යෞවනයන් අසති . . .
සමලිංගිකතාව සැබවින්ම එය එතරම්ම නරකද?
“මා ළමයෙකුව සිටි කාලයේ පටන්, මට සමලිංගිකතාවේ ආශාවන් තිබුණා. මට ඒවා නොතේරුන නිසා, මා වැළකීමේ පූර්ව පියවර ගත්තේ නෑ. මෙය මිතුරෙකු සමඟ මා ඉතා නරක දෙයක යෙදීමට මඟ පෑදුවා. මා කළේ ලොකු වරදක් කියා හැඟුණා, යෙහෝවඃවහන්සේ මට කවදාවත් සමාවක් නොදෙයි කියා මා සිතුවා.”
“රූපවාහිනී මගින් අපේ ළමුන් සමලිංගිකතාවට විකිණීමට වෑයම් කරමින් සිටියි.” සමාගම් එකතුවක පුවත්පත් ටීකාකරුවෙකු විසින් ලියූ ලිපියක තේමාව මෙය විය. ලේඛකයා මෙසේ නිරීක්ෂණය කළේය: “රූපවාහිනිය නරඹන්නෝ ඒකාන්තයෙන්ම සමලිංගික ජීවනරටාව විදහාපාන බොහෝ [අධික] දර්ශනවලට භාජන වෙති.” කෙසේවුවද, මේ දිනවල යෞවනයන් අතර සමලිංගිකතාව වැඩිදියුණු කිරීමට යොදාගැනෙන මාධ්‍යයන්ගෙන් එකකි, රූපවාහිනිය. ගුරුවරුන්, සමවයසේ මිතුරන්, පොත් සහ සඟරා මගින්ද සමලිංගිකතාවට දිරිගන්වන ප්‍රචාර වැඩිදියුණු කරයි.
වෛද්‍යකර්මයේ නියැලෙන්නෝද, සමලිංගිකතාවට අනුග්‍රහය දක්වන්නන්ගේ රැල්ලට හසු වී සිටිති. සම්ප්‍රදායානුකූල ලෙස, වෛද්‍යවරුන් සමලිංගිකතාව සැලකුවේ අසනීපයක් වශයෙනි. එහෙත් 1973දී, අමෙරිකානු මනෝ චිකිත්සක සමාගම ප්‍රකාශ කළේ, සමලිංගිකතාව තවදුරටත් මනෝ චිකිත්සක අක්‍රමිකතාවක් ලෙස සැලකිය නොහැකි බවය. එතැන් පටන්, වෛද්‍ය වෘත්තියේ නියැලෙන බොහෝදෙනෙකු පාහේ සමලිංගික ජීවන-රටාවක් මත තම අනුමැතියේ මුද්‍රාව තබා ඇත. උදාහරණයක් වශයෙන්, මනෝවිද්‍යාඥ ඇල්බර්ට් එලිස් ප්‍රකාශ කළේ, සමලිංගික සබඳතා “අධම ක්‍රියාවක් නොව, නමුත් හිතකර මිනිස් ලිංගික හැසිරීම තුළ අන්තර්ගතව තිබෙන්නකි. . . . ඒවා ‘වැරදියි’ නැතහොත් ‘බාධා ඇති කරන්නක්’ යයි ඔබ තුළ විශ්වාසයක් ඇති කිරීමට කිසිවෙකුට ඉඩ නොහරින්න” කියාය.
එවැනි ආකල්ප කෙතරම් පැතිර පවතීද යත්, නිව්ස්වීක් සඟරාව මෙසේ වාර්තා කරයි: “ජනමාධ්‍ය අදහස්වලින් හා ඒවා අනුමත කරන නව වාතාවරණයකින් කැළඹුණු නහඹරයෝ, වඩා විවෘත ලෙස සමලිංගික හා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය සමඟම ලිංගික සබඳතා පැවැත්වීම අත්හදාබලමින් සිටිති.” අතීතයේදී, නහඹරයන් බෙහෙවින් සම-ලිංගික සබඳතා ප්‍රතික්ෂේප කළ නමුත්, වැඩි වැඩියෙන් යෞවනයෝ දැන් එය “මෝස්තරයක්” වශයෙන් සලකතියි කීම අතිශයෝක්තියක් නොවේ. සමලිංගිකතාවේ ක්‍රියාවල නොයෙදෙන යෞවනයෝ පවා අන්‍යයන් එසේ යෙදෙන විට බොහෝවිට ඒවා අනුමත කරති. “මා සිතන විදිහට මගේ මිතුරෙක් ඔහු සමලිංගිකතාවේ යෙදුණායයි මට පැවසුවා නම් වුවත්, මා තවදුරටත් ඔහුගේ මිතුරෙකුව සිටිනවා,” යයි ඩැරන් නමැති යෞවනයෙක් පවසයි. තමා “ගැහැණු ළමයින්ට පමණක් කැමති වුණ” නිසා ඇත්තෙන්ම තමා සාමාන්‍ය තත්වයේ නැතයයි හැඟුණ බව එක් යෞවන පාසැල් ශිෂ්‍යයෙක් පැවසීය.
මෙබැවින් අදදින පවතින නිදහස් වාතාවරණය, ක්‍රිස්තියානි යෞවනයන්ව—විශේෂයෙන්ම යම් හේතුවක් නිසා සමලිංගයන් වෙත සිත්ඇදගැනීමක් ඇති කරගන්නා යෞවනයන්ව—ව්‍යාකූලත්වයට පත් කළ හැකියි.a සමලිංගිකතාව දෙවියන්වහන්සේව අප්‍රසන්න කරවන්නක් බව ඔවුන් දන්නා අතර, අවංකවම ඔවුන්ට ඉන් වැළකී සිටීමට වුවමනාය. එහෙත්, ඇතැම් අවස්ථාවලදී, සිය හැඟීම් පාලනය කරගැනීමට කරන සටනේදී කෙතරම් වෙහෙසට පත්වනවාද කිවහොත්, බයිබල් ප්‍රමිතිය සාධාරණද කියා කල්පනා කිරීමට ඔවුන් පටන්ගත හැක. ‘සැබවින්ම සමලිංගිකතාව එතරම්ම නරක දෙයක්ද?’ කියා ඔවුන් කල්පනා කළ හැක.
දේවවචනය පවසන දෙය
පිළිතුර දැනගැනීමට 1 කොරින්ති 6:9, 10 [නව අනුවාදය] ප්‍රේරිත පාවුල් පැවසූ දෙය ඔබම කියවා බලන්න: “අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත් [“පිරිමි වේශ්‍යාවෝ,” නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්; “ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝ,” කිංග් ජේම්ස් වර්ෂන්, “සොදොමීයයෝ,” ජෙරූසලම් බයිබල්; “සමලිංගික දුරාචාරයේ යෙදෙන්නෝ,” ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්] සොරු වත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.” පැහැදිලිවම උදාසීන ලිංගික ක්‍රියාවලියක යෙදෙන්නන් සහ සිය දුරාචාර සබඳතාවලදී වඩාත් ක්‍රියාශීලී “පිරිමි” ක්‍රියාවලියක යෙදෙන්නන් සම්බන්ධයෙන් පාවුල් විශේෂයෙන්ම සඳහන් කළ බව සැලකිල්ලට ගන්න. මෙබැවින් සියලු සමලිංගික ක්‍රියාවලියන් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ අප්‍රසාදය පළ කරන බව පැහැදිලි කරගැනීමට ඔහු සැලසුවේය.
රෝම 1:18-27හි පාවුල්ගේ වචනවලින්ද මෙය පැහැදිලි වේ: “සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ; . . . ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක. . . . ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය.” මෙහි විශේෂයෙන්ම පාවුල් පුරුෂ සහ ස්ත්‍රී යන දෙවගේම සමලිංගිකතාව හෙළාදැක්කේය. ඔහු සමලිංගික ක්‍රියාවන් අස්වාභාවික සහ “නීච” වශයෙන් හෙළාදැක්කේය.
අසනීපයද නැතහොත් සනීපයද?
සමහරවිට බොහෝදෙනෙකු මෙයට ප්‍රතිචාරය දක්වනු ඇත්තේ, බයිබල් දෘෂ්ටිකෝණය යල් පිනූ, කෝපි කාලේ දෙයක්යයි පවසමිනි. එහෙත් ඔබ ඒ ගැන සිතන විට, අපගේ මැවුම්කරුවාණන්ට වඩා හොඳින් අපගේ ශාරීරික, මානසික, චිත්තවේගීය සහ ආත්මික සැකැස්ම ගැන වෙන දන්නේ කවරෙක්ද? දෙවියන්වහන්සේ පුරුෂයා සහ ස්ත්‍රිය මවා, ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි ඉමහත් සිත්ඇදගැනීමක් ඇති කළසේක. (උත්පත්ති 1:27, 28) එකම ලිංගයේ කෙනෙකු වෙත ලිංගික ආකර්ෂණයක් ඇති කරගැනීමට උන්වහන්සේ ඔවුන්ව මැව්වේ නැත. තවදුරටත්, දෙවියන්වහන්සේ තීරණය කර තිබෙන්නේ පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර ලිංගික සබඳතා පැවැත්විය යුත්තේ විවාහ විධිවිධානය යටතේ පමණක් බවය.—හෙබ්‍රෙව් 13:4.
මෙය අප මත දුෂ්කරතාවක් පටවන්නේ නැත. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් . . . මමය,” කියා යෙසායා 48:17හි යෙහෝවඃ දෙවියන්වහන්සේ පවසනසේක. එසේය, අපට උපකාර කරන්නේත්, අපට අනතුරු කරන්නේත් කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක. සමහරෙකුට බයිබල් ඉගැන්වීම් අනුගමනය කිරීමට අසීරුයයි පෙනෙන්ට තිබිය හැකි වුවත්, ඒවා සැමවිටම මනසට සහ ශරීරයට ‘හිතකර ඉගැන්වීම්’ වේ. (තීතස් 2:1) අනික් අතට, සමලිංගිකතාවෙන් සිදුවිය හැක්කේ කෙනෙකුගේ ශාරීරික, චිත්තවේගීය සහ ආත්මික ශුභ-සිද්ධියට හානියක් පමණි.
සමලිංගිකතාවේ ජීවන-රටාව කෙතරම් අහිතකරද යන්නට උදාහරණයකි, ඒඩ්ස් අර්බුදය. උතුරු අමෙරිකාවේ, බොහෝදුරට අසනීප බෝවෙන බවක් පෙනෙන්ට තිබෙන්නේ සමලිංගිකතාවේ යෙදෙන පුරුෂයන්ටය. එහෙත් ඒඩ්ස් වනාහි හෙපටයිටිස්, අක්මා ආසාදන, ගොනෝරියාව, සිෆිලිස් සහ ආමාශයාන්ත්‍රික පරපෝෂිතයන් යන අසනීප දාමයකින් එකක් පමණි. මෙම රෝගය පැතිරීමට සලස්වන්නේ කුමක්ද? වෛද්‍ය. ජෝසෆ් නිකොලොසි මෙසේ පැහැදිලි කරයි: “සමලිංගිකතාවේ ජීවන-රටාවේ අනිවාර්යෙන්ම යෙදීමට මෙන්ම ඊට ඇබ්බැහි කරවන මූලික හේතු සම්බන්ධයෙන් බොහෝ ලේඛකයන් විසින් ලේඛනගත සාක්ෂි සපයා ඇත.” එක් සවිස්තර අධ්‍යයනයක් හෙළි කළේ “සමලිංගිකතාවේ යෙදෙන පිරිමින්ගෙන් සියයට 28ක්, සහකරුවන් දාහක් හෝ ඊට වැඩිදෙනෙකු සමඟ ලිංගික සබඳතාවල යෙදී ඇත. . . . සමලිංගිකතාවේ යෙදෙන සුදු ජාතික පුරුෂයන්ගෙන් අඩකට පමණ . . . අඩුම තරමින් වෙනස් වෙනස් ලිංගික සහකරුවන් 500ක්වත් සිට ඇත,” කියාය.
සමලිංගික සංවාසයේ යෙදෙන බොහෝදෙනෙකු අතර “අන්තර් පෞද්ගලික බැඳීම, කුලුපගතාව හෝ වගකීම පිළිබඳව බිය පවතියි . . . විවිධ පුද්ගලයන් සමඟ ලිංගික හැසිරීම්වල යෙදීම සමහරවිට අතිවිශාල ලෙස නොකරම බැරි දෙයක් බවට පත්වී ඇත. මෙම පුද්ගලයන්ගෙන් සමහරෙකු එක් දිනකදී හෝ සැන්දෑවකදී ලිංගික සබඳතාවල දොළොස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක යෙදී සිටිනවා විය හැක,” කියා හොමොසෙක්ෂුවල් බිහේවියර් නමැති පොත පැහැදිලි කරයි. පාලනයකින්-තොර එවැනි හැසිරීම සනීපදායක විය හැකිද? නැතහොත් එය අසනීපදායක, පහත් දෙයක් නොවන්නේද? වැඩිවන්නාවූ එවැනි දුරාචාරයේ යෙදෙන අය පැහැදිලිවම “දූෂ්‍යකමේ දාසයන්ව” සිටිති.—2 පේතෘස් 2:19.
මීට අමතරව, සමලිංගිකතාවේ ලිංගික ක්‍රියාවලින් වැඩිහරියක් භයානක, ප්‍රචණ්ඩකාරි මෙන්ම සම්පූර්ණයෙන්ම කෲර කාමාශාවන් වේ. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.” (එපීස 5:12) එවැනි ප්රචණ්ඩත්වය මගින්, “ප්‍රීතිමත්” ජීවන-රටාවක් මෙන් මතුපිටින් පෙනෙන දේ යටින් කෝපය සහ වේදනාව එළිදරව් කරයි. ඇතැම් සමලිංගිකතාවේ යෙදෙන්නන්, තමන් අනාචාරයේ යෙදෙන්නන් නොවේයයි පවසන බව සැබෑය. එහෙත් “එක භාර්යාවක් පමණක් සිටින” සමලිංගිකයන් සිටින්නේ අඩු සංඛ්‍යාවකි—එමෙන්ම ඔවුන්ගේ සබඳතාවන් සාමාන්‍යයෙන්ම කෙටි-කාලීනය. සම-ලිංගයේ බැඳීම් කල්පවතින විට පවා, ඒවා බයිබලයේ විස්තර කර ඇති ප්‍රේමයේ ප්‍රතිඵලයක් විය නොහැක. එවැනි ප්‍රේමය “අශෝභනලෙස හැසිරෙන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5.
ඵලවිපාක
රෝම 1:27හි පාවුල් මෙසේ පවසයි: “පුරුෂයෝ පුරුෂයන් සමඟ මෙවැනි නින්දාසහගත අශෝභන දේ කිරීමෙන් සැබවින්ම තමන් තුළම ලිංගික දුරාචාරයේ ඵලවිපාක විඳිති.” (ජේ. බී ෆිලිප්ස්ගේ ද නිව් ටෙස්ටමන්ට් ඉන් මොඩන් ඉංග්ලිෂ්) කුමන මාර්ගවලින්ද? එක් දෙයක් නම් හෝමෝසෙක්ෂුවල් බිහේවියර් පොත මෙසේ වාර්තා කරයි: “ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය සමඟම සංවාසයේ යෙදෙන ස්ත්රීන්ට වඩා වැඩියෙන්, සමලිංගික සංවාසයේ යෙදෙන ස්ත්‍රීහු, සැලකිය යුතු ප්‍රමාණයකට අධික මත්පැන් භාවිතයෙන් සහ දූෂණයෙන් වේදනා විඳිති.” සමලිංගිකතාවේ යෙදෙන යෞවන පුරුෂයන් අතර සියදිවි නසාගැනීමට තැත් කිරීම් අසාමාන්යයෙන්ම පොදුයයි ඇතැම් පර්යේෂකයෝද පවසති.
කෙනෙකුගේ ආත්මිකත්වයට සිදුවන ඵලවිපාකය සියල්ලටම වඩා බෙහෙවින් හානිදායකය. සමලිංගිකතාවේ යෙදෙන්නන් “තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, . . . දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.” (එපීස 4:18) එහෙත් බයිබල් ප්රතිපත්තිවල දැනගැන්ම තමන්ට තිබියදීත්, තමන්ගේම ලිංගයේ අය වෙත ආකර්ෂණය වන බව තමන්ටම දැනෙන දේව-බියැති යෞවනයන් ගැන කුමක් කිව හැකිද? පැහැදිලිවම, ඔවුන්ට සැබෑ සටනක් කිරීමට තිබේ. සැබවින්ම, දෙවියන්වහන්සේ සමලිංගිකතාව සලකන්නේ කෙසේදැයි දන්නා එවැනි අයට “නපුරට පිළිකුල්” කිරීමට උපකාරවත් වේ. (රෝම 12:9) වැරදි ආශාවන්ට ඉඩ දීමෙන් වැළකීම සඳහා ඔවුන්ට ගත හැකි ප්‍රායෝගික පියවර ගණනාවක්ද තිබේ. මෙය මතු ලිපියක විෂය වනු ඇත. g95 2/22
[පාදසටහන්වල]
a “යෞවන අය අසති . . . මට මෙවන් හැඟීම් තිබෙන්නේ මන්ද?” යන අපගේ පෙර කලාපය බලන්න.
[20වන පිටුවේ පින්තූරය]
සමලිංගික ජීවන-රටාව දුරාචාරය, චිත්තවේගීය පීඩාව සහ රෝග මගින් සලකුණු වේ