දරුවන්ව ලිංගික ලෙස සූරාකෑම ලෝක ව්‍යාප්ත ගැටලුවක්
ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසින්
මෑත වර්ෂ වන තුරු ව්‍යාප්තව දක්නට නොලැබුණු දසුනක් සහ ලක්ෂණයක්ව තිබූ ළමුන්ව අනිසි ලෙස යොදාගැනීමේ කම්පා කරවන තත්වය මිනිස් සමාජය සොලවා තියෙනවා. ඒ සඳහා කරන්න පුළුවන් මොනවාද කියා බලන්න, වාණිජ්‍යමය ලෙස ළමුන්ව ලිංගිකව සූරාකෑමට එරෙහි ලෝක සම්මේලනයක් සඳහා ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී, ජාතීන් 130ක නියෝජිතයන් මුල් වතාවට රැස්වුණා. ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරුවෙක්ද ඒ අතර සිටියා.
පිලිපීනයේ මැනිලාහි, මැග්ඩලේනාට වයස අවුරුදු 14ක් වන විට, බීරහලක “සේවිකාවක්” විදිහට රැකියාව කරන්න පොලඹවාගත්තා. ඇත්තෙන්ම, පිරිමින්ව පුංචි කුටියකට ගෙන ගොස් ඇගේ ඇඟ ඔවුන්ගේ ලිංගික සූරාකෑම සඳහා නිරුවත් කිරීම ඇගේ වැඩකොටසට අයත් වූ අතර, එක රැයකදී සාමාන්‍යයෙන් පිරිමින් 15දෙනෙකුටත් සෙනසුරාදාවන්ට 30දෙනෙකුටත් මුහුණ දෙන්න සිදු වුණා. සමහර වෙලාවට, තවදුරටත් ඇයට ඒක දරාගන්න බැහැ කියල කිව්වාම, ඇගේ අයිතිකාරයා දිගටම එසේ කිරීමට ඇයට බල කරනවා. ඇය බොහෝවිට ඇගේ දවස අවසන් කළේ, පාන්දර හතරටයි; ඒ අතිශයින් වෙහෙසට පත්වීමේ, අධෛර්යයේ සහ තුච්ඡකමේ හැඟීමෙන් යුතුවයි.
සැරුන්, කැම්පූචියාවේ ප්නොම් පෙන්හි දඩාවතේ යන අනාථ කොලුවෙකි. ඔහුට සිෆිලිස් රෝගය වැළඳී තිබූ අතර, විදේශික පිරිමින් එක්ක ‘කිට්ටු ඇසුරක්’ පැවැත්තුවා කියල දැනගන්න ලැබුණා. ඔහුව ‘බලාගැනීමට’ හිටපු-භික්ෂුවක් චෛත්‍ය භූමියේ පදිංචිය සඳහා ඔහුට නිවසක් දුන්නා. මේ මිනිහා කෙසේ හෝ මේ කොලුවට ලිංගිකව අතවර කරල විදේශිකයන්ට කාමාස්වාදයේ යෙදෙන්න මොහුව සපයා දී තියෙනවා. සැරුන් පදිංචි වී සිටි ඒ චෛත්‍ය නිවාසය කඩා දැමුවාට පස්සේ, ඔහු ඔහුගේ නැන්දා එක්ක ජීවත් වුණත්, ආයෙත් පාරවල් ගානේ යමින් පිරිමි ගණිකාවෙක් විදිහට වැඩ කරන්න ඔහුට බල කළා.
මේවා, මෙම දරුණු ගැටලුව ගැන ගිය අවුරුද්දේ අග භාගයේදී, වාණිජ්‍යමය ලෙස ළමුන්ව ලිංගික සූරාකෑමට එරෙහි ලෝක සම්මේලනය ක්‍රියා කළ උදාහරණ දෙකක් විතරයි. මෙම ක්‍රියාව කොපමණ පැතිර තියෙනවාද? සියදහස් ගණනක් දරුවන් මීට ඇතුළත් වන අතර, ඇත්තෙන්ම සමහරු කියන්නේ එය මිලියන ගණනක් කියලයි. එක නියෝජිතයෙක් මෙම ගැටලුව මෙසේ සාරංශ කළා: “ඔවුන්ව හොර බඩු විදිහට දේශ සීමාව තුළ සහ පිටට පවා පන්නනවා; ගණිකා නිවාසවල සිර කරනවා; එමෙන්ම ලිංගිකව සූරාකන්නන් හුඟදෙනෙක්ට යටත් වෙන්න බල කරනු ලබනවා.”
පැමිණ සිටින්නන්ට ඔහුගේ ආරම්භක වගන්තිය ප්‍රකාශ කරමින් ස්වීඩන අගමැති යො’රන් ප’සෝන් මෙම සූරාකෑම හැඳින්වූයේ, “අපරාධ අතරින් ඉතාමත්ම තිරිසන්, තුච්ඡ මෙන්ම පිළිකුල්ම අපරාධය” හැටියටයි. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් කියා සිටියේ, මෙය “ළමුන්ට විවිධාකාරවලින් කරන හිංසාවක්, . . . සිතාගත හැකි මුළුමනින්ම අධම සහ ඉතාමත්ම නින්දිත මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්” කියලයි. ළමුන්ව ලිංගිකව සූරාකෑමේ දුෂ්ට අපරාධයේ ව්‍යාප්තිය, ස්වභාවය, හේතු සහ බලපෑම් ගැන කතා කරද්දී, සම්මන්ත්‍රණය පුරාම ඒ හා සමාන තව බොහෝ කියමන් කථිකාසනයෙන් හඬ නැඟුණා.
“එහි ව්‍යාප්තිය ජාත්‍යන්තරය, එහි බලපෑම පරම්පරාවෙන් පරම්පරාවටය” කියා එක්තරා මූලාශ්‍රයක් දැක්වූවා. තව එකක් මෙහෙම කිව්වා: “ඩොලර් බිලියන ගණන් උපයන නීති විරෝධී කාම වෙළඳපොළට සෑම වසරකම ළමුන් මිලියන 1ක් ඇතුල් වන බව ඇස්තමේන්තු කර තියෙනවා.” මොන බලපෑම් ඇතුවද? “දරුවන්ගේ ආත්මගරුත්වයේ හැඟීම, අනන්‍යතාව සහ ආත්ම අභිමානය කා දමා ඇති අතර, විශ්වාස කිරීමට තිබූ ඉඩ ප්‍රස්තා මොට වී ගිහින්. ඔවුන්ගේ ශාරීරික සහ චිත්තවේගීය සෞඛ්‍යය අවදානමේ හෙළා, අයිතිවාසිකම් උල්ලංගනය කර, ඔවුන්ගේ අනාගතය විනාශ කර තියෙනවා.”
සමහර හේතු
මෙම ගැටලුවේ ශීඝ්‍ර වර්ධනයට හේතු සමහරක් මොනවාද? සමහර ළමුන්ව “වේශ්‍යාකමට ඇද දමා තියෙන්නේ, පවතින තත්වයන්මයි; එනම් ජීවත්වීමේ මාර්ගයක් හැටියට ගණිකා වෘත්තියේ යෙදීමට පාරට බැස තියෙන්නේ, තමන්ගේ පවුල්වලට සපයන්න හෝ ඔවුන්ගේ ඇඳුම්වලට සහ බඩුවලට ගෙවීමටයි. වෙනත් අය ප්‍රචාරණ මාධ්‍යයේ තොරතෝංචියක් නැතුව පෙන්වන පාරිභෝගික භාණ්ඩවලට රැවටෙනවා.” ඒ අතර තවත් අයව පැහැරගෙන ගොස් ගණිකා සේවයට බල කර තියෙනවා. සෑම තැනකම, සාරධර්මවල ශීඝ්‍ර සෝදාපාළුව හේතුවෙන් බලාපොරොත්තු සුන්වීමේ සාමාන්‍ය හැඟීම වැනි දේ මේ හේතු අතරට වැටෙන බව සඳහන් කෙරුණා.
බොහෝ ගැහැනු සහ පිරිමි ළමුන් කාම ව්‍යාපාරයේ යෙදෙන්නේ, පවුලේ අය අතින්ම අනිසි යොදාගැනීමට නතුවීම නිසයි. ගෘහස්ථ සැහැසියාව සහ ව්‍යභිචාරය පාරවල් ගානේ දඩාවතේ යමින් වේශ්‍යාකමේ යෙදීම සඳහා දක්කවා තියෙනවා. එහිදී කෞමාර කාමාතුරයන් (පෙඩොෆීලියාවෙන් පෙළෙන්නන්) සහ පෙනෙන විදිහට පොලිස් නිලධාරීන් අතින් පවා අනිසි ලෙස යොදාගැනීමේ අවදානමට ඔවුන් මුහුණ දෙනවා. බ්‍රසීලයේ, හය හැවිරිදි කාට්‍යා ගැන ප්‍රකාශ කරන, කිඩ්ස් ෆො හය’ (කුලියට පැටව්) යන මාතෘකාවෙන් යුත් මෙම ගැටලුව ගැන වාර්තාව මෙහෙමයි: පොලිස් නිලධාරියෙක් ඇයව අල්ලාගෙන අශික්ෂිත ක්‍රියාවක් කරන්න බල කළ අතර, තමාගේ උසස් නිලධාරියාට කිව්වොත් පවුලේ අයව මරන බවට ඇයට තර්ජනය කළා. ඊළඟ දවසේ ඔහු තවත් මිනිසුන් පස්දෙනෙක් එක්ක පැමිණි අතර, ඒ සියලුදෙනාටම එම කාම සේවයම කර පෙන්වන්න ඔවුන්ට ඕනෙ කළා.
ස්වීඩන ආයතනයක ළමුන් පිළිබඳ අතිවිශේෂ බලතල ඇති නිලධාරියෙක් නියෝජිතයන්ට මෙහෙම කිව්වා: “ළමා ගණිකාභාවයට හේතු මොනවද කියා දැනගැනීමට අධ්‍යයනයන් කෙරුවම, [කාම] සංචාරය, ප්‍රධාන තැනක් ගන්න බවට කිසිම සැකයක් නැහැ.” වාර්තාවක් කියනවා මෙහෙම: “පසුගිය වසර දහය පුරා ළමා ගණිකාභාවය පුදුමාකාර විදිහට වැඩි වී ඇත්තේ, කෙළින්ම සංචාරක ව්‍යාපාරය හේතුවෙනි. දියුණු වෙමින් පවතින රටවල්, සංචාරකයන්ව ආකර්ෂණය කරගන්නාවූ අලුත්ම දීමනාව නම් ළමා ගණිකාභාවයයි.” යුරෝපයෙන්, එක්සත් ජනපදයෙන්, ජපානයෙන් සහ වෙනත් ප්‍රදේශවලින් එන “කාම සංචාරකයන්,” ලොව වටා සිටින ගණිකා ළමුන් සඳහා මහත් ඉල්ලුමක් ඇති කරවනවා. එක්තරා යුරෝපීය ගුවන් සේවයක්, ළමයෙකුගේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වූ ලිංගික ඉරියව්වකින් යුත් කාටූන් චිත්‍ර, කාම සංචාර ප්‍රසිද්ධ කිරීම සඳහා පාවිච්චි කළා. සෑම වසරකම සංචාරක සමාගම් දහස් ගණන් කාම සංචාර සැලසුම් කරනවා.
දීර්ඝ ලැයිස්තුවේ හේතු අතරේ, නවීන තාක්ෂණය තුළින් ළමා කාම ව්‍යාපාරයට ජාත්‍යන්තර ලෙස අනුබල දීම ඇතුළත් වෙලා තියෙනවා. කාමුක අදහස්වලින් සපිරි විශාලතම උල්පත, අනෙකුත් අදාළ පරිගණක තාක්ෂණ සම්බන්ධ කරගත් ඉන්ට’නෙට් බව වාර්තා වෙනවා. කුණුකොල්ලෙට ගත හැකි වීඩියෝ උපකරණ ළමා කාමුකත්වය පෙන්නුම් කරන දෑ නිපදවීම ඒ හා සමානව පහසු කර තියෙනවා.
මොවුන් කවුද?
ළමුන්ට ලිංගිකව අතවර කරන බොහෝ වැඩිහිටියන්, කෞමාර කාමාතුරයන්. මේ කාමාතුරයන්ට ළමුන් කෙරෙහි දූෂිත ලිංගික ආකර්ෂණයක් තියෙනවා. ස්වීඩනයේ ළමුන් පිළිබඳ අතිවිශේෂ බලතල ඇති නිලධාරියාට අනුව, “ඔවුන් වයස්ගත අය, වැසි කබායෙන් සැරසී අපිරිසිදු විදිහට ඇඳ පැළඳගත් මිනිසුන් හෝ සාහසික, පුරුෂභාවය ගැන උදම් අනන්නන් විය යුතුම නැහැ. සාමාන්‍ය කෞමාර කාමාතුරයෙක් හොඳින් උගත් මැදිවයස්කාරයෙක්, බොහෝවිට ළමුන් එක්ක ගැවසෙන ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, සමාජ සේවකයෙක් හෝ පූජකයෙක් වෙයි.”
ස්වීඩන කණ්ඩායම, දොළොස් වියැති රොසාර්යෝ කියන පිලිපීන ගැහැනු ළමයට ලිංගිකව අතවර කළ කාම සංචාරකයෙක් වූ ඔස්ට්‍රියානු වෛද්‍යවරයෙක් ගැන උදාහරණයක් ඉදිරිපත් කළා. ඔහුගේ අනිසි යොදවාගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඇය මියැදුණා.
යුනිසෙෆ්හි (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) විධායක අධ්‍යක්ෂිකාවක් වන කැරල් බෙලමි ජිනීවාහිදී, දොළොස් වියැති පිලිපීන ගැහැනු ළමයා ගැන පහත කරුණු ඉදිරිපත් කළා: “බොහෝවිට ළමුන්ව ආරක්ෂා කරන්න සිටින සහ ඔවුන්ව රැකගන්න සිටින වැඩිහිටියන්ම තමයි ඊට අවසර දී, එම දරාගත නොහැකි ක්‍රියාවෙහි නිරන්තරව යෙදෙන්නේ. ඒ අතර ගුරුවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, දේශපාලනඥයන් සහ පූජක පක්ෂයේ සාමාජිකයන් සිටින අතර, ළමුන්ව ලිංගිකව සූරාකන්න තමන්ගේ කීර්තිය සහ අධිකාරය පාවිච්චි කරනවා.”
ආගම සම්බන්ධව සිටී
ස්ටොක්හෝම් සම්මේලනයේ සිටි රෝමානු කතෝලික නියෝජිතයෙක් ප්‍රකාශ කළේ, ළමුන්ව සූරාකෑම “අපරාධ අතරින් අතිදුෂ්ටම” මෙන්ම “සම්පූර්ණ දූෂිතබවේ සහ සාරධර්ම පිරිහීමේ ප්‍රතිඵලයක්” කියායි. එහෙත්, ඔවුන්ගේ පූජක පක්ෂය තුළම මෙම ක්‍රියාව සිදු වන නිසා එය කතෝලික පල්ලියට ඉතා ප්‍රබල ලෙස බලපා තියෙනවා.
වර්ෂ 1993 අගෝස්තු 16වනදා, නියූස්වීක් කලාපයේ “පූජකයෝ සහ අතවර කිරීම” යන තේමාවෙන් යුත් ලිපියක, “වර්තමාන එ.ජ. කතෝලික පල්ලියේ ඉතිහාසයේ නරකම දේවගැති අපකීර්තිය” ගැන වාර්තා කළා. ඒක මෙහෙම සඳහන් කරනවා: “වර්ෂ 1982 සිට ඇස්තමේන්තු කරන ලද පූජකයන් 400දෙනෙකුට චෝදනා කර පැමිණිලි කළ අතරේදී, පූජකයන් 2,500කට වැඩි සංඛ්‍යාවක් ළමුන්ව සහ නහඹරයන්ව අතවරයට ලක් කර ඇති බව පල්ලි යන මිනිසුන් කියා සිටිනවා. මුදල්වලට වඩා, නින්දිත හැසිරීම හේතුවෙන් පල්ලිය වගේම එහි සදාචාරමය අධිකාරයන් සමහරක් වඩා තදබල අපහසුතාවකට පත් වී තියෙනවා.” ලොව වටා ඇති අනිත් ආගම්වල තත්වයද එලෙසමයි.
විකෘති කාමාශාව නිසා පිරිමි ළමුන් දෙදෙනෙකුව අනිසි ලෙස යොදාගත් පූජකයෙක් ගැන, එක්සත් රාජධානියේ ලිංගික අපරාධ පිළිබඳ උපදෙස් සපයන්නෙක් වන රේ විය, ස්ටොක්හෝම් සම්මේලනයට කතා කළා. ඉන් එක් ළමයෙක් පූජකයන් විසින් අනිසි ලෙස යොදාගත් ළමුන්ව බලාගන්නා ඒජන්සියක් පිහිටුවා ඇති අතර, අනික් තැනැත්තා ඔහුම ළමා දූෂකයෙක් බවට පත් වී තියෙනවා.
තායිලන්තයේ බෞද්ධ ශිෂ්‍යත්වධාරියෙක් වන මිඩානාන්ඩූ බික්බු වාර්තා කරන අන්දමට “බෞද්ධ ප්‍රතිපත්ති සමහරක්, තායිලන්තයේ ඇති විවිධ මට්ටම්වල වාණිජ්‍යමය ලෙස ළමුන්ව ලිංගිකව සූරාකෑමෙහි වගකීම දරනවා. ළමුන්ව ගණිකා සේවයට බල කර, ඉන් ප්‍රජාවට ලැබෙන මුදලින් තායිලන්තයේ ග්‍රාමීය පෙදෙස්වල භික්ෂුවරු ප්‍රයෝජනය ලබනවා.”
කුමක් කළ හැකිද?
ලිංගික සූරාකන්නන්ගේ හැසිරීම් පිළිබඳ ඔවුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ගැන අභියෝග කිරීම සඳහා, එක්සත් රාජධානියේ ලෙස්ට’ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජූල්ය ඕ’කානල් ඩේවිඩ්සන්, සම්මේලනයේදී සහභාගිවූවන්ට ආරාධනා කළා. ළමයා ලිංගික හැසිරීමට විවෘතයි වගේම දුරාචාරය වෙත යොමු වෙලා ඉන්නේ කියලත්, දැනටමත් දරුවා ජරා වෙලා වගේම නරක් වෙලා කියලත් බොහෝවිට දූෂකයෝ තර්ක කරනවා. වෙනත් සූරාකන්නෝ තමන්ගේ ක්‍රියාවෙන් කිසිම හානියක් සිදු නොවන බවටත්, ඉන් දරුවාට ප්‍රයෝජන ලැබෙන බවටත් ඇත්ත පෙරළා බොරු කියනවා.
පාසැල් අධ්‍යාපනය මගින් මෙය සමඟ සටන් කිරීමට කාම සංචාරය ගැන කටයුතු කරන එක් මණ්ඩලයක් නිර්දේශ කළා. ඊට අමතරව, ලොව වටා ගමන් ගන්නා සංචාරකයන් වෙත, එනම් ඔවුන් පිටවීමට කලින්, ගමන් කරන අතරතුර සහ ගොඩබසින විට, ළමුන්ව ලිංගිකව සූරාකෑමට එරෙහිව තොරතුරු ලබා දිය යුතුයි.
අලුත් සන්නිවේදන තාක්ෂණය ගැන කතා කළ මණ්ඩලය යෝජනා කළේ, ළමුන්ව සූරාකන්නාවූ දේවල් මුලිනුපුටා දමා ජාතීන් විසින් මාර්ගදර්ශක සැපයිය යුතුයි කියායි. මේ ක්ෂේත්රය ගැන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ජාත්‍යන්තර ඒජන්සියක් පිහිටුවීම ගැන සලකා බැලුවා. තවත් මණ්ඩලයක් නිර්දේශ කළේ, ළමා කාමුකාස්වාදි පරිගණක සහ ළමා කාමුක අදහස් සඳහා පාවිච්චි කරන සියල්ල, අපරාධ චෝදනාව මත සෑම රටකම නීතියෙන් දඬුවම් කිරීමට සම්මත කරගැනීමටයි.
දෙමාපියන්ට කුමක් කළ හැකියිද? තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන් වගකීම භාරගත යුතු බවයි, ජනමාධ්‍ය සම්බන්ධ කාර්යභාරයේ නියැලෙන මණ්ඩලයක් යෝජනා කළේ. එය මෙහෙම කියනවා: “ජනසන්නිවේදනය පාවිච්චි කරන්නන් හැටියට තම දරුවන්ට මාර්ගදර්ශක දීමට දෙමාපියන්ට හැකිවා පමණක් නෙමෙයි, අමතර තොරතුරු සැපයීමටත් හැකි අතර, එම ජනමාධ්‍ය තොරතුරුවල ඇති වෙනසේ බලගතුභාවය සමබර කරගැනීම සඳහා ඒවා තේරුම් කර දීම සහ තේරුම්ගැනීමේ වර්ධනය වීමට දරුවාට උපකාර කළ හැක.”
ස්වීඩන රූපවාහිනී වැඩසටහනක් සම්මේලනය ගැන වාර්තා කරමින්, තමන්ගේ දරුවන් ගැන හොඳ අවධානයක් දීමේ සහ අනතුරු සම්බන්ධයෙන් ඔවුන් සාවධාන කිරීමේ අවශ්‍යතාව කාවද්දනු ලැබුවා. කෙසේවෙතත්, එය උපදෙස් දුන්නේ මෙහෙමයි: “ ‘ජරා වයසක මිනිසුන්’ ගැන විතරක්ම අනතුරු අඟවන්න එපා; මොකද දරුවන් . . . හිතයි ඒගොල්ලො පරෙස්සම් වෙන්න ඕනෙ වයසක, අපිළිවෙළට ඉන්න අයගෙන් විතරයි කියල; මෙම අපරාධයේ යෙදෙන පුද්ගලයා පිරිසිදු ඇඳුමෙන් හෝ නිල ඇඳුමෙන් සැරසිලා සිටිනවාද විය හැකියි. තවත්, ඔවුන් කෙරෙහි අනවශ්‍ය අවධානයක් යොමු කරන අමුත්තන්ට එරෙහිව පරෙස්සම් වෙන්නත් අනතුරු අඟවන්න.” ඔවුන් වෙත අනිසි විදිහට ඕනාවට වඩා ළං වෙන්නාවූ ඕනෑම කෙනෙක්ව, එනම් ඊට තමන් දන්නා කියන කෙනෙක් පවා ඇතුළත් විය හැකි අතර, ඒ බව තමන්ගේ අධිකාරීන්ට දැනුම් දෙන ලෙස දරුවන්ට අනතුරු අඟවා තියන්න.
එකම විසඳුම
ස්ටොක්හෝම් සම්මේලනයට යෝජනා කරන්න බැරි වූ දෙය නම්, ළමුන්ව ලිංගික ලෙස සූරාකෑමට තියෙන හේතුවලින් ගොඩ එන්නේ කොහොමද කියන එකයි. මෙම හේතු නම්, සෑම තැනම ශීඝ්‍රයෙන් සෝදාපාළු වී යන සාරධර්ම; වැඩි වන ආත්මාර්ථකාමිකම සහ ද්‍රව්‍යමය දේවලට ගිජුකම; අයුක්තියෙන් මිනිසුන්ව ආරක්ෂා කිරීමට සාදා ඇති නීතිවලට දක්වන අගෞරවය වැඩිවීම; සුභසාධනය නොසලකා හැරීම වැඩිවර්ධනය වීම; අන්‍යයන්ගේ සුභසාධනය, ගෞරවය සහ ජීවිතය ගැන නොසලකා හැරීම; පවුල් සැලසුම්වල ශීඝ්‍ර බිඳවැටීම; අධිජනගහනය, විරැකියාව, නාගරීකරණය සහ වෙනත් දේශවලට යෑම නිසා ව්‍යාප්ත වූ දිළිඳුකම; විදේශිකයන්ට සහ සරණාගතයන්ට විරුද්ධව උස්පහත්කම් සැලකීමේ ජාතිවාදී ආකල්පය වැඩිවර්ධනය වීම; එන්න එන්නම වැඩිවර්ධනය වන්නාවූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ජාවාරම, කෙලෙසා ඇති ආගමික අදහස්, ප්‍රතිපත්ති සහ චාරිත්‍ර යනාදියයි.
ළමුන්ව ලිංගික ලෙස සූරාකෑම මහත් සංවේගකර දෙයක් වුවත්, බයිබලය පරෙස්සමින් කියවන්නෙකුට එවැනි දුෂ්ටකමක් පුදුමයක් නෙමේ. ඒ ඇයි? මොකද, බයිබලය හඳුන්වන “අන්තිම දවස්වල” අපි ජීවත් වන අතර, දේවවචනයට අනුව, මෙය “[කටයුතු කිරීමට අසීරු, NW ]” කාලයක් වෙයි. (2 තිමෝති 3:1-5, 13) ඉතිං සදාචාරය වඩ වඩා පරිහානියට පත්වීම කොහෙත්ම පුදුමයක්ද?
කෙසේවෙතත්, බයිබලය ලෝකයේ විශාල ගැටලුවලට එකම විසඳුම ඉදිරි අනාගතයට යොමු කර ඇති අතර—එය සර්වබලධාරී දෙවි විසින් මුළුමනින්ම කරන පවිත්‍ර කිරීමක්. ඉතා ඉක්මනින් ඔහු ඔහුගේ බලය ප්‍රකාශ කරන අතර, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සහ නීති පිළිපදින්නේ නැති අයව මිහිපිටින් ඉවත් කරනවා: “මක්නිසාද අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:21, 22; 2 තෙසලෝනික 1:6-9.
ළමුන්ව ගණිකාභාවයට පත් කරන සහ ළමුන්ව අයුතු ලෙස යොදාගන්නාවූ සියලුම මිනිසුන්ව, මෙම “සිඳදමනු” ලබන අයට අයිති වෙනවා. දේවවචනය මෙහෙම කියනවා: “වේශ්‍යාකම්කරන්නෝවත් . . . කාමමිථ්‍යාචාරිකයෝවත් . . . පිරිමින් [හෝ පිරිමි ළමුන්] සමඟ අනාචාරකරන්නෝවත් . . . [දෙවිගේ] රාජ්‍යය උරුමකර නොගන්නෝය.” (1 කොරින්ති 6:9, 10) ඊට තවත් මෙහෙම එකතු වෙනවා: “පිළිකුල්ව සිටින්නන්ටත් . . . වේශ්‍යාකම්කරන්නන්ටත්” බාර වෙන්නේ “දෙවෙනි මරණය”—එනම් සදාකාල විනාශයයි.—එළිදරව් 21:8.
දෙවි පොළොව පිරිසිදු කරන අතර, සම්පූර්ණයෙන්ම අලුත් සහ සාධාරණ දේවල පිළිවෙළක් එනම්, “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිළිගන්වනු ලබනවා. (2 පේතෘස් 3:13) ඊටපසුව, දූෂිත, වරදෙහි මුළා කරන්නාවූ මිනිස්සු, ඔහු සෑදූ අලුත් ලෝකයේ ආයේ කිසිදා අහිංසකයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ. යළි කිසිදා ගොදුරු වේයයි බියෙන් අහිංසකයන් සිටින්න යන්නේ නැහැ, මොකද “ඔවුන්ව තැතිගන්වන්න කිසිවෙක් නොසිටින්නේය.”—මීකා 4:4, NW.
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“අපරාධ අතරින් ඉතාමත්ම තුච්ඡ මෙන්ම පිළිකුල්ම අපරාධය”—ස්වීඩන අගමැති
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සෑම සතියකම මිනිසුන් මිලියන 10ත් 12ත් දක්වා සංඛ්‍යාවක් ළාබාල ගණිකා ළමුන් වෙතට පිවිසෙනවා.”—දි ඉකොනොමිස්ට්, ලන්ඩන්
[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සංවර්ධනය වෙමින් පවතින රටවල ළමා සූරාකෑම්වලට ප්‍රධාන හේතුවක් නම් කාම සංචාරයයි
[13වන පිටුවේ කොටුව]
කාම සංචාරය—ඇයි?
(සංචාරකයන් ළමුන් සමඟ කාමාස්වාදයේ යෙදීමට සමහර හේතු)
(1) සංචාරකයා භුක්ති විඳින නිර්නාමිකත්වය තමාගේ සමාජයේ තහංචිවලින් ඔහුව නිදහස් කරන්න යනවා
(2) දේශීය භාෂාව ගැන ඇති යාන්තම් දැනුම හෝ සීමා සහිත දැනුම, ළමයෙකු සමඟ කාමසේවනයේ යෙදී මුදල් ගෙවීම කරා රැවටීමට හෝ දිළිඳුකමෙන් ගොඩ ඒමට කරන උපකාරයක් ලෙස සිතන්න ඔවුන්ව පොලඹවනවා
(3) උස්පහත්කම් සලකන ජාතිවාදී ආකල්පයක් ඇති අමුත්තෝ තමා සුළුයයි සලකන අයව සූරාකනවා
(4) සංවර්ධනය වෙමින් පවතින රටවල ලිංගික සේවය සඳහා දැරිය හැකි මුදල පහසුයයි සංචාරකයෙකු දුටුවොත් තමා පොහොසත් කියල ඔහුට හැඟෙනවා
[15වන පිටුවේ කොටුව]
ගැටලුවේ ලෝක ව්‍යාප්ත දසුන
(පහත දැක්වෙන්නේ විවිධ ආණ්ඩු අධිකාරීන් සහ වෙනත් සංවිධානවලින් ලද තක්සේරුයි)
බ්‍රසීලය: අඩුම තරමින් ගණිකා ළමුන් 2,50,000ක් ඉන්නවා
කැනඩාව: දහස් ගණන් නහඹර ගැහැනු ළමුන්ව සංවිධානාත්මක ගණිකාවන් සපයන්නන් විසින් වේශ්‍යාකමට යොමු කර තියෙනවා
චීනය: ගණිකා සේවයේ යෙදෙන ළමුන් 2,00,000 සිට 5,00,000ක් දක්වා සිටිනවා. මෑත වර්ෂවලදී, චීන ගැහැනු ළමුන් 5,000ක් පමණ උපායෙන් පොලඹවාගෙන, ගණිකාවන් විදිහට දේශ සීමා හරහා මියන්මාවට විකුණල තියෙනවා
කොලොම්බියාව: බෝගටෝ නුවර මාවත්වල ලිංගිකව සූරාකන ළමුන් සංඛ්‍යාව පසුගිය වසර හත තුළ පස් ගුණයකින් වැඩි වී තියෙනවා
නැඟෙනහිර යුරෝපය: මාවත්වල වෙසෙන ගණිකා ළමුන් සංඛ්‍යාව 1,00,000කි. බොහෝදෙනෙක්ව බටහිර යුරෝපයේ ගණිකා නිවාසවලට යවනවා
ඉන්දියාව: ළමුන් 4,00,000ක් කාම ව්‍යාපාරයට අයත් වෙනවා
මොසැම්බික්: එ.ජා.ගේ සාම හමුදා ළමුන්ව ලිංගිකව සූරාකෑවායයි ආධාර ඒජන්සි කියනවා
මියන්මාව: සෑම වසරකම ස්ත්‍රීන් සහ ගැහැනු ළමුන් 10,000ක් තායිලන්තයේ ගණිකා නිවාසවලට ප්රවාහණය කරනවා
පිලිපීනය: ළමුන් 40,000ක් ඊට සම්බන්ධයි
ශ්‍රී ලංකාව: වයස අවුරුදු 6ත් 14ත් අතර ළමුන් 10,000ක් ගණිකා නිවාසවල වහල් සේවයේ යෙදෙන අතර, වයස අවුරුදු 10ත් 18ත් අතර අය 5,000ක් සංචාරක නිකේතනවල ස්වාධීනව වැඩ කරනවා
තායිවානය: ළමුන් 30,000ක් සම්බන්ධයි
තායිලන්තය: ළමුන් 3,00,000ක් සම්බන්ධයි
එක්සත් ජනපදය: ළමුන් 1,00,000කට වඩා ඊට සම්බන්ධ වග නිල මූලාශ්‍ර කියනවා