ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 10/8 24 පි.
  • බයිබලය අදාළ නොවන්නේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය අදාළ නොවන්නේද?
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කෙසේවුවද, සාධක මොනවාද?
  • මේ පොත විද්‍යාවට එකඟද?
    සියලුම ජනයා සඳහා පොතක්
  • මැවිල්ල මෙසේ පවසයි, “ඔවුන්ගේ නිදහසට කරුණු කිසිවක් නැත”
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 4. විද්‍යාත්මකව නිවැරදියි
    2007 පිබිදෙව්!
  • දෙවි පිළිබඳ දැනුම හෙළි කරන ග්‍රන්ථය
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 10/8 24 පි.

බයිබලය අදාළ නොවන්නේද?

බොහෝ දෙනෙක් එසේ යයි පිළිතුරු දෙමින් මෙසේ පවසති: “එය අවිද්‍යාත්මකය. එය මිථ්‍යාවක් හා ප්‍රබන්ධයකි. එය යල්පිනූ එකකි. එය ප්‍රායෝගික නොවේ. එය විශ්වාස කරන අය ජීවත්වන්නේ සිහින ලෝකයකය.”

කෙසේවුවද, සාධක මොනවාද?

•ජීවිතය මවනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් යයි බයිබලය පවසයි. ජීවිතය හටගත්තේ රසායනික ද්‍රව්‍ය හා ශක්තිය අහම්බෙන් සංයෝගවීමේ ප්‍රතිඵලයක් වශයෙන් යයි විද්‍යාව පවසයි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපිඩියා මෙසේ පවසයි: “ජීවිතය ඉබේ ඇතිවිය නොහැකි යයි ලුවී පාස්චර් පෙන්නුම් කළේය.” ජීව විද්‍යාඥ මයිකල් ඩෙන්ටන්ගේ එවලූෂන්: ඒ තියරි ඉන් ක්‍රයිසිස් පොත මෙසේ පවසයි: “ජීව සෛලයක් හා ඉතා උසස් ලෙස පිළිවෙළ වී තිබූ විද්‍යාත්මක-නොවන පද්ධතියක් අතර, . . . සිතාගත නොහැකි තරමටම ඉතා විශාල හා සම්පූර්ණ පරතරයක් තිබේ.” ජීවිතය ඉබේ ඇතිවිය හැකි බවට යම් විද්‍යානුකූල ස්ථිර ක්‍රමයක් යෝජනා කිරීමට කිසි පරිණාමවාදියෙකුට නොහැක.

•පරිණාමවාදය පවසන්නේ මෙම මුල් සෛලය පොළොව මත ඇති සියලු ජීවමාන මැවිලි බවට ක්‍රමක්‍රමයෙන් පරිණාම වූ බවය. එක් පවුල් වර්ගයක් තවත් එකක් බවට ක්‍රමයෙන් වැඩි දියුණුවීමක් කොහෙත්ම නොවන බව ෆොසිල වාර්තාව පෙන්නුම් කරයි. ෆ්‍රැන්සිස් හිචිංග්ගේ ද නෙක් ඔෆ් ද ජිරාෆ් යන පොතේ ඔහු මෙසේ ලියයි: “සත්ත්වයන්ගේ විශාල කණ්ඩායම් අතර පුරුක් සඳහා ඔබ සොයා බලන විට, ඒවා කොහෙත්ම සොයාගත නොහැක.” මෙය බයිබලය පවසන දෙයට සමානවේ—එනම් පවුලක් “ඒ ඒ වර්ගලෙස” යළි නිපදවනු ලබන බවය.—උත්පත්ති 1:​12, 25.

•බොහෝ අවස්ථාවලදී පුරාවිද්‍යාව බයිබලයේ ඓතිහාසික වාර්තා සත්‍ය බවට ඔප්පු කරයි.

•පොළොව අවකාශයේ රැඳී තිබෙන්නේ සියලු ආකාර මනඃකල්පිත ක්‍රම මගින් යයි පැරැන්නෝ සිතූහ. චලනය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ නීති මගින් පොළොව අවකාශයේ නිදැල්ලේ පාවුණු බව විද්‍යානුකූලව පෙන්නුම් කළේ අයිසැක් නිව්ටන්ය. වර්ෂ 3,200කට ආසන්න පෙර කලකදී, යෝබ් 26:7හි උන්වහන්සේ “පොළොවද අවකාශයෙහි එල්ලා” තැබූ බවට වාර්තාවේ.

•දි එන්සයික්ලොපිඩියා අමෙරිකානා මෙසේ පවසයි: “විද්‍යාවේ පුනර්ජීවය වන තෙක් ගෝලාකාර පොළොවක සංකල්පය පුළුල්ලෙස පිළිගත්තේ නැත,” නමුත් පො.යු.පෙ. අටවන ශතවර්ෂයේදී, බයිබලය දෙවියන්වහන්සේ ගැන මෙසේ පැවසුවේය: “ගෝලාකාර පොළොව මත උන්වහන්සේ වැඩ සිටින සේක.”—යෙසායා 40:​22, මොෆැට්.

•ලුවි පාස්චර් විසින් විෂබීජ හා රෝග සම්බන්ධ කර දක්වන්නට වර්ෂ දහස් ගණනකට පෙර මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් (පො.යු.පෙ. 16වන ශතවර්ෂය) රෝගකාරක විෂබීජ සම්බන්ධයෙන් දැනුවත් බවක් පිළිබිඹු කරන ලදි.—ලෙවී කථාව, පරිච්ඡේද 13, 14.

•ක්‍රිස්තුස්වහන්සේට වසර දාහකට පෙර, සාලමොන් රුධිර සංසරණය ගැන උපමාලංකාර භාෂාවකින් ලියූ නමුත්, විලියම් හාර්වේ පො.යු. 17වන ශතවර්ෂයේදී එය පැහැදිලි කරන තුරු වෛද්‍ය විද්‍යාවට බලා සිටින්නට සිදුවිය.—දේශනාකාරයා 12:6.

•ශීත කාලය පුරා පැවතීම සඳහා ධාන්‍ය ගබඩා කර තිබූ කුහුඹුවන්ට පොළොව යට ධාන්‍යාගාර තිබූ බව සාලමොන් ලියුවේය. (හිතෝපදේශ 6:​6-8) එවන් කුහුඹුවන් පැවතී නැතැයි බයිබල් විවේචකයෝ පැවසූහ. කෙසේවුවද, 1871දී, බ්‍රිතාන්‍ය ප්‍රාණි විද්‍යාඥයෙක් කුහුඹුවන් හා උන්ගේ ධාන්‍යාගාර සොයාගත්තේය.

•ගීතාවලිය 139:16 ප්‍රවේණි නීති සංග්‍රහය පිළිබඳ දැනගැන්ම පිළිබිඹු කළේය: “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.”

•පොදු යුගයට පෙර හත්වන ශතවර්ෂයේදී, විද්‍යාඥයන් විසින් පක්ෂි සංක්‍රමණය වටහාගැනීමට පෙර, යෙරෙමියා 8:7හි බයිබලය මෙසේ හෙළි කළේය: “ආකාශයේ මාන කොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති;”

•පොදු යුගයේ පළමු ශතවර්ෂයේදී, බයිබලය පුරෝකතනය කළේ “අන්තිම දවස්වලදී” මිනිසුන් පොළොවේ පරිසරය විනාශ කරනු ඇති බවත්, මේ හේතුවෙන්, දෙවියන්වහන්සේ “පොළොව විනාශකරන්නවුන් විනාශකර[නු]” ඇති බවත්ය.—2 තිමෝති 3:1; එළිදරව් 11:18.

•බයිබලය ප්‍රායෝගික නොවන්නේද? මේ උපද්‍රව කාලවලදී එයට අන් සියල්ලකටම වඩා අතිප්‍රායෝගික ප්‍රඥාව තිබෙන නමුත්, ජනයාට එයින් ප්‍රයෝජන ගැනීමට නම් ඔවුන් සිය නිදහස් කැමැත්ත යොදාගත යුතුය. ‘ඔබේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්න.’ ‘අන්‍යයන් ඔබට කරනවාට ඔබ කැමති දේම අන්‍යයන්ටත් කරන්න.’ ඔබට මෙන්ම ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මෙම ප්‍රතිපත්ති අනුගමනය කරන අය යුද්ධ පටන් ගන්නේවත්, අපරාධ කරන්නේවත් නැත. පොළොවේ සිටින ජනයා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ හස්තයන් යටතේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පාලනයට යටත්වන විට, බයිබලය විශ්වාස කරන්නන්ගේ බලාපොරොත්තුව, සිදුවිය නොහැකි සිහිනයක් නොව, නමුත් ප්‍රායෝගික යථාර්ථයක් බවට ඔප්පු වේ.—මීකා 4:​2-4; මතෙව් 7:12; එළිදරව් 21:​3-5. g94 5/22

[24 පිටුවෙහි හිමිකම් වගන්තිය]

Courtesy of the Shrine of the Book, Israel Museum, Jerusalem

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න