මෙය කිනම් රට විය හැකිද?
අල්ලස් ගැනීම, දූෂණය සහ දිළිඳුභාවය අප්‍රිකානු සහ ලතින්-අමෙරිකානු රටවලට සීමා වූ දේවල් ලෙස සංවර්ධිත රටවල සිටින මිනිස්සු සාමාන්‍යයෙන් සලකති. එමනිසා, මතු සඳහන් වන උපුටනය අදාළ වන්නේ කිනම් රටටද?
“ආණ්ඩුවේ මන්ත්‍රීවරු බොරු කියති, ව්‍යාපාරිකයෝ දූෂණය හේතුවෙන් සිරඅඩස්සියට ගනු ලබති, සිවිල් සේවකයෝ අල්ලස් ගෙන හසු වෙති, දේශපාලනය අවනම්බුවට ලක් වේ, [දේශපාලනඥයන්ව] දකින්ට ලැබෙන්නේ අවමන් සහිත, බීමත් වූ, කාම රාගයෙන් පෙළෙන . . . අය ලෙසය. රට පුරා, මංකොල්ලය නැවතත් නිතර සිදු වේ. . . . සාමාන්‍යයෙන් දකින්ට ලැබෙන අපරාධවලට අමතරව, කර්මාන්තවල, මූල්‍යමය කටයුතුවල හා පොදුජන සේවයේ දූෂණ රැල්ලක් දක්නට ලැබේ. . . . මිනිසුන් මිලියන 11කට පමණ ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා තුනක් හෝ ඊට වැඩි ගණනක් නැත, . . . ඇරත් උග්‍ර දිළිඳුකමින් ජීවත් වන අයගේ සංඛ්‍යාව—එනම් අත්‍යවශ්‍ය දේවල් හතක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නොමැති අයගේ සංඛ්‍යාව—මිලියන 2.5 සිට මිලියන 3.5 දක්වා ඉහළ ගොස් තිබේ.”—ෆිලිප් නයිට්ලී, දි ඔස්ට්‍රේලියන් මැගසීන්.
ඔබගේ පිළිතුර හරිද? පිළිතුර බ්‍රිතාන්‍යය වේ. එහෙත් ඉහත සඳහන් විස්තරය, රටවල් ගණනාවකට අදාළ කළ හැකි අපගේ කාලය සම්බන්ධයෙන් දිය හැකි දුක්ඛිත වාර්තාවකි. අප සියලුදෙනාටම, යහපත්, අවංක, ධර්මිෂ්ඨ පාලනයක් කෙතරම් අත්‍යවශ්‍යද! එසේය, “ඔබගේ රාජ්‍යය ඒවා” යනුවෙන් යාච්ඤා කිරීමට යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ඉගැන්වූ එම රාජ්‍යය මාර්ගයෙන් වූ දෙවියන්වහන්සේගේ පාලනය අපට අවශ්‍ය වේ.—මතෙව් 6:9ආ, 10.