ලෝකය දෙස බැලීම
ප්ලාස්ටික්වලට එරෙහිව ලී
අමු මස් හෝ කුකුල් මස් කපන විට, ලී ලෑල්ලකට වඩා ප්ලාස්ටික් ලෑල්ලක් වඩා සෞඛ්යාරක්ෂක බව කෙනෙකු සිතාගත හැකියි. මෑත අධ්‍යයනයක් මගින් සොයා ගත්තේ ඊට විරුද්ධ දෙයයි. බර්ක්ලි වෙල්නස් ලෙටර් ප්රවෘත්ති පත්‍ර ලිපියට අනුව, අමෙරිකා එක්සත් ජනපදයේ, විස්කොන්සින්හි විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජෛවවේදීන් දෙදෙනෙක් ලීවලින් සහ ප්ලාස්ටික්වලින් සාදන ලද කැපුම් ලෑලි, ආහාර විෂ වීමට සලසන සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියාවලින් අපවිත්‍ර වීමට වුවමනාවෙන්ම සැලැස්වූහ. පුදුමය දනවමින්, ප්ලාස්ටික් ලෑලි මත බැක්ටීරියා සඵලව වැඩුණු අතර ලී ලෑලි මත උන් මැරී ගියා නැතහොත් අනතුරු රහිත තත්ත්වයකට පත්විය—ඇතැම් අවස්ථාවලදී මෙසේ සිදුවූයේ විනාඩි තුනක් ඇතුළතදී පමණි. මුළු රාත්‍රියක් පුරා අපවිත්‍රව තිබූ ලී ලෑලි උදේ වන විට බැක්ටීරියාවලින් නිදහස්ව තිබුණු අතර, ප්ලාස්ටික් ඒවාවල බැක්ටීරියා බහුලව තිබුණි. මේ සම්බන්ධයෙන් අලුත් ලීවලට වඩා පරණ ලී වැඩි බලපෑමකින් යුක්ත බව ඔප්පු විය. එමෙන්ම විශේෂයෙන් ප්ලාස්ටික්වල මතුපිට සීරී තිබුණා නම්, සෝදා පිරිසිදු කිරීම සිතුවාට වඩා දුෂ්කර බව ඔප්පු විය. ලෑල්ලේ වර්ගය කුමක් වුවත්, අමු මස් කැපූ පසු ඒවා සබන් දා උණු වතුරෙන් සේදීම ඉතා වැදගත්ය.
දිනපතා ඝාතනයක්
“ගබ්සා සංකීර්ණතා නිසා අඩුම තරමින් බ්‍රසීලයෙහි දිනපතා ස්ත්‍රීහු හතර දෙනෙක්—එනම් සෑම වර්ෂයකම 1,460දෙනෙක්—මියයන බව ෆොල්යා ඩි එස්. පවුලෝ යන බ්‍රසීලියානු ප්රවෘත්ති පත්‍රය වාර්තා කරයි. මෙම තක්සේරුව “ශුභවාදි” බව මෙම පත්‍රය පිළිගන්නා අතර සැබෑ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි විය හැක. එය මෙසේද පවසයි: “ලතින් අමෙරිකානු සාමාන්‍ය මීටත් වඩා පුදුම දනවන්නකි. මාතෘ මරණ සියල්ලෙන් සියයට 50ක් සිදුවන්නේ ගබ්සාවේ ප්‍රතිඵලයක් වශයෙන් යයි UN (එක්සත් ජාතීන්ගේ සංවිධානය) තක්සේරු කරයි, මින් අදහස් වන්නේ වාර්ෂිකව ස්ත්‍රීන් 15දහසක්ද, සෑම දිනකම ලතින්-අමෙරිකානු ස්ත්‍රීන් 41ක සාමාන්‍යයක්ද මියයන බවය.”
ඍජුව සිටගන්න
උරහිස එල්ලෙන සේ සිටීමෙන් ඔබේ පිට වේදනා විඳියි. ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියූන් ප්රවෘත්ති පත්‍රයේ වාර්තාවකට අනුව, වැරදි ඉරියව්වෙන් සිටීමෙන් ඍජුව සිටගෙන සිටිනවාට වඩා, පිටේ පහත කොටස මත 15ගුණයකින් වැඩි පීඩනයක් යොදයි. උරහිස් එල්ලාගෙන සිටීමෙන් හුස්ම ගැනීමද දුර්වල කරන අතර ඉන් අදහස් වන්නේ ශරීරය පෝෂණය කිරීමට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන බවයි. ඔබේ ශක්තිය අඩු කිරීමට එයට හැකි අතර එහි ප්‍රතිඵලය වන්නේ විශේෂයෙන් බෙල්ලේ සහ පිටේ වේදනා, කැක්කුම් ඇතිවීමය. එසේ සිටීමෙන් ඔබව වයසින් වැඩිකර, මහත් කර පෙන්වන අතර ඔබ ඍජුව සිටගන්නවාට වඩා අඩු නිසැකකමක් තිබෙන බව පෙන්වීමට සලස්වයි. හොඳ ඉරියව්ව කීමෙන් අදහස් කරන්නේ ඔබේ කන්පෙති, උරහිස්, උකුළුවල මැද, දණහිස් කටු සහ වළලුකර අස්ථි එක පෙළට කෙළින් තිබිය යුතුයි යන්නය. කෙසේවුවත්, මින් අදහස් කරන්නේ දණහිස් තද කරගෙන, හිස හා උරහිස් පිටුපසට දමාගෙන, යුධ භටයෙකුගේ ඉරියව්වෙන් සිටීම නොවේ. මෙය කොඳු ඇටය මත පමණට වැඩිය වෙහෙසක් යොදවයි. වැරදි ඉරියව්ව සාමාන්‍යයෙන්ම නිවැරදි කළ හැකි නරක පුරුද්දක් බව ප්‍රවීණයෝ පවසති.
සිදුවීමට බලාසිටින හදිසි අනතුරු
ඉන්ටර්නැෂනල් එන්වයරන්මෙන්ටල් අප්ඩේට් ප්රවෘත්ති ලිපියට අනුව ඇතැම් විවේචකයෝ ලෝකයේ තෙල් ගෙනියන නැව්වලට නම් පටබැඳ තිබෙන්නේ “සිදුවීමට බලාසිටින පාවෙන හදිසි අනතුරු නැව් සමූහයක්” ලෙසය. “හොඳින් පුහුණු නොවූ නාවික පිරිසකින් යුත්, ඉතාමත්ම අනතුරුදායක ඉන්ධන ප්රවාහණය කරන, මළ බැඳෙන, පරණ වන, තත්ත්ව පාලනයක් නැති තෙල් ගෙනියන නැව් සිය ගණනක් කෙරෙහි තවමත් ලෝකය විශ්වාසය තබන” බවට සඟරාව දොස් පවරයි. විශාල තෙල් ගෙනියන නැවක් වසර 15ක් පමණ පවතියි කියා අපේක්ෂා කෙරේ. එහෙත් ලොව පුරා තිබෙන නැව් කාණ්ඩයෙන් සියයට 65ක් පමණ අඩුම තරමින් එතරම්ම පැරණිය. යල්පිනූ මෙම නැව්වලින් බොහොමයක් ඉවත් කර දැමිය යුතු යයි ඇතැම් තෙල් කාර්මාන්ත නිලධාරිහු පවා පිළිගනිති. සේවයෙන් පිටට නැව් ඉල්ලුම් කිරීමට කිසිම ආයතනයකට බලය නැති බව පෙනෙන්නට තිබේ. කෙසේවුවද, ගැටලුව තිබෙනවා විය හැක්කේ මෙම නැව්වලට වඩා එම නැව් හසුරුවන ආකාරය මතය. තෙල් දූෂණය පිළිබඳ ප්‍රවීණයකු පැවසූ දෙය මෙම සඟරාවේ මෙසේ සඳහන් කරයි: “තෙල් ගෙනියන නැව් අනතුරුවලින් වැඩි හරියක් සිදුවන්නේ මිනිසුන්ගේ වරදෙන්ය.”
ළමුන් සඳහා සාර්ථකව කටයුතු කිරීමේ උපක්‍රම
ඇතැම් ළමුන්ට නවීන ජීවිතයේ අධික පීඩනයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි කරවන්නේ කුමක්ද? මෙය සොයා ගැනීම සඳහා, අ.එ.ජ., චිකාගෝවල ලොයෝලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් විවිධ පසුබිම්වලින් වූ වයස 9 සිට 13 අතර ළමුන් 400ක් සම්බන්ධයෙන් අධ්‍යයනයක් පැවැත්විණි. ඔවුන් අතරින් අඩක් පමණ අසීරු තත්ත්වයන් දෛනිකව හොඳින් හැසිරෙවූ අතර පර්යේෂකයන් විසින් පොදු චරිත ලක්ෂණයන් තුනක් සොයාගත් බව අමෙරිකන් හෙල්ත් සඟරාව වාර්තා කරයි. පළමුවැන්න, ඔවුහු උපකාරය ඉල්ලීමට, තමන් උනන්දු වන දේ පැවසීමට හා වැඩිහිටියෙකුගෙන්—බොහෝ විට, දෙමව්පියෙකුගෙන්, නමුත් සැමවිටම නොවේ, චිත්ත වේගීය සහාය සෙවීමට කැමැත්තෙන් සිටියහ. දෙවැන්න, තමන්ගේම හැසිරීම සඳහා වගකීම දැරීමට ඔවුහු නැඹුරු වූ අතර තම තුල්යයන්ට අනතුරුවලින් වැළකීමට බලපෑමක් වීමට සෙවූහ. තෙවැන්න, අධික වෙහෙස නිවා ගැනීමට ඔවුහු නිසංසල වේලාවක් හෝ විනෝද ක්‍රීඩාවක් සෙවූහ. අනෙක් අතට, පර්යේෂකයෝ ළමුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව අඩු කළ නැඹුරුවාවන් තුනක් සොයා ගත්හ: එනම් කලහයකට මුල පිරීමට සෙවීම; මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වැනි ස්ව-විනාශකාරී හැසිරීම; එමෙන්ම ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරනවාට වඩා ගැටලු මඟ හැරීමය.
ආසියාවේ සන්තෝෂය
සර්වේ රිසර්ච් හොංකොං ලිමිටඩ් යන ආයතනය මගින් කරන ලද ඡන්ද විමසීමකින් සොයා ගනු ලැබුවේ තායිවානයේ හා කොරියානු සමූහාණ්ඩුවේ සන්තෝෂවත්ම ජනයා දුගී මෙන්ම සිය 30ස් ගණන්වල පසුවෙන බවයි. පුද්ගලයෙකුට ද.ජා.නි. (දළ ජාතික නිෂ්පාදන අගය) ඩොලර් (එ.ජ.) 500ක් පමණක් වන පිලිප්පීනයේ, සියයට 41දෙනෙක් දිළිඳුභාවයෙන් ජීවත් වන බවද, සියයට 94දෙනෙක් සන්තෝෂයෙන් සිටින බවද පැවසේ. එකක් හැරෙන්න, ආසියාවේ සෑම අසල්වැසි රටක්ම පාහේ ජීවිතය කෙරෙහි මෙම ආකල්පයම දැරූහ. “සාමාන්‍යයෙන්ම සන්තෝෂයෙන් ඉපිලෙන ප්‍රදේශයක්,” වන ආසියාවේ ධනවත්ම රට “සන්තෝෂය අඩුම තැන ලෙස ගණන් ගැනුණු” බව මයිනීචි, ඩේලි නිව්ස් පත්‍රය පැවසීය. පුද්ගලයෙකුට ද.ජා.නි. ඩොලර් (එ.ජ.) 27,000 ඉක්ම වුවත්, ජපනුන්ගෙන් සියයට 40ක්, තමන් සන්තෝෂයෙන් නොසිටින බව පිළිගත්හ.
අදහස් හුවමාරු කිරීමට අසමත්වීමක්
“ජර්මනියේ සාමාන්‍ය විවාහක යුවළක් එකිනෙකාට කථා කිරීමට දිනකට ගත කරන්නේ විනාඩි 10යක් තරම් සුළු කාලයකි,” යයි නාසායූෂ නොයිය ප්‍රෙස යන ජර්මානු ප්රවෘත්ති පත්‍රය වාර්තා කරයි. එබැවින් යුවළයන් වැඩි ගණනක් තම ගැටලු විසඳා ගැනීමට ගත කරන්නේ ඉතා අඩු කාලයකි. තවදුරටත්, විශේෂයෙන් තරුණ යුවළයන් තම අදහස්වල විෂමතාවයන් හසුරුවන ආකාරය නොදන්නා බවට ජර්මනියේ පවුල් උපදේශකයෝ සටහන් කරති. සහකරු සහකාරිත්වයන් කලින්ම බිඳවැටීමට මෙය විශාල හේතුකාරකයකි; විවාහ පහකින් දෙකක් පළමු වසර හතර තුළදී අසාර්ථක වනු ඇත. උපදේශක රෝස්මාරි බ්රයින්ඩල් පැවසූ දෙය පත්‍රයේ මෙසේ සඳහන් වේ: “විරෝධතා විසඳන අයුරු ආදර්ශය මගින් පෙන්වන ආදර්ශ කිසිත් නැති තරම්ය.” වාර්තාව තවදුරටත් මෙසේ පවසයි: “එබැවින්, ඇත්තෙන්ම වෙන්වීම මගින් විවාහ ගැටලු ඉවත්කර දැමීමට වැඩිවෙමින් පවතින කැමැත්තක් ඇත.”
වැඩ ඊට නියමිත ස්ථානයෙහි තබන්න
වණ, හෘද් රෝග, මානසික චිත්ත වේගයන් විඩාවට පත්වීම, දිගුකලකට වැඩපළට නොපැමිණ සිටීම සහ හදිසි අනතුරු—මේවා අධික වෙහෙස සඳහා සේව්‍යයා සහ සේවකයා යන දෙදෙනාටම පාඩු ගෙනෙන විපාකයන් වේ. ප්රංස අන්තර්ජාතික කම්කරු කාර්යාලය මගින් වූ වාර්තාවකට අනුව, වැඩ-සම්බන්ධිත අධික වෙහෙස “අපගේ කාලයේ ඉතාමත්ම බරපතළ ගැටලුවලින් එකක්” බවට පත්වී ඇත. යුරෝපයේ නිෂ්පාදනයන් හා ලාභ වැඩි කිරීමේ අභිලාෂය සමඟම, කාර්ය මණ්ඩලය අඩු කිරීම් හා සේවකයන්ගේ වගකීම් වැඩි කිරීම මගින් සේවා ස්ථානයෙහි අධික වෙහෙස සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇති බව ල කොංකූර් මෙඩෙකල් යන ප්රංස වෛද්‍ය සඟරාව සඳහන් කරයි, ප්‍රංශයේ සිටින ඇතැමෙකු වුවමනාවට වඩා වැඩ හේතුවෙන් මියයමින් පවා සිටින බවද තවදුරටත් එහි සඳහන් වේ. අධ්‍යයන කීපයක් පෙන්නුම් කරන්නේ කෙනෙක් තමා අවට සිටින්නන් සමඟ උණුසුම් හා ප්‍රේමනීය මිත්‍රත්වයන් වර්ධනය කරගන්නා විට අධික වෙහෙසට එරෙහිව හොඳින්ම නැගී සිටිය හැකි බව සිත්ගන්නා කරුණකි. පහසු ගැනීම, ශාරීරික ව්‍යායාමය, සමබර ආහාර වේලක් සහ වැඩ ඊට නියමිත ස්ථානයෙහි තැබීම—පවුල සහ විනෝදවීම් සඳහා කාලය වෙන් කිරීමද වෛද්‍යවරු නිර්දේශ කරති.
ලබ්ධිකයන් ගැන පොලිසියට දැනගන්නට ලැබේ
අමෙරිකා එක්සත් ජනපදය පුරා සිටි පොලිස් නිළධාරිහු, අසාමාන්‍ය විෂයක්: එනම් සාතන් නමස්කාරය, මිථ්‍යා ලබ්ධි සහ හදිහූනියම් සම්බන්ධයෙන් දවස්-තුනක සම්මේලනයක් සඳහා ඉකුත් වසරේ මුල් භාගයේදී එහි රොඩ් දූපතෙහි රැස්වූහ. සම්මන්ත්‍රණයේ අරමුණ වූයේ එවන් මිථ්‍යා ලබ්ධිකයන් විසින් සිදුකෙරෙන ප්‍රචණ්ඩතාවයන් සොයා ගැනීමට පළපුරුදු පොලිස් නිළධාරින්ව පුහුණු කිරීමට යයි නිව් යොර්ක් ඩේලි නිව්ස් වාර්තා කළේය. වොරික් පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන්ට් එඩ්මන්ඩ් පියස් පැවසූ දෙය මෙසේ වාර්තා වේ: “අප කරන්නේ මෙයයි, එනම් සතුන්ට කරන වද හිංසා, මිනී වළවල් කෙලෙසීම සහ සොරකම් කිරීම්, අඩම්තේට්ටම් කිරීම්, ළමා දූෂණය චාරිත්‍රයක් වශයෙන් කිරීම හා මිනීමැරීම පවා සම්බන්ධයෙන් පිළිවෙළින් සිදුවන අපරාධ ගැන අවධානය යොමු කිරීමයි.” ඩෙන්වර් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වූ ආචාර්ය කාර්ල් රාෂ්කි පැවසූ දෙය ඩේලි නිව්ස් ප්රවෘත්ති පත්‍රය මෙසේ උපුටා දක්වයි: “ප්‍රචණ්ඩකාරී මිථ්‍යා ලබ්ධීන් බොහෝ ගණනක් ඇතිවන බවත්, ගුප්ත විශ්වාසයන්ගේ ස්වරූපය උපයෝගි කරමින් ප්‍රචණ්ඩකාරී දූෂණයක් හටගන්නා බවත් මට පෙනේ.” සාමාජිකයන්ව ආකර්ෂණය කර, ඔවුන් කෙරෙහි වැඩි පාලනයක් යෙදවීම සඳහා ගුප්ත චාරිත්රවාරිත්ර සහිත මළපත් නව නාට්සිවාදීන් හා කු ක්ලුක්ස් ක්ලෑන් වැනි වෛරයෙන් ක්‍රියා කරන කණ්ඩායම් යොදාගන්නා බව සම්මන්ත්‍රණයේ ප්‍රවීණයෝ අනතුරු ඇඟවූහ.
මාරක වෙළඳාමක් යළි හිස ඔසවමින්
මෑත වර්ෂවලදී ලැබූ යම් වාසිවලට අමතරව නීති විරෝධි දඩයම්කරුවන් විසින් ඉන්දියාවේ සංරක්ෂණ ප්රයත්නයන් අඩපණ කර ඇතැයි ඉන්ඩියා ටුඩේ සඟරාව වාර්තා කරයි. වර්ෂ 1988දී ඉන්දියාවේ වනසතුන් අතරේ කොටින් 4,500ක් සිටි බවට තක්සේරු කරන ලදි. වර්ෂ 1992වන විට, සංඛ්‍යාව 1,500ට අඩු වී තිබුණි. සම, රුධිරය, ඇටකටු (අත් බෙහෙත් සඳහා භාවිතා වේ), නියපොතු සහ ලිංගේන්ද්‍රියන් පවා උන්ගෙන් ලබාගැනීමට කොටින්ව විකුණනු ලැබේ. එහෙත් නීති විරෝධි දඩයම්කරුවන්ගේ හමුදාවේ ගොදුර කොටියා පමණක් නොවේ. අං ලබාගැනීම සඳහා 1992දී ඉන්දියානු රයිනොසිරසයන් හතළිස්-අට දෙනෙකු මරණයට පත් කළ අතර මෙය දශක ගණනාවකට ඉහළම සංඛ්‍යාව වේ. වර්ෂ දහයකට පෙර ඉන්දියානු අලි 5,000 සිට 1,500 දක්වා ගණනින් සීඝ්‍රව අඩු වී ඇත. අදදින හොඳින් සන්නද්ධව සිටින නීති විරෝධි දඩයම්කරුවන්ට සංරක්ෂකයන් කෙතරම් බියෙන් සිටිනවාදයත් සමහරෙක් දැන් සිය නිල ඇඳුම් පවා නොඅඳිති; වෙනත් අය තමන්වම ආරක්ෂා කරගැනීමට හොඳින් සන්නද්ධ වන තුරු තම රැකියාව කිරීමට මුළුමනින්ම ප්‍රතික්ෂේප කරති. g93 12/8