ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 2/8 26-28 පි.
  • කඳු මැවිල්ලේ ශ්‍රේෂ්ඨ කෘතීන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කඳු මැවිල්ලේ ශ්‍රේෂ්ඨ කෘතීන්
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අද්විතීය ජීව කලාප
  • මනුෂ්‍යයාට බලපාන අන්දම
  • තර්ජන කරනු ලැබූ පරිසරයක්ද?
  • ‘කඳුවලට වඩා ඔබ කොපමණ තේජාන්විතද?’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම
    2004 පිබිදෙව්!
  • චන්ද්‍රයාගේ කඳු
    1998 පිබිදෙව්!
  • වඳ වී යන ශාක හා සතුන්ට පිළිසරණක්
    2009 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 2/8 26-28 පි.

කඳු මැවිල්ලේ ශ්‍රේෂ්ඨ කෘතීන්

ඇන්ඩීස්, කැස්කේඩ්, හිමාලයා, රොකි, ඇල්ප්ස් සහ යූරල්ස් යන කඳු වැටි—පෘථිවි ග්‍රහයාගේ කඳුවලින් සමහරක් පමණි. මෙම කඳුවල විශාලත්වය ඔබව මහත් විස්මයට පත් කළ හැකිය.

එවරස්ට් කන්ද ඉදිරියේ සිටගෙන සිටීම කල්පනා කර බලන්න. අඩි 29,028ක් වන එය, උස අතින් පෘථිවියේ ප්‍රදර්ශන වස්තුවකි—එනම් එය සැතපුම් පහමාරක් උසැති අතිවිශාල ස්මාරකයකි! ඇරත් මේ කන්ද මහානුභාවසම්පන්න හිමාලයා කඳු වැටියේ කුඩා කොටසක් පමණි. සෑම කඳු මුදුනක්ම පුදුමයදනවන අඩි 21,000ක් දක්වා උසකට යන්නාවූ මුදුන් 70කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඇති මෙම කඳු වැටිය, යුරෝපයේ ඇල්ප්ස් කඳු වැටියට වඩා විශාලත්වයෙන් දෙගුණයකි!

අද්විතීය ජීව කලාප

කඳුවලින් වැඩි ප්‍රමාණයකට විවිධ ජීව කලාප නැතහොත් පරිසර තිබේ, මෙය විශාල වශයෙන් එසේ වන්නේ සෑම අඩි 1000ක උසකට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 3.3ක් පමණ පහළ වැටෙන නිසායි. වර්ෂාව, පස සහ සුළඟේ වෙනස්වීම්ද සෑම කලාපයක්ම අද්විතීය වීමට සලස්වයි.

එබඳු පරිසරවල විවිධත්වය සඳහා නිදසුනක් වනුයේ, අමෙරිකා එක්සත් ජනපදයේ, ඇරිසෝනාහි සැන් ෆ්‍රැන්සිස්කෝ කඳු මුදුන්ය. ඒවා ඒ ජනපදයේ උසම කඳු වේ. කොකොනිනෝ සානුවේ කඳුවල පාමුලෙන් ආරම්භ කර සැන්ෆ්‍රැන්සිස්කෝහි කඳුවලින් එකක මුදුන දක්වා ඔබ නැග්ගා නම්, කාන්තාරයක් බඳු තත්ත්වයන් යටතේ කටුස්සන් සහ පතොක් ආදිය තිබෙන පරිසරයක වෙසෙන සමාජයක් ඔබට මුලින් දැකගැනීමට ලැබේ. ක්‍රම ක්‍රමයෙන් ඔබ ඊටත් වඩා සිසිල් ජීව කලාපවලට පිවිසෙනු ඇත, මෙය කඳුකර එළුවන් සහ ස්පෲස් ගස්වලට හොඳින් ගැළපෙන පරිසරයකි. අවසානයේදී ඔබ කඳු මුදුනේ ආක්ටික්-ඇල්පයින් තත්ත්වයන්ට ළඟා වනු ඇත. කන්ද ඉහළට ඔබ කරන මෙම එකම ගමනේදී මෙක්සිකෝවේ සිට කැනඩාව දක්වා රට අභ්‍යන්තර මුහුදු මට්ටමට ආසන්නව ගමන් කළහොත් පමණක් ඔබට දැකීමට ලැබෙන ජීවීන්ට සමාන ජීවීන් ඔබට දැකගත හැකි වේ!

කඳුකරයේ ප්‍රසන්න, නැවුම් වාතය ආශ්වාස කිරීමෙන් ඇති වන ප්‍රාණවත් හැඟීම ඔබ විසින් අද්දැක තිබෙනවාද? වාතයේ පහත් උෂ්ණත්වය මෙම හැඟීමට එක් හේතුවකි. එහෙත් අසලින් නගර පිහිටා නැති තැන්වල, කඳුකරයේ සුළං වඩා පැහැදිලි මෙන්ම පිරිසිදුද විය හැක. අඩි 6,562ක උසක තිබෙන වාතයේ සෑම ඝන සෙන්ටිමීටරයකම, දූවිලි, මල් පරාග සහ එවැනි ඉතා කුඩා අංශු 2,500ක් පමණ තිබිය හැකිය. ඊට සමාන වාත ප්‍රමාණයක මෙම අංශු 1,50,000ක් තරම් අධික ප්‍රමාණයක් තිබෙන විශාල නගරවල ඇති වාතය සමඟ එය සසඳා බලන්න! පැහැදිලි, වියළි වාතය නිසා තාරකා විද්‍යාත්මක නිරීක්ෂණය සඳහා නියම තත්ත්වයන් සපයන කඳුවල නවීන දින පරීක්ෂණාගාර බොහෝ විට ගොඩනගනු ලැබීමට හේතුව මින් පැහැදිලි වෙයි.

වායුගෝලීය පීඩනය සහ ඔක්සිජන් මට්ටම පහත වැටෙන, සූර්ය විකිරණය වැඩිවන, එමෙන්ම මාරුතයක-බලය ඇති සුළං මගින් උෂ්ණත්ව මට්ටම වේගයෙන් පහත වැටීමට සලස්වනු ලබන වඩා උස් මට්ටමකදී කඳු එතරම් හිතකර නොවන බව සැබෑවකි. එබඳු තත්ත්වයන් යටතේදී පවා, සමහර ජීවීන් දිගටම පවතින බව පුදුමයට කරුණකි. උදාහරණයක් වශයෙන්, ඉතා කුඩා සල්ටිසිඩ්, නැතහොත් පනින මකුළුවා සලකා බලන්න. මෙම කඳු වැසියා, හිමාලයේ කඳුවල අඩි 20,000කට වඩා වැඩි උසකින් පවා ජීවත් වෙයි! එම සත්ත්වයා බේරී ජීවත් වන්නේ කෙසේද යන්න විද්‍යාඥයන්ට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරුණක් නොවෙයි.

මනුෂ්‍යයාට බලපාන අන්දම

කඳු සියලු මිනිස්වර්ගයා කෙරෙහි බලපෑමක් ඇති කරයි. නිදසුනක් වශයෙන්, ලෝක සිතියමක් දෙස බලන්න. අඩි 10,000කටත් වඩා උසැති මුදුන් සහිත පිරනීස් කඳු වැටිය මගින්, ස්පාඤ්ඤය, ප්‍රංශයෙන් හා යුරෝපයේ ඉතිරි කොටසෙන් වෙන් කරන ආකාරය සලකා බලන්න. වෙනත් දේශපාලන සීමාවන් බොහොමයක් අතිවිශාල කඳු වැටි ඔස්සේ ඇඳ තිබෙන බව ඔබට දැකගැනීමට හැකි වේ. සෙලවිය නොහැකි මෙම බාධක මගින් විවිධ භාෂා හා සිරිත් විරිත් ඇති ජනයා අතර ගමනාගමනය හා වෙළඳාම සීමා කොට තිබේ. එබැවින්, ඔබ ජීවත් වන රටේ කඳු තිබීම එම රටේ හැඩයත් විශාලත්වයත් ඔබ කථා කරන භාෂාවත්, එමෙන්ම ඔබගේ දේශයේ සිරිත් විරිත් හැඩගැස්වීමට බලපෑමක් කර තිබෙනවා විය හැක.

හමන සුළඟට බාධා කිරීමටද උස් කඳුවලට හැකිය. මෙයට වර්ෂා, හිම, සුළං සහ උෂ්ණත්ව චක්‍ර කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. ඊළඟට මෙය ඔබ භුක්ති විඳින විවිධ ආහාරවලට, ඔබ අඳින ඇඳුම් වර්ගයට, ඇතැම් විට ඔබගේ නිවස නිර්මාණය වී තිබෙන ආකාරයට පවා බලපෑ හැකිය.

නිදසුනක් වශයෙන්, කුන්ලුන්, ටියෙන් ෂාන්, හින්දු කුෂ්, හිමාලයා සහ මධ්‍යම ආසියාවේ වෙනත් කඳු වැටි නැගෙනහිර දිශාව සිට බටහිර දිශාව දක්වා දිව යයි. මෙම නිහඬ යෝධයෝ සයිබීරියාවෙන් හමන සීතල, වියළි සුළං නවත්වන අතර, ඉන්දියන් සාගරයේ සිට උණුසුම්, තෙත් සහිත සුළං ඉහළට හැමීම වළක්වයි. එබැවින් මෙම කඳුවල උතුරු පැත්තේ ඇති දේශගුණයට හාත්පසින්ම වෙනස් දේශගුණයක් දකුණු පැතිවල පවතින අතර මෙය මිලියන සංඛ්‍යාතයන්ගේ ජීවිතවලට බලපායි.

තර්ජන කරනු ලැබූ පරිසරයක්ද?

මිනිස්වර්ගයා විසින් කඳුවල අලංකාරයටත් මහිමයටත් හානි සිදු කරනු ලැබීම පුදුමයට කරුණකි. ඇල්ප්ස් කඳුවල කලක ගැවසුණා වූ ලින්ක්ස් නමැති සත්ත්වයන් හා වලසුන් පාලනයෙන් තොරව දඩයම් කිරීම නිසා දැන් තුරන් වී ඇත. කැලෑ එළිකිරීම හේතුකොටගෙන බොහෝ බෑවුම්වලින් වටිනා මතුපිට පස සෝදාහරිනු ලැබ ඇත. කාර්මික දූෂණය හා සංචාරකයන් අධික සංඛ්‍යාවක් හේතුකොටගෙන සමහරක් කඳුකර ප්‍රදේශවල පවතින සියුම් පරිසර සමබරතාවට මහත් හානි සිදු වේ.

කඳු වනාහි පෘථිවියේ භූ දර්ශනයේ ස්ථිරසාර ලක්ෂණයක් වීම සතුටට කරුණකි. (උත්පත්ති 49:26 සසඳන්න.) බයිබලය, පැමිණෙන්ට යන්නාවූ නව ලෝක ආණ්ඩුව කන්දකට සමාන කිරීම සැලකිල්ලට ගැනීම වටී. පොළොව පුරා පැතිර පවතින්ට යන්නාවූ මෙම කන්දක් බඳු ආණ්ඩුව මගින් ග්‍රහයාට සිදු කර තිබෙන ඕනෑම හානියක් හරිගස්සනු ලැබෙනවා ඇත. (දානියෙල් 2:35, 44, 45) එබැවින් මැවිල්ලේ මෙම ශ්‍රේෂ්ඨ කෘතීන් සදහටම භුක්ති විඳීම සඳහා වූ සහතිකය අපට තිබේ. g94 10/8

[27වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ බ්ලැන්ක් කන්ද, උස අඩි 15,771

[හිමිකම් විස්තර]

M. Thonig/H. Armstrong Roberts

[28වන පිටුවේ පින්තූරය]

ජපානයේ ෆූජී කන්ද, උස අඩි 12,388

[හිමිකම් විස්තර]

A. Tovy/H. Armstrong Roberts

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න