නිර්මාණයක්ද?
පියා සලන්නේ කෙලෙසද මෙලෙසින්
◼ ගුවන් යානයක් අහසේ පියාසර කරන ආකාරය අප බලා සිටින්නේ දෑස් අයාගෙනයි. නමුත් ගුවනේ ඕනෑම දේශගුණික තත්වයක් යටතේ එනම් තද කුණාටු, හිම පතනය හා වර්ෂාව මැද වුවත් පියාසැරීමේදී දස්කම් විස්කම් පාන වවුලන්, කෘමියන්, කුරුල්ලන් වැනි සතුන් සමඟ සසඳන කල ගුවන් යානයේ අපූර්වත්වයක් නැති තරම්. එසේ පවසන්නේ මිචිගන් විශ්වවිද්‍යාලයේ වයි ෂායි නම් (aerospace engineering) මහාචාර්යවරයායි.a උන්ට මෙතරම් දස්කම් පෑමට හැකි වී තිබෙන්නේ උන් තටු සලන ආකාරය නිසයි. මිනිසා පළමු ගුවන් යානය ගුවන්ගත කිරීමට සැලසුම් කළ දා පටන් ඊර්ෂ්‍යා කළේද උන් සතු එම හැකියාවටයි.
මේ ගැන සිතා බලන්න: සමහර කුරුල්ලන් සහ කෘමීන් පියාසර කරන විට වායු ගෝලයේ තත්වයට අනුව උන්ගේ තටුවල හැඩය වෙනස් කරනවා. මෙමගින් උන්ට එක තැන නතර වී සිටීමටත් ගමන් මාර්ගය වෙනස් කිරීමටත් හැකියි. වවුලන් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක් පිළිබඳව එක් සඟරාවක (Science News) මෙසේ වාර්තා වෙනවා. “තත්පරයකට මීටර් 1.5ක තරම් අඩු වේගයකින් පියාසැරීමේදී වවුලා ඌගේ තටු කෙළවර උඩු පැත්ත යටි පැත්තට හරවා ඒ සැණින්ම පියාපත් පසු පස්සට ගෙන ඉහළට පියාඹා යයි. ඉහළට පියාසර කිරීම සඳහා යොදාගන්නා ක්‍රමය මෙය විය යුතුයි කියා විද්‍යාඥයෝ උපකල්පනය කරනවා.”
“උන් ඉහළට නැඟීමට අවශ්‍ය බලය සුළඟ මාර්ගයෙන් ලබාගන්නේ කෙසේද” කියා ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන පීටර් ඉෆ්ජුගෙන් විමසූ විට ඔහු දුන් පිළිතුර මෙයයි. ‘කුරුල්ලෙක් පියාසර කරන විට සුළඟ කෙසේ ඌට බලපානවාද කියාවත් උන් සුළඟ යොදාගන්නේ කෙසේද කියාවත් අප දන්නේ නැහැ. අප දකින්නේ ඌ පියාසර කරනවා පමණයි.’ අහසේ පියාසර කරන සතුන් ගැන විද්‍යාඥයන් දන්නා දේ ඉතා අල්ප බවත් නොදන්නා දේ බොහෝ බවත් ඉන් පැහැදිලියි.
කල්පනා කර බලන්න: මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියක් අහඹු සිදුවීමක්ද? නැත්නම් එය ප්‍රඥාවන්ත නිර්මාණයක ප්‍රතිඵලයක්ද?
[පාදසටහන]
a වර්ෂාව පවතින විට පවා බොහෝ පක්ෂීන්ට හා කෘමීන්ට පියාසර කිරීමේ හැකියාව තිබුණද වැඩිදෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා යනවා.
[24වන පිටුවේ පින්තූරය]
ගුමන කුරුල්ලා
[හිමිකම් විස්තර]
Laurie Excell/Fogstock/age fotostock
[24වන පිටුවේ පින්තූරය]
වවුල් විශේෂයක්
[හිමිකම් විස්තර]
© Delpho, M/age fotostock