ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 2/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 2/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

ආර්තවාභාවය ආර්තවාභාවය පිළිබඳ “වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම” යන ලිපි මාලාව සඳහා ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනැමේ. (1995 ජූනි 8) මට වයස අවුරුදු 43ක් වන අතර, මගේ ප්‍රශ්නවලට සතුටුදායක උත්තර ඔබෙන් ලැබී තිබුණේය. මා සමඟ වැඩ කරන ස්ත්‍රීන් දෙදෙනෙකු මගෙන් පිටපත් ඉල්ලා සිටි නමුත්, මට මගේ පෞද්ගලික පිටපත ඔවුන්ට දීමට සිදු විය. අපගේ සභාවේ ඒවා ඉවර වී තිබිණ!

එම්. එච්. එස්., බ්‍රසීලය

මගේ මව කෙබඳු වෙනසක් අද්දකිනවාද කියා තේරුම්ගැනීමට, මෙම ලිපි මගින් මගේ මනස සහ හෘදය විවෘත කරනු ලැබීය. ඇගේ ජීවිතයේ සිදු වන මෙම වෙනස දිගටම තේරුම්ගැනීමටත්, ඇයට වඩාත් උපකාරවත් වීමටත් මට හැකි වේයයි මම බලාපොරොත්තු වෙමි.

ඒ. කේ., එක්සත් ජනපදය

මට වයස අවුරුදු 47යි, මා වෛද්‍යවරුන්ගේ උපදෙස් පතා තිබුණත්, එම පිබිදෙව්! කලාපය ලැබෙන තුරු මෙම විෂය සම්බන්ධයෙන් මට හරි අවබෝධයක් නොතිබිණ. මෙම වෙනස්වීම් ස්වාභාවික දෙයක් බව තේරුම්ගැනීමට ඔබ මට උපකාර කර තිබේ. එම ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට මම දැන් සූදානමින් සිටිමි.

ඊ. එම්., සියෙරා ලියොන්

මෑතකදී මම මෙම විෂය සම්බන්ධයෙන් පැය තුනක සම්මන්ත්‍රණයකට සහභාගි වුණෙමි. මෙය සංවිධාන කර තිබුණේ, ප්‍රධාන රෝහල් දෙකක අධ්‍යාපන අංශ මගිනි. එම වැඩසටහනේදී තොරතුරු රාශියක් දක්වනු ලැබුවත්, එම සම්මන්ත්‍රණයේදී, පැය තුනක් පුරා, මම ඉගෙනගත් දේවලට වඩා බොහෝ දේවල් විනාඩි 30ක් ඇතුළත පිබිදෙව්! සඟරාව කියවීමෙන් ඉගෙනගත්තෙමි.

ජේ. බී., එක්සත් ජනපදය

දකින්ට නැති ලිපි? මම වයස අවුරුදු 11ක දැරියක් වෙමි. ඔබ තවදුරටත් “යෞවන අය අසති . . . ” ලිපි මාලාව මුද්‍රණය නොකරන බව මම සොයාගත්තෙමි. එයට හේතුව කුමක්ද? මම එම කොටස ඇත්තෙන්ම රස වින්දෙමි. සමහර ප්‍රශ්න මටම අදාළ වුණ අතර, මම ඒවා කියවීමෙන් සතුටක් ලැබුවෙමි! අපට පිබිදෙව්! සඟරාව ලැබුණු විගස මම පළමුවෙන්ම බලන්නේ එයයි. අනික් ළමයින්ටද එයාකාරයෙන්ම හැඟෙන බව මට සහතිකයි. ඔබ එම කොටස අනාගතයේදී මුද්‍රණය කරන්නෙහිද?

ඊ. කේ., එක්සත් ජනපදය

“යෞවන අය අසති . . . ” නොකඩවා මසකට වරක් පළ වේ. එය සෑම මසකම එවේක්! සඟරාවේ 22වන දින කලාපයේ පළ වනු ඇත. (සිංහලෙන් සෑම කලාපයකම වාගේ) මෙම ලිපි මාලාව 1982දී ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත්වීමට ආරම්භ වූ කාලය පටන්, 300කට වඩා වැඩි ලිපි සංඛ්‍යාවක් මෙම මාලාවේ පළ වී ඇත. මෙම පරණ ලිපි සමහරක් නැවත බලන මෙන් අපගේ යෞවන පාඨකයන්ට අපි දිරිගන්වමු. කෙසේවෙතත් යෞවනයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අප නොකඩවා දක්වන උනන්දුව ගැන සහතික වන්න.—සංස්.

අධර්ම මර්දනාධිකරණය “මෙක්සිකෝවෙහි අධර්ම මර්දනාධිකරණය—එය සිදුවූයේ කෙසේද?” (1995 පෙබරවාරි 8) යන ඔබගේ ලිපිය තුළ ඔබ විසින් “ඇසටෙක්වරුන්ගේ රජු වන නෙට්සාවාල්කොයෝට්ල්” සම්බන්ධයෙන් යොමු දක්වා තිබිණ. කෙසේවෙතත් නෙට්සාවාල්කොයෝට්ල්, ඇසටෙක්වරුන්ගේ රජු නොවුණ නමුත්, චීචමෙක්වරුන්ගේ රජු විය.

ඊ. ආර්. සී. එල්., මෙක්සිකෝව

නෙට්සාවාල්කොයෝට්ල් ඇසටෙක් නොව චීචමෙක් ජාතිකයෙකු වූ බව සැබෑවකි. කෙසේවෙතත්, “නුඑවා එන්සීක්ලොපේඩ්යා කුල්චූරාල් අයි.ඊ.පී.එස්.ඒ.” වැනි සමහර ආශ්‍රේය කෘතිවල ඔහුව “ඇසටෙක්වරුන්ගේ රජු” ලෙස යොමු දක්වා තිබීම සිත්ගන්නා කරුණකි. “හිස්ටෝරියා ඩී මෙක්සිකෝ” නමැති පොත පැහැදිලි කරන පරිදි, චීචමෙක් මනුෂ්‍යයන්ව ඒ වන විටත් තමන්ගේ බලපෑමට යටත් කරගත් “ඇසටෙක්වරුන් සමඟ මිත්‍රත්වයකින් යුතුව” නෙට්සාවාල්කොයෝට්ල් පාලනය කළේය.—සංස්.

“අකීකරු” යෞවනයෝ “යෞවන අය අසති . . . මට මගේ ජීවිතය නිවැරදි කළ හැක්කේ කෙසේද?” (1995 මැයි 8) යන ලිපිය කියවීමෙන් මා ලැබුවාවූ ආත්මික නංවාලීම කෙබඳුදැයි ඔබට ප්‍රකාශ කරන්නේ කෙසේද කියා මම නොදනිමි. අතීතයේදී මා කළ පාපවලට සමාව ඉල්ලා යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීමට එය මට ධෛර්යයක් දුන්නේය. මෙම ලිපිය කියවීමට කලින්, මෙම පාප සම්බන්ධයෙන් රෑ දාවල් මම හදවතින් දුක් වින්දෙමි. බොහෝ දිනවල රාත්‍රි කාලයේදී මම ඇඳේ හාන්සි වී මෙයට තිබෙන එකම පිළිතුර සිය දිවි නසාගැනීමයයි කල්පනා කළෙමි. යෙහෝවඃවහන්සේගේ ප්‍රතිපත්ති අපගේම ප්‍රයෝජනය උදෙසා දී තිබෙන බව මම දැන් දනිමි, තවද මම මගේ පසුගිය වැරදිවලින් ඉගෙනගන්ට යන්නෙමි.

ක්‍යු. බී., එක්සත් ජනපදය

යෞවනයෙකුව සිටියදී මම යෙහෝවඃවහන්සේව සහ උන්වහන්සේගේ සංවිධානය අත්හැර ගියෙමි. මා හැරී ඇවිත් දැනට අවුරුදු පහක පමණ කාලයක් ගත වී තිබුණත්, යෙහෝවඃවහන්සේ මට කිසිදිනක සම්පූර්ණ වශයෙන් සමාව නොදෙනු ඇති බව මට සමහර අවස්ථාවලදී හැඟුණේය. මම වැරදි බව දැන් දනිමි; මගේ සිත තුළ ගැඹුරටම පැලපදියම් වී නිතර කරදර දුන් සැකය දැන් අවසාන වශයෙන් අඩු වී තිබේ.

ආර්. ඩී., ට්‍රිනිඩැඩ්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න