ඔබ සඳහා තාරකාවල ඇත්තේ කුමක්ද?
බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
“අප ලබන ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා සමඟ ගැටෙන බව ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය අනාවැකිවල සඳහන් වන බව ඔබ අසා තිබෙනවාද?” කෝල් පෝටර්ගේ ලයාන්විත ගීතයේ මෙම වදන්, මිනිසාගේ අනාගතය කෙසේ හෝ තාරකාවලට සම්බන්ධ වන බවට වූ පොදු මෙන්ම පුරාතන විශ්වාසය හොඳින් ප්‍රකාශ කරයි.a එහෙත් ආකාශමය වස්තු සහ පොළොව මත මිනිසාගේ ජීවිතය අතර යම් සැබෑ සම්බන්ධයක් තිබෙනවාද? එසේ තිබේ නම්, මිනිස්වර්ගයාට එය බලපාන්නේ කෙසේද? එසේ නොවේ නම්, තාරකා මගින් ඇත්තටම ඉටු කරනු ලබන්නේ කුමන අරමුණක්ද?
බර්ලින් පවුර බිඳ දැමීම සහ පෙර තිබූ සෝවියට් සමූහාණ්ඩුවේ ශීඝ්‍ර විසිරුවා හැරීම, දේශපාලන නායකයන් කෙරෙහි විශ්වාසයේ ඌනතාව, අප්‍රිකාවේ සහ යුරෝපයේ මතු වෙමින් පවතින ජාතිමය වෛරය, ඉන්දියාවේ සහ අයර්ලන්තයේ තිබෙන ආගමික සතුරුවාදිකම, රටවල් බොහෝ ගණනකට බලපෑම් ඇති කරන වේගවත්ව වැඩිවන උද්ධමනය, එමෙන්ම යෞවන අයගේ කැරලිගැසීම—ආදී මෑත විස්මිත සිදුවීම් සමහරක් අප සලකා බලන විට, මිනිසුන් එතරම් බොහෝ දෙනෙකු අනාගතය ගැන උනන්දුවීම පුදුමයක් නොවෙයි. හැම්බර්ග්හි විශ්වවිද්‍යාලයෙන් ලැබූ වාර්තාවකට අනුව, 1992 වනාහි, IIවන ලෝක යුද්ධයෙන් පසුව තිබූ වඩාත්ම යුද්ධශීලී වර්ෂය විය, ඒ වර්ෂයේදී සන්නාහ සන්නද්ධ සටන් 52ක් විවිධ රටවල පැවතුණි. සාමයට ප්‍රේම කරන අය ස්වභාවයෙන්ම මෙසේ අසති: ‘ස්ථිරභාවය, සාමය සහ සුරක්ෂිතභාවය අප විසින් සොයාගත හැක්කේ කොතැනකින්ද?’
අනාගතය සම්බන්ධයෙන් තිබෙන අස්ථිරභාවය විවිධ ආකාරයේ ශාස්ත්‍ර කීම්වල හදිසි වැඩිවීමකට මඟ පාදා තිබේ. ඇතැම් විට ජ්‍යොතිෂ්ශාස්ත්‍රය වඩාත්ම ප්‍රසිද්ධ ආකාරය විය හැකිය. තාරකා ශාස්ත්‍රය නමැති ශාස්ත්‍රයට වෙනස්ව, ජ්‍යොතිෂ්ශාස්ත්‍රය වනාහි “මනුෂ්‍ය කාරණා සහ භූමික සිදුවීම් කෙරෙහි තාරකා සහ ග්‍රහයන්ගේ පිහිටීමෙන් හා සාපේක්ෂි ස්ථානගත වීම්වලින් ඇති කරනවා යයි සලකනු ලබන බලපෑම ගැන පේනකීම වේ.” අදදින මිලියන සංඛ්‍යාත ජනයාට අනාගතය ගැන ඉඟි ලබාගැනීම සඳහා තමුන්ගේ හඳහන කියවීම ප්‍රතික්ෂේප කළ නොහැකි තරම්ය.”b
ජ්යොතිෂ්ශාස්ත්රඥයන් අනාගතය කලින් කියනවා යයි කියා සිටින වෙනත් ක්ෂේත්රවලට විවාහ ගැටලුවල සහ සෞඛ්‍ය ගැටලුවල ප්‍රතිඵල, දේශපාලන නායකයන්ගේ නැගීම සහ වැටීම, අලුත් ව්‍යාපාරයක් ඇරඹීමට වඩාත්මසුදුසු දිනය සහ ලොතරැයියක් දිනාගැනීමට භාවිත කළ යුතු අංක යනාදිය වේ.
නැන්සි රේගන්, ඇගේ ස්වාමිපුරුෂයා වන එක්සත් ජනපදයේ එවකට සිටි ජනාධිපති ඔහුගේ කථා ඉදිරිපත් කළ යුතු වේලාව, ඔහුගේ ගුවන්යානය ගමන් ආරම්භ කළ යුතු සහ අවසන් කළ යුතු වේලාව ආදී දෑ සම්බන්ධව නිරතුරුවම ජ්යොතිෂ්ශාස්ත්රඥ ජෝන් ක්විග්ලිගෙන් අදහස් විමසූ බව රොයිටර් මුදාහැරීමක වාර්තා විය. “දෙවන ජූලියස් පාප් [1503-13] විසින් තමාගේ ධුරයට පත් කරනුලැබීමේ දිනය නියම කරගැනීමටත්, පූජ කය න්ගේ සෑම රැස්වීමකම නියම වේලාව තීරණය කරගැනීමට IIIවන පාවුලු [1534-49] විසිනුත් ජ්‍යොතිෂ්ශාස්ත්‍රය භාවිත කරනු ලැබූ බව” ද නිව් කැතොලික් එන්සයික්ලොපීඩියා මගින් හෙළි කෙරිණ. ව්‍යාපාර වස්තු වෙළඳ පොළේ ආයෝජකයන්ට උපදෙස් දීම සඳහා ජ්‍යොතිෂ්ශාස්ත්‍රය භාවිත කරන ස්විස් ජාතික වෙළඳ සමාගමක අධ්‍යක්ෂක ආල්ෆ්රේට් හියුග්, විශිෂ්ට ප්‍රතිඵල සහතික කරයි. “එය තාරකාවල ලියා තිබෙනවා” යනුවෙන් ඔහු තහවුරු කරයි.
ප්රත්යක්ෂ ලෙස, මිනිසුන්ගේ ජීවිතවලට තාරකා මගින් බලපෑමක් ඇතිවන බව බොහෝ දෙනෙකුට හැඟෙයි. ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ආරම්භ වූයේ කෙසේද? පුරාණ පොතක් වන බයිබලයට ජ්‍යොතිෂ්ශාස්ත්‍රය සහ ජ්යොතිෂ්ශාස්ත්රඥයන් පිළිබඳව යමක් පැවසීමට තිබේද? g94 7/8
[පාදසටහන්වල]
a “පුරාණ චීනයේ, . . . අහසේ ලකුණු මෙන්ම ස්වාභාවික විපත්ති, අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියා සහ අවකල් ක්‍රියා ප්‍රතිබිම්බනය කරන බව සලකන ලදි.”—දි ඉන්ටර්නැෂනල් එන්සයික්ලොපීඩියා ඔෆ් ඇස්ට්රොනමි.
b හඳහන වනාහි “(කෙනෙකුගේ උපත මෙන්) යම් විශේෂිත වේලාවක ග්‍රහයන්ගේ සහ රාශි චක්‍රයේ ලකුණුවල සාපේක්ෂි පිහිටීම් සඳහන් රූප සටහනක් වන අතර, කෙනෙකුගේ ජීවිතයේ අනාගත සිදුවීම් කලින් කීමට වෑයම් කිරීම සඳහා ජ්යොතිෂ්ශාස්ත්රඥයන් විසින් භාවිත කෙරේ.