‍රිකාවේ යම් කොටස් දරුණු ඉඩෝරයකින් විනාශ වී ගිය විට, ස්වභාව ධර්ම විද්වතෙකු වූ වෛද්‍ය. යූජී මාරෙ, වේයන්ගේ පංති දෙකක් සොයා ගත්තා, එක් පංතියක් උමඟක් තුළට බසිමින් සිටි අතර අනෙක් පංතිය ඉහළට නගිමින් සිටියා. මෙම කුඩා සත්ත්වයන් අඩි 100ක් පමණ ගැඹුරට හාරා තිබුණා! ඔවුන් ස්වාභාවික ළිඳක් වෙත පැමිණ තිබුණා. මෙබැවින් ඉඩෝරය පුරා ම තම දිලීර වතු තෙතමනයෙන් තබා ගැනීමට ඔවුනට හැකි වී තිබෙන්නේ කෙසේදැයි මාරෙ සොයා ගත්තා.
මයිකල් මේන්, කලහාරි නමැති සිය පොතේ මෙසේ පැහැදිලි කරයි, සාමාන්‍ය වේ ගොඩැල්ලක් “ලෝකයේ සිටින වෙනත් ඕනෑ ම සත්ත්වයෙකු විසින් ගොඩනැගූ කැදැල්ලකට වඩා ඉතා දියුණු යයි විශ්වාස කෙරේ. සියල්ලන් ම, දිලීර හා වේයන් යන දෙවර්ගයට ම සුදුසු සියයට 100ක් ආද්‍රතාවය තබා ගැනීමට ද, 29°C [84°F] සහ 31°C [88°F] අතර හාත්පස පැතුරුණු උෂ්ණත්වයක් අත්කර ගෙන පවත්වා ගැනීමට උත්සාහ කරනවා. සෑම කැදැල්ලක් ම, ප්‍රබල ලෙස, ඉතා හොඳින් වායු-සමීකරණය කර තිබෙන ඒකකයක් වේ.”
දැන් මෙම කැදලි ගොඩනගා ඇති අයුරු සලකා බලන්න. වේයන් කුඩා වැලි කැටයක් ඔප දමා, තවත් එකකට ඒකා බද්ධ කර බදාම දමනවා. එක් ගොඩැල්ලක් ගොඩනැගීමට වැලි කැට කොපමණ මිලියන ගණනක් යොදා ගන්න ඇත්දැයි සිතා බලන්න! “මිනිසා මෙම පොළොව මත ගොඩනගා ඇති විශාලතම ගොඩනැගිලි; එනම් ඊජිප්තුවේ පිරමිඩ, ලන්ඩනයේ පොළොව යට දුම්රිය මාර්ග පද්ධතිය, න්‍යූ යෝර්ක් හි උස් ගොඩනැගිලි, වේයාගේ වැඩ සමඟ සසඳන විට, එම ගොඩනැගිලි කඳු සමඟ සසඳන කෙඳි මෙනි,” යයි ද සෝල් ඔෆ් ද වයිට් ඈන්ට් නමැති සිය පොතෙහි මාරෙ ලීවේ ය. “ප්‍රමාණය ගැන සැලකිල්ලට භාජනය කරමින්,” ඔහු තවදුරටත් පවසන්නේ “මිනිසෙකුට තම වැඩය, වේයකුගේ අඩි හතළිහක් උසැති වේ කොතකට සමාන කිරීමට නම්, ඔහුට මැටර්හෝන් [ස්විට්සර්ලන්තයේ අඩි-14,692 කඳු මුදුනක්] වැනි උසකට ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සිදු වනු ඇත,” යනුවෙනි.
එහෙත් වේයන්ගෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? එක් දෙයක් නම්, වේයන් කුණු වූ එළවළු ආහාරයට ගන්නා බැවින් බොහෝ අපද්‍රව්‍ය ඉවත් කරනවා. “වියළි ද්‍රව්‍ය පොළොවෙන් යටට ඇද ගෙන යාමෙන්, ඔවුන් ගිනි ඇති වීමේ අවදානම අඩු කරනවා පමණක් නොව නමුත් යට පස් ස්තරය සාරවත් කිරීම ද කරනවා,” යයි කෲගර් ජාතික උද්‍යානයෙහි දැන්වීම් පුවරුවක සඳහන් වේ.
සමහර විට පහත් වේයන් අතිදක්ෂ ඉන්ජිනේරුවන් ලෙස හැඳින්වීමට සුදුසුකම් ලබන බවට ඔබ ද එකඟ වේ. g93 11/8