ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 7/8 30 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රජය පිළිබඳ අවිශ්වාසය
  • ශාන්වනයේ [අස්වැසුමේ] බලය
  • කාන්දුවීම් ඉවෙන් සෙවීම
  • වැහි දේවතාවෝ බලාපොරොත්තු කඩ කරති
  • ඇදහිල්ල පාවාදීම පිට පාවාදීම
  • රුසියාවේ දුම්කොළ ව්‍යාපාරය සඵලවේ
  • ජංගම රෝහල
  • අපායට-නියම වූවන් ගණනය කිරීම
  • ගොඩනංවනසුලු අද්දැකීම් යමෙකු සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරවේ
  • දූෂණය හා පාපෝච්චාරණය
  • සුවවීමේ සංඛ්‍යාව ඉහළ යයි
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
1994 පිබිදෙව්!
g94 7/8 30 පි.

ලෝකය දෙස බැලීම

රජය පිළිබඳ අවිශ්වාසය

“පවතින පිළිවෙළ කෙරෙහි මුළු ලෝකයේම ජනයාගේ විශ්වාසය බිඳවැටේ,” යයි ද වොෂිංටන් පෝස්ට් මෑතකදී ප්‍රකාශ කර, මෙසේද පැවසීය, “සෑමතැනකම, ආණ්ඩුව යන වචනය පවා පිළිකුලකි.” මෑත වර්ෂවලදී ගන්නා ලද ජනමත විචාරන ගණනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පුවත්පත මෙසේ සඳහන් කළේය: “කැනඩාවේ සිට ජපානය හා ඒ අතර ස්ථානවල, සමහරවිට රටවැසියන්ගෙන් ඉතා, විශාල සංඛ්‍යාවක් ඡන්ද විමසන්නන්හට පවසන්නේ තම රටේ රජය විශ්වාස කළ නොහැකි බවත්, තම රටේ ආර්ථිකය විනාශයට පත්වී ඇති බවත්, එමෙන්ම දේවල් හොඳ අතට නොව එන්න එන්නම නරක්වනවා පමණක් කියාත්ය.” උදාහරණයක් වශයෙන්, ප්‍රංශයේ, විචාරන ලද අයගෙන් සියයට 60ක් පමණ අපේක්ෂා කළේ අනාගතයේදී දේවල් තවත් නරක්වන බවය, එවැනිම සංඛ්‍යාවක් රටේ පාලනයේ ආකාරය සම්බන්ධයෙන් අතෘප්තිමත්භාවයක් පෙන්නුම් කළහ. වර්ෂ පහකට හෝ දහයකට පෙර තිබුණාක් මෙන් රජය හොඳින් ක්‍රියාත්මක නොවන බව ඉතාලියේ සියයට 75කට පමණ හැඟුණි. කැනඩාවේ අඩකටත් වඩා හැඟුණේ තමාගේම පරම්පරාවට වඩා ඊළඟ පරම්පරාවට වඩා නරක ආර්ථික තත්ත්වයක පවා සිටින්නට සිදුවන බවයි.

ශාන්වනයේ [අස්වැසුමේ] බලය

වෛද්‍ය පර්යේෂකයන් බොහෝ කලක සිට දැරූ මතය වූයේ අස්වැසුමක් එනම් සැබෑ සුවකිරීමේ ශක්තියක් නැති ප්‍රතිකාරයක් දුන් රෝගීන්ගෙන් තුනෙන් එකක් පමණ යම් සුවවීමක් පෙන්නුම් කිරීමට නැඹුරුවාවක් තිබෙන බවය. කෙසේවුවත්, නව අධ්‍යයනයක් පෙන්නුම් කර තිබෙන්නේ අස්වැසුම තුළ ඊටත් වඩා බලවත් බලපෑමක් තිබිය හැකි බවය. අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ, ලා ජොලාහි විද්‍යාඥයන් විසින් අත්හදාබැලීමේ නව ප්‍රතිකාර දුන් රෝගීන් 7,000ක් පමණ ගැන අධ්‍යයනය කරන ලද අතර, පසු කලෙක ඉන් වෛද්‍යමය ලෙස ඵලක් නොවූ බව සොයා ගනු ලැබුවේ යයි ද නිව් යෝර්ක් ටයිම්ස් මෑතකදී වාර්තා කළේය. ප්‍රතිකාරවලට ප්‍රතිචාරය දක්වමින්, අඩුම තරමින් තාවකාලිකව, රෝගීන්ගෙන් තුනෙන් දෙකක් යහපත් අතට හැරුණු බව අධ්‍යයනය පෙන්නුම් කළේය. මෙම අස්වැසුමෙන් සමහර රෝගීන්ට නියම ජීවවිද්‍යාත්මක සුවවීමක් ඇතුළත් වන අතර, එය සමහරවිට සුවවීමක් තිබෙන බව වාර්තා කරමින් වෛද්‍යවරයාව සතුටු කිරීමට රෝගියාගේම ආශාව පිළිබිඹු කරන්නේදැයි සලකා බැලීමට විද්‍යාඥයෝ අනතුරු ඇඟ වූහ. මෙබැවින්, ඇතැම් පර්යේෂකයන් සඳහන් කළේ මෙම අධ්‍යයනය නව ඖෂධ පිළිබඳ වඩා දැඩි පරීක්ෂා කිරීමක් නියම කිරීම සඳහා හේතුවක් වශයෙනි.

කාන්දුවීම් ඉවෙන් සෙවීම

වළලා ඇති පයිප්ප මාර්ගවල සුළු කාන්දුවීම්, විශාල පිපිරීම් සහ පිටාර ගැලීම් වෙත යොමු වන්නාක් මෙන්ම මහජනයාගේ අවධානය යොමු නොවිය හැකි නමුත්, ඒවා තවදුරටත් සෑම වර්ෂයකම කර්මාන්තවලට ඩොලර් මිලියන ගණනක් පාඩු සිදු කරන අතර “සැඟවුණු, අදෘශ්‍යමාන දූෂණයක්,” ඇති කරන බව නැෂනල් ජියොග්‍රැෆික් සඟරාව වාර්තා කරයි. එක් කැනේඩියානු සමාගමක් මෙම ප්‍රශ්නයට අසාමාන්‍ය විසඳුමක් සොයාගෙන ඇත—තෙල්, ස්වාභාවික ගෑස් සහ රසායන ද්‍රව්‍ය ගෙන යන පයිප්ප මාර්ගවලින් ඇල්පෙනෙති තුඩක ප්‍රමාණයේ හිදැස්වලින් එවැනි කාන්දුවීම් ඉවෙන් සෙවීමට ඔවුහු සුනඛයන්ව, එනම් ලැබ්‍රඩො රිට්‍රීවර් සුනඛයන්ව යොදා ගනිති. ප්‍රථමයෙන්ම, පයිප්පයේ කාන්දුවීමක් තිබේ යයි සැක ඇති කොටසක් තුළට ඉතා දුගඳ රසායන ද්‍රව්‍යයක් පොම්ප කරනු ලැබේ. එවිට සුනඛයෝ වැඩේට බසිති. ජියොග්‍රැෆික් සඟරාව මෙසේ වාර්තා කරයි: “අඩි 18ක් පමණ යට වළලා ඇති පයිප්පයකින් වහනය වන රසායන ද්‍රව්‍ය ඉවෙන් සෙවීමට උන්ට පුළුවනි. ලූවීසියානා වගුරකදී [එම] සුනඛයෝ කුඩා බෝට්ටුවල සිට, ජලයෙන් අඩි හයක්ද, පොළොවෙන් අඩි පහක්ද යට රසායනික ද්‍රව්‍ය කාන්දුවන මාර්ගවලින් පැමිණෙන ගඳ, සොයා දැනගත්තෝය.” සඟරාව මෙසේද පවසයි: “ලෝකයේ කොතැන සිට වුවත්, සුනඛයන් ඉල්ලන පරක්කුවට ලබාගත හැක.

වැහි දේවතාවෝ බලාපොරොත්තු කඩ කරති

දරුණු ඉඩෝරයකට මුහුණදී සිටි දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රජය, වර්ෂාව ලබා ගැනීමට අසාමාන්‍ය උපක්‍රමයක පිහිට සෙවීය. ඉන්ඩියා ටුඩේ සඟරාවට අනුව, ප්‍රාන්තයේ රජය “වැහි දේවතාවුන් ප්‍රසාදයට පත්කිරීමේ පෞරාණික වේදීය වත්පිළිවෙත්” සඳහා මුදල් වැය කළේය. ප්‍රාන්තයේ පරිත්‍යාග අරමුදල් ඇමති මෙසේ හේතු දැක්වීය: “දෙවියන් අපව මුදාගැනීමට පැමිණෙයි.” තෝරාගන්නා ලද දේවාලවලින් 50ක පූජකයෝ දින 11 පුරා ආගමික චාරිත්‍ර සිදු කළහ. ප්‍රතිඵලය? . . . ඉන්ඩියා ටුඩේ මෙසේ වාර්තා කරයි: “නිසැකවම දේවතාවුන්ගේ සිත යොමු නොවීය. . . . ආගමෙන් අසමත්වූ බැවින් විද්‍යානුකූල මාර්ගයේ යෑමට රජය දැන් තීරණය කර ඇත. වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය විදීමෙන් කෘත්‍රිම වැසි වැස්සවීම සඳහා අත්හදා බැලීමට එය දැන් පියවර ගෙන ඇත.

ඇදහිල්ල පාවාදීම පිට පාවාදීම

එක්සත් ජනපදයේ ලූතරන් භක්තිකයන් හා බ්‍රිතාන්‍යයේ මෙතෝදිස්ත භක්තිකයන් මෑතකදී සමලිංගික සේවනයේ ප්‍රශ්නය වෙත සිය අවධානය යොමුකර ඇත. බ්‍රිතාන්‍යයෙහි, මෙතෝදිස්ත සම්මන්ත්‍රණයක් යම් ආකාරයක තීරණයකට පැමිණියේය. සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් හා ස්ත්‍රීන් දේවගැතිවරුන් වශයෙන් පත් නොකිරීමට ඔවුහු තීරණය කළහ; කෙසේවුවත්, ඒ අතරේම, “පල්ලියේ සිටින සමලිංගික සේවනයේ යෙදෙන ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සහභාගිත්වය සහ සේවය” පල්ලිය මගින් “පිළිගන්නා බවත්, තහවුරු කරන බවත්, ප්‍රකාශ කරන බවත්” ඔවුහු කියා සිටියහ. එක්සත් ජනපදයේ, ලූතරන් පල්ලියේ කණ්ඩායමක්, දේවගැතීන්ගේ ප්‍රතිචාරය දැනගනු වස්, ඔවුන් 19,000ක් වෙත යැවීම සඳහා සැලසුම් කළ පිටු-21ක වාර්තාවක් නිකුත් කළහ. එසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය පවසන අන්දමට, බයිබලය සමලිංගික සේවනයේ යෙදෙන්නන්හට අනුබල දෙන බවට වාර්තාව ස්ථිර ලෙස කියා සිටියි. ස්වයංවින්දනය “සාමාන්‍යයෙන් සුදුසු සහ සෞඛ්‍ය සම්පන්න,” බවද වාර්තාව ප්‍රකාශ කරයි. මෙම ස්ථිර කිරීමේදී හා මෙම ප්‍රකාශයේදී, මෙම කාරණා සම්බන්ධයෙන් බයිබලයේ තත්ත්වයට, වාර්තාව පරස්පර විරෝධීය.—රෝම 1:​26, 27; 1 කොරින්ති 6:​9, 10; කොලොස්සි 3:​6, 7.

රුසියාවේ දුම්කොළ ව්‍යාපාරය සඵලවේ

රුසියාවේ හා වෙනත් පෙර සෝවියට් ප්‍රදේශවල දුම්කොළ ව්‍යාපාරය හදිසියේ දියුණුවෙමින් පවතින බව කැනඩාවේ මැක්ලීන්’ස් සඟරාව වාර්තා කරයි. පෙර සෝවියට් සමූහාණ්ඩුවෙහි දුම්පානය කරන්නන් මිලියන 70ක් පමණ නැතහොත් ජනගහනයෙන් සියයට 25ක් පමණ සිටින අතර, ඔවුහු වර්ෂයකට දුම්වැටි බිලියන 350ක් පානය කරති. තවද දුම්වැටි ප්‍රචාරය තහනම් කළ පෙර සෝවියට් නීති තවදුරටත් බලපැවැත්වෙන්නේ නැති බැවින්, බටහිර දුම්කොළ සමාගම්—ගුවන්විදුලිය, රූපවාහිනිය, ප්‍රවෘත්ති පත්‍ර, සඟරා සහ දැන්වීම් පුවරු වැනි සන්නිවේදන මාධ්‍ය—සිය නිෂ්පාදනය සඳහා දැන්වීම්වලින් පුරවා තිබේ. ප්‍රාදේශීය දුම්වැටි වර්ගවලට වඩා බටහිර වර්ගවල මිල දෙගුණයක සිට හතර ගුණයක් දක්වා වැඩි වුවත්, බොහෝ විට ඒවා වර්ග කරනු ලබන්නේ තත්ත්වයේ සංකේත අනුවය. මැක්ලීන්’ස් සඟරාව මෙසේ සඳහන් කරයි: “රජයේ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ රුසියානුවන් 5,00,000ක් පමණ අවුරුදුපතා පෙණහලු පිළිකාවලට හා දුම්පානය-ආශ්‍රිත වෙනත් රෝගවලට ගොදුරුවන බවය.”

ජංගම රෝහල

අසාමාන්‍ය රෝහලක් ඉන්දියාවේ අසනීපකරුවන්ට උපකාර කරමින් සිට ඇත: එය ලයිෆ්ලයින් එක්ස්ප්‍රෙස් නමැති දුම්රියයි. ස්වේච්ඡා වෛද්‍යවරු කණ්ඩායමකින් මෙහෙයවනු ලබන මෙම දුම්රිය “සැබවින්ම ජංගම රෝහලකි,” යයි ඒෂියාවීක් සඟරාව වාර්තා කරයි. එය ඊළඟ ගම්මානයට යෑමට පෙර එහි ශල්‍ය වෛද්‍යවරුන්ට අඩුම තරමින් රෝගීන් 600කටවත් ප්‍රතිකාර කිරීම සඳහා කාලයක් දෙමින්, ගම්මාන තුළට ඇදී ගොස් එහි මාසයක සිට මාස එකහාමාරක් නවතියි. ඉම්පැක්ට් ඉන්ඩියා ෆවුන්ඩේෂන් නමැති ලාභ නොලබන කණ්ඩායමක් මගින් මෙහෙයවනු ලබන මෙම ජංගම රෝහල මෙතෙක් දුරට 4,00,000ක් පමණ දෙනාට උපකාර කර ඇත. ඉම්පැක්ට් ඉන්ඩියාවල සෙල්මා ලැසරස් මෙසේ වාර්තා කරන්නීය: “මෙම ව්‍යාපෘතිය හතුපිපෙන්නාක් මෙන් විගස වර්ධනය වී ඇත. එවැනිම ජංගම රෝහල් පද්ධතියක් පිහිටුවන්න යයි දැන් වෙනත් රටවල් අපෙන් ඉල්ලා සිටියි.”

අපායට-නියම වූවන් ගණනය කිරීම

ඇලබාමාහි ජනගහනයෙන් සියයට 46.1ක්, බැප්ටිස්ට් භක්තිකයන්ගේ නිරයට යා හැකි යයි දක්වමින් මෑතකදී නිල ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් කළ විට අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි දකුණේ බැප්ටිස්ට් භක්තිකයන්, ඉමහත් විවේචනයකට ලක්විය. එක් එක් කෝරළයේ “ගැළවීම නොලැබූවන්” කොපමණක් සිටින්නේද යයි සියයට ගණන සඳහන් කරමින් ද බර්මිංහම් නියුස් ප්‍රවෘත්ති පත්‍රයේ පළ වූ ඔවුන්ගේ වාර්තාව මෙම ජනපදයේ ඇද වැටීම පිළිබඳව කෝරළයෙන් කෝරළයට වූ තත්ත්වය පිළිවෙළින් දැනගන්නට සැලැස්වීය. එසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය පවසන පරිදි, බැප්ටිස්ට් භක්තිකයෝ සෑම කෝරළයකම ජනගහනයෙන් සභා සාමාජිකත්ව ගණන හුදෙක් අඩු කර, ඉන්පසු වෙනත් ආගම්වල අයගෙන්ද සැලකිය යුතු ගණනක් ස්වර්ගයට යා හැකි යයි ඔවුන් සිතන බව නිශ්චය කිරීමට “රහසිගත සූත්‍රයක්” අදාළ කරගත්හ. ද බර්මිංහම් නිව්ස් ප්‍රවෘත්ති පත්‍රය කියවන්නන්ගෙන් ඔවුන්ගේ වාර්තාවට දැඩි විවේචන එල්ල විය. කෙනෙක් මෙසේ ලීවේය: “ගැළවීම නොලබා සිටින්නන්ව රාශිගත කිරීම සඳහා සූත්‍රයක් සෑදීම උඩඟුකමේ ඉහවහා යෑමකි.”

ගොඩනංවනසුලු අද්දැකීම් යමෙකු සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරවේ

“අතිශයින් වෙහෙසට පත්කරන අධික වෙහෙස සහ චිත්තවේගීය ගැටලු, ශරීරයේ යථා තත්ත්වයට පැමිණීම හීන කරවන අතර ප්‍රීතිය හා අස්වාදය, ප්‍රතිශක්ති පද්ධතිය උත්තේජනය කර, රෝගීවීමට එරෙහිව ශක්තිමත් කරයි.” නාස්සවුඉෂ නොයිඅ ප්‍රෙසේ නමැති ජර්මන් ප්‍රවෘත්ති පත්‍රය මනෝ ස්නායු ප්‍රතිශක්තිවේදය යන නව විද්‍යාව මගින් එකතු කළ සාක්ෂි සංක්ෂිප්ත කරන්නේ එයාකාරයටය. රැකියාවේදී හෝ නිවසේදී ඇතිවන නිෂේධාත්මක බලපෑම් ශරීරයේ ප්‍රතිරෝධක ශක්තිය දුර්වල කරයි. අනෙක් අතට, වෛද්‍ය විශේෂඥයෙකු හා ක්ෂුද්‍රජෛවවේදියෙකු වන වෛද්‍ය. ඇන්ටන් මයිය පවසන අන්දමට, ඒකාන්ත චිත්තවේගයන්ට හා අද්දැකීම්වලට ශක්තිමත් කිරීමේ බලපෑමක් තිබේ. ඔහු සමහර උදාහරණ මෙසේ සඳහන් කළේය: “ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය, විශ්වාසය, සුරක්ෂිතභාවය, අදහස්හුවමාරුව, ජීවිතයේ ඒකාන්ත උත්තේජනය, විනෝදය—මෙන්ම ජීවත්වීමට හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට අධිෂ්ඨානය.”

දූෂණය හා පාපෝච්චාරණය

දේශපාලනඥයන් හෝ ව්‍යාපාරිකයන් යයි බොරුවට මවාපාන, ඉතාලි ලේඛකයන් දෙදෙනෙක්, දූෂණයේ [අසාධාරණ මාර්ගවල] පාපයෙන් විශෝධනය කරන මෙන් කතෝලික පූජකයන් ගණනාවකින් ඉල්ලා සිටියහ. එවිට ඔවුහු පාපෝච්චාරණයේදී පූජකයන් විසින් ඔවුන්හට පැවසීමට තිබූ දෙය ප්‍රකාශයට පත්කළහ. ලා රිපූබ්ලිකා ප්‍රවෘත්ති පත්‍රය මෙසේ වාර්තා කරයි: “[මෙම ලේඛකයන්] ආගම කෙලසා ඇති අතර දැනටමත් ඔවුන්හට තර්ජනය කර, සමහරවිට ඒ සඳහා සභාවෙන් නෙරපා ඇතැයි සභාව සිතයි.” එහෙත් පත්‍රය තවදුරටත් පවසන්නේ මෙම බොරු පාපෝච්චාරණයන් “පෙන්නුම් කරන්නේ ලිංගික පාපවලට අවධානය යොමු කරනවා මිස සමාජීය පාපවලට අවධානය යොමු නොකරන්නාවූ ඉතාලි පූජකයන් 36,000න් වැඩි දෙනෙකු අතර තිබෙන සැබෑ ව්‍යාකූලත්වය, අසමත් බව හා වරදට ඉඩදීමේ ස්වභාවයය.” ලේඛකයෙකු වන පිනො නිකොට්‍රි, සොයාගනු ලැබුවේ තමා “පාපෝච්චාරණය කළ” පූජකයන් 49කගෙන් ඔහුගේ විශෝධනය ප්‍රතික්ෂේප කළේ හා සිය අපරාධය ගැන බලධාරීන්ට වාර්තා කරන්න යයි පැවසුවේ එක්කෙනෙකු පමණක් බවය. ලා රිපූබ්ලිකා මෙසේ ප්‍රකාශ කළේය: “අනෙක් පූජකයන් ගැන සලකා බලද්දී, ඔවුන්ට අල්ලස් ගැනීම පාපයක් නොව, නැතහොත් එය දෙවියන්වහන්සේගෙන් සමාව ලැබෙන්නක් බැවින්, විනිශ්චයකාරයෙකු වෙත යෑම නිෂ්ඵල දෙයකි.”

සුවවීමේ සංඛ්‍යාව ඉහළ යයි

“මෑත වර්ෂවලදී බ්‍රසීලයේ ආකෘතිය වෙනස්වී ඇත. [මත්ද්‍රව්‍ය] වෙළෙඳාමේ මූලස්ථානය වීමෙන්, මෙම රට පාරිභෝගිකයෙකු හා නිපදවන්නෙකු බවටද පත්වී තිබේ,” යයි මත්පැනට හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන එටූර් ගෙරා ඩි අන්ඩ්‍රාඩේ පැහැදිලි කරයි. ඕ එස්ටාඩො ඩි සෞ. පවූලූ ප්‍රවෘත්ති පත්‍රයට අනුව, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය “ජනගහනයෙන් සියයට 6 සිට 8ක් දක්වා බලපායි.” ඊට අමතරව, “වයස 12 සිට 16 දක්වා යෞවනයන් අතර, සියයට 90ක් අඩුම තරමින් එක්වරක්වත් මත්පැන් භාවිතා කර ඇත.” අන්ඩ්‍රාඩේ මෙසේද පවසයි: “මත්පැන් නිසා කායික හා මනෝවිද්‍යාත්මක ගැටලු පෙන්වන පුද්ගලයන් ගණන පසුගිය වසර දහය පුරා සියයට 50කින් වැඩි වී ඇත.” තවදුරටත්, “රැකියාවේ යෙදී සිටියදී බ්‍රසීලයේ සිදුවෙමින් පවතින අනතුරුවලින් සියයට 25ක් පමණ සිදුවී තිබෙන්නේ, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හේතුවෙනි, විශේෂයෙන්ම මත්පැන් හේතුවෙනි.” එහෙත්, මෙහි වඩාත් ඒකාන්ත පැත්ත නම්, මත්පැනට ඇබ්බැහි වූ සේවකයන්ගේ සුවවීමේ ඉහළම අනුපාත අතුරින් එකක් බ්‍රසීලය සතුව තිබීමය—එනම් සියයට 60 සිට 80 දක්වා.” g94 3/22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න