ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 10/8 22-24 පි.
  • ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ පිළිතුරු
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඈ යෙහෝවඃවහන්සේගෙන් බොහෝ කරුණාව ලැබුවාය
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම යෙහෝවා දෙවිගේ දාසියක් පමණයි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඇය හදවත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දරාගත්තා
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 10/8 22-24 පි.

ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

යේසුස්වහන්සේගේ මව වූ මරියා ගැන, ඇත්තෙන්ම බයිබලයේ පවසන්නේ කුමක්ද? පියාණන් දෙවියන්වහන්සේ, පුත්‍රයාණන් දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන් දෙවියන්වහන්සේ වන නමුත්, ඔවුන් දෙවිවරුන් තුන්දෙනෙකු නොව, එක තැනැත්තාණන් තුළ තුන්දෙනෙකු යන ඉගැන්වීම ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ ඇදහිලිවන්තයන් තදින් විශ්වාස කරන්නකි. වෙනත් අන්දමකින් පවසතොත්, මෙය ත්‍රිත්වයයි. එමනිසා ක්‍රිස්තියානි මණ්ඩලයේ වැඩි කොටසකට (කතෝලික, එංගලන්ත සභාව හා ඔර්තඩොක්ස්), යේසුස්වහන්සේගේ මව වූ මරියාව “දේවමෑණියන්” වශයෙන් විශ්වාස කිරීමට මෙම ඉගැන්වීම තර්කානුකූලව මඟ පෑදීය. එය ඇත්තෙන්ම එසේද? යේසුස්වහන්සේ තම මවව සැලකුවේ කෙසේද? ගෝලයන් ඇයව සැලකුවේ කෙසේද? අපි බයිබලය පිළිතුරු දෙන අන්දම බලමු:

1. මරියා ගැන බයිබලයේ පළමුවෙන්ම සඳහන් කරන්නේ කොතැනද?—මතෙව් 1:16.

2. යේසුස්වහන්සේ ඉපදුණු අවස්ථාවේදී මරියා අදහමින් සිටියේ කුමන ධර්මයද?—ලූක් 2:39, 41.

3. මරියා ඇගේ පාප සඳහා පූජාවක් ඔප්පු කළාද?—ලූක් 2:21-24; සසඳන්න, ලෙවී කථාව 12:6, 8.

4. යේසුස්වහන්සේව පිළිසිඳගත් අවස්ථාවේදී මරියා කන්‍යාවකව සිටියාද? එසේ වීම වැදගත් වූයේ මන්ද?—මතෙව් 1:22, 23, 25; ලූක් 1:34; යෙසායා 7:14; හෙබ්‍රෙව් 4:15.

5. මරියා ගර්භිණි වූයේ කෙසේද?—ලූක් 1:26-38.

6. මරියා ඇගේ අසහාය තත්වයන්ට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?—ලූක් 1:46-55.

7. මරියා සැලකිලිමත් මවක බව පෙන්නුම් කළේ කෙසේද?—ලූක් 2:41-51.

8. පසු කලකදී මරියාට වෙනත් දරුවන් සිටියාද?—මතෙව් 13:55, 56; මාර්ක් 6:3; ලූක් 8:19-21; යොහන් 2:12; 7:5; ක්‍රියා 1:14; 1 කොරින්ති 9:5.

9. යේසුස්වහන්සේගේ සහෝදරයන් හා සහෝදරියන් ඇත්තෙන්ම උන්වහන්සේගේ ඥාති සහෝදර සහෝදරියන් නොවූ බව අප දන්නේ කෙසේද?—සසඳන්න, මාර්ක් 6:3; ලූක් 14:12; සහ කොලොස්සි 4:10.

10. යේසුස්වහන්සේ මරියාව “දේවමෑණියන්” ලෙස සැලකූසේක්ද?—යොහන් 2:3, 4; 19:26.

11. මරියා, තමාවම “දේවමෑණියන්” ලෙස සැලකුවාද?—ලූක් 1:35; යොහන් 2:4, 5.

12. යේසුස්වහන්සේ තම මවට විශේෂ ප්‍රණාමයක් හෝ ගෞරවයක් දුන්සේක්ද?—මාර්ක් 3:31-35; ලූක් 11:27, 28; යොහන් 19:26.

13. මරියා යෙහෝවඃවහන්සේගේ අරමුණ තුළ ඇගේ කාර්යභාරය සැලකුවේ කෙසේද?—ලූක් 1:46-49.

14. මරියා දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර මැදහත්කාරියක්ද?—1 තිමෝති 2:5.

15. බයිබලයේ පොත් 66න් මරියා ගැන සඳහන් වන්නේ පොත් කීයකද?

16. ක්‍රිස්තියානි ලේඛකයෝ තම පොත් හා ලිපි ලියන විට මරියාව උසස් කොට දැක්වූවෝද?—යොහන් 2:4; 2 කොරින්ති 1:1, 2; 2 පේතෘස් 1:1.

17. පාවුල්, පේතෘස්, යාකොබ්, යොහන් හා යූද් විසින් ලියනු ලැබූ ලිපි 21හි මරියා ගැන කොපමණ වතාවක් සඳහන් වේද?

18. යේසුස්වහන්සේගේ අනුගාමිකාවක වශයෙන් මරියාගේ බලාපොරොත්තුව කුමක් වීද?—1 පේතෘස් 2:5; එළිදරව් 14:1, 3.

19. උත්පත්ති 3:15හි හා එළිදරව් 12:3-6හි යොමු දක්වා ඇති ස්ත්‍රිය මරියාද?—යෙසායා 54:1, 5, 6; ගලාති 4:26.

20. මරියාගේ වත්මන් තත්වය කුමක්ද?—2 තිමෝති 2:11, 12.

බයිබලයේ පිළිතුරු

1. “යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක.”—මතෙව් 1:16.

2. “ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය. උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය.” (ලූක් 2:39, 41) යුදෙව්වන් හැටියට, ඔවුහු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුගමනය කළහ.

3. “මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි . . . ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස, උන්වහන්සේ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස . . . ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.” (ලූක් 2:22-24) “පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය. බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීය.”—ලෙවී කථාව 12:6, 8.

4. “ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු [යෝසෙප්] ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.” (මතෙව් 1:25) “මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය.” (ලූක් 1:34) “ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.” (යෙසායා 7:14) “අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.”—හෙබ්‍රෙව් 4:15.

5. “දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මය . . . නුඹ කෙරෙහි පැමි[ණේ], මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය. . . . මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.”—ලූක් 1:35, 37.

6. “මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය. . . . බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක: උන්වහන්සේගේ නාමය ශුද්ධය.”—ලූක් 1:46, 47, 49.

7. “ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය. එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක.”—ලූක් 2:48, 49.

8. “මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවුගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවෙද්ද? මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද?” (මතෙව් 13:55, 56) “උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද [ග්‍රීක්, අ·ඩෙල්·ෆොයිʹ] ගෝලයෝද [ග්‍රීක්, මා·තෙ·ටායිʹ] කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත.”—යොහන් 2:12.

9. සහෝදරයා හා ඥාති සහෝදරයා සඳහා වෙනස් ග්‍රීක් වචන තිබේ. “මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද [ග්‍රීක්, අ·ඩෙල්·ෆොස්ʹ] වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ [ග්‍රීක්, අ·ඩෙල්·ෆායිʹ] මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.” (මාර්ක් 6:3) “නෑයන්වත් [ග්‍රීක්, සිං·ගෙ·නෙයිස්ʹ] . . . නොකැඳවන්න.” (ලූක් 14:12) “බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ [ග්‍රීක්, අ·නි·ප්සි·ඔස්ʹ] මාර්ක් . . . ” (කොලොස්සි 4:10)—ද කිංඩම් ඉන්ටර්ලීනියර් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද ග්‍රීක් ස්ක්‍රිප්චර්ස්.

10. “යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.” “යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා!” (යොහන් 2:4; 19:26) එම වකවානුවේදී, “ස්ත්‍රිය” කියා ඇමතීම අගෞරව කිරීමක් නොවීය.

11. කිසිම බයිබල් පාඨයක “දේවමෑණියන්” යන්න භාවිත කර නැත.

12. “එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය. උන්වහන්සේද කථාකොට: [නැත, NW], ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.”—ලූක් 11:27, 28.

13. “මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.”—ලූක් 1:46, 48.

14. “මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය.”—1 තිමෝති 2:5.

15. පහකය—එනම් මතෙව්, මාර්ක්, ලූක්, යොහන් හා ක්‍රියාවලය. “මරියා” ලෙස 19 වාරයක්ද, යේසුස්වහන්සේගේ “මව” ලෙස 24 වාරයක්ද, “ස්ත්‍රිය” ලෙස දෙවරක්ද ඇය ගැන සඳහන් වේ.

16. සුවිශේෂ පොත් හතරේ ලේඛකයන් හැර, වෙන කිසිවක—ප්‍රේරිතයන්ගේ ලිපිවල හැඳින්වීමේ පවා—මරියා ගැන සඳහන් නොවේ. “දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද . . . අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.” (2 කොරින්ති 1:1, 2) “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන්.”—2 පේතෘස් 1:1.

17. එක වතාවක්වත් නැත.

18. “නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය.” (1 පේතෘස් 2:5) “තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. ඔව්හු සිංහාසනය ඉදිරියෙහි . . . අලුත් ගීතිකාවක් ගායනාකළෝය. ඒ ගීතිකාව එක්ලක්ෂ සතළිස් සාර දහසට, එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙනගන්ට නොහැකිවිය.”—එළිදරව් 14:1, 3.

19. “දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.” (යෙසායා 54:1, 5) “ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.” (ගලාති 4:26) දෙවියන්වහන්සේගේ සංකේතාත්මක ස්ත්‍රිය එනම් ස්වර්ගික සියොන් වන යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානය, ස්ත්‍රියකට හා මවකට සමාන කර ඇති අතර, මෙම පාඨවල සඳහන් “ස්ත්‍රිය” ඇය වේ.

20. “මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත්වන්නෙමුව. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.” (2 තිමෝති 2:11, 12) මරියා මරණය දක්වා විශ්වාසවන්තව සිට ඇත්නම්, ඈ දැන් ස්වර්ගයෙහි ක්‍රිස්තුස්වහන්සේ සමඟ පාලනය කරන 1,44,000දෙනාට අයත් අනික් අය සමඟ පාලනය කරන්නීය.—එළිදරව් 14:1, 3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න