කෘමීන්ගේ පියාසර කිරීමේ ප්‍රහේලිකාව විසඳෙයි
කෘමීන්ට උන්ගේ බරින් වැඩි සිරුරු හා සිහින් දුබල පිහාටුවලින් ගුවනේ රැඳී සිටිය හැකි ආකාරය විද්‍යාඥයන්ගේ කුතුහලයට ලක් වී තිබෙනවා. මේ ඉතා කුඩා සතුන් වායුගති විද්‍යාවේ සම්මත නියමයන් සැලකිල්ලට නොගන්නා බව පෙනෙනවා. පෙනෙන විදිහට කළ නොහැකි මේ හපන්කම කෘමීන් කරන ආකාරය එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා.
කෘමීන්ගේ පියාසර කිරීම අධ්‍යයනය කිරීම සඳහා, විද්‍යාඥයන් උකුසු සලබයෙකුව නූලකින් ගැට ගසා, සුළං නළයක තැබුවා. ඔවුන් එම නළය අතරින් විස නැති දුමක් පොම්ප කළ අතර, සලබයා තටු ගසමින් පියාසර කරද්දී දුමේ ගමන් මාර්ගය සැලකිල්ලට ගත්තා. ඊළඟට ඔවුන් මේ සතාට වඩා දස ගුණයකින් විශාල යාන්ත්‍රික ආකෘතියක් සාදා, එහි පියාපත් සිය ගුණයකටත් වඩා අඩු වේගයකින් චලනය වීමට සලස්වා, පැහැදිලිවම දක්නට තිබෙන ප්‍රතිඵල දෙස බලා සිටියා. සලබයාගේ පිහාටු පහළට ගසද්දී, වායු සුළියක් නැතහොත් ආවර්තයක් පිහාටුවල මුල සෑදෙන බව ඔවුන් සොයාගත්තා. එහි ප්‍රතිඵලය වන පිහාටුවලට ඉහළින් ඇති වන අඩු පීඩනය මගින් කෘමියාව ඉහළට ඔසවන බලයක් නිපදවෙනවා. මේ වායු සුළිය නතර වුණොත්, සලබයාව ඉහළට එසවීමේ බලය නැති වී ගොස් ඌව වේගයෙන් බිමට වැටෙනවා. ඒ වගේ දෙයක් වෙනවා වෙනුවට, මේ වායු ප්‍රවාහය පිහාටුවේ අයිනේ සිට අග කෙළවර දක්වා ගමන් කරනවා; මේ අනුව පහළට පිහාටු ගැසීමෙන් ඇති වන ඉහළට එසවීමේ බලය සලබයාගේ බර මෙන් එකහමාරකට සමාන වන අතර, කෘමියාට පහසුවෙන්ම පියාසර කිරීමට සලස්වනවා.
ඩෙල්ටා තටු සහිත ගුවන්යානා (මෙසේ හඳුන්වන්නේ මේ තටු ග්‍රීක් හෝඩියේ Δ [ඩෙල්ටා] අක්ෂරයට සමාන නිසයි) ඉහළට ඔසවන බලය නිපදවීමට ඒවායේ තටුවල අග කෙළවර මගින් වායු සුළි සාදන බව ආකාශ යාත්‍රා ඉන්ජිනේරුවන් ඒ වන විටත් දැනගෙන සිටියා. ඒත් කෘමීන්ට උන්ගේ තටු ගැසීමට සලස්වමින් වායු සුළි මගින් ඉහළට එසවීමේ බලයක් සපයන ආකාරය ගැන දැනගෙන සිටින ඔවුන්ට, අවරපෙති හා හෙලිකොප්ටර් නිර්මාණය කිරීමේදී මේ සංසිද්ධිය ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය ගැන අධ්‍යයනය කරන්න අවශ්‍ය වී තිබෙනවා.