ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 3/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව
    2013 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 3/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

ඇල්පයින් හිම මිනිසා “ද මිස්ට්‍රි ඔෆ් දි ඇල්පයින් අයිස්මෑන්” (ඇල්පයින් හිම මිනිසා පිළිබඳ අභිරහස), නම් ලිපිය මා කියවා නිම කළේ දැන්. (එවේක්! 1995 මැයි 8) මට එය ලැබුණු විට, එම විෂයට මම කැමති වෙයි කියා සිතුවේ නැති බව පිළිගත යුතුයි. නමුත් එම ලිපිය අදහාගත නොහැකි තරම් සිත්ගන්නා එකක් බව මා සොයාගත්තා! “ආදි” මිනිසා සම්බන්ධයෙන් තිබෙන සම්ප්‍රදායික මතය වැරදි බව පෙන්නුම් කළ ආකාරය මා අගය කරනවා.

ජේ. එස්., එක්සත් ජනපදය

මෙම සිත්ඇදගන්නා මාතෘකාව, දුම්රියේදී මට හමු වූ මිනිසෙකු සමඟ මෙම සඟරාව තබා යෑමට මට උපකාර කළා. ඊළඟ සතියේ මට නැවතත් ඔහුව මුණ ගැසුණු අතර, එම ලිපිය “ඉහළම තත්වයක” තිබූ බවත්, හොඳින් රචනය කර තිබුණු බවත් ඔහු පැවසුවා. ඔහු මුරටැඹ සඟරාවේ අලුත්ම කලාපය ලබාගත්තා.

ජී. සී., ජපානය

ආර්තවාභාවය ආර්තවාභාවය පිළිබඳ “වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම” (1995 ජූනි 8), යන ඔබගේ ලිපි මාලාව තුළ, “එළවලු හෝ පලතුරු තෙල්, ඊ-විටමින තෙල් සහ ස්නේහක ජල්ලි වර්ග,” ස්ත්‍රීන්ගේ වියළි ගතිය සඳහා ප්‍රතිකාරයක් වශයෙන් යෙදිය හැකි බව ඔබ සඳහන් කර තිබුණා. ජ්‍යෙෂ්ඨ හෙදි ශිෂ්‍යාවක් වශයෙන්, තෙල් සහ පලතුරු ස්නේහක බැක්ටීරියා වර්ධනයට මාධ්‍යයක් සපයන බව සඳහන් කිරීමට මා පෙලඹී සිටිනවා. මෙසේ ජලයේ දිය කළ හැකි ස්නේහක වඩා සුදුසුයි.

එච්. ඩබ්., එක්සත් ජනපදය

මෙම වඩා අලුත් තොරතුරු ලැබීම අපි අගය කරන්නෙමු.—සංස්.

වයස අවුරුදු 45 සිට, මා ඇඟට රස්නය දැනීමෙන් පීඩා විඳින්ට පටන්ගත්තා. ප්‍රතිකාරයක් නොමැතිව මම අවුරුදු ගණනාවක් ඒවා දරාගත්තා. ඔබගේ ලිපියේ පැහැදිලිවම පෙනෙන්ට තිබූ ප්‍රේමනීය සැලකිල්ල මට දැනුණු විට මා ඇඬුවා. ආර්තවාභාවය ඊට වඩා හොඳින් වටහාගැනීමට එය මට උපකාර කළ අතර, මගේ ප්‍රශ්න බොහොමයකට උත්තර සැපයුවා.

එස්. ටී. බී. ඒ., බ්‍රසීලය

පරිගණක ක්‍රීඩා “ඉස් දිස් ද ගේම් ෆෝර් යූ?” (“මෙය ඔබට හොඳ ක්‍රීඩාවක්ද?”) (එවේක්! 1995 මැයි 8) යන ලිපිය දැකීමෙන් මා ඉතා සතුටු වුණා. දෙමාපියෙක් වශයෙන්, මෙම ක්‍රීඩා අහිංසක විනෝදයක් ලෙස සිතා අනුමැතිය දෙන සමහරුන් ගැන මා පුදුමයට පත් වෙනවා. අධ්‍යාපනික සහ සාහසික නොවන ක්‍රීඩා බොහොමයක් ලබාගත හැකියි.

කේ. ජී., එක්සත් ජනපදය

මා පරිගණක මෘදුකාංග තක්සේරු කරන්නෙක් වන අතර, මෑතකදී තක්සේරු කිරීම සඳහා මට ඩූම් II ක්‍රීඩාවේ පිටපතක් දෙනු ලැබුවා. මෙම ක්‍රීඩාවෙහි යටිකුරු කරන ලද කුරුස සහ පස්කොන් තරු වැනි භූතමය සංකේත භාවිත කරන බව මා දුටුවා. මෙම ක්‍රීඩා කොතරම් නරකද කියා මනුෂ්‍යයන් වටහාගනී කියා මා බලාපොරොත්තු වෙනවා.

ආර්. බී., එක්සත් ජනපදය

යෞවන විවාහ “යෞවන අය අසති . . . බාල වයසෙන් විවාහ වී—අපට සාර්ථක විය හැකිද?” (1995 අගෝස්තු 8) යන ලිපිය සඳහා ඔබට ස්තුතියි. සභා අවේක්ෂකයන් වශයෙන්, විවාහය අවදානම් තත්වයක තිබූ යෞවන යුවළකට මඟ පෙන්වීම් සැපයීමට අප සැලසුම් කර තිබුණා. මෙම කලාපය පිට වූ විට මා මොනතරම් පුදුමයට පත් වුණාද! එය එම යෞවන යුවළට උපකාර කිරීම සඳහා අපට අවශ්‍ය වූ දෙයමයි. අප සම්පූර්ණ ලිපිය මෙන්ම සඳහන් කර තිබූ බයිබල් පද සියල්ලක්ම සලකා බැලුවා.

එම්. සී., බ්‍රසීලය

මුහුදු පත්ලෙහි ගවේෂණය “සේෆ්ලි එක්ස්ප්ලෝරිං ද වර්ල්ඩ් බිනීත් ද වේව්ස්” (“රැලි යට තිබෙන ලෝකය ආරක්ෂා සහිතව ගවේෂණය කිරීම”) යන ලිපිය අපි බොහෝ සෙයින් අගය කළා. (එවේක්! 1995 මැයි 8) අප රතු මුහුදට විනෝද ගමනක් ගොස් නිවසට පැමිණියා විතරයි, තවද ඔබගේ උපදෙස් ඉතා ප්‍රයෝජනවත් බව අප සොයාගත්තා. අප මහිමාන්විත මුහුදු පත්ලක් ගවේෂණය කළා පමණක් නොව, නමුත් එයින් මුදල් රැසක්ද ඉතුරු කරගත්තා!

වී. සී. සහ කේ. බී., ඉතාලිය

අපේ පුතුන් දෙදෙනාගේ විවේක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මගේ ස්වාමිපුරුෂයාට සහ මට ඇතැම්විට ගැටලු ඇති වෙනවා. මගේ ස්වාමිපුරුෂයා කිමිදීමට උනන්දුවක් දක්වන අතර, මෑතකදී අපගේ ප්‍රදේශයේ අලුත් කිමිදුම් පාසැලක් විවෘත කෙරුණා. ඔබගේ ලිපිය කියවීමෙන් පසු, ඔවුන් සහභාගි වන විට මට හොඳ හෘදය සාක්ෂියක් තබාගැනීමට හැකි නිසා මා සතුටු වෙනවා.

සී. පී., ජර්මනිය

කොමියුනිස්ට්වාදයෙන් බේරීම “වසර 40කට වැඩි කාලයක් කොමියුනිස්ට් තහනම යටතේ” (1995 අගෝස්තු 8) යන ලිපිය සඳහා බොහොම ස්තුතියි. එය කියවද්දී, මගේ හද පත්ලෙන්ම මට බලවත් හැඟීම් ඇති වුණා. පුද්ගලයෙකුට අඛණ්ඩතාව රැකගැනීම සඳහා, අවශ්‍ය අනුබලය නියම වෙලාවට යෙහෝවඃවහන්සේ දෙන ආකාරය එය මට පෙන්නුම් කළා.

එස්. ඒ. ඒ., ඝානාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න