ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 10/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම් පළමුවන කොටස
    2009 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 10/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

පාසැල්වල අර්බුද මා බස් රථයක් එන තුරු බස් නැවතුම්පොළේ සිටියදී, “පාසැල්වල අර්බුද” නමැති ලිපිය අඩංගු සඟරාව, කෙනෙක් මට ඉදිරිපත් කළේය. (1995 දෙසැම්බර් 22, එවේක්!) ඒ කාරණය ගැන මා මෑතකදී කියවා තිබෙන වෙනත් ඕනෑම පොතකට වඩා මෙය ප්‍රයෝජනදායක බව පැහැදිලි විය. පිබිදෙව්! සඟරාව සඳහා දායකයක් මාගේ නිවසට එවීමට හැකි නම් මම ඒ ගැන ස්තුතිවන්ත වන්නෙමි.

වී. සී., එක්සත් ජනපදය

දිව්‍යාණ්ඩු සේවා පාසැල ගැන සඳහන් කර තිබූ කොටස, මා පාසැලේ සිටි කාලය මට සිහිගැන්වීය. වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට මට සිදු විය, එසේවුවත් ඒ කාලයේදී, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මට තිබුණේ ඉතාමත් සීමිත දැනුමකි. මගේ ඉදිරිපත් කිරීම අවසන් කළ පසු, එයට තමාගේ සිත ඇදී ගිය බවත්, හොඳ අංග චලනයක් හා අසාසිටින්නන් සමඟ දෘෂ්ටි සම්බන්ධයක් ඇති කරගත් එකම තැනැත්තා මා බවත් මාගේ ගුරුවරයා පැවසීය. මට මෙය කිරීමට හැකි වූයේ, රාජ්‍ය ශාලාවේදී දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් අප ලබන විශිෂ්ට පුහුණුව නිසාය.

ජී. ඒ., එක්සත් ජනපදය

මේ ලිපිවලට මා තුළ එතරම් චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇති කිරීමට හැකි වේවියයි මා සිතුවේ නැත. මා පාසැලේ සිටි කාලයේදී, මාගේ දෙමාපියන් ඔවුන්ගේම ගැටලුවලට සිත යොමු කළා මිස, මා වෙනුවෙන් කතා කිරීමට ඔවුන්ට කාලයක් නොතිබිණ. ඒ නිසා පාසැලේ සිටින විට මට සෑහෙන තනිකමක් දැනිණ. යෙහෝවඃවහන්සේ යෞවන අයට ප්‍රේම කරන බවත්, මේ ලෝකයේ තනිකමක් ඔවුන්ට හැඟෙනවාට උන්වහන්සේ කැමති නැති බවත් මෙවන් ලිපිවලින් මම තේරුම්ගත්තෙමි.

එම්. එම්., එක්සත් ජනපදය

මාලි “මාලිහි අලුත්ම අද්දැකීම” නමැති ලිපිය විශිෂ්ට ලිපියකි. (1995 දෙසැම්බර් 22, එවේක්!) මා එය තුන්වතාවක්ම කියවා ඇත. මිෂනාරිවරයෙකු වීමට මගේ තත්වයන් මාහට ඉඩ සලසයි නම් එයට මා කොතරම් කැමතිද! අපට තිබෙන පහසුකම් හුඟදෙනෙකුට නැති වුවත් ඔවුන් සන්තෝෂයෙන් සිටින බව තේරුම්ගැනීමට මට මේ ලිපිය උපකාරවත් විය. කොතරම් කාලෝචිත සිහිගැන්වීමක්ද!

ඩී. එල්., එක්සත් ජනපදය

පියාඹන පර්වත දින කිහිපයකට කලින්, උල්කාපාතයක් සහ උල්කාශ්මයක් අතර වෙනස ගැන මම කල්පනා කළෙමි. මේ හා සම්බන්ධ සැබෑ තොරතුරු පැහැදිලි කළ “පියාඹන පර්වත” නමැති ලිපිය කියෙවූ විට, මා පුදුමයට පත්වීම ගැන සිතා බලන්න. (1995 දෙසැම්බර් 8, එවේක්!) යෙහෝවඃවහන්සේගේ මැවීම ගැන අපව දැනුවත් කරන ලිපි පළ කිරීම ගැන ඔබට ස්තුතියි.

ආර්. පී., ස්විට්සර්ලන්තය

ඇන්ඩෲගෙන් ඉගෙනගැනීම මොන්ගෝල්භාවයෙන් පෙළෙන යෞවනයෙකු ගැන පවසා තිබූ, “අප ඇන්ඩෲගෙන් ඉගෙනගත් දෙය” නමැති ලිපිය මා කියවා අවසන් වූවා පමණි. (1995 දෙසැම්බර් 8, එවේක්!) අපටත් මානසික ආබාධයකින් පෙළෙන දරුවෙකු සිටී, ඇන්ඩෲගේ දෙමාපියන් පවසන දේවල් බොහොමයක් අපට හැඟෙන ආකාරයට සමානය. මානසික ආබාධ තිබෙන දරුවෙකු සිටීමෙන් පවුලේ සාමාජිකයන්ට ඇති වන මානසික පීඩනය නිසා අද්දකින විශේෂ දුෂ්කරතාවන් වටහාගැනීමට අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ට බොහෝවිට අමාරුය. ලිපිය පළ කිරීම ගැන බොහොම ස්තුතියි.

ජේ. බී., එංගලන්තය

මේ ලිපිය ඔබ පළ කර තිබෙන ලිපිවලින් වඩාත් හැඟීම් දනවනසුලු එකක් කියා මට හැඟේ. යම් අවහිරතාවලින් පෙළෙන අයව අප සැලකිය යුතු ආකාරය ගැන පිටු තුනකින් සම්පූර්ණ කතාවක්ම ඉදිරිපත් කර තිබිණ. මිනිස් සබඳතා ගැන ගැඹුරු පාඩමක් එයින් ඉදිරිපත් කෙරිණ.

එම්. එල්., ස්පාඤ්ඤය

මේ වසර මුලදී, මගේ බිරිඳ මොන්ගෝල්භාවය ලෙස හඳුන්වන මානසික ආබාධයෙන් පෙළෙන දරුවෙකු බිහි කළාය. ඇන්ඩෲගේ දෙමාපියන්ට සිදු වූවාක් මෙන්ම, තම දරුවා ආබාධිතයෙකු බව දැනගැනීමෙන් අද්දකින හැඟීම් අපිත් අද්දුටුවෙමු—එනම් කලකිරීම, ශෝකය මෙන්ම වර්තමානය හා අනාගතය පිළිබඳ ප්‍රශ්නවලට අපට මුහුණ දීමට සිදු විය. අපේ දරුවා ආබාධිතයෙකු බව පිළිගැනීමට අපගේ පැත්තෙන් හැකි වී තිබේ. ඔහුට ළඟදීම මාස හය සම්පූර්ණ වේ, ඔහුගේ තත්වය හොඳ අතට හැරෙමින් පවතී. ඔහු ඉපදී දිනකට පසු, අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුගේ පැමිණීමෙන් මගේ බිරිඳට ඇත්තෙන්ම ඉමහත් සතුටක් දැනිණ. ආත්මික පවුලක සාමාජිකයෙකු වීමෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද කියා අපට හොඳින් වැටහිණ. අපගේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේමයට අමතරව, යෙහෝවඃවහන්සේත් සිටී. මේ ලිපිය පළ කිරීම ගැන ඔබට ස්තුතියි.

ජී. සී., ප්‍රංශය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න