අපගේ පාඨකයන්ගෙන්
සදහටම ජීවත්වීම “ජීවිතය මෙතරම් කෙටි මන්ද?—එය කවදා හෝ වෙනස් වේවිද?” (1996 ජනවාරි 8) යන ලිපි පෙළට ඔබට ස්තුතියි. පාරාදීස පොළොවක පරිපූර්ණ මනුෂ්‍යයෙකුව සිටීමේ ප්‍රස්තාව පිළිබඳව වඩාත් හොඳින් තේරුම්ගන්ට මෙම ලිපි මට උපකාර වූවා පමණක් නොව, නමුත් විද්‍යා පංතියේදීද ඒවා මට උපකාරවත් විය. මේ ලිපි ප්‍රකාශයට පත් වූ දිනවලම අපට සෛලය—එහි කොටස් හා ක්‍රියාකාරිත්වය ගැන පරීක්ෂණයක් කිරීමට තිබිණ. ඔබේ විස්තරය ඉතා පැහැදිලියි! හොඳ ලකුණු ලබාගැනීමට සැලැස්වීම මෙන්ම නියමිත වේලාවට ආත්මික ආහාර ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
බී. එම්., එක්සත් ජනපදය
වීදුරු “වීදුරු—එය සෑදු ප්‍රථමයෝ බොහෝ කලකට පෙර ජීවත් වූහ” (1996 පෙබරවාරි 8) යන ලිපියට ඔබට ස්තුතියි. මගේ පියා වීදුරු වැඩ කරන නිසා, අපේ නිවසේ බොහෝ වීදුරු තිබේ. මෙම ලිපිය කෙතරම් ලස්සනට ලියා තිබුණාදැයි කියා නිම කිරීමට බැරි තරම්ය. විවිධ සංස්කෘතීන් කොපමණ සංඛ්‍යාවක් වීදුරු සෑදීමේ වැඩයෙහි නිරතව සිටිනවාද යන්න ගැන මට අවබෝධයක් නොතිබිණ. නැවතත් ස්තුතියි.
එම්. බී., එක්සත් ජනපදය
හංගේරියාවේ මිදිවතු මාස කිහිපයකට මම ලක්සෙම්බර්ග්හි සුපිරි වෙළඳ සැලක වයින් අංශයේ වැඩ කර ඇත්තෙමි. එබැවින් මා “හංගේරියාවේ මිදිවතුවලට අප සමඟ එන්න” යන ලිපිය කියෙව්වේ ඉමහත් උනන්දුවකිනි. (1995 සැප්තැම්බර් 8, එවේක්!) කෙසේවුවද, ලිපිය නිවැරදි වුවත්, මිදිවල වැඩෙන පුස්වර්ගය (බොට්රිටිස් සිනෙරියා), මිදි වැල්වල වැඩෙන පුස්වර්ගයම බවට ඔබ දක්වන බවක් පෙනෙන්ට තිබූ බව මගේ අධීක්ෂකයෙක් නිරීක්ෂණය කළේය. පසුව සඳහන් කළ පුස්වර්ගය ඇත්තෙන්ම ක්ලෙඩොස්පෝරියම් සෙලාරෙ වශයෙන් හැඳින්වෙන දෙයයි.
බී. පී., ප්‍රංශය
ඔබේ අධීක්ෂක නිවැරදිය, මෙම පැහැදිලි කිරීම වෙනුවෙන් අපි ඔහුට ස්තුති කරන්නෙමු.—සංස්.
දෙවියන්වහන්සේගේ මිතුරෙකු “යෞවන අය අසති . . . දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීම මට උපකාරයක් වේවිද?” යන ලිපිය මගින් මා තුළ කෙතරම් පෙලඹවීමක් ඇති වූවාදැයි ඔබට කීමට මම කැමැත්තෙමි. (1996 පෙබරවාරි 8) මේ අවුරුද්දෙන් වැඩි කාලයක්ම මා ගමන් කරමින් සිටියේ මරණ සෙවණේ මිටියාවතකයි; මා කලකිරී සිටි නිසා, මා තුළ ඉතිරිව තිබූ ආත්ම ගෞරවය පවා හීන වෙමින් පැවතිණ. යාච්ඤා කිරීමටවත්, බයිබලය පාඩම් කිරීමටවත් මට ශක්තියක් තිබුණේ නැත. මගේ ක්‍රිස්තියානි සහෝදරයන් ඉදිරිපත් කළ දිරිගැන්වීම මට එතරම් බලපෑමක් වූයේ නැත. ලිපිය කියවන විට, බොහෝ කලකට පසු මට පළමු වතාවට ප්‍රීතියක් දැනිණ.
එස්. කේ., ජර්මනිය
යෙහෝවඃවහන්සේ යෞවනයන් කෙරෙහි මහත් උනන්දුවක් හා ප්‍රේමයක් දක්වන බව දැනගන්ට ලැබීම සැනසීමකි. ජීවත්ව ඇති කෙටි කාලය තුළදී, මම ස්ත්‍රී දූෂණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ගබ්සා වීම මෙන්ම චිත්තවේගීය හා වාචික පීඩාවලට ගොදුරු වී ඇත්තෙමි. වරක් මම දිවි නසාගැනීමට පවා වෑයම් කළෙමි. එහෙත්, අවසානයේදී, මම ක්‍රිස්තියානි රැස්වීම්වලට නැවත යෑමට පටන්ගත්තෙමි. යාච්ඤාවේ නොකඩවා පැවතීමෙන් හා යෙහෝවඃවහන්සේ වෙත යළිත් වරක් පැමිණීමෙන්, මා උන්වහන්සේගේ සංවිධානයට යළි භාරගනු ලැබිණ. යෙහෝවඃවහන්සේගේ වචනය මට වෙන කිසිම මත්ද්‍රව්‍යයකට වඩා වැඩියෙන් සාමය ගෙන දී තිබේ.
ඩබ්. බී., එක්සත් ජනපදය
තරඟය “බයිබලයේ දෘෂ්ටිකෝණය: ක්‍රීඩාවේදී තරඟ කිරීම වරදක්ද?” (1995 දෙසැම්බර් 8, එවේක්!) නමැති ලිපිය මගේ දහහැවිරිදි පුතාට සැනසීමක් ඉදිරිපත් කළේය. වැඩිමල් පිරිමි ළමුන් කිහිපදෙනෙක් බෝල සෙල්ලම් කිරීමට ඔහුට ආරාධනා කළහ. ඔහුට කෙතරම් දරුණු ලෙස සරදම් කළාද කිවහොත්, ඔහු සෑහෙන කලකිරීමකට පත් වූයේය. ක්‍රිස්තියානීන් ක්‍රීඩා සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් පවත්වාගත යුතු බවත්, ක්‍රීඩාවන් නැවුම්බවක් ගෙන දෙන්නක් මිස කලකිරීමට පත් කරවන්නක් නොවිය යුතු බවත් දැනගැනීමට ලැබීමෙන්, ලිපිය කියවූ අපට සැනසීමක් ලැබිණ. ඇතැම් ක්‍රීඩාවන් ඉතා සැහැසික වී තිබෙන හෙයින්, අපේ බාලයන් සියලුදෙනාම මෙම ලිපිය කියවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
එස්. එච්., එක්සත් ජනපදය
පාසැල් ක්‍රීඩා කණ්ඩායමකට සම්බන්ධ වීම පිළිබඳව මගේ මනස සකස් කරගැනීමට, මෙම ලිපිය මට ඇත්තෙන්ම උපකාරවත් විය. ලිපියෙහි දක්වා තිබූ ශුද්ධ ලියවිලි පද සැබවින්ම කාරණය පැහැදිලිව විස්තර කළේය. සාමාන්‍යයෙන්ම පුහුණුකරන්නන් පවසා සිටින්නේ, වෙර දරා සෙල්ලම් කර ජයගැනීමට බැවින්, මෙම කණ්ඩායමට හවුල්වීම ඉතා තරඟකාරි එකක් වන්ට තිබිණ. අවබෝධය ලබා දුන් ලිපිය වෙනුවෙන් ඔබට ස්තුතියි, එමෙන්ම හොඳ තීරණයක් ගැනීමට අනික් යෞවනයන්ටත් එය උපකාරවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
එල්. එම්., එක්සත් ජනපදය