අභියෝගයට මුහුණ දීම
වසර ගණනාවක් පුරා ADHD සඳහා පිළියම් කිහිපයක් යෝජනා කර තියෙනවා. මෙයින් සමහරක් ආහාර වේල මත යොමු වී තියෙනවා. කෙසේවෙතත්, සමහර අධ්‍යයන යෝජනා කරන්නේ, ආහාරයට එකතු කරන දේවල් සාමාන්‍යයෙන් අධික්‍රියාශීලිත්වය ඇතිවීමට හේතුවක් නොවන අතර, පෝෂ්‍ය පදාර්ථ අඩංගු ද්‍රාවණ බොහෝවිට බලපෑම් රහිතයි කියලයි. ADHDවලට වෙදකම් කරන අනිකුත් ක්‍රම නම්, වෛද්‍ය ප්‍රතිකාර, හැසිරීම වෙනස් කිරීම සහ ඥානාත්මක පුහුණුවa යන ඒවායි.
වෛද්‍ය ප්‍රතිකාර. පෙනෙන ආකාරයට ADHDවලට මොළයේ මන්ද ක්‍රියාකාරිත්වයක් ඇතුළත් වන නිසා, නිසි රසායනික සමබරතාවක් පිහිටුවන ඖෂධ ගැනීම බොහෝදෙනෙකුට උපකාරවත් වී තියෙනවා.b කෙසේවෙතත්, වෛද්‍ය ප්‍රතිකාර, ඉගෙනීමේ තැන ගන්නේ නැහැ. එය දරුවාට අවධානය යොමු කරන්න උපකාර කරනවා වගේම, අලුත් දක්ෂකමක් ඉගෙනගැනීමට පදනමක් සපයනවා විතරයි.
ADHDවලින් පෙළෙන බොහෝ වැඩිහිටියන්ට ඒ විදිහෙ ප්‍රතිකාර නිසා උපකාර ලැබිල තියෙනවා. කෙසේවෙතත්, සමහරක් උත්තේජක බෙහෙත් ඇබ්බැහි කරවනසුලු විය හැකි නිසා යෞවනයන් සහ වැඩිහිටියන් පරෙස්සම් විය යුතුයි.
හැසිරීම වෙනස් කිරීම. දරුවෙකුට ADHD තිබුණු පළියට, දෙමාපියන් ඔහුව හික්මවන්න තියෙන වගකීමෙන් නිදහස් වෙන්නේ නැහැ. දරුවාට මේ කාරණය සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතාවන් තිබුණත්, දෙමාපියන්ට බයිබලය අනුශාසනා කරන්නේ මෙහෙමයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” (හිතෝපදේශ 22:6) යෝර් හයිපරැක්ටිව් චයිල්ඩ් (ඔබේ අධික්‍රියාශීලී දරුවා) යන ඇගේ පොතේ බාබ්රා ඉන්ගසෝල් මෙහෙම සඳහන් කරනවා: “දෙමාපියෙක් තමාගේ අධික්‍රියාශීලී දරුවා සම්බන්ධ වගකීම් නිකම්ම අතහැරලා, දරුවට ‘වල්මත් වෙන්න’ හැරීමෙන්, දරුවාට කිසිම උපකාරයක් කරන්නේ නැහැ. අනිත් ඕනෑම දරුවෙකුට වගේ, අධික්‍රියාශීලී දරුවෙකුටත් නිරන්තර හික්මවීම සහ පුද්ගලයෙක් වශයෙන් ලබා දිය යුතු ගෞරවය අවශ්‍ය වෙනවා. මෙයින් අදහස් කරන්නේ, නිශ්චිත සීමා, සුදුසු විපාක සහ දඬුවම් යනාදියයි.”
එමනිසා දෙමාපියන් විසින් පැහැදිලි මඟ පෙන්වීමක් නිරන්තරව සැපයීම ඉතා වැදගත්. තවදුරටත්, දෛනික කටයුතුවලදී ස්ථිර පිළිවෙළක් තිබීම අවශ්‍ය වෙනවා. ගෙදර වැඩ, පාඩම්, නෑම ආදි දේ සඳහා කාලය ඇතුළත් කර කාලසටහනක් සකස් කරද්දී, දරුවාට යම් ඉඩ කඩක් දෙන විදිහේ එකක් සකස් කරන්න දෙමාපියන් කැමති වෙන්න පුළුවන්. ඉන්පසු එය නොකඩවා පවත්වාගෙන යන්න. දිනචර්යාවට ඇලී සිටින බවට සහතික වන්න. ෆයි ඩෙල්ටා කප්පන් සඳහන් කරන්නේ: “ADD හෝ ADHD තියෙන බව සොයාගත් පසු එය හික්මවීම වැළැක්වීමට බලපත්‍රයක් නොව, නමුත් එම දරුවාට සුදුසු මඟ පෙන්වීම ලැබීම සඳහා පැහැදිලි කිරීමක් බව ගැටලුව ඇති දරුවාටත් දරුවාගේ දෙමාපියන්ටත් පැහැදිලි කිරීම සඳහා, වෛද්‍යවරුන්ටත් මානසික වෛද්‍යවරුන්ටත් පාසැල් නිලධාරීන්ටත් ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා” කියලයි.
ඥානාත්මක පුහුණුව. දරුවාට තමා ගැනත් තමාගේ අක්‍රමිකතාව ගැනත් ඇති ආකල්පය වෙනස් කරගැනීමට උපකාර කිරීම මීට ඇතුළත් වෙනවා. ඌන අවධාන අක්‍රමිකතාවෙන් පෙළෙන අය, තමන් “ආකර්ෂණීය, බුද්ධිමත් සහ හොඳ හිතක්” ඇති අය වුණත්, ඔවුන්ට හැඟෙන්නේ තමන්, “අවලක්ෂණ, මෝඩ සහ කිසිකමකට නැති කෙනෙක්” හැටියටයි කියා වෛද්‍ය රොනල්ඩ් ගෝල්ඩ්බ’ග් නිරීක්ෂණය කරනවා. එමනිසා, තමන්ගේ වටිනාකම පිළිබඳව නිසි දෘෂ්ටියක් ඇති කරගැනීම සහ ඔහුගේ අවධානය පිළිබඳ දුෂ්කරතාව පාලනය කරගන්න හැකි බව ADD හෝ ADHD තියෙන දරුවෙකු දැනගැනීම අවශ්‍යයි. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ යොවුන්වියේදියි. ADHD දරුවෙකු නහඹරවියට පා නඟනවාත් එක්කම තුල්‍යයන්ගේ, ගුරුවරුන්ගේ, සහෝදර සහෝදරියන්ගේ සහ සමහරවිට දෙමාපියන්ගේ පවා විවේචනවලට ලක්වීමට ඉඩ තියෙනවා. දැන් ඔහුට සැබෑ ඉලක්ක තබාගෙන තමන්ව රළු ලෙස විනිශ්චය කරගන්නවා වෙනුවට, තමාව සාධාරණ විදිහට සලකන්න අවශ්‍ය වෙනවා.
ADHDවලින් පෙළෙන වැඩිහිටියන්ට පවා ඉහත කී ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමට පුළුවන්. “වයස අනුව වෙනස්කම් කිරීම අවශ්‍ය වුණත්, ප්‍රතිකාරවල අත්තිවාරම්, ඒ කියන්නේ, යෝග්‍ය අවස්ථාවන්හිදී වෛද්‍ය ප්‍රතිකාර කිරීම, හැසිරීම වෙනස් කරගැනීම සහ ඥානාත්මක [පුහුණුව], ජීවන චක්‍රය පුරාම වලංගු එළඹීම් සේ පවතිනවා” කියා වෛද්‍ය ගෝල්ඩ්බ’ග් ලියනවා.
සහයෝගය සැපයීම
ADHDවලින් පෙළෙන නහඹරයෙකුගේ පියෙක් වන ජෝන්, සමාන තත්වයේ සිටින දෙමාපියන්ට පවසන්නේ මෙහෙමයි: “මේ ගැටලුව ගැන ඉගෙනගන්න පුළුවන් හැම දෙයක්ම ඉගෙනගන්න. දැනුම් තේරුම් ඇතුව තීරණ ගන්න. ඔක්කොටම වඩා දරුවාට ආදරේ කරන්න, එයාගෙ ආත්ම ගරුත්වෙ ගොඩනඟන්න. හීනමානය එයාව විනාශ කරල දානවා.”
ADHD දරුවාට අවශ්‍ය තරම් සහය දීමට නම්, දෙමාපියන් දෙදෙනාම සහයෝගයෙන් සිටිය යුතුයි. ADHDවලින් පෙළෙන ළමයාට ඇති අවශ්‍යතාවක් ගැන වෛද්‍ය ගෝඩ්න් ස’ෆොන්ටයින් මෙහෙම ලියනවා: “පවුලේ කට්ටිය ඔහුට ප්‍රේම කරනවා කියාත්, එම ප්‍රේමය දෙමාපියන් අතර තියෙන ප්‍රේමයෙන් එනවා කියාත් ඔහු දැනගත යුතුයි.” (ඇල අකුරු අපේය.) අවාසනාවකට, ඒ වගේ ආදරයක් සැමවිටම නිරූපණය වෙන්නේ නැහැ. වෛද්‍යවරයා තවදුරටත් කියන්නේ, “[ADHDවලින් පෙළෙන දරුවෙක්] සිටින නිවසක, විවාහයේ එකඟ නොවීම් සහ බිඳවැටීම් සාමාන්‍ය ජනගහනයේ පවතින මට්ටමට වඩා සියයට 33ක් විතර වැඩියි” කියලයි. එවැනි එකඟ නොවීම් වළකාලීමට ADHD දරුවෙකු හදා වඩා ගන්නා පියෙකුට විශිෂ්ට කාර්යභාරයක් රඟන්න සිදු වෙනවා. මව මතම සම්පූර්ණ වගකීම නොපැටවිය යුතුයි.—එපීස 6:4; 1 පේතෘස් 3:7.
පවුලට සම්බන්ධ නැති වුණත් කිට්ටු මිතුරන් අතිවිශාල සහයෝගයක් විය හැකියි. ඒ කොහොමද? කලින් සඳහන් කළ ජෝන් මෙහෙම කියනවා: “කරුණාවන්ත වෙන්න; ඔබේ ඇහැට පෙනෙන දෙයට වඩා ඔබ්බෙන් බලන්න. දරුවාව දැනහඳුනා ගන්න. දෙමාපියන් එක්කත් කතා කරන්න. ඔවුන් කොහොමද? එදිනෙදා කටයුතුවලදී මුහුණ දෙන තාඩන පීඩන මොනවාද?”—හිතෝපදේශ 17:17.
ADHDවලින් පෙළෙන දරුවාටත් ඔහුගේ දෙමාපියන්ටත් සහයෝගය දෙනු වස් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒ කොහොමද? ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලදී සාධාරණ වීමෙනුයි. (පිලිප්පි 4:5, NW) සමහර අවස්ථාවලදී, ADHD දරුවෙකු බාධා කරනසුලු විය හැකියි. “ඇයි ඔයාට ඔයාගෙ දරුවව පාලනය කරගන්න බැරි?” නැත්නම් “ඇයි ඔයා ඒ ළමයව හික්මවන් නැත්තේ?” වැනි රළු බස් කියනවාට වෙනුවට, ADHD දරුවෙක් හදා වඩා ගන්න දෙමාපියන්හට දිනපතා ඇති දරාගන්න අමාරු කාර්යභාරය ගැන, අවබෝධයෙන් යුත් සෙසු ඇදහිලිවන්තයෙක් වටහාගන්න යනවා. දරුවාගේ බාධා කරනසුලුභාවය සීමා කිරීමට තමන්ට හැකි සෑම දෙයක්ම දෙමව්පියන් කළ යුතු බව ඇත්තයි. කෙසේවෙතත්, වේදනාවෙන් වාචික ප්‍රහාර එල්ල කරනවා වෙනුවට, ඇදහිල්ලේ සිටින අය “සහෝදර ස්නේහය” පෙන්වීමට වෑයම් කළ යුතු අතර, “ආශීර්වාදම” කළ යුතුයි. (1 පේතෘස් 3:8, 9) ඇත්තවශයෙන්ම, දෙවි “යටහතුන් සනසන්[නේ]” අනුකම්පාසහගත සෙසු ඇදහිලිවන්තයන් මාර්ගයෙනුයි.—2 කොරින්ති 7:5-7.
ඉගෙනීමේ විකලතා සහ ADHD ඇතුළු සියලුම මිනිස් අසම්පූර්ණකම් මුල් මිනිසා වන ආදම්ගෙන් උරුම වී ඇති බව බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගන්නවා. (රෝම 5:12) සංවේගය ඇති කරවන රෝග තවත් නැති ධර්මිෂ්ඨ නව ලොවක් ගෙන ඒම පිළිබඳ තම පොරොන්දුව මැවුම්කාර යෙහෝවා ඉෂ්ට කරන බව ඔවුන් දන්නවා. (යෙසායා 33:24; එළිදරව් 21:1-4) ADHD වැනි ආබාධිත තත්වයන්ගෙන් පෙළෙන අයට මෙම සහතිකය ඉමහත් රුකුලක් දෙන නැංගුරමක්. “වයස, පුහුණුව සහ අද්දැකීම්, අපේ පුතාගේ අක්‍රමිකතාව පාලනය කරන්නත් එය තේරුම්ගන්නත් එයාට උපකාර කරනවා” කියලා ජෝන් කියනවා. “මේ පිළිවෙළේදී නම් එයාව කොහොමටවත් නිට්ටාවටම සුව කරන්න හම්බ වෙන්නේ නැහැ. අපේ දවස්පතා සහනය තමයි, නව ලෝකයේදී යෙහෝවා අපේ පුතාගේ ආබාධය හරිගස්සලා ජීවිතය සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න හැකි කරවනවා කියන එක.”
[පාදසටහන්වල]
a පිබිදෙව්! යම් ආකාරයක විශේෂිත ප්‍රතිකාරයකට පක්ෂව කතා කරන්නේ නැහැ. ඔවුන් ගන්නා ඕනෑම බෙහෙතක් බයිබල් ප්‍රතිපත්ති සමඟ ගැටෙනවාද කියන එක ගැන ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුතුයි.
b වෛද්‍ය ප්‍රතිකාරවල අප්‍රසන්න අතුරු ඵල ලෙස, කලකිරීම සහ වෙනත් සමහර මානසික ගැටලු සමහරු අද්දකිමින් සිටිනවා. තවදුරටත්, උත්තේජක බෙහෙත්, ටූරට් සංධාවය වැනි ගැහෙන ආබාධ ඇති අයගේ අවයව ගැහෙන එක උග්‍ර කරන්න පුළුවන්. එමනිසා ප්‍රතිකාර වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත පාලනය කිරීම අවශ්‍යයි.
[8වන පිටුවේ කොටුව]
දෙමාපියන්ට අවවාද වචනයක්
සෑම දරුවෙකුම වගේ හුඟක් වෙලාවට නොසැලකිලිමත්, ආවේගකරයි එමෙන්ම අධික්‍රියාශීලියි. මේ ලක්ෂණ තිබුණු පළියටම ADHD ඇති බවට කොයිවෙලේත් අඟවන්නේ නැහැ. ආචාර්ය ස්ටැන්ටන් ඊ. සමනෝ ඔහුගේ බිෆෝ ඉට්ස් ටූ ලේට් (ප්‍රමාද වීමට පෙර) කියන පොතේ සඳහන් කළේ මෙහෙමයි: “කම්මැළි දරුවෙක් යම් දුබලතාවකින් හෝ ඔහුගේ වරදෙන් නොවුණු තත්වයකින් දුක් විඳිනවායයි සිතන නිසා, එය නොකිරීමට හේතු ඉදිරිපත් කරන අනන්ත අප්‍රමාණ අවස්ථා මම දැකල තියෙනවා.”
පරීක්ෂාකාරි වීමට අවශ්‍යතාවක් වෛද්‍ය රිචඩ් බ්‍රොම්ෆිල්ඩ් පවා දකිනවා. “ඇත්තෙන්ම ADHD තියෙන බවට නිර්ණය කරලා තියෙන සමහර පුද්ගලයන්ට ස්නායු අතින් බරපතළ දුබලතා තියෙන අතර, ඔවුන්ට බෙහෙත් අවශ්‍යමයි” කියා ඔහු ලියනවා. “එහෙත් හැම ආකාරයකම වගේ ඇබ්බැහි වීම්, වංචනික ක්‍රියා, නොසැලකීම් සහ සමාජීය බාධා වැනි දේ ADHDවලට කොහෙත්ම සම්බන්ධයක් නැති වුණත් එය වැරදි ලෙස ඊට සම්බන්ධ කරනවා. ඇත්තෙන්ම, නූතන ජීවිතයේ සාරධර්මවල ඌනතාව, ඒ කියන්නේ වගවිභාගයකින් තොර සැහැසියාව, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය මෙන්ම, එතරම් දරුණු ස්වරූපයක් නොගන්නා නිවසේ නොහික්මුණු ගතිය සහ අපිළිවෙළ, යම් ස්නායුවේදීය හිඟයකට වඩා ADHD වගේ නොසන්සුන්බවකට පෝර දාන්න තියෙන ඉඩ කඩ වැඩියි.”
එබැවින් වෛද්‍ය රොනල්ඩ් ගෝල්ඩ්බ’ග් හැම ප්‍රශ්නයකම මුල ADHD තියෙනවා කියලා කියන “සංකල්පයට” එරෙහිව අනතුරු අඟවන්නේ හොඳ හේතු ඇතුවයි. ඔහුගේ උපදේශය නම්, “සෑම ආකාරයකම රෝග විනිශ්චයක් හොඳින් සලකා බලා නිගමනයකට එළඹෙන්න” යන්නයි. ADHD හා සමාන රෝග ලක්ෂණ ශාරීරික හෝ චිත්තවේගීය ගැටලු එකක් හෝ රාශියක් අදහස් විය හැකියි. එමනිසා රෝග විනිශ්චය සඳහා අද්දැකීම් ලත් වෛද්‍යවරයෙකුගේ සහය පැතීම ඉතා වැදගත් වෙනවා.
රෝග විනිශ්චය සිදු කළත්, ප්‍රතිකාරවල ඇති ගුණදොස් දෙමාපියන් විසින් කිරාමැන බැලීම යහපත් වෙනවා. රිටැලින් අප්‍රසන්න රෝග ලක්ෂණ නැති කර දැම්මත්, නින්ද නොයෑම, වැඩි වුණු කලකිරුණු ස්වභාවය සහ කලබල ගතිය වැනි අහිතකර අතුරුඵල ඇති කරනවා. එබැවින්, දරුවාගේ රෝග ලක්ෂණ නැති කිරීම සඳහාම ප්‍රතිකාර කිරීමට ඉක්මන් වීමට එරෙහිව වෛද්‍ය රිචඩ් බ්‍රොම්ෆිල්ඩ් අනතුරු අඟවනවා. ඔහු මෙහෙම කියනවා: “බොහෝ දරුවන්ටත් වැඩිවැඩියෙන් වැඩිහිටියන්ටත් නුසුදුසු විදිහට රිටැලින් දී තියෙනවා. මගේ අද්දැකීමට අනුව රිටැලින් පාවිච්චිය විශාල වශයෙන් රඳා පවතින්නේ, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට දරුවාගේ හැසිරීම ගැන ඉවසීමට ඇති හැකියාව මතයි. එය දී ඇති ළමුන්ව මම අඳුරන අතර, ඔවුන්ට එසේ දීලා තියෙන්නේ ඔවුන්ව සන්සුන් කරන්න මිසක්, ඔවුන්ගේ අවශ්‍යතා පිරිමසන්න නෙවෙයි.”
එමනිසා දෙමාපියන් තමන්ගේ දරුවන්ට ADHD හෝ ඉගෙනීමේ විකලතාවක් තියෙනවා කියා ලේබල් ගැසීමට ඉක්මන් වීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට, දක්ෂ වෛද්‍යවරුන්ගේ සහය ඇතුව තත්වයන් පරෙස්සමින් කිරාමැන බැලිය යුතුයි. දරුවෙකු ඉගෙනීමේ විකලතාවෙන් හෝ ADHDවලින් පෙළෙන බව නිශ්චය කරගත්තා නම්, තමන්ගේ දරුවන්ගේ ඉහළම යහපත සඳහා ක්‍රියා කිරීමට, ගැටලුව ගැන හොඳින් දැනගැනීමට දෙමාපියන් කාලය ගත යුතුයි.
[9වන පිටුවේ පින්තූරය]
ADHDවලින් පෙළෙන දරුවට කාරුණික මුත් නිරන්තර හික්මවීම ඕනෙ කරනවා
[10වන පිටුවේ පින්තූරය]
දෙමාපියන්ගේ අගය කිරීම බොහෝ දේ ඉටු කරනවා