ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 4/8 28 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ස්ත්‍රී දූෂකයෙකුට විරුද්ධව සිටීමට ස්ත්‍රීන්ට අවවාද කර ඇත
  • පෝලන්තයේ පල්ලිය
  • “භාවිතා කරන්න නැතහොත් අහිමි කරගන්න”
  • විකිරණය නිසා ඇතිවූ පිළිකා
  • “ඒඩ්ස්” වැළඳුණු කුකුල්ළු
  • නහඹර වියේ ගැටලු
  • උන්ව නොකා උන් දෙස බලා සිටීම
  • “තුවක්කු පිස්සුව”
  • ස්ත්‍රී රියදුරන්
  • ලෝක සෞඛ්‍ය තත්ත්වය
  • වීඩියෝ යන්ත්‍රයෙන් සූදු කෙළීම
  • අනූ ගණන්වල යෞවනයෝ
  • නවක සූදු බැඳුම්කරුවෝ යෞවනයෝ!
    1995 පිබිදෙව්!
  • සූදුවට ඇබ්බැහිවූවෝ සැමවිටම පරදින්නෝ
    1995 පිබිදෙව්!
  • සූදුවේ ඇති වරද මොකක්ද?
    2002 පිබිදෙව්!
  • සූදුව ක්‍රිස්තියානීන්ට සුදුසුද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 4/8 28 පි.

ලෝකය දෙස බැලීම

ස්ත්‍රී දූෂකයෙකුට විරුද්ධව සිටීමට ස්ත්‍රීන්ට අවවාද කර ඇත

ස්ත්‍රීන් ආයාචනා කරන්නේ හෝ අඬන්නේ නැතිව එරෙහිව සටන් කරනවා නම් දූෂණයෙන් හා තුවාලවලින් බේරීමට ඉතා හොඳ ප්‍රස්තාවක් ඔවුනට තිබෙන බව නව පර්යේෂණය පෙන්නුම් කර තිබේ. ලිංගිකව පහර ලැබූ ස්ත්‍රීන් පිළිබඳ වාර්තාවන් පරීක්ෂා කිරීමේදී, මැසචුසෙට්ස් වොල්තම්හි බ්‍රැන්ඩයිස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සොයා ගත්තේ ආපසු සටන් කළ හෝ කෑගැසූ මෙන්ම පලා ගිය අය එසේ නොකළ අයට වඩා සාර්ථකත්වයක් ලැබූ බවයි. “ඇරත්, දූෂණයට හෝ හානියට වඩාත්ම පහසුවෙන් ගොදුරුවන ස්ත්‍රීන් වූයේ ආපසු සටන් නොකර තම පහර දෙන්නන්ට හේතු දක්වමින් හෝ බැගෑපත් වෙමින් සිටි අය” යයි අමෙරිකන් හෙල්ත් සඟරාව පවසයි. අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය සේරා උල්මන් මෙම අවවාදය දෙයි: “ස්ත්‍රියක් තම මුළු ශක්තිය යොදා කෑගැසීමට, සටන් කිරීමට හා එරෙහිව සටන් කිරීමට පසුබැසිය යුතු නැත. ආයාචනා කිරීමෙන් හා බැගෑපත් වීමෙන් සමහරවිට ඵලක් නොවිය හැක.”

පෝලන්තයේ පල්ලිය

පෝලන්තයේ කොමියුනිස්ට් වාදය බිඳ වැටීමෙන් වර්ෂ හතරකට පමණ පසු, කතෝලික පල්ලිය බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටී. ලන්ඩනයේ ගාර්ඩියන් වීක්ලි ප්‍රවෘත්ති පත්‍රයට අනුව, මහජන ඡන්ද විමසුමකදී හෙළි වූයේ “පූජක නම්බුකාර තත්ත්වයේ වැඩි කොටසක් නැති වී ගොස් තිබුණු බවයි.” එමෙන්ම “සෙමිනේරියට ඇතුළු වීමට අයදුම් කරන්නන් අඩු වී ගිය අතර පාසල්වල ආගමික උපදෙස් පංතිවලට පැමිණීම පිරිහෙමින් පවතින” බවත් පවසයි. ප්‍රශ්න කරන ලද වැඩි දෙනෙකුගේ අදහස වූයේ මහජනයාගේ ජීවිත කෙරෙහි කතෝලික බලපෑම වුවමනාවට වඩා වැඩි බවයි. පෝලන්ත ජාතික “බුද්ධිමතුන් විශ්වාස කරන්නේ අතීතයේදී පෝලන්තය බලවත් ආගමික උනන්දුව වෙනුවෙන් හොඳ නමක් අත්කරගෙන තිබුණත්, එහි කතෝලික ධර්මය තිබුණේ ඇත්ත වශයෙන්ම මතුපිටින් හා වත්පිළිවෙත්වලින් පමණක් බවයි,” යයි ගාර්ඩියන් සඳහන් කරයි. කොමියුනිස්ට් වාදයට එරෙහිව සටන් කිරීමට පල්ලිය ප්‍රධාන වශයෙන් මෙවලමක් ලෙස ක්‍රියා කළ බවත්, පෝලන්ත ජාතික කතෝලිකයන්ට “නීතියෙන් ඉඩ හැර තිබූ දික්කසාදය හෝ ගබ්සාව” එමගින් නොනැවැත්වූ බවත් ඇතැමෙක් ඒත්තුගෙන සිටිති.

“භාවිතා කරන්න නැතහොත් අහිමි කරගන්න”

ලොව පුරා පැවැත්වූ අධ්‍යයනයන් ගණනාවකින් හෙළි කරනු ලැබුවේ පුද්ගලයෙක් තම මොළය වැඩියෙන් භාවිතා කරන තරමටම, ඔහුට මොළයේ ආබාධයන් අද්දැකීමට සිදුවන්නේ අඩුවෙන් විය හැකියි කියාය. “වැඩි අධ්‍යාපනයක් ලබා සිටීමෙන් අදහස් කරන්නේ ඔබේ තරුණ කාලයේදී ඔබේ මොළය වර්ධනය කරගන්නා බව පමණක් නොව නමුත්, ඔබේ ජීවිත කාලය පුරාම ඔබ එය භාවිතා කරන අතර” මානසික රෝගයට එරෙහිව “එය යම් ආකාරයක ආරක්ෂිත ක්‍රියා පිළිවෙළක් නිපදවන බවත්ය.” මානසික ධාරිතාව අඩු වූ තත්ත්වයකට “එරෙහිව ඔබේ මොළය රැකගැනීමට හොඳම මාර්ගය විය හැක්කේ කියවීම, ලිවීම හා ගණන් සෑදීම” යයි කැනඩාවේ ද ටොරොන්ටෝ ස්ටාර් ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරයි. ස්නායු මනෝ වෛද්‍ය මෙරිලින් ඇල්බට් මෙසේ පැවසීය: “මෙම සොයා ගැනීම සත්‍යයක් බව ඒත්තු ගැන්වෙන තරමටම අපි එය සැබෑ යයි දන්නෙමු.” ඇය මෙසේද පැවසුවාය: “මොළය සම්බන්ධයෙන් අදහස් කරන්නේ ‘එය භාවිතා කරන්න නැතහොත් එය අහිමි කරගන්න යන්නය.’ ”

විකිරණය නිසා ඇතිවූ පිළිකා

යුක්රේන්වල චර්නොබිල් න්‍යෂ්ටික අනතුරෙන් වර්ෂ සතකට පසු, ළමුන් තුළ ගලගණ්ඩ පිළිකා ඇති වීමේ සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බව බෙලරස්වල (කලින් බෙලරසියා) වෛද්‍යවරු වාර්තා කරති. ප්‍රංස වෛද්‍ය සඟරාවක් වන ලි කොන්කර්ස් මෙඩෙකල් පවසන අන්දමට, බෙලරස්හි වාර්තා කරන ලද ගලගණ්ඩ පිළිකා රෝගයෙන් පෙළුණු ළමුන්, 1986 සහ 1989 අතරේදී, වර්ෂයකට 4ක සාමාන්‍යයක සිට එකපාරටම 1990 සිට 1992 ජූනි මාසය දක්වා වර්ෂයකට 114ක සාමාන්‍යයක් දක්වා ඉහළ නැග ඇත. එම අනතුරේදී වෙනත් විකිරණශීලී ධාතූන්ට වඩා ගලගණ්ඩ පිළිකාව ඇති කරන විකිරණශීල-සමස්ථානිකය වන අයඩින් 131 විශාල සංඛ්‍යාවලින් මුදා හළ නිසා, විද්‍යාඥයෝ විකිරණයෙන් ඇති වන වෙනත් ආකාරවල පිළිකාවන් සීමා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙති.

“ඒඩ්ස්” වැළඳුණු කුකුල්ළු

ඒඩ්ස් මිනිසුන්ට හා ඇතැම් වර්ගවල වඳුරන්ට පමණක් සීමා වී නැති බව පෙනෙන්නට තිබේ. ඉන්දියාවේ බොම්බායේ ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කළේ ඒඩ්ස් වැනි රෝගයකින් රට තුළ කුකුළන් පහර ලැබ සිටින බවයි. පරිචිත ප්‍රතිශක්ති ඌනතා සංධාවයකින් ප්‍රතිඵල වන, ගම්බාරෝ නමැති වෛරස් රෝගය, “රට තුළ පක්ෂීන් ලක්ෂ [සිය දහස්] ගණනකට බලපාමින් වසංගතයක් පැතිරෙන ආකාරයෙන් පැතිර ගොස් ඇත.” බිත්තර දමන පක්ෂීන් මිලියන 1.5කට වඩා මැරී ගොස් ඇත. ඉන්දියාවේ උග්‍ර බිත්තර හිඟයක් තිබෙන්නට ඉඩ ඇතැයි කියා වාර්තාව ප්‍රකාශ කළේය.

නහඹර වියේ ගැටලු

අදදින [එක්සත් ජනපදයේ] නහඹරයෝ ඔවුන්ගේ දෙමව්පියන්ට හා ආච්චිලා සීයලාට මතක ඇති සිය නහඹර වියට වඩා භයානකකමේ මෙන්ම අවදානමේ යථාර්ථයකට මුහුණ දෙන බව,” ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියූන් ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරයි. එක්සත් ජනපද සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ට්‍රිබියූන් ප්‍රවෘත්ති පත්‍රය පවසා සිටින්නේ මත්පැන් පානය කරන නහඹරයන්ගේ ගණන 1950 ගණන්වලදී සියයට 30කින් වැඩි වී තිබෙන බවය. ඉතා කලාතුරකින් සිදුවෙමින් පැවති නහඹර වියේ සිය දිවි නසා ගැනීම්, අනතුරු හා මිනීමැරීම්වලට පසු, සාමාන්‍ය තුන්වන හේතුව බවට වැඩි වී තිබෙන්නේ මරණයයි. වර්ෂ 1983 සිට 1987 තුළ වයස 10 සිට 14 දක්වා යෞවනයන් අතර අනවශ්‍ය ගැබ් ගැනීම් සියයට 23 දක්වා වැඩි වී ඇති අතර 1960 සහ 1988 අතර ගොනෝරියාව හටගැනීමේ ප්‍රමාණය හතර ගුණයකින් වැඩි වී තිබේ. මනෝවිද්‍යාඥයෝ යෞවනයන්ව තේරුම්ගැනීමට හා උපකාර කිරීමට නව ක්‍රම සොයමින් දැඩි වෑයමක් දරමින් සිටිති.

උන්ව නොකා උන් දෙස බලා සිටීම

තල්මසුන්ව ඇල්ලීම සහ ආහාරයට ගැනීම මෑත වර්ෂවලදී විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. ජපානය වැනි රටවල් කීපයක, ඇතැම් මිනිසුන් කියා සිටින්නේ තල්මසුන්ගේ මස් ඔවුන්ගේ සම්ප්‍රදායානුකූල ආහාරයේ කොටසක් බැවින් අන්තර් ජාතික තල්මසුන් ඇල්ලීමේ කොමිසම මගින් වෙළෙඳාම පිණිස තල්මසුන් ඇල්ලීම තහනම් කිරීමෙන් තැවුලකට පත්වී සිටින බවය. එහෙත්, ඇතැම් ජපන් ජාතිකයන් තල්මසුන් නොඇල්ලීමෙන් හා ආහාරයට නොගැනීමෙන් ලාභයක් උපයා ගැනීමට හැකි බව සොයා ගෙන ඇත. දකුණු ටෝකියෝවේ, බොනින් දූපත්වල ජනාවාසීහු ඔවුන්ගේ නවතම සංචාරක ආකර්ෂණය වන තල්මසුන් නැරඹීම පුළුල් කිරීමෙහි කාර්ය බහුලව සිටිති. ඔවුන්ගේ පිඟන්වල දකිනවාට වඩා උන්ගේ සාමාන්‍ය වාසස්ථානයේ උන්ව දකින්නට ලැබීමෙන්, එනම් විශේෂයෙන්ම තල්මසුන් ප්‍රශ්වාස කරන විට ජලය ඉහළට විදිමින්, ජලය එහා මෙහා කලතන විට, තල්මසුන් දෙස බලා සිටින්නෝ ප්‍රීතියෙන් කුල්මත්ව අත්පොළසන් දෙති.

“තුවක්කු පිස්සුව”

එම මාතෘකාව යටතේ, මැයි 25දා ද නිව් යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රයේ කතුවැකිය වූයේ, 1992 ඔක්තෝබර් මාසයේදී නිව් යෝර්ක්වල අධ්‍යාපනය ලබමින් සිටි ජපන් ශිෂ්‍යයෙකු මැරීමෙන් පසු මිනීමැරීමේ චෝදනාවෙන් නිදහස් වූ ලුසියානාහි මිනිසෙකුගේ පරීක්ෂණය සම්බන්ධයෙන් විවරණයකි. දාසය හැවිරිදි ශිෂ්‍යයා වැරදීමකින් මෙම මිනිසාගේ නිවසේ සීනුව නාද කර ඇත. සීරුවෙන් සිට ගන්න යයි මිනිසා විසින් කළ අණ තේරුම් නොගත් බැවින් ඊට යටත් නොවූ ජපන් ශිෂ්‍යයාගේ පපුවට ඔහු වෙඩි තැබීය. “ඔබේ නිවසට එන ඕනෑම කෙනෙකුට තුවක්කුවෙන් පිළිතුරු දීමට ඔබට නීතිමය අයිතියක් තිබේ,” යයි මිනිසාව ආරක්ෂා කරමින් මිනිසාගේ නීතිඥයා පැවසුවේය. කතුවැකියේ සඳහන් වූ එහි අදහස වූයේ ඔබේ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකු, එනම් “පූජකයෙකු හෝ වේවා . . . , ඔබේ සීනුව නාද කරන්නට එඩිතර වුවහොත් වෙඩි උණ්ඩයක් අපේක්ෂා කළ හැකි බවයි.” “ජපන් ජාතිකයන් වන අපට අමෙරිකාවේ තුවක්කු සමාජය තේරෙන්නේ නෑ,” යයි ජපන් ජාතික වාර්තාකරුවෙක් පැවසුවේය. “සැබවින්ම, එය තේරුම් ගැනීමට පහසුය,” යනුවෙන් කතුවැකිය පිළිතුරු දුණි. “මෝඩකම, නුරුස්නාභාවය, අවි දැරීමට ඇති අයිතිය පිළිබඳ විකෘති අර්ථ දැක්වීමට අනුවද තුවක්තුවලින් මියගොස් ඇති දහස් සංඛ්‍යාත ජනයාගේ මියයාම්වලින් යම් දෙයක් ඉගෙන ගැනීමට ප්‍රතික්ෂේප කිරීම අනුවද කල්පනා කළා නම් හරි.”

ස්ත්‍රී රියදුරන්

රිය පදවන ස්ත්‍රීන් බොහෝ විට රිය පැදවීමේ දක්ෂතා සම්බන්ධයෙන් ගත් කල පුරුෂයන්ට වඩා දක්ෂතාවයෙන් අඩු බවට සාමාන්‍යයෙන් කියැවේ. තිබෙන සාක්ෂි මෙම පොදු අදහස සනාථ කරයිද? දකුණු අප්‍රිකාවේ මෝටර් රථ සංගමය මගින් ප්‍රකාශිත සඟරාවක් වන ද මෝටරිස්ට් සඟරාවට අනුව, නැත. මෑත වර්ෂයකදී එම රටේ සිදුවූ සියලු මාර්ග අනතුරුවලින් සියයට 83කට වඩා සම්බන්ධව සිටියේ පිරිමි රියදුරන්ය. මෙබැවින් රක්ෂණ සමාගම් බොහොමයක් පිරිමි රියදුරන්ට වඩා ස්ත්‍රී රියදුරන්ට වඩා හොඳ ගාස්තු ඉදිරිපත් කරති. “රිය පැදවීමේ ස්ත්‍රීන්ගේ දක්ෂතා කෙරෙහි මෙම විශ්වාසය,” පවතින්නේ මන්දයත්, කර්මාන්තකරණය “විශ්වාස කරන්නේ ස්ත්‍රීන් රිය පදවන විට කලහකාරිබවෙන් අඩු, අවදානම් පියවරවල් ගැනීමට අඩු පෙලඹීමක් ඇති, එමෙන්ම මාර්ග නීති කඩ කිරීමේ වරදට අඩුවෙන් අසුවන අය වන නිසා,” යයි ඉහත සඟරාව පැහැදිලි කරයි. සඟරාවේ අවසාන නිගමනය වූයේ පුරුෂ හෝ ස්ත්‍රී හෝ වේවා හරි ආකල්පය රියදුරාට තිබේ නම්, එය හොඳ රිය පැදවීමේ පුරුදුවලට දායක වන බවය.

ලෝක සෞඛ්‍ය තත්ත්වය

ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය තත්ත්වය කෙසේද? ජගත් සෞඛ්‍ය සංවිධානය (ජ.සෞ.ස.) විසින් මෑතකදී ප්‍රකාශිත ඒත්තුගන්වන වාර්තාවක් අශුභ ආරංචි හා ශුභ ආරංචි හෙළි කරයි. දරුවන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ ලෝකව්‍යාප්ත ප්‍රයත්නයන් නිසා සරම්ප, පෝලියෝ, කක්කල් කැස්ස සහ බිළිඳු අවධියේ පිටගැස්ම ඇති වීම අඩු වී යාම ශුභ ආරංචියයි. එලෙසම සංවර්ධිත රටවල් බොහොමයක හෘද්වාහිනී රෝග අඩුවෙමින් පවතී. ලොව පුරා බිළිඳු හා ළමා මරණ අනුපාත අඩුවන අතර, ජීවිත අපේක්ෂාව වැඩි වෙමින් පවතී. කොලරාව, කහ උණ, ඩෙංගු උණ සහ මැලේරියාව වැනි උෂ්ණ කලාපීය රෝග, “පාලනය කළ නොහැකි තරමටම පැතිර ගොස් ඇතැයි පෙනෙන්නට තිබීම,” අශුභ ආරංචිය බව ජ.සෞ.ස. වාර්තා කරයි. ඒඩ්ස්, ක්ෂය රෝගය සහ දියවැඩියාවද වැඩි වෙමින් පවතී.

වීඩියෝ යන්ත්‍රයෙන් සූදු කෙළීම

වීඩියෝ යන්ත්‍ර මගින් ලොතරැයි “සූදු කෙළීමේ ක්ෂේත්‍රයේදී, කොකේන් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීමක් වැනි,” හෙයින් ප්‍රසිද්ධ ස්ථානවල නොතිබිය යුතු යයි ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ගැරි ස්මිත් පවසයි. සූදුවට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් අධ්‍යයනයක් මෙහෙය වූ ස්මිත් සමඟ කැනඩාවේ දි එඩ්මන්ටන් ජර්නල් ප්‍රවෘත්ති පත්‍රය කළ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කරන්නේ වීඩියෝ සූදුවට ඇබ්බැහි වීම “මාස හයක වැනි සුළු කාලයකින්” සිදුවිය හැකි බවයි. සූදුව පැතිර යාමෙන් අපරාධ හා වෙනත් බරපතළ ගැටලුවල වැඩි වීමක් සිදු කරයි. සූදුවට ඇබ්බැහි වී සිටින්නන්ගෙන් තුනෙන් දෙකක් මුදල් වංචා කරන අතර ඔවුන්ගේ පුරුද්ද පවත්වා ගැනීම සඳහාම හොර අත්සන් තැබීමේ, වංචාවේ හා සොරකමේ නියැලෙති. ඇබ්බැහි වීම මගින් කලකිරීම සහ පණ නසා ගැනීමේ සිතුවිලි ඇති කරන බැවින් එමගින් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හා අනතුරු සිදු කරන අතර, ඊට අමතරව ණය ගෙවීමට පැහැර හැරීම “හා සෞඛ්‍ය සාත්තු සේවයට අධික වියදමක් දැරීමටද” සලස්වයි. ස්මිත් පවසන ආකාරයට, “සූදුවට ඇබ්බැහි වූ සෑම කෙනෙකුගෙන්ම සමාජයට ඩොලර් 56,000ක පාඩුවක් සිදු වේ.”

අනූ ගණන්වල යෞවනයෝ

ඉතාලියේ වෙරොනා විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සක විටොරීනො ඇන්ඩ්‍රියෝලි වාර්තා කරන්නේ, පෙර පරම්පරාවන්ට ඉතා වෙනස්ව අදදින යෞවනයන්ට “අනාගතය සම්බන්ධයෙන් තිබෙන්නේ මඳ අවබෝධයකි, නැතහොත් අවබෝධයක් නැත,” කියාය. මෙය “හෙට දින සතුට වෙනුවෙන් මෙදින පූජා කිරීමට” යෞවනයන්හට අසීරු කරන බවද ඔහු පවසයි. එමෙන්ම බොහෝ දෙනෙකුට “යහපත හා අයහපත අවබෝධ කරගැනීමට නොහැකිය,” යන්නෙන් අදහස් කරන්නේ, “පිහිටුවා ඇති යුක්ති ධර්මවලට අනුව ක්‍රියා කරනවාට වඩා, සියලු හැසිරීම්වලට හේතුව එම අවස්ථාවේ පවතින තත්ත්වය අනුව නිශ්චය වනවා කියාය.” අදදින සිටින බොහෝ යෞවනයන්ට මරණය ගැන සම්පූර්ණ වටහාගැන්මක් නැත. “ඔවුන් දන්නේ ප්‍රබන්ධයකට වෙනස්ව, රූපවාහිනියේ දිස්වන මරණ ගැන පමණකි. . . . යෞවනයන් මරණය සිදු කරන ආකාරය ගැන දන්නා නමුත් ඔවුන් එය කුමක්දැයි දන්නේ නැත. මෙබැවින්, සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිඵල මනසේ ඇඳගනිමින් ඔවුන් මරණය සිදු කිරීමට හෝ තමන් පිටම පමුණුවා ගැනීමට පවා පුළුවනි,” යයි ඇන්ඩ්‍රියෝලි සඳහන් කරයි. g93 12/22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න