ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 59 ලිපිය
  • සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
  • ඒ කියන්නේ . . .
  • හැබැයි . . .
  • සමලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමලිංගික හැසිරීම ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • සමලිංගික ඇසුර වැරදිද?
    බයිබලයෙන් උත්තර
  • සමලිංගික සේවනය ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 59 ලිපිය
පිරිමි අය දෙන්නෙක් සහ ගැහැනු අය දෙන්නෙක් අත් අල්ලගෙන ඉන්න රූපසටහනක්

යොවුන් සිතේ ගැටලු

සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?

“ටික ටික ලොකු වෙද්දී දන්නෙම නැතුව මගේ හිත පිරිමි ළමයින්ට ඇදිලා යන්න ගත්තා. ඒක තමයි මගේ ජීවිතේ අද්දකින්න වුණ අමාරුම දේ. මම හිතුවේ කාලයත් එක්කම ඒ හැඟීම් නිකම්ම ඇරිලා යයි කියලා. හැබැයි මම තාමත් ඒ හැඟීම් නිසා දුක් විඳිනවා.”—ඩේවිඩ්, වයස 23.

ඩේවිඩ් කියන්නේ දෙවියන්ව සතුටු කරන්න ආසාවෙන් ඉන්න යෞවනයෙක්. හැබැයි ඩේවිඩ්ට සමලිංගික හැඟීම් ඇති වෙන නිසා දෙවියන් එයා ගැන සතුටු වෙයිද? සමලිංගික ඇසුර ගැන දෙවියන් හිතන විදිහ ඔයා දන්නවාද?

  • ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

  • ඒ කියන්නේ . . .

  • හැබැයි . . .

ඒ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

සමලිංගික ඇසුර ගැන මිනිසුන් දරන අදහස් කාලයෙන් කාලයට, රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යම් දෙයක් හැමෝම පිළිගන්න නිසාම ඒක පිළිගන්න සැබෑ ක්‍රිස්තියානීන් ලෑස්ති නැහැ. එහෙම වුණොත් එයාලත් හරියට “සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ” වගේ වෙනවා. (එෆීස 4:14) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන් හැම තිස්සෙම උත්සාහ කරන්නේ සමලිංගික ඇසුර ගැන විතරක් නෙමෙයි ඕනම දෙයක් ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පිළිපදින්නයි.

සමලිංගික ඇසුර ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා බයිබලයේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා.

  • “ඔබ ස්ත්‍රියක සමඟ සයනය කරන්නාක් මෙන් පුරුෂයෙකු සමඟ නොහැසිරිය යුතුයි.”—ලෙවී කතාව 18:22.

  • “තම පිළිකුල්සහගත ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමට දෙවි ඔවුන්ට ඉඩහැරියේය. එහෙයින් ඔවුන් අතර සිටි ස්ත්‍රීහු ස්වාභාවික ලෙස ලිංගික සම්බන්ධකම් පවත්වනවා වෙනුවට අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය.”—රෝම 1:24, 26.

  • “කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම් කරන අයටවත් රූප වන්දනාවේ යෙදෙන අයටවත් අනාචාරයේ හැසිරෙන අයටවත් සමලිංගික පුරුෂයන්ටවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත්, සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත් බේබද්දන්ටවත් නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරින්ති 6:9, 10.

කෙනෙක්ට සමලිංගික ආශාවන් තිබුණත්, විරුද්ධ ලිංගයේ අය ගැන ආශාවන් තිබුණත් ඒ හැමෝටම බයිබලයේ තියෙන මඟ පෙන්වීම් සහ උපදෙස් ප්‍රයෝජනවත්. දෙවියන්ව අසතුටු වෙන විදිහේ දෙයක් කරන්න කෙනෙක් පෙලඹෙනවා නම් ඒ කෙනා තමාවම පාලනය කරගෙන ඒක නොකර ඉන්න ඕනේ. ඒක කාටත් එකයි.

ඒ කියන්නේ . . .

ඒ කියන්නේ බයිබලයේ තියෙන්නේ සමලිංගික අයව පිළිකුල් කරන්න කියලාද?

නැහැ. කෙනෙක් සමලිංගික වුණත් නැතත් ඒ කිසිම කෙනෙක්ව පිළිකුල් කරන්න කියලා බයිබලයේ කියලා නැහැ. බයිබලයේ කියන්නේ “සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට” උත්සාහ කරන්න කියලයි. (හෙබ්‍රෙව් 12:14) ඒ නිසා සමලිංගික අයට නින්දා කරන එක, වෛර කරන එක, අඩන්තේට්ටම් කරන එක වැරදියි.

ඒ කියන්නේ සමලිංගික විවාහයන් නීත්‍යනුකූල කරලා තියෙන එකට ක්‍රිස්තියානීන් විරුද්ධයි කියන එකද?

දෙවියන් අනුමත කරන්නේ එක් පුරුෂයෙක් සහ එක් ස්ත්‍රියක් අතර සිදු වන විවාහය විතරයි කියලා බයිබලයේ පෙන්නනවා. (මතෙව් 19:4-6) යම් රටක සමලිංගික විවාහයන් නීත්‍යනුකූල කරන්නේ ඒක සදාචාර ප්‍රමිතිවලට එකඟද නැද්ද කියන එක මත නෙමෙයි. ඒවා නීත්‍යනුකූල කරලා තියෙන්නේ දේශපාලන හේතු නිසයි. බයිබලයේ ක්‍රිස්තියානීන්ව උනන්දු කරන්නේ දේශපාලනයට සම්බන්ධ කාරණාවලදී පැති ගන්න එපා කියලයි. (යොහන් 18:36) ඒ හේතුව නිසා සමලිංගික විවාහයන් ගැන රජයෙන් පනවලා තියෙන නීතිවලට විරුද්ධව ක්‍රිස්තියානීන් නැඟී සිටින්නෙත් නැහැ, ඒවාට පක්ෂව කතා කරන්නෙත් නැහැ.

හැබැයි . . .

හැබැයි කෙනෙක් දැනටමත් සමලිංගික ඇසුරේ යෙදෙනවා නම් එයාට ඒක නතර කරන්න පුළුවන්ද?

ඔව්. මුල් සියවසේ හිටපු සමහර අය ක්‍රිස්තියානීන් වුණාට පස්සේ සමලිංගික ඇසුර නතර කළා. ඒ නිසයි සමලිංගික ඇසුරේ යෙදෙන අයට දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ කියලා කිව්වාට පස්සේ “ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ” කියලා බයිබලයේ කියන්නේ.—1 කොරින්ති 6:11.

සමලිංගික ඇසුර නතර කරපු අයට ආයෙත් කවදාවත් ඒ වගේ ආසාවන් ඇති වෙන්නේ නැහැ කියන එකද ඒකෙන් කියන්නේ? නැහැ. බයිබලයේ කියන්නේ ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගන්න’ කියලයි. (කොලොස්සි 3:10) ජීවිතය වෙනස් කරගෙන නරක දේවල් ජීවිතයෙන් අයින් කරන එක අපි දිගටම කරන්න ඕන දෙයක් කියලා ඒකෙන් තේරෙනවා.

හැබැයි කෙනෙක් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න කැමති වුණත් එයාට සමලිංගික හැඟීම් තියෙනවා නම් මොකද කරන්නේ?

ඕනම විදිහේ පෙලඹීමක් ඇති වුණාම ඒ ගැන හිතලා ඒකට තියෙන ආසාව තව වැඩි කරගන්නේ නැතුව ඉන්නත් ඒ පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්නත් කෙනෙක්ට පුළුවන්. ඒ කොහොමද? බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.”—ගලාති 5:16.

ඒ බයිබල් පදයේ කියන්නේ නැහැ කෙනෙක්ට වැරදි ආශාවන් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට බයිබලය අධ්‍යයනය කරන එකෙන් දෙවියන්ට දිගටම යාච්ඤා කරන එකෙන් ඕනම කෙනෙක්ට වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.

කලින් සඳහන් කරපු ඩේවිඩ් ඒක කොච්චර ඇත්තද කියලා අද්දැක්කා. එයා තනිවම හිතින් කරපු සටන ගැන එයාගේ අම්මාටයි තාත්තාටයි කිව්වා. එයා මෙහෙම කියනවා. “මට දැනුනේ ලොකු බරක් ඔළුවෙන් අයින් වුණා වගෙයි. ඒ වගේ හැඟීම් ඇති වුණ මුල් දවස්වලම මං ඒ ගැන කියලා තිබ්බා නම් මම මීට වඩා සතුටින් මගේ ජීවිතය ගෙවලා ඇති.”

ජීවිතයේ නියම සතුට ලැබෙන්නේ අපි හැම තිස්සේම යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් විතරයි. ඒ මඟ පෙන්වීම් අපේ ‘සිතට සතුටක් ගෙන දෙනවා’ කියලත් ‘ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙනවා’ කියලත් අපිට විශ්වාසයි.—ගීතාවලිය 19:8, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න