ආපදාවලට එරෙහි සටන ජයගත හැක
ස්වාභාවික ආපදාවල බලපෑම් අඩු කිරීමට එක්සත් ජාතීන් හා එක් එක් ආණ්ඩු දරන වෑයම්වලට ස්ථිර ලෙසම ප්‍රශංසා කළ යුතුය. එවන් විපත්ති හමුවේ මිනිස්වර්ගයා අසරණ තත්වයක සිටීම අවශ්‍ය නැති බව, ස්වාභාවික ආපදා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර දශකය වැනි ව්‍යාපෘති මගින් යෝජනා කෙරේ. පුද්ගලයෝ, ප්‍රජා හා ආණ්ඩු නිසි පියවර ගනිත් නම්, ජීවිත බේරාගත හැක.
මිනිස්වර්ගයාගේ ආණ්ඩුක්‍රම අධීක්ෂණය සම්බන්ධයෙන් ළඟදීම වෙනසක් ඇතිවන බව බයිබලය පවසන බැවින්, මෙය ඉතා සිත්ගන්නා කරුණකි. යේසුස්වහන්සේගේ දවස් පටන්, ක්‍රිස්තියානීහු ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව (“පරමණ්ඩලයේ” යාච්ඤාව) කියා ඇත්තාහ, මීට “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා,” යන ප්‍රකාශය ඇතුළත්ය. (මතෙව් 6:9, 10) දෙවියන්වහන්සේගේ රාජ්‍යය සැබෑ ආණ්ඩුවක්ය. බයිබල් අනාගතවාක්යයට අනුව, ඉතාමත් ළඟදී, “ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:44, 45) එක් පරිපූර්ණ ආණ්ඩුවක් යටතේ මුළු මිනිස්වර්ගයා සිටීම ගැන සිතා බලන්න. එය මොනතරම් වෙනසක් වනු ඇද්ද!
ස්වාභාවික උවදුරු ස්වාභාවික ආපදා බවට පත් නොවීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව වත්මන් ආණ්ඩු දකිත් නම්, දෙවියන්වහන්සේගේ ආණ්ඩුවේ යටත්වැසියන් මෙයාකාරයට දුක් නොවිඳින බවට දේවාණ්ඩුව සහතික කරන බවට අපට නිසැක විය හැක. කායින් ආබෙල්ව ඝාතනය කළ දා පටන් පළමු වතාවට කල්පවතින සාමය මේ ග්‍රහයා මතට දේවරාජ්‍යය මගින් ගෙනෙනු ලබනවා ඇත. ඒ රාජ්‍යය යටතේ, “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:11) එම රාජ්‍යය මිනිස්වර්ගයාව දැනුවත් කරනු ඇති අතර, එනයින් ඇත්තටම සැබෑ අර්ථයකින් ‘සියලුම ජනයා යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; තවද ඔවුන්ගේ සමාදානයද මහත් වන්නේය.’—යෙසායා 54:13.
අදදින, ස්වාභාවික ආපදාවලට ගොදුරු වන වැඩිදෙනෙක් දුප්පතුන් අතර වෙත්. කෙසේවෙතත් දේවරාජ්‍යය යටතේ පවතින පරිපූර්ණ අධීක්ෂණය හා නිසි අධ්‍යාපනය ඇතුව, මිනිස්වර්ගයා තවදුරටත් දුගීකමේ වේදනා නොවිඳින්නෝය. තම කාලයේ ජනයා තේරුම්ගන්නාවූ අන්දමකින්, මෙවන් තත්වයන් පුරෝකථනය කළ අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේය: “සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.” (යෙසායා 25:6) එසේය, යහපත් දේවල් සමන්විත මංගල්‍යයකි! රාජ්‍ය පාලනය යටතේ ජීවිතය තවදුරටත් විස්තර කරමින්, ගීතිකාකරු මෙසේ ලීවේය: “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵලවන්නෝය.”—ගීතාවලිය 72:16.
ස්වාභාවික ආපදාවලට එරෙහි මිනිසාගේ සටන අවසන් වනු ඇති බව, සක් සුදක් සේ පැහැදිලිය. දෙවියන්වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීම ඇතුවද, දේවරාජ්‍යයේ අධීක්ෂණය ඇතුවද, දේවභයින් පෙලඹෙන ජනයා ඒ සටනින් එදින ජය ගන්නෝය. ඉන් මොනතරම් සහනයක් අත්වනවා ඇද්ද!