යෞවනයන් අසති . . .
මට මගේ ජීවිතය නිවැරදි කළ හැක්කේ කෙසේද?
“මට ඇත්තෙන්ම ඇතුළට යන්න පුළුවන් වුණේ නෑ,” යයි ජෝන් පැවසුවේය. ඔහුට තමා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවක පිටත සිටගෙන සිටින බව දැනුණි. නහඹරයෙකු වශයෙන් ඔහු ක්‍රිස්තු ධර්මය අත්හැර, අපරාධ, මත්ද්‍රව්‍ය සහ ලිංගික දුරාචාරයේ ජීවිතයක් ගත කරමින් සිටියේය. එයාකාරයෙන් වසර ගණනක් ජීවත්වීමෙන් පසුව වුවත්, ඔහුට ඔහුගේ මනසෙන් බයිබලය ඉවත් කිරීමට නොහැකි වූ නිසා, ඔහු රාජ්‍යය ශාලාවකට ගියේය—එනමුත් ඇතුල්වීමට බොහෝ බියෙන් සිටියේය. ඇතුළට යන්න කියා ඔහුට දිරිගැන්වූ කෙනෙකුට ඔහු “ඔබට තේරෙන්නේ නෑ,” යයි පැවසුවේය. “මා පව්වලින් පිරී සිටිනවා. මා කර තිබෙන දේවල් සඳහා යෙහෝවඃවහන්සේ කවදාවත් කොයියම් ආකාරයකින්වත් මට සමාව දෙයි කියා මට හැඟෙන්නේ නෑ.”
අසංඛ්‍යාත යෞවනයෝ සිය දෙමව්පියන්ගේ නීතිවලට, ආගමට හා සදාචාර ප්‍රමිතිවලට විරුද්ධව කැරලිගසති. දේව-බියැති දෙමව්පියන් විසින් ඇති දැඩි කළ යෞවනයන් මෙසේ කරන විට, විශේෂයෙන්ම එය සිත් කම්පා කරන හා ඛේදජනක දෙයකි. එම මඟෙහි සැලකිය යුතු ගණනක් ගමන් කර තිබුණත්, කල් යත්ම, ඇතමෙකුට කලහකාරි ජීවන-රටාවකින් පවා වසන් කළ නොහැකි, සිතට වද දෙන හිස්කමේ හැඟීමක් දැනීමට පටන්ගනියි. (හිතෝපදේශ 14:13) මේ කෲර ලෝකයෙන් වේදනා විඳි ඇතැම් යෞවනයන්ට, තම ජීවිත නිවැරදි කරගෙන, තමන් ළමා කාලේදී ඉගෙනගත් බයිබල් සත්‍යයන් කරා යළි නැඹුරු වීමට වුවමනා වේ. එහෙත් සැබවින්ම ඔවුන්ට එසේ කිරීමට හැකිද?
කැරලිකාර පුත්‍රයෙක් නිවස අත්හැර යයි
ලූක් 15:11-32හි සම්බවන අකීකරු නැතහොත් නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාව, මේ කාරණයේ සැබෑ තත්වය දැකීමට දායක වේ. වාර්තාවේ මෙසේ පැවසේ: “එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට” ගියේය.
සැබවින්ම මෙම යෞවනයා කැරලිගැසුවේ සිය පියා රළු ලෙස, නින්දාසහගතව හෝ වුවමනාවට වඩා සීමා පනවමින් ක්‍රියා කළ නිසා නොව! මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, සාමාන්‍යයෙන් පියාගේ මරණය දක්වා පුත්‍රයෙකුට සිය කොටස නොලැබුණත්, ඔහු පියාගේ වත්කමෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හිමිකම් කියන්නේය. (ද්විතීය කථාව 21:15-17) ඔහු සිය කොටස කලින්ම බලෙන් ඉල්ලා සිටීම, කෙතරම් පරුෂ ක්‍රියාවක්ද! එනමුත්, පියා ප්‍රේමනීයව ඊට එකඟ වූයේය. (උත්පත්ති 25:5, 6 සසඳන්න.) එසේනම්, වැරදි ආකල්පයක් තිබුණේ යෞවන පුරුෂයාගේ පියා තුළ නොව,—ඔහු තුළම බව පැහැදිලිය. විශාරද ඇල්ෆ්‍රඩ් එඩර්ෂයිම් ඒ ගැන පවසන ආකාරයට, ඔහු “සිය නිවසේ තිබූ පිළිවෙළට සහ හික්මවීමට” අකමැති වූ අතර “නිදහස සහ ප්‍රීතිය විඳීමට” ආත්මාර්ථකාමී “ආශාවක්” තිබුණා විය හැකි.
මේ ලිපි මාලාවේ පෙර ලිපියක පිළිගත් ලෙස, සියලුම දෙමව්පියන් කරුණාවන්තව හා කල්පනාවෙන් ක්‍රියා කරන්නේ නැත.a කෙසේවුවත්, දෙමව්පියෙකු රළු හෝ අසාධාරණ වන විට, කැරලිගැසීම පිළිතුර නොවිය යුතුයි; අවසානයේදී එය තමාවම විනාශයට පමුණුවාගැනීමකි. යළිත්, යේසුස්වහන්සේගේ උපමාව සලකා බලන්න. නිවසෙන් ඉතා ඈතට ගියායින් පසු, යෞවන පුරුෂයා “අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය. ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය.” මෙය පවා ඔහුව සිය පියවි සිහියට පැමිණ වූයේ නැත. තවදුරටත් ආත්ම-විශ්වාසයෙන් යුතුව, ඔහු “ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.”
බයිබල් විශාරද හර්බර්ට් ලාක්යර් මෙසේ පවසයි: “යේසුස්වහන්සේට සවන්දෙමින් සිටි යුදෙව්වන්ට, යුදෙව්වෙකු විසින් ‘ඌරන්ට ගොදුරු කවන[වා]’ යන යේසුස්වහන්සේගේ මෙම වචන ඇසීමෙන්, මීට වඩා පහත් කිරීමක් තවත් තිබිය නොහැකි හෙයින්, ඇඟ කිළිපොළා ගියා විය යුතුය.” එමෙන්ම, අදදිනත් බයිබල් සත්‍යයන් අත්හරින අය බොහෝවිට තමන්ම අසීරු තත්වයේ නැතහොත් නින්දාවට පවා පත්වන තත්වයන්හි සිටින බව දැනගනිති. නිවසෙන් පලාගිය ක්‍රිස්තියානි ගැහැනු ළමයෙක් මෙසේ වරද පිළිගනියි: “මගේ ඔක්කොම මුදල් මත්ද්‍රව්‍යවලට වියදම් වුණා, වෙනත් කිසි දෙයකට මා ළඟ මුදල් තිබුණේ නෑ. එනිසා මගේ පුරුදු පවත්වාගෙන යෑම සඳහා මා අතට අහුවෙන ඕනෑම දෙයක් සොරකම් කරන්න පටන්ගත්තා.”
‘ඔහු සිහිඋපදවා ගත්තේය’
එහෙත්, අකීකරු පුත්‍රයා තමාගේම දරුණු තත්වයන්ට ප්‍රතික්‍රියා කළේ කෙසේද? ඔහු අන්තිමේදී ‘සිය සිහිය උපදවාගත්’ බව යේසුස්වහන්සේ පැවසූසේක. මුල් ග්‍රීක් වචනවල අදහස වන්නේ ‘ඔහු සිය යථා තත්වයට පැමිණුණා,’ යන්නය. වෙනත් වචනවලින් කිවහොත්, ඔහුගේ තත්වය සැබවින්ම කෙතරම් කලකිරී තිබේදැයි යන්න දැකීමට නොහැකි වන තරමටම ඔහු අන්ධව, උමතු වූ මනඃකල්පිත ලෝකයක “ඉමහත් කුතුහලයකින්” සිට ඇත.— 2 තිමෝති 2:24-26 සසඳන්න.
එමෙන්ම අදදින ඇතැම් කැරලිකාර යෞවනයෝ කම්පනයට මුහුණ දී යථාර්ථය අවබෝධ කරගනිති. රිසි සේ විනෝදකාමී ජීවිතයක් ගත කිරීමෙන් පසු නරක ඵල නෙළති—එනම් අත්අඩංගුවටගැනීම, දරුණු තුවාල, ලිංගිකව පැතුරුණු රෝග—ඇත්තෙන්ම බරපතළ අද්දැකීමක් විය හැක. අවසානයේදී හිතෝපදේශ 1:32හි වචන සැබෑ විය: “නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය.”
තම දෙමව්පියන්ව අත්හැර, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ යෞවන එළිසබෙත් ගැන සිතාබලන්න. “මට යෙහෝවඃවහන්සේව අමතක වුණා,” යයි ඈ පවසයි. කෙසේවුවත්, නිව් යෝර්ක් වෙත යන අතරතුරේදී, ඈ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය පසු කර ගියාය. ඇති වූ ප්‍රතිඵලය? “මගේ මනස සහ හෘදය පුරා වේදනාව දිව ගියා,” යයි ඈ සිහියට නඟයි. “මා කර තිබෙන්නේ කුමක්ද? ශීඝ්‍රයෙන් වැඩිවර්ධනය වන මගේ ජීවිතයට මා එවැනි විපත්තියකට පත්වන්න ඉඩහැරියේ කෙසේද?”
අකීකරු පුත්‍රයා අවසානයේදී සැබෑවට මුහුණදුන් විට, ඔහු ධෛර්යවත් තීරණයක්ගත්තේය—එනම් නිවසට ගොස්, තම ජීවිතයේ වැරදි නිවැරදි කිරීමටයි! එහෙත් සිය පුත්‍රයාගේ ද්‍රෝහි වීමෙන් වේදනාවට පත්ව සිටින පියා ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද? වාර්තාව මෙසේ පවසයි: “ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.” එසේය, යෞවනයා පරෙස්සමින් සූදානම් කරගත් පාපොච්චාරණය ඉදිරිපත් කිරීමට පෙර, සිය පියා ප්‍රේමය දැක්වීමට සහ සමාව දීමට මුලපිරුවේය.
දෙවියන්වහන්සේ සමඟ කාරණා කතා කරගැනීම
එසේවුවත්, අකීකරු පුත්‍රයා සිය පියාට මෙසේ පැවසුවේය: “ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.” පාඩම? දෙවියන්වහන්සේගේ මාර්ගවලින් ඉවත්ව අයාලේ ගිය යෞවනයන්ට දෙවියන්වහන්සේ සමඟම “කාරණා කථා කරග[න්නා]” තුරු සිය ජීවිත නිවැරදි කරගත නොහැක යන්නය. (යෙසායා 1:18) යෙහෝවඃවහන්සේ එවැනි සමඟිසන්ධානයකට හැකි කරවා තිබීම ගැන ස්තුතිවන්ත වීමට අපට පුළුවනි. ඇත්තෙන්ම, යේසුස්වහන්සේගේ උපමාවේ පියා යෙහෝවඃ දෙවියන්වහන්සේගේ සංකේතයකි. තවද දෙවියන්වහන්සේ පසුතැවෙන පව්කාරයන්ට “මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි” පැවසීමෙන්, සමාව දීමේ එවැනිම ආකල්පයක් දක්වනසේක. (මලාකී 3:7; සසඳන්න ගීතාවලිය 103:13, 14.) එහෙත් බයිබල් කාලවල වැරදි කළ යුදෙව්වන් මෙන්, එවැනි අය අධිෂ්ඨානයක් ගත යුතුය: “අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.”—විලාප ගී 3:40.
මින් අදහස් කරන්නේ කෙනෙකුගේ පාපතර හැසිරීම දෙස ගැඹුරු බැල්මක් හෙළීමය. වරදකාර යෞවනයෙකු මෙසේ කරන විට, ඔහු යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉදිරියේ සිය පව් කියා සිටීමට පෙලඹිය යුතුය. ගීතිකාකරු මෙසේ පැවසීය: “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. . . . මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. . . . ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.”—ගීතාවලිය 32:3-5.
යෞවනයෙකු ඉතා බරපතළ වැරදි—එනම් සමහරවිට ගබ්සාව, අසංවර හැසිරීම, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමේ හෝ අපරාධ ක්රියාවේ නියැලී සිටින්නේ නම් කුමක් කිව හැකිද? එවැන්නෙකුට සමාව ලැබීමට නොවටින්නේ යයි හැඟිය හැකි වීම තේරුම්ගත හැකි දෙයකි. මුලදී සඳහන් කළ ජෝන්ට එලෙස හැඟිණ. පැරණි ඉශ්රායෙලයේ මනස්සේ රජ පවා මිනීමැරීම ඇතුළු බරපතළ පාපවලට වරදකරු වී සිටි බව, කරුණාවන්ත සභා වැඩිමහල්ලෙකු විසින් ඔහුට මතක් කර දෙන තුරු, ඔහු රාජ්‍යය ශාලාවේ පිටත සිටගෙන සිටියේ ඒ හේතුවෙනි! එහෙත්, යෙහෝවඃවහන්සේ ඔහුට සමාව දුන්සේක. (2 ලේකම් 33:1-13) “ඒ වැඩිමහල්ලා මගේ ජීවිතය බේරුවා,” යයි ජෝන් පවසයි. සමාව ලැබිය හැකි බව දැනගැනීමෙන් පසු රාජ්‍යය ශාලාවට ඇතුළු වී, උපකාරය පැතීමට ජෝන්ට ධෛර්යය ලැබිණ.b
එලෙසම එවැනි තත්වයක සිටින යෞවනයන්ගෙන් වැඩිදෙනෙකුට දෙවියන්වහන්සේ සමඟ කාරණා කතා කරගැනීමට උපකාරය අවශ්‍ය වන අතර, මේ සම්බන්ධයෙන් වැඩි හොඳක් කිරීමට තම සභා වැඩිමහල්ලන්ට හැක. යෞවනයෙකු ලෙස ‘විවෘතව තම පාප හෙළි කරන’ විට ඔවුන්ට දයානුකම්පාවෙන් සහ තේරුම්ගැනීමෙන් යුතුව සවන්දිය හැකිය. හික්මවීම සහ ප්‍රායෝගික උපකාරයද දීමට ඔවුන්ට හැක. උදාහරණයක් වශයෙන්, ඔවුන් විසින් නිවාස බයිබල් පාඩමක් මගින් දේව වචනයේ ‘මූලික දේවල්, මුල සිටම යෞවනයාට ඉගැන්වීමට’ හැකි කෙනෙකු සූදානම් කළ හැක. එමෙන්ම වරදකාර තැනැත්තාට යාච්ඤා කිරීමට අපහසුතාවක් තිබේ නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් වැඩිමහල්ලෙකුට එසේ කළ හැක. “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි,” යයි බයිබලය සහතික කරයි.—යාකොබ් 5:14-16; හෙබ්‍රෙව් 5:12.
පාදවලට සමතලා පාරවල් සාදාගන්න
සැබවින්ම, දෙවියන්වහන්සේ සමඟ දේවල් කතා කරගැනීම ආරම්භයක් පමණි. අකීකරු පුත්‍රයා සිය පියාගෙන් සමාව ඉල්ලූ ලෙසම, වරදකාර යෞවනයන් වරද නිවැරදි කරගැනීමට තම දෙමව්පියන් සමඟ එකඟතාවට පැමිණීමට වෑයම් කළ යුතුය. ඔවුන් විඳ ඇති වේදනාවලින් සමහරක් ඉවත් කිරීමට හා ඔවුන්ගේ සහාය ලබාගැනීමට අවංක පසුතැවිලි වීමක් මහත් උපකාරයක් විය හැක. නිවසෙන් පළා ගොස්, නීත්‍යනුකූල නොවන දරුවෙකු ඇති කරගෙන යළි නිවසට පැමිණි යෞවනියක් මෙසේ සිහියට නඟයි: “අම්මයි, තාත්තයි මට පුදුම විදිහේ ප්‍රේමයක් පෙන්නුවා.”
දෙවියන්වහන්සේව සතුටු කිරීමට වුවමනා යෞවනයෙකුට ‘පාදවලට සමතලා පාරවල් සාදාගැනීමට’ අවශ්‍ය වේ. (හෙබ්‍රෙව් 12:13) ඔහු සිය ජීවන-රටාව, පුරුදු සහ ආශ්‍රිතයන් වෙනස් කිරීම මින් අදහස් විය හැක. (ගීතාවලිය 25:9; හිතෝපදේශ 9:6) පෞද්ගලික පාඩම් පිළිවෙළක් පිහිටුවාගැනීමද වැදගත් වේ. කලින් කැරලිකාරව සිටි ගැහැනු ළමයෙක් මෙසේ පවසයි: “මා සෑමදාම බයිබලය කියවනවා, ඒ වගේම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලය මත පදනම් පොත්පත් සියල්ලද කියවනවා.”
ජෝන් මෙසේ කාරණා සංක්ෂිප්තයක් වශයෙන් දක්වයි: “මා නාස්ති කළ කාලය දෙස නැවත හැරී බැලුවා. දේවල් කොයි විදිහට තිබෙන්න ඇද්දැයි කියා මා සිතන නමුත්, සිදු වී තිබෙන දේ නිවැරදි කිරීමට කිසි මඟක් නෑ.” දෙවියන්වහන්සේව අත්හැර ගිය අයට පවා නැවත උන්වහන්සේ ළඟට එන්න යයි උණුසුම් ලෙස ආරාධනා කරන දයාවන්ත දෙවිකෙනෙකුට අප නමස්කාර කිරීම ප්‍රීතියට කරුණකි. උන්වහන්සේගේ ආරාධනය පිළිනොගන්නේ මන්ද? g95 1/8
[පාදසටහන්වල]
a “යෞවන අය අසති . . . මගේ දෙමව්පියන්ට මා කීකරු විය යුත්තේ මන්ද?” යන අපගේ 1995 අප්‍රියෙල් 8 කලාපය බලන්න.
b ඔබ ක්‍රිස්තියානියෙකු ලෙස ඇති දැඩි නොවූ නමුත්, තවදුරටත් ඔබේ ජීවිතයේ මාර්ගය වෙනස් කිරීමට අවශ්‍ය බව දකින්නේ නම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවකට යෑම හොඳ ආරම්භයකි. නොමිලේ බයිබල් පාඩමක් සඳහා විමසන්න. මෙයාකාරයට ඔබේ ජීවිතය නිවැරදි කරගනු වස්, ඔබට පෞද්ගලික සහාය ලබාගත හැක.
[26වන පිටුවේ පින්තූරය]
ඔබේ ජීවිතය නිවැරදි කරගැනීමට ඔබට උපකාර කිරීමට මේරූ ක්‍රිස්තියානීන්ට හැක