යෞවන අය අසති . . .
ගබ්සාව—පිළිතුර එයද?
“මා ගැබිණි වී ඇත්දැයි දැනගැනීමට කළ වෛද්‍ය පරීක්ෂණයේදී, ධන ප්‍රතිඵල දැක්වූ විට, මා ගබ්සා කරගත යුතුයයි මගේ පෙම්වතා විගස මට බල කර කියා සිටියා. ඒ සඳහා ඔහු මට මුදල් පවා දුන්නා,” යයි ජූඩි සිහිපත් කරයි. එවිට ජූඩිට වයස 17කි.a
පහළොස්-හැවිරිදි මාර්ට, තමා ගැබිණි වී ඇතැයි දැනගත් විට ගබ්සා සායනයක උපදේශිකාවකගෙන් උපදෙස් ගත්තාය. “ඇය මට සියල්ල පැහැදිලි කළා. එක්කෝ මට ගබ්සාවක් කරගත හැකියි, නැත්නම් මට වුවමනා නම් අනාත මඩමක් හෝ මාතෘ නිවාසයක් සොයාගැනීමට උපකාර කළ හැකියි කියා ඈ මට පැවසුවා,” යයි මාර්ට පවසයි.
එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම යෞවනියන් මිලියනයකට වඩා ගැබිණි වේ. මොවුන් අතර ක්‍රිස්තියානි පුහුණුව ලැබ සිටියදීත්, “වේශ්‍යාකමින්” හෝ පූර්ව විවාහ ලිංගික ඇසුරෙන් “වැලකී” සිටින්න යන දේවඅණට අකීකරු වී ඇති යෞවනයෝ ගණනාවක්ම සිටිති. (1 තෙසලෝනික 4:3) මෙම දුරාචාරයෙන් ප්‍රතිඵලය වන්නේ බොහෝ සෙයින් අනවශ්‍ය වේදනාව විඳීමය. එහෙත්, මෙම යෞවනයන්ගෙන් බොහෝදෙනෙකු තම හැසිරීමේ ක්‍රියාමාර්ගය ගැන පසුතැවිලි වන අතර, තම ජීවිත නිවැරදි කරගැනීමට ඔවුන්ට වුවමනාය. එහෙත් විවාහයෙන් පිටත දරුවෙකු සිටීය යන තැතිගන්වන අපේක්ෂාවට මුහුණ දී සිටින සමහරෙක්, ගබ්සාව තම ගැටලුවලට පහසු විසඳුමක් විය හැකියයි කල්පනා කළ හැක. කෙසේනමුත්, එක්සත් ජනපදයේ ගැබිණි ගැහැනු ළමුන්ගෙන් මිලියන-භාගයක් පමණ සෑම වසරකම ගබ්සා කිරීමට තෝරාගනිති. අනවශ්‍ය ගැබ්ගැනීමකට සැබවින්ම මෙය හොඳම පිළිතුර විය හැකිද?
සමහරු ගබ්සා කරන්නේ මන්ද?
ඇතැම් බලවත්, එකිනෙකට වෙනස් චිත්තවේගයන් පවා ඇති විය හැකි බව තේරුම්ගත හැක. යෞවන ස්ත්‍රියකට තමා තුළ වැඩෙන දරුවා වෙත දරු සෙනෙහසේ හැඟීම් ඇතිවිය හැකි නමුත්, ඇයට සාධාරණ බිය සහ කාන්සාවන්ද ඇතිවිය හැක.
උදාහරණයක් වශයෙන්, 18-හැවිරිදි විකීට “විද්‍යාලයට යන්න අවශ්‍ය වුණා, සමහරවිට උපාධියක් ලබාගැනීමට පවා අවශ්‍ය වුණා විය හැක.” දරුවෙකු සිටියොත් ඇගේ සැලසුම් සියල්ලටම බාධා වනු ඇතැයි ඈ කල්පනා කළාය. (ටීන් මැගසින්, මාර්තු 1992) එලෙසම මාර්ට මෙසේ නිගමනය කළාය: “ඔබ මවක් නම්, ඔබ ඔබේ දරුවා සමඟ නිවසේ නතර විය යුතුයි, තවදුරටත් ඔබට පාසැල් යෑමට නොහැකියි. මා එයට සූදානම්ව සිටියේ නෑ.” එක් අධ්‍යයනයකට අනුව, ගබ්සා කරගත් නහඹර යෞවනියන් සියයට 87ක් බිය වන්නේ දරුවෙකු සිටීමෙන්, තමුන් පිළිගැනීමට සූදානම්ව නොසිටින ආකාරයකින් තම ජීවිත පුදුමාකාර ලෙස වෙනස් වනු ඇතැයි කියාය.
මුදල් අමාරුකම් ගැන බියවීම සහ තනි මව්පියෙකුගේ වගකීම් ඉසිලීමට දක්ෂකමක් තමන්ට නැතැයි කල්පනා කිරීමද බොහෝදෙනෙකුට ගබ්සාව තෝරාගැනීමට පොදු හේතු වේ. විකී ඒ ගැන මෙසේ පවසයි: “මා පැමිණියේ මගේ දෙමව්පියන් දික්කසාද වූ පවුලකින්, මගේ මව තනිවම ඇගේ දරුවන් තිදෙනා ඇති දැඩි කළා. ඇය මහත් වෙහෙසක් දරනවා මා දැක තිබෙනවා . . . අන්තිමේදී මගේ මව මෙන් මාත් තනි මව්පියෙකු වන බවයි මට පෙනෙන්ට තිබුණේ.”
අන්‍යයන්ගේ බලපෑම, විශේෂයෙන්ම පෙම්වතෙකුගේ බලපෑමද කෙනෙකුට තම ගැබිණිබව නැති කරගැනීමට බල කිරීමක් විය හැක. ජූඩිගේ පෙම්වතා ඇයට අවසාන තීරණය දුන්නේය: “ඔබ ගබ්සාවක් කරගන්නේ නැත්නම්, මට ආපහු කවදාවත් ඔයාව දකින්න වුවමනාවක් නෑ.” නැන්සිට ගබ්සාවක් කරගැනීමට බල කිරීම පැමිණියේ ඇගේ මවගෙන් මෙන්ම වෙනත් නෑදෑයන්ගෙනි.
ගබ්සා කිරීමකට ඇත්තෙන්ම බිළිඳෙකු මැරීම ඇතුළත්ව නැතැයි යන ජනප්‍රිය දෘෂ්ටියද සැලකිය යුතු බලපෑමක් යොදයි. විකී මෙසේ පවසයි: “මා එය දරුවෙකු වශයෙන් සිතීමට මට ඉඩහරින්නේ නෑ. . . . ගැබිණිබවේ පස්වන සතියේදී ඔබේ සුළැඟිල්ලේ නියපොත්තටත් වඩා භ්‍රෑණය කුඩා බව මා කියෙව්වා. ඔබට විශ්වාස කළ නොහැකිවාක් මෙන් මා එම අදහසේ එල්බගෙන සිටියා. එය සුළැඟිල්ලක නියපොත්තේ ප්‍රමාණය තරම් පමණක් නම් එය සැබවින්ම දරුවෙක් විය නොහැකියි. මට ගබ්සාවක් කරගැනීමට හැකි වන පිණිස එය මගේ මනසේ සැබෑ දෙයක් නොකරගැනීමට මා වෑයම් කළා.”
අඩුම තරමින් තාක්ෂණික ලෙස දියුණු රටවල, ගැබිණි යෞවනියකට දරුවා බිහි කරනවාට වඩා ගබ්සාව ආරක්ෂා සහිත—ආරක්ෂා සහිතයයි කියනු ලබන—බවටද ඇතැමෙක් පවසති. එසේනම්, සලකා බැලූ සියල්ලෙන් ගබ්සාව නුවණැති දෙයක් මෙන් පෙනෙන්ට තිබිය හැක. කෙසේනමුත්, දත්තයන් පෙන්නුම් කරන්නේ, ගබ්සාව තෝරාගන්න බොහෝදෙනෙකු පසු කලකදී පසුතැවෙන බවය. එක් ස්ත්‍රියක් මෙසේ පවසයි: “මට වයස 20දී මා ගබ්සාවක් කරගත්තා. දැන් මට 34යි, මා කළ දෙයට මුහුණ දීමට මට අමාරුයි. මට මගේ දරුවා වුවමනා වූ නමුත් මගේ පෙම්වතාට වුවමනා වුණේ නෑ. මම තවමත් චිත්තවේගීය වේදනාවක් අද්දකිනවා; තම ජීවිතයේ ඉතිරි කාලය පුරාම වේදනාව පවතිනවා.”
චිත්තවේගීය කැලැල්
පහසු විසඳුමක් වනවාට වඩා ගබ්සාව කෙනෙකුගේ අමාරුකම් තවත් වැඩි කළ හැකිය. අඩුම තරමින්, එය හරි වැරැද්ද සම්බන්ධයෙන් අපගේ ඇතුළාන්ත අවබෝධයට—මිනිස්වර්ගයා තුළ දෙවියන්වහන්සේ පැලපදියම් කළ හෘදයසාක්ෂියට—පටහැනිය. (රෝම 2:15) තවදුරටත්, ගබ්සාවක් කිරීම සඳහා යෞවන ස්ත්‍රියකට තමා තුළ වැඩෙන කුඩා ජීවිතය වෙත ඇති තම මෘදු දයානුකම්පාවල දොර වසා දැමීමට සිදුවේ. (1 යොහන් 3:17 සසඳන්න.) කෙතරම් සිත අධෛර්යය කරවන්නක්ද!
මාර්ට මෙසේ පවසයි: “මා කළේ වරදක් මෙන්ම මා කළ දේ ගැන යම් ආකාරයක ලජ්ජාවක් දැනුණේ [ගබ්සාවෙන්] සති කීපයකට [පසුවයි].” පෙබරවාරි මාසය—එනම් දරුවා ඉපදෙන්ට තිබූ මාසය—පැමිණි විට තත්වය තවත් දරුණු වුණා. එලිආස මෙසේ මතකයට නඟයි: “වසර 15කට පෙර මා ගබ්සාවක් කළා. ඉන්පසු, මා දරුණු කලකිරීමකින් වේදනා වින්ද අතර කීප වතාවක්ම සායනයකින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවුණා. මට දිවි නසාගැනීමට පවා වුවමනා වුණා.”
සියලු යෞවන ස්ත්‍රීන් මෙසේ ප්‍රතික්‍රියා නොකරන බව සැබෑය. භ්‍රෑණයක් මිනිස් ජීවිතයක් නොවේයයි බොහෝදෙනෙක් අවංකවම විශ්වාස කරති. එහෙත් මැවුම්කරුවාණන්—“ජීවනයේ උල්පත”—මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද? (ගීතාවලිය 36:9) යෙහෝවඃ දෙවියන්වහන්සේට ඇත්තෙන්ම භ්‍රෑණ පටකයට වඩා ගර්භය තුළ වැඩෙන නූපන් දරුවා අගේ බව බයිබලය පැහැදිලි කරයි. උන්වහන්සේ ස්වකීය ආනුභාවයෙන් දාවිත් රජුට මෙසේ ලියන්ට සැලැස්වීය: “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.” (ගීතාවලිය 139:16) මෙබැවින් මැවුම්කරුවාණන් සලකන්නේ කලලය පවා වෙනස් පුද්ගලයෙකු, ජීවමාන මනුෂ්‍යයෙකු වශයෙනි. මේ හේතුව නිසා, නූපන් දරුවෙකුට හිංසා කරන කෙනෙකු එම ජීවිතය වෙනුවෙන් ගණන් දිය යුතුයයි උන්වහන්සේ ප්‍රකාශ කළසේක. (නික්මයාම 21:22, 23) එසේය, දෙවියන්වහන්සේ සලකන ආකාරයට නූපන් දරුවෙකු මරණයට පත් කිරීම වනාහි මිනිස් ජීවිතයක් නැති කිරීමකි. එබැවින්, දෙවියන්වහන්සේ සතුටු කිරීමට කැමති ගැහැනු ළමයෙකුට තමන් මත පැටවෙන පීඩනය කුමක් වුවත්, ගබ්සාව පිළිගත හැකි විකල්පයක් වශයෙන් සැලකිය නොහැක.b
උපකාරය ලබාගැනීම
මුලදී සඳහන් කළ ජූඩි, තම දරුවා ගබ්සා නොකිරීමට තීරණය කළාය. ඈ මෙසේ පවසයි: “මගේ වැඩිමල් සහෝදරියට දැනගන්ට ලැබී, මුල සිටම ඇය මට උපකාරවත් වුණා, විශේෂයෙන්ම චිත්තවේගීය ලෙස. මට දරුවා ලැබුණායින් පසුවත් ඇය මට දිගටම උපකාර කරන බව ඈ මට පැවසුවා. මගේ හද පත්ළෙන්ම හරියයි මට හැඟුණු දේ කිරීමට මට අවශ්‍ය වූයේ එවැන්නකට සවන් දීම පමණයි. මා දරුවා ලැබීමට අවශ්‍ය කටයුතු කරගෙන ගිය අතර මට දරුවා ලැබුණා.” ඒ මීට වසර නවයකට පෙරය. ජූඩි තම අට-වියැති දරුවා දෙස බලමින් මෙසේ පවසයි: “ගබ්සාව සිදු කරගත්තා නම්, එය මගේ ජීවිතයේ ලොකුම වරද වෙන්න තිබුණා.”
නටිස නමැති යෞවන ස්ත්‍රියක් එලෙසම මෙසේ විස්තර කරයි: “වසර පහකට පෙර මා ගබ්සා සායනයක මගේ වාරය පැමිණෙන තුරු බලා සිටියා. මගේ වාරය පැමිණි විට, මා දෙවරක් සිතා, සායනයෙන් පිටතට ගියා. මට දැන් හතර-හැවිරිදි කදිම පුතෙක් ඉන්නවා, තව දරුවෙක් ලැබෙන්න ඉන්න අතර මා ප්‍රේමනීය පියෙකු හා විවාහ වී ඉන්නවා.”
විවාහයෙන් පිටත ගැබිණිබවක් සමඟ කටයුතු කරන්ට සිදුවන ඕනෑම කෙනෙකු හදිසි තීරණයක් නොගත යුතුය. තත්වය බෙහෙවින් නරක් වේයයි පෙනෙන්ට තිබුණත්, එය සියල්ලෙහිම අවසානය නොවේ. එහෙත් එවැනි අයට ස්ථිරයෙන්ම උපකාරය සහ මේරූ මඟ පෙන්වීම අවශ්‍යය. කෙනෙකුගේ හෘදය එම තැනැත්තාගේ දෙමව්පියන්ට දීම, විශේෂයෙන්ම ඔවුන් ක්‍රිස්තියානීන් නම් හොඳ ආරම්භයකි, (හිතෝපදේශ 23:26) මුලින්ම ඔවුන්ට වේදනාව හා කෝපය ඇතිවන බවට සැකයක් නැති බව සැබෑය. එහෙත්, අවසානයේදී, ඔවුන් නිතැතින්ම උපකාර කිරීමට ඉදිරිපත් වීමට ඇති ඉඩ කඩ වැඩිය. උදාහරණයක් වශයෙන්, ඔවුන් දරු උපතට පෙර උවටැන් සඳහා විධිවිධාන යෙදිය හැක. රජයෙන් යොදා ඇති වැඩසටහන්වලින් ප්‍රයෝජන ගැනීමට සුදුසුකම් ලබන අයට උපකාර කිරීමටද ඔවුන්ට හැක. වැදගත්ම දෙය වන්නේ, සභා වැඩිමහල්ලන්ගෙන් අවශ්‍ය ආත්මික උපකාරය ගැනීමට වරදකරුවාට දිරිගැන්වීමට ඔවුන්ට හැකි වීමය.—යාකොබ් 5:14, 15.
නීත්‍යනුකූලව විවාහ නොවූ ඇතැම් මව්වරුන් දරුවා හොඳින් රැකබලාගත නොහැකිය යන හැඟීමෙන් තම දරුවන් හදාගැනීමට දීමට තෝරාගෙන තිබේ. දරුවාගේ ජීවිතය අවසන් කරනවාට වඩා, හදාගැනීමට දීම ඇත්තෙන්ම වඩාත් හොඳ වුවත්, දෙවියන්වහන්සේ සලකන්නේ දෙමව්පියන්, එනම් ‘ඔහු හෝ ඈ තමාගේම අයට සැපයීමට’ වගකීමෙන් බැඳී සිටින බවය. (1 තිමෝති 5:8) තනි මව්පියෙකුට තම දරුවාට හොඳම ද්‍රව්‍යමය දේවල් දීමට නොහැකි විය හැකි නමුත්, ඊට වඩා වැඩියෙන් වැදගත් යමක් දීමට ඇයට හැක—ප්‍රේමය. (හිතෝපදේශ 15:17) එබැවින් බොහෝ තත්වයන් යටතේදී, අවිවාහක මවකට තමා විසින්ම දරුවා ඇති දැඩි කිරීම වඩාත් හොඳ වනු ඇත.
බිළිඳෙකු ඇති දැඩි කිරීමේ දුෂ්කර කාර්යය—එමෙන්ම නිසැකවම ජීවන-රටාවේ සිදු කිරීමට තිබෙන ප්‍රබල වෙනස්කම් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? මේ සියල්ල දරාගත නොහැකි මෙන් පෙනෙන්ට තිබිය හැක. කෙසේවුවත්, මෙම අභියෝග සමඟ කටයුතු කිරීමට ජනයාට උපකාර ලබාගත හැකි ප්‍රායෝගික උපදෙස් බයිබලය මගින් සපයයි. දේවවචනය මත ශක්තිමත්ව පදනම්ව ඇති ආත්මික උපකාරයෙන් ප්‍රයෝජන ලබාගැනීමටද පසුතැවිලි වූ අවිවාහක ස්ත්‍රීන්ට හැක. එසේය, ප්‍රේමනීය උපකාරයෙන් හා සුදුසු මඟ පෙන්වීමෙන්, මොවුන්ට තත්වයෙන් උපරිමය ලබාගත හැකිය.c ඇත්තෙන්ම ගබ්සාව පිළිතුර නොවේ! g95 3/8
[පාදසටහන්වල]
a ඇතැම් නම් වෙනස් කර තිබේ.
b අතීතයේ වැරදි කළ, නූපන් ජීවිතයක් ගබ්සා කළ ඕනෑම කෙනෙකුහට යෙහෝවඃවහන්සේගේ අනුමැතිය නොලැබේය යන නිගමනයට එළඹීමට අවශ්‍ය නැත. පසුතැවිලි වන වැරදිකරුවන්ට යෙහෝවඃවහන්සේ උපකාර කරන බවත්, ‘බොහෝ සෙයින් සමාව දෙන බවටත්’ විශ්වාසය ඇතුව සිටිය හැක. (යෙසායා 55:7) චිත්තවේගීය කැලැල් තවදුරටත් පැවතිය හැකි අතරතුර, ගීතිකාකාරයා මෙසේ සහතික කරයි: “නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.”—ගීතාවලිය 103:12.
c “සිංගල් පේරන්ට්ස් කෝපිං ඉන් ටුඩේ’ස් වර්ල්ඩ්” 1980 සැප්තැම්බර් 15, ද වොච්ටවර් බලන්න. එමෙන්ම, “යංග් පීපල් ආස්ක් . . . හෞ කැන් අන්වෙඩ් මදර්ස් මේක් ද මෝස්ට් ඔෆ් දෙයා සිටුවේෂන්?” 1994 ඔක්තෝබර් 8 එවේක්! කලාපය බලන්න.
[23වන පිටුවේ පින්තූරය]
පෙම්වත්තු බොහෝවිට ගැහැනු ළමුන්ට ගබ්සාවක් කරගන්න කියා බල කිරීමට වෑයම් කරති