ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 9/8 28 පි.
  • ශෝකවීම වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශෝකවීම වැරදිද?
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔවුහු ශෝක වූහ
  • ‘අන් අය ශෝක වන්නාක් මෙන් ශෝක නොවීම’
  • අප ශෝකවුවත්, බලාපොරොත්තුවක් නැතුව නොවේ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැලපීම වරදක්ද?
    2001 පිබිදෙව්!
  • සහනය ගෙන දෙන බලාපොරොත්තුවක්
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • මිලියන ගණන් මළවුන් යළි ජීවත් වනු ඇත
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 9/8 28 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

ශෝකවීම වැරදිද?

“නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන මට දැඩි විශ්වාසයක් තිබෙනවා, අන් අය ඉදිරියේ මගේ ශෝකය ප්‍රකාශ කිරීම වැරදි බවත් මා එසේ කළා නම් මට එතරම් ස්ථිර බලාපොරොත්තුවක් නොතිබුණ බව ඔවුන්ට සැක කිරීමට මා ඉඩ තබන බවත් මා සිතුවා. මා සැබවින්ම නැවත නැගිටීම ගැන විශ්වාස කළා නම්, වියෝගය ගැන මා එතරම් අධික ලෙස ශෝක නොවනු ඇතැයි මා කල්පනා කළා.”—ශාර්ලීන්, වසර 21කට වඩා වැඩි කලකට බව්තීස්ම ලත් ක්‍රිස්තියානිවරයෙක්.

ඔබ ප්‍රේම කරන යමෙකු මියයන විට, ඔබ බලාපොරොත්තු නොවූ හැඟීම් සහ ආකල්පයන් මතු වෙන්නට පටන් ගත හැකිය—එනම් බිය, කෝපය, වරද සහිතභාවයේ හැඟීම් සහ කලකිරීම වැනි හැඟීම්ය. ක්‍රිස්තියානි භක්තිකයාට දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලනය යටතේ පාරාදීසමය පොළොවක් මත මළවුන් නැවත නැගිටුවනු ලැබීම සම්බන්ධයෙන් බයිබලයේ හඳ උණුසුම් කරවන පොරොන්දුව එම බලවත් පහර සැහැල්ලු කිරීමට උපකාරවත් විය හැකිය. (යොහන් 5:​28, 29; ක්‍රියා 24:15; එළිදරව් 21:​1-4) එසේ වුවත් ශාර්ලීන්ගේ වදන්වලින් අඟවන්නාක් මෙන්, ආදරණීය කෙනෙකු මියයන විට, ඇතැම් ක්‍රිස්තියානි භක්තිකයෝ අනවශ්‍ය බරක් උසුලති—ශෝකවීම වැරදිය යන හැඟීම, එනම් නැවත නැගිටීම පිළිබඳව බයිබලයේ පොරොන්දුව සම්බන්ධයෙන් විශ්වාසයේ හීනතාවක් ශෝකවීමෙන් අඟවන බවට වූ හැඟීමක්ය.

කෙසේවෙතත්, ශෝකවීම පිළිබඳව බයිබලය පවසනුයේ කුමක්ද? ආදරණීය තැනැත්තෙකු මියයන විට, ශෝකවීම වැරදිද?

ඔවුහු ශෝක වූහ

ආබ්‍රහම්ගේ ඇදහිල්ල සුප්‍රසිද්ධ වේ. පරීක්ෂා කරනු ලැබූ විට, ආබ්‍රහම් “[සිය පුත්‍රයා] ඊසාක් පූජා කළා හා සමානය.” (හෙබ්‍රෙව් 11:​17, NW; උත්පත්ති 22:​9-13) ඔහුගේ කාලයට පෙර කිසිකලක කිසිවෙක් නැවත නැගුටුවනු නොලැබූ බව පෙනේ, එසේ වුවත් අවශ්‍ය වුවහොත් “මළවුන්ගෙන් පවා [ඔහුගේ පුත්‍රයාව] නැගුටුවන්ට දෙවියන්වහන්සේට” පුළුවන් වූ බවට ආබ්‍රහම්ට ඇදහිල්ල තිබුණි. (හෙබ්‍රෙව් 11:19) ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් අවුරුදු 12කට පමණ පසුව, ඔහුගේ භාර්යාව වූ සාරා, මියගියාය. ඇදහිල්ලෙන් පූර්ණ වූ එම මනුෂ්‍යයා ක්‍රියා කළේ කෙසේද? ඔහු “සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය,” යනුවෙන් බයිබලය පැහැදිලි කරයි.a (උත්පත්ති 23:2) එසේය, දෙවියන්වහන්සේට මළවුන් නැවත නැගුටුවිය හැකි යයි විශ්වාස කළ එම මිනිසා පවා විවෘත ලෙස ශෝක වූයේය. එසේ වුවත්, ඇදහිල්ල සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක් ලෙස ආබ්‍රහම් ගැන සඳහන් වේ.—හෙබ්‍රෙව් 11:​8-10.

ආදරණීය තැනැත්තෙකුගේ වියෝගය ගැන ප්‍රසිද්ධ ලෙස ශෝක වීමේ වඩාත්ම හඳ දනවන ආදර්ශවලින් එකක් වනුයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමය. යේසුස්වහන්සේගේ කිට්ටු මිත්‍රයෙකු වූ ලාසරුස්ගේ මරණය පිළිබඳව, අපට මෙසේ කියවන්නට තිබේ: “එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැළඹී: ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඇඬූසේක [කඳුළු සැලූසේක, NW ].”—යොහන් 11:​32-35.

දෙවියන්වහන්සේගේ පරිපූර්ණ පුත්‍රයා විවෘත ලෙස ශෝකවීමට ලැජ්ජා නොවූ බව දැනගැනීමට තිබීම සැබවින්ම හද උණුසුම් කරවයි. “කඳුළු සැලූසේක” යන්න රැගෙන තිබෙන මුල් භාෂාවේ වදන (ඩා·ක්‍රිʹයො) “නිශ්ශබ්දව කඳුළු සැලීම” අදහස් කරයි. වඩාත්ම පුදුමසහගත දෙය කුමක්ද කිවහොත් මීට කලින් යේසුස්වහන්සේ විසින් දෙදෙනෙක්ව නැවත නැගුටුවා තිබීමය—එනම් නායින් නුවර වැන්දඹුවගේ පුත්‍රයා සහ යායිරස්ගේ දියණියය—ඇරත් ලාසරුස්ව නැවත නැගුටුවීමට උන්වහන්සේ මුළුමනින්ම බලාපොරොත්තු වූ සේක. (ලූක් 7:​11-15; 8:​41, 42, 49-55; සසඳන්න යොහන් 11:11.) ස්වල්ප මොහොතකට පෙර උන්වහන්සේ විසින් මාර්තාට මෙසේ පවසා තිබුණි: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.” (යොහන් 11:25) එසේ වුවත්, කොතරම් ගැඹුරු චිත්ත වේගයන් යේසුස්වහන්සේ තුළ කැළඹුණාද කිවහොත්, උන්වහන්සේගේ දෙනෙත් කඳුළුවලින් පිරෙන්නට විය.

ඊටත් වඩා වැදගත් ගැඹුරු යමක් ඇත. යේසුස්වහන්සේ “උන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ] දේවත්වයේ [නියම, NW ] ස්වරූපයද වනසේක්.” (හෙබ්‍රෙව් 1:3) එබැවින් ආදරණීය තැනැත්තෙකු මරණයෙන් අහිමිවීම ගැන යේසුස්වහන්සේට ඇති වූ මෘදු මෙන්ම බලවත් වේදනාව, අපගේ ස්වර්ගීය පියාණන් වන යෙහෝවඃවහන්සේ පිළිබඳව හැඟීම් අවුස්සන චිත්‍රයක් සපයයි. මේ හැඟීම්වලින් දෙවියන්වහන්සේ පිළිබඳව මවන ලද චිත්‍රය වනාහි උන්වහන්සේ ස්වකීය සේවකයන්ගේ ශෝකය නිසා දැඩි වේදනාවෙන් කම්පිතවූ හෘදයක් සහිත කෙනෙකු බවය.—ගීතාවලිය 56:8 සසඳන්න.

එසේ නම්, ඔබ ප්‍රේම කරන යම් කෙනෙකු මියයන විට ශෝක වීම වැරදි නොවන බව පැහැදිලිය. ආබ්‍රහම් සාරාගේ මරණය ගැන හැඬුවේය. ලාසරුස් මියගිය විට යේසුස්වහන්සේ විවෘත ලෙස ශෝක වූසේක. යෙහෝවඃ දෙවියන්වහන්සේ “අප ගැන සලකන” බැවින් අපගේ වේදනාව උන්වහන්සේ වටහාගන්න සේක.—2 පේතෘස් 5:7.

කෙසේවෙතත්, ක්‍රිස්තියානි බලාපොරොත්තුව පිළිබඳව කුමක් කිව හැකිද? එය වෙනසක් ඇති කරයිද?

‘අන් අය ශෝක වන්නාක් මෙන් ශෝක නොවීම’

හවුල් ඇදහිලිවන්තයන්ගේ වියෝගය නිසා මුල් ශත-වර්ෂ ක්‍රිස්තියානි සභාවේ ඇතැමෙකු ශෝක වූ විට, ඔවුන්ට සහනය සැපයීමට ප්‍රේරිත පාවුල් උත්සාහ කළේය. ඔහු මෙසේ ලීවේය: “තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමු.” (1 තෙසලෝනික 4:13) එසේය, මළවුන් නැවත නැගිටුවීම සඳහා වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි නිසැකකමක් ඇති අය, නැවත නැගිටීමේ බලාපොරොත්තුව නැත්තා වූ අයවලුන්ට වඩා හොඳ තත්ත්වයක සිටිති.b ඒ කෙසේද?

මරණයේ අභිමුඛයේදී, නැවත නැගිටීමේ බලාපොරොත්තුව නැති අය බලාපොරොත්තු සුන් තත්ත්වයක සිටිති. මරණයෙන් පසුව යම් ආකාරයක ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් තිබෙන බව ඔවුන් කියා සිටියත්, එයින් සැබෑ සැනසුමක් ඔවුන්ට නැත. තවත් බොහෝ දෙනෙකුගේ ශෝකයට හේතුව, මරණය නිසා තම ප්‍රේමනීයයන් ඔවුන්ගෙන් වෙන්වී යෑම පමණක් නොව නමුත්, එම වෙන්වීම ඔවුන්ට ස්ථිර එකක් වීම නිසාත්ය. නැවත නැගිටීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති නිසා, ඔවුන් ප්‍රේම කරන අයව වළලන විට ඒ අය සම්බන්ධයෙන් තමන්ගේ බලාපොරොත්තු සියල්ලද ඔහු සමඟ වළලා දමති; ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව, ඔවුන් නැවත කිසි කලෙක ඔවුන්ව දකින්නේ නැත.—1 කොරින්ති 15:​12-19, 32 සසඳන්න.

කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස් වේ. මරණය වනාහි නින්දකට සමාන යයි පාවුල් පැහැදිලි කළේය—එය එසේ වන්නේ මරණය ගැඹුරු නින්දක් මෙන් පෙනෙන්ට තිබෙන සිහි නැති තත්ත්වයක් නිසා පමණක් නොව, නමුත් නැවත නැගිටුවීමක් හේතුකොටගෙන එයින් නැගිටුවනු ලැබීමටත් හැකි නිසාය. (ගීතාවලිය 13:3; දේශනාකාරයා 9:​5, 10) බයිබලය මත පදනම් වූ එම බලාපොරොත්තුව වෙනසක් ඇති කරයි.

මරණය හේතුවෙන් ආදරණීය කෙනෙකු අහිමිවන විට, අතුරුදහන් වූ මිත්‍රත්වය, සුපුරුදු මුහුණක් නොදකින්ට තිබීම, ඉතා ප්‍රේමනිය වූ කටහඬක් ඇසෙන්ට නොලැබීම ගැන නොඇදහිලිවන්තයන්ට දැනෙන ආකාරයටම ක්‍රිස්තියානි භක්තිකයෙකුටත් දැනෙයි. නැවත නැගිටීමේ බලාපොරොත්තුව හෘදයේ හැඟීම් නොදැනෙන්නට සලස්වන්නේ නැත. කෙසේවෙතත්, එය ශෝකවීම සුදුසු ප්‍රමාණයේ නැතහොත් සමබරව තබයි. නැත, ශෝකවීම සඳහා වූ අවශ්‍යතාව එම බලාපොරොත්තුවෙන් තුරන් කරනු ලබන්නේ නැත, නමුත් එමගින් වේදනාව දැරීමට වඩාත් පහසු කළ හැකිය. g94 5/8

[පාදසටහන්වල]

a “වැලපීම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වදන සම්බන්ධයෙන් තියලොජිකල් වර්ඩ්බුක් ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් මෙසේ ප්‍රකාශ කරයි: “මියගිය පුද්ගලයාගේ වියෝගය නිසා දුක් වූ සියල්ලන්ම එම පවුලේ සාමාජිකයන් සමඟ ශෝක වීමට පැමිණෙනු ඇත. . . . උස් හඬින් වැළපීම නැතහොත් හඬ නගා හැඬීම බොහෝ විට ශෝකවීමට ඇතුළත් විය.” “හැඬීම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වදන සම්බන්ධයෙන් එම පොතම මෙසේ පැහැදිලි කරයි: “කඳුළු ඇස් සමඟ සම්බන්ධ වී තිබෙන නමුත්, හැඬීම කටහඬ සමඟ සම්බන්ධ වේ; ෂේම්ගෙන් පැවතෙන්නෝ පහත් හඬකින් නොව මහත් හඬකින් හඬති. . . . ප[රණ] ගි[විසුම] පුරාම හැඬීම වනාහි බලවත් චිත්තවේගවල ස්වාභාවික මෙන්ම නිරායාසයෙන් කරනු ලබන බලවත් චිත්ත වේගීය ප්‍රකාශ වීමකි.”

b පාවුල් සිය ලිපිය යොමු කළා වූ මුල්-ශතවර්ෂ ක්‍රිස්තියානි භක්තිකයන්ට තිබුණේ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් පාලකයන් වශයෙන් සේවය කරනු ඇති ස්වර්ගීය නැවත නැගිටීමක බලාපොරොත්තුවකි. (1 තෙසලෝනික 4:​14-17; සසඳන්න ලූක් 22:​29, 30.) එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීමේදී ඔවුන් අතර සිට මියගියා වූ ඇදහිලිවන්තයන් නැවත නැගිටුවනු ඇති බවටත් ක්‍රිස්තුස්වහන්සේ සමඟද ඔවුන් එකිනෙකා සමඟද නැවතත් හවුල් වනු ඇති බවටත් එකිනෙකා සනසන මෙන් පාවුල් ඔවුන්ට දිරිගැන්වූයේය. කෙසේවෙතත්, මියයන අයවලුන්ගෙන් බහුතරයකට, නැවත ස්ථාපිත කරනු ලබන භූමික පාරාදීසයක නැවත නැගිටුවනු ලැබීමේ බලාපොරොත්තුව බයිබලය ලබාදෙයි.—යොහන් 5:​28, 29; එළිදරව් 21:​1-4.

[හිමිකම් වඟන්තිය]

Jean-Baptiste Greuze, Le fils puni, Louvre; © Photo R.M.N.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න