ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 4/8 20 පි.
  • ජලයයි ඔබේ සෞඛ්‍යයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජලයයි ඔබේ සෞඛ්‍යයයි
  • 1998 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ජීවිතයට නැතුවම බැරි ජලය
    2003 පිබිදෙව්!
  • ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?
    2001 පිබිදෙව්!
  • සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අර්බුදය වඩාත් උත්සන්න වන ස්ථාන
    1997 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 4/8 20 පි.

ජලයයි ඔබේ සෞඛ්‍යයයි

“ඔබේ ශරීරයට කොතරම් ජලය ඕනෙද කියා කියන්න පිපාසය මත රඳා සිටින්න ඔබට බැහැ” යයි හෙල්ත් කියන සඟරාව කියයි. එනමුත්, හොඳින් ජලය බීම අපේ කායික මෙන්ම චිත්තවේගීය යහපතට, අපේ පෙනුමට පවා අත්‍යවශ්‍යයි. ඩහදිය, කඳුළු හා මූත්‍රා මෙන්ම අපේ හුස්මගැනීමෙනුත් අපේ ශරීරවලට දිගටම ජලය අහිමි වෙනවා. නැති වන මෙම ද්‍රවය නැවත ලබා දිය යුතුයි. කොච්චරද අවශ්‍ය? බොහෝ අධිකාරීන් දිනකට අඩුම තරමින් වීදුරු අටක් බීම, ඒ කියන්නේ ලීටර් දෙකක් නිර්දේශ කරනවා.

ඒ ඇයි? අපේ ශරීර තුළ පෝෂ්‍ය පදාර්ථ පරිවහණය කරන්නත්, අපද්‍රව්‍ය පහ කරන්නත් ජලය අත්‍යවශ්‍යයි. ජලය අපේ උෂ්ණත්වය පාලනය කිරීමට සහ අපේ සන්ධිවල ක්‍රියාකාරිත්වය පහසු කරවීමටත් අවශ්‍යයි. “ටිකක් හරි වතුර අඩු වුණොත්, ඔබට තෙහෙට්ටුවක් . . . හෝ අසනීප ගතියක් දැනිය හැකි” යයි හෙල්ත් සඳහන් කරයි. “විජලනය වීම විඩාවට හේතුවක් යන්න පොදුවේ නොසලකා හරිනු ලබනවා.” එම සඟරාව මෙසේ නිර්දේශ කරයි: “කෝපි හා තේ, කැෆේන් අඩංගු සිසිල් බීම සහ මත්පැන් ද්‍රව වූ පළියට ඒවායින් මුළා වෙන්න එපා; ඒවා ඇත්තටම විජලනය වීමට දායක වෙනවා.” කැෆේන් සහ මත්පැන් මූත්‍රා වර්ධක සේ ක්‍රියා කරමින්, ශරීරයේ ජල ප්‍රමාණය අඩු කරවීමට හේතු වෙනවා.

ඊට අමතරව, “ඔබේ සමේ මෘදු මෙන්ම සුනම්‍ය ගතිය පවත්වාගැනීමට, එයට ජලය අවශ්‍යයි.” මෙයට ආධාරකයක් වශයෙන්, සමට තෙතමනය රඳවන ආලේපනත් ආලේප කළ හැකියි. එනමුත් ඒවායින් තෙතමනය වැඩි කරන්නේ නැහැ. ඒ වෙනුවට, සමෙහි ඒ වන විටත් තිබෙන තෙතමනය රැකගැනීමට උපකාරවත් වන ආරක්ෂක වැස්මක් එමත තැවරේ. අප වයසින් වැඩි වෙද්දී ජලය රැකගැනීමට අපේ සමට තිබෙන හැකියාව යම් දුරකට අඩු වන නිසා, මෙම තෙතමනය පවත්වාගැනීම වයසට යෑමත් සමඟම වඩාත් වැදගත් වෙනවා.

එහෙත් මේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල, නිර්මල, පිරිසිදු ජලය ප්‍රමාණවත් ලෙස ලබාගැනීමට සෑහෙන උත්සාහයක් දරන්න සිදුවීම කනගාටුවට කරුණක්. එනමුත් ඒ වෙනුවෙන් දරන උත්සාහය වටී. කොහොමහරි හොඳින් ජලය පානය කර, ඔබේ පෙනුම සහ ස්වභාවය ඉහළම මට්ටමකින් පවත්වාගැනීමට තිබෙන මෙම සරල ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න