කන්‍යාභාවය—මන්ද?
නහඹරයන් වැඩි වයසට පත් වන තුරු ඔවුන් අතර ලිංගික ක්‍රියාකාරකම් කල්දැමීම සඳහා වැඩි නැඹුරුවාවක් පෙනෙන්ට තිබේ. බානාර්ඩ් විද්‍යාලය/කොලම්බියාහි විශ්වවිද්‍යාලයේ ආගම පිළිබඳව කුලපති රැන්ඩල් බාමර් විසින් එය “කන්‍යාභාවයේ ලබ්ධිය” වශයෙන් හඳුන්වනු ලැබේ.
ලිංගික ක්‍රියාවලින් වැළකීමට වැඩි වශයෙන්ම පොලඹවන්නේ ආගමික සංවිධාන බව පුදුමයක් නොවේ. “එහෙත් කන්‍යාභාවයේ ලබ්ධිය පිටුපස ක්‍රියාත්මක වන බලය ආගමික එකක් නොව ලෞකික එකක් බවට” ආචාර්ය බාමර් පෙන්නුම් කරයි. “කන්‍යාභාවයේ රැඳී සිටීමට සැබෑ පෙලඹවීම බියවීමය—එනම් දිව්‍යමය ඵලවිපාකයට බියවීම නොව, නමුත් මාරාන්තික රෝගවලට බියවීමය.” ආගමික පරමාදර්ශයක් ලෙස වැළකී සිටිය යුතු බවට පෙන්නුම් කරන “කන්‍ය මරියාගේ ලබ්ධිය” හා වැඩි වශයෙන්ම සෞඛ්‍ය හේතු මත වැළකී සිටීමක් පෙන්වන නවීන-දින “කන්‍යාභාවයේ ලබ්ධිය” අතර වෙනස ඔහු පෙන්වා දෙයි.
“එක්දාස් නවසිය අනූගණන්වල ආගමේ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී, සදාචාරය පාලනය වන්නේ රෝගවලට ඇති බිය මගින් බව පැවසීමට ලැබීම කනගාටුදායක දෙයකි,” යයි ආචාර්ය බාමර් තවදුරටත් පවසයි. “තරහ කරගැනීමෙන් වැළකීමට ආගමික නායකයන් කෙතරම් කැමැත්තක් දක්වනවාද කිවහොත්, ලිහිල් සදාචාරත්වයක් හෝ සදාචාරයන් කොහෙත්ම නැති තත්වයක් සඳහා යෝජනා හඳුන්වා දී ඇත. මේ හේතුවෙන් නහඹරයන්ට තම ලිංගික ජීවිත හසුරුවාගන්නා ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දීමට විද්‍යාඥයන්ට හා මහජන සෞඛ්‍ය නිලධාරීන්ට ඉඩහැර ඇත.”
අව්‍යාජ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් තත්වය මෙය නොවේ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස ඇති දැඩි කරනු ලබන නහඹරයෙකු වන චැඩ් ගැන කල්පනා කර බලන්න. ගැහැනු ළමයෙක් පැමිණ චැඩ් සමඟ සංවාදයක් ඇරඹුවාය. ඇගේ අදහස නිකම් කතා කිරීමට පමණක් සීමා නොවූ බව වැඩි වේලාවක් යෑමට පෙර පැහැදිලි විය. “මට යෙහෝවඃවහන්සේව දුකට පත් කරන්න බැරි බව එකපාරටම මගේ හිතට ආවා. යෙහෝවඃවහන්සේව නිරතුරුවම සතුටු කරන්න ඕනේ කියන හැඟීමෙන්, මම යනවා කියලා මා ඇයට කිව්වා” යයි චැඩ් පවසයි.
චැඩ් මෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර බොහෝ යෞවනයෝ හොඳ සෞඛ්‍යයක් පවත්වාගැනීමටම පමණක් නොව, මූලිකවම තම මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේව සතුටු කිරීම සඳහා කදිම සදාචාරයන් පවත්වාගනිති. ඔවුන්ගේ සදාචාරත්වය පාලනය වන්නේ රෝගවලට බිය හේතුවෙන් නොවේ. ඒ වෙනුවට, එවැනි යෞවනයෝ දේශනාකාරයා 12:1හි ඇති මෙම අවවාදය අනුගමනය කරති: “නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න.”