ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 1 10-11 පි.
  • ගබ්සාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගබ්සාව
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තීරණය කාගෙද?
  • මේ වෙද්දීත් ගබ්සාවක් කරලා නම් . . .
  • ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • ගබ්සාව—පිළිතුර එයද?
    1995 පිබිදෙව්!
  • ගබ්සාව විසඳුමක්ද?
    2009 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 1 10-11 පි.
සැමියා අකමැති වුණත් ගබ්සාවක් නොකර ඉන්න තීරණය කරපු කාන්තාවක්

බුද්ධිමත් කාන්තාවක් තමන්ගේ හෘදය සාක්ෂිය කියන දේට ඇහුම්කන් දෙනවා

බයිබලයෙන් පිළිතුරක්

ගබ්සාව

ලොව පුරා හැම අවුරුද්දකම හිතාමතාම සිදු කරන ගබ්සා සංඛ්‍යාව කෝටිය ඉක්මවනවා. ඒ සංඛ්‍යාව සමහර රටවල ඉන්න ජනගහනයටත් වඩා වැඩියි.

තීරණය කාගෙද?

මිනිස්සු කියන දේ:

ගොඩක් හේතු නිසා කාන්තාවන් ගබ්සා කරගන්නවා. ආර්ථික ප්‍රශ්න, අනියම් සම්බන්ධකම්, අතවරයට ලක් වීම, තනියම දරුවාව හදාවඩා ගන්න අකමැති වීම සහ වැඩි දුර ඉගෙනගන්න, රස්සාවක් කරන්න නිදහස ඕනෙ කියලා හිතන එකත් හේතු වෙන්න පුළුවන්. හැබැයි තවත් අය කියන්නේ ගබ්සාව සදාචාරයට පටහැනි දෙයක් වගේම මව් පදවියට කරන අගෞරවයක් කියලයි.

බයිබලයේ කියන දේ:

මිනිස් ජීවිතය දෙවියන්ට ගොඩක් වටිනවා. (උත්පත්ති 9:6; ගීතාවලිය 36:9) මවගේ ගර්භාෂය දරුවෙක්ට සුරක්ෂිතව වැඩෙන නවාතැනක් විදිහට දෙවියන් නිර්මාණය කළේ ඒ නිසයි. බයිබල් ලේඛකයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. ‘ඔබ මාව මව්කුසෙහි සඟවා තැබුවෙහිය. මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ සියලු තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.’—ගීතාවලිය 139:13, 16.

නූපන් දරුවෙක් ගැන දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න ඔහු දුන්න නීතිය උදව් වෙනවා. නීතියේ විදිහට රණ්ඩුවකදී කෙනෙක් අතින් ගර්භනී මවකගේ කුසට පහරක් වැදිලා ලැබෙන්න ඉන්න දරුවා මැරුණොත් පහර දුන්න කෙනා ජීවිතෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ. (නික්මයාම 21:22, 23) හැබැයි පහර දුන්නේ හිතාමතාමද නැත්නම් අත්වැරදීමකින්ද කියලා විනිශ්චයකරුවන් හොඳින් හොයලා බැලුවා.—ගණන් කතාව 35:22-24, 31.

නූපන් දරුවෙක් ගැන දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න අපේ හෘදය සාක්ෂියත් උදව් වෙනවා. කාන්තාවක් තමන්ගේ හෘදය සාක්ෂියට ඇහුම්කන් දෙනවා නම් නූපන් දරුවෙක්ගේ ජීවිතය පවා වටිනවා කියලා එයා තේරුම්ගන්නවා. ඒක එයාගේ හිතට සහනයක්.a ඇහුම්කන් දුන්නේ නැත්නම් එයාගේ හිත වද දෙන්න පටන්ගන්නවා. (රෝම 2:14, 15) අධ්‍යයනවලින් පේන්නේ ගබ්සා කරගත්ත කාන්තාවන් අධික කනස්සල්ල, මානසික අවපීඩනය වගේ රෝගවලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලයි.

ගැබ්ගත්තේ නොහිතපු වෙලාවක නිසා දරුවාව හදාගන්න අමාරුම නම් මොකද කරන්නේ? මොන ප්‍රශ්න තිබුණත් දෙවියන්ගේ ප්‍රමිතිවලට ළැදි අයව ඔහු අත්හරින්නේ නැහැ. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය. නිර්දෝෂ තැනැත්තාව [හෝ තැනැත්තියව] කිසි කලෙක ඔබ අත් නොහරින්නෙහිය.” (ගීතාවලිය 18:25) බයිබලයේ මෙහෙමත් කියනවා. “යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි. තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.”—ගීතාවලිය 37:28.

‘ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කතා කරයි. ඔවුන් ඒ හඬට සවන් දී ඒ ගැන කල්පනා කර බලන විට තමන් කළ දේ හරිද වැරදිද කියා තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන.’—රෝම 2:15.

මේ වෙද්දීත් ගබ්සාවක් කරලා නම් . . .

මිනිස්සු කියන දේ:

තනියම දරුවන් ඇතිදැඩි කරන මවක් වන රූත් මෙහෙම කියනවා. “මට දැනටමත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. තව ළමයෙක් හදාගත්තොත් ඒක ලේසි වෙන එකක් නැහැ කියලා හිතලයි ගබ්සා කෙරුවේ. ඒත් පස්සේ මට මං ගැනම පිළිකුලක් දැනුණා.”b රූත් කළේ දෙවියන්ට සමාව දෙන්න බැරි තරම් වරදක්ද?

බයිබලයේ කියන දේ:

දෙවියන් හිතන විදිහ යේසුස් කිව්ව මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්නයි.” (ලූක් 5:32) ඒ කියන්නේ වරද කරපු කෙනා අවංකවම පසුතැවෙනවා නම් දෙවියන්ගෙන් සමාව ලබාගන්න පුළුවන් කියන එකයි. වරද කොච්චර බරපතළ වුණත් පසුතැවෙන කෙනාට සමාව දෙන්න ඔහු කැමතියි. (යෙසායා 1:18) “තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—ගීතාවලිය 51:17.

කෙනෙක් අවංකව හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියද්දී එයාගේ හෘදය සාක්ෂිය තවදුරටත් වද දෙන්නේ නැහැ. මොකද හිතේ සාමය ඇති කරගන්න දෙවියන් එයාට උදව් කරනවා. බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ (ෆිලිප්පි 4:6, 7)c රූත් බයිබලයේ තොරතුරු ඉගෙනගෙන හිතේ තියන හැමදේම දෙවියන්ට කිව්ව නිසා එයාගේ හිතට දැනුණේ පුදුම සහනයක්. ‘සැබවින්ම සමාව දෙන්න පුළුවන් දෙවියන්ට’ විතරයි කියලා එයා අද්දැක්කා.—ගීතාවලිය 130:4.

“අප කළ පාපවල තරමටම [දෙවියන්] අපට දඬුවම් කළේ නැත. අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.”—ගීතාවලිය 103:10.

a අම්මාගේ හෝ දරුවාගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තියෙනවා කියලා වෛද්‍යවරයා කියන්න පුළුවන්. ගබ්සාවක් කරන්න ඒක හේතුවක් නෙමෙයි. ඒත් දරුවා ලැබෙන අවස්ථාවේදී එහෙම අවදානමක් තියෙනවා නම් බේරගන්න ඕනෙ කාගේ ජීවිතයද කියලා තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණය ගන්න ඕනේ ඒ යුවළ. දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා එහෙම වෙන අවස්ථා ගොඩක් අඩුයි.

b නම වෙනස් කර ඇත.

c මැරුණු අයට දෙවියන් නැවත ජීවිතය ලබා දෙනවා කියන බලාපොරොත්තුව කෙනෙක්ගේ මනසට සහනයක්. මව් කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීම තියෙනවද නැද්ද කියන දේ ගැන බයිබලේ තියෙන තොරතුරු 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපියේ කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න