ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 57 ලිපිය
  • සමලිංගික ඇසුර වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමලිංගික ඇසුර වැරදිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?
    යොවුන් සිතේ ගැටලු
  • සමලිංගික ඇසුර අනුමත කළ හැකිද?
    2012 පිබිදෙව්!
  • සමලිංගික ඇසුර ගැන බයිබලයේ කියන්නේ මොනවද?
    2016 පිබිදෙව්!
  • සමලිංගිකතාව සැබවින්ම එය එතරම්ම නරකද?
    1995 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 57 ලිපිය

සමලිංගික ඇසුර වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ලිංගික සම්බන්ධකම් පවත්වන්න දෙවියන් අවසර දීලා තියෙන්නේ විවාහ වෙලා ඉන්න ස්වාමිපුරුෂයාට හා භාර්යාවට විතරයි. (උත්පත්ති 1:27, 28; ලෙවී කතාව 18:22; හිතෝපදේශ 5:18, 19) ඒ ඇරෙන්න සමලිංගික සම්බන්ධකම් සහ විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන එක දෙවියන් හෙළාදකිනවා කියලා බයිබලේ කියනවා. (1 කොරින්ති 6:18) එවැනි ලිංගික ක්‍රියාවලට මුඛය හා ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්න එකත් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකිනෙකාගේ ලිංගික අවයව අත පත ගාන එකත් ඇතුළත්.

සමලිංගික ඇසුර බයිබලේ හෙළා දැක්කත් ඒ වගේ පුද්ගලයන්ව පහත් කරලා සලකන්න කියලා බයිබලේ කිසිම තැනක කියලා නැහැ. ඒ වෙනුවට යේසුස්ගේ අනුගාමිකයන්ට දිරිගන්නලා තියෙන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියලයි.—1 පේතෘස් 2:17.

සමලිංගික හැඟීම් උපතින්ම ඇති වෙන දෙයක්ද?

සමලිංගික අයට ඒ වගේ හැඟීම් ඇති වෙන්නේ කොහොමද කියලා බයිබලේ විස්තර කරලා නැහැ. හැබැයි දෙවිගේ ආඥා කඩ කරලා වැරදි දේවල් කරන්න උපතින්ම අපිට නැඹුරුවාවක් තියෙනවා කියලා බයිබලේ පෙන්නනවා. (රෝම 7:21-25) සමලිංගික හැඟීම් ඇති වෙන්න හේතුව බයිබලේ සඳහන් නොවුණත් සමලිංගික ක්‍රියා වැරදියි කියලා බයිබලේ පැහැදිලිව සඳහන් වෙනවා.

සමලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?

බයිබලේ මෙහෙම කියනවා. “කාමාශාවද වෙනත් හානිකර ආශාද . . . සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.” (කොලොස්සි 3:5) වැරදි ක්‍රියාවලට පොලඹවන හානිකර ආශා නැති කරලා දාන්න නම් අපේ හිත පාලනය කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. නිතරම අපේ මනස යහපත් සිතුවිලිවලින් පුරවගත්තොත් වැරදි ආශාවක් හිතට ආවම ඒක නැති කරලා දාන්න ලේසියි. (ෆිලිප්පි 4:8; යාකොබ් 1:14, 15) සමහර වෙලාවට මුලින් මුලින් නරක සිතුවිලි එකපාරටම අයින් කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම උත්සාහ කරද්දී ඒක කරන්න ලේසියි. ඒ විතරක් නෙවෙයි ‘අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වෙන්න’ අපිට උදව් කරන්න දෙවියනුත් පොරොන්දු වෙලා තියෙනවා.—එෆීස 4:22-24.

උත්සාහය තියෙනවා නම් සමලිංගික හැඟීම් පාලනය කරගන්න බැරිකමක් නැහැ. ටිකකට හිතන්න අවිවාහක කාන්තාවන් සහ පුරුෂයන් ගැන. එයාලට දිනපතාම ලිංගික හැඟීම් පාලනය කරගන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා. ඒ වගේම විවාහ වෙලා හිටියත් සහකරුට හෝ සහකාරියට යම් හේතුවක් නිසා කවදාවත් ලිංගික සම්බන්ධකම් පවත්වන්න බැරි අයත් එයාලගේ හැඟීම් පාලනය කරගන්නවා. ඒ අයට ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න බැරි වුණත් ඒගොල්ලෝ ඉන්නේ සතුටින්. එයාලට ලිංගික හැඟීම් පාලනය කරගන්න පුළුවන් නම් සමලිංගික හැඟීම් තියෙන අයටත් හැඟීම් පාලනය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ හරි දේ කරලා දෙවියන්ව සතුටු කරන්න අවංක ආශාවක් විතරයි.—ද්විතීය කතාව 30:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න