ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 5/8 20-21 පි.
  • වර්ෂ 2000 කොපමණ දුරකට වැදගත් වේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වර්ෂ 2000 කොපමණ දුරකට වැදගත් වේද?
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා, කාල ගණකයා
  • “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද”?
  • තුන්වන සහස්‍රය ඇරඹෙන්නේ කවදාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2000 නව පිටුවක් පෙරළයිද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කල් වැඩිද නැත්නම් ප්‍රමාද වැඩිද?
    1999 පිබිදෙව්!
  • කාල වකවානු තීරණය කරන දෙවිව විශ්වාස කරන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 5/8 20-21 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

වර්ෂ 2000 කොපමණ දුරකට වැදගත් වේද?

බටහිර දේශවල මෙන්ම වෙනත් දේශ බොහෝමයක වර්ෂ 2000දී කුමක් සිදු වේවිද යන්නට බොහෝ ජනයා කිසිම ආගමික වැදගත්කමක් දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන්, යුදෙව්, මුස්ලිම් හා හින්දු භක්තිකයන් යන සියලුදෙනාටම බටහිර ඒවා හා නොගැටෙන තමන්ගේම ආගමික දිනදර්ශන තිබෙනවා. ආගමික හා සම්ප්‍රදායානුකූල දින සඳහා චීන ජාතිකයන් චන්ද්‍ර දිනදර්ශනයක් අනුගමනය කරනවා. මේ හේතුවෙන්, අදදින බිලියන ගණන් ජනතාව, සමහරවිට ලෝකයේ ජනගහනයෙන් වැඩිහරියක් වර්ෂ 2000ට කිසි විශේෂ අර්ථයක් ආරෝපණය කරන්නේ නැහැ.a

කෙසේනමුත්, විශේෂයෙන්ම බටහිර රටවල, බොහෝදෙනෙක්, ළඟා වන ඊළඟ සහස්රයේ පටන්ගැන්ම සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් බලා සිටින්නේ ග්‍රෙගරියානු දිනදර්ශනයෙන් දක්වා තිබූ ආකාරයටයි. සමහරෙකුට එය නිකම්ම කුතුහලයකට වඩා වැඩි දෙයක්. ඔවුන් වර්ෂ 2000 සලකන්නේ නව යුගයක හඳුන්වා දීමක්, ඉතිහාසයේ සන්ධිස්ථානයක් හැටියටයි. බයිබලය කෙරෙහි විශ්වාසය තිබෙනවායයි කියා සිටින බොහෝදෙනෙක් අනාවැකිවල ඉටුවීම, වර්ෂ 2000 සමඟ සම්බන්ධ කරනවා. සමහරු විශාල පරිමාණයෙන් ආත්මික පහළ වීමක් අපේක්ෂා කරනවා. වෙනත් අය මහත් උපද්‍රවයක්—ලෝකාන්තිමය සිදු වේයයි භය වෙනවා. මේ අපේක්ෂාවන් සඳහා බයිබලයේ මොනයම් හෝ පදනමක් සපයයිද?

යෙහෝවා, කාල ගණකයා

බයිබලයේ දෙවිව විස්තර කරලා තියෙන්නේ “පුරාතන කෙනෙක්” වශයෙනුයි. (දානියෙල් 7:9) ග්‍රහලෝකවල භ්‍රමණයේ සිට පරමාණුවක අන්තර්ගත අංශුවල චලනය දක්වා තමාගේ මැවිලිවලින් බොහෝමයක ක්‍රියාකාරිත්වයේ පැහැදිලි වන ආකාරයටම, ඔහු කිසිම එහා මෙහා වීමකින් තොරව කාලය පාලනය කරනවා. ඔහුට ඔහුගේම කාලසටහනක් තිබෙන අතර ඔහු එයටම ඇලී සිටිනවා. ‘ඔහු පිළියෙළ කළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියම කළ’ බව බයිබලය පවසනවා. (ක්‍රියා 17:26) යෙහෝවා නිවැරදි කාල ගණකයෙක්.

ඒ අනුව, බයිබලය කාලනිර්ණයට විශේෂ අවධානයක් දෙනවා. මිනිස් ඉතිහාසයේ ආරම්භය දක්වා ක්‍රමානුකූලව ගණන් කිරීම සඳහා එකිනෙකට සම්බන්ධ වාර්තාවක් එය සපයනවා. එවන් ගණන් බැලීමක් දෙවි ආදම්ව මැව්ව වර්ෂය වශයෙන් පො.යු.පෙ. 4026ට යොමු දක්වනවා. වර්ෂ 2000කට විතර පස්සේ ආබ්‍රහම් ඉපදුණා. යේසුගේ උපත වන විට තවත් වර්ෂ 2000ක් ගෙවී ගොස් තිබෙනවා.

බයිබල් කාලනිර්ණය අධ්‍යයනය කරන සමහරු අනාගතයෙහි විශේෂිත දවස්වලට යොමු කරන දැඩි සමීකරණ පිහිටුවා තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ආදම්ව, ආබ්‍රහම්ව සහ යේසුව වෙන් කළ වර්ෂ 2000හේ පිළිවෙළින් පැමිණි දළ කාලපරිච්ඡේදයන් පදනමක් වශයෙන් යොදාගනිමින්, යේසුගේ මරණයේ සිට වර්ෂ 2000ක අවසානයේදී යම් භයානක සිද්ධියක් වේවි කියා ඇතමෙක් පුරෝකථනය කරනවා. බයිබල් කාලනිර්ණය මත අදහස් දැක්වූ කාල නියමයන් කීපයකින් එක උදාහරණයක් විතරයි මේක.

දුෂ්ටකම ඉවත් කර, නව ලොවක් ආරම්භ කිරීම මගින් යෙහෝවා මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇති කාලය ගැන බයිබලය කතා කරන බව පිළිගත හැකියි. “අන්තිම කාලය,” “දේවල පිළිවෙළේ නිමාව,” “අන්තිම දවස්” සහ ‘යෙහෝවාගේ දවස’ ගැන බයිබල් අනාවැකිය කතා කරනවා. (දානියෙල් 8:17; මතෙව් 24:3, NW; 2 තිමෝති 3:1; 2 පේතෘස් 3:11) කෙසේවුවත්, බයිබලයේ පුරෝකථනය කර තිබෙන ‘අන්තිමය’ මොනම විදිහකින්වත් වර්ෂ 2000ට සම්බන්ධ කර නැහැ. ග්‍රෙගරියානු දිනදර්ශනය මගින් ගණන්බලා ඇති ආකාරයට දෙවන සහස්‍රයේ අවසානයට විශේෂ වැදගත්කමක් ආරෝපණය කරන කිසිවක් ශුද්ධ ලියවිලිවල නැහැ.

“මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද”?

යේසුගේ ප්‍රේරිතයන් මෙසේ ඇසූ විට දෙවිගේ කාලසටහන කෙරෙහි සැබෑ උනන්දුවක් විදහාපෑවා: “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද කියා අපට කියන්න.” (මතෙව් 24:3) අදදින බොහෝදෙනෙක් අනාගතය සම්බන්ධයෙන් එවැනිම කුතුහලයක් ඇතුව සිටිනවා. එවැනි වැදගත් බයිබල් අනාවැකි හා ඒවාවල ඉටුවීමේ කාලය කෙරෙහි සැබෑ උනන්දුවක් දැක්වීම ස්වභාවිකයි. කෙසේවුවත්, කාරණය සම්බන්ධයෙන් දෙවිගේ ස්ථාවරත්වය පිළිගැනීම හා ඊට ගෞරවය දැක්වීම ඥානවන්ත දෙයක්.

තම පුත්‍රයා මාර්ගයෙන් යෙහෝවා තම මනස හෙළි කර තිබෙන අතර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙළින් උත්තරයක් දී තිබෙනවා. යේසු ස්වර්ගයට නඟින්න ටිකකට කලින්, දෙවිගේ පොරොන්දුවල ඉටුවීමේ කාලය සම්බන්ධයෙන් ඔහුගේ ගෝලයන් නැවතත් ඔහුගෙන් අසනු ලැබුවා. යේසු මෙසේ පිළිතුරු දුන්නා: “[පියා] තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.” (ක්‍රියා 1:7) කලින් වතාවකදී, යේසු තම ගෝලයන්ට මෙසේ පැවසුවා: “ඒ දවස හා පැය මාගේ [පියා] මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.”—මතෙව් 24:36.

පැහැදිලිවම, “කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම,” විශේෂයෙන්ම බයිබල් අනාවැකිවල අනාගත ඉටුවීම සම්බන්ධයෙන් සලකා බලන විට, එය මිනිස් බලය යටතේ නොතිබෙයි. එවැනි තොරතුරු අපට හෙළි නොකිරීමට දෙවි තෝරාගෙන තිබෙනවා. (මතෙව් 24:22-44) ඔහුගේ අභිප්‍රායන්ට විරුද්ධව අපම “ඒ දවස හා පැය” සම්බන්ධයෙන් අදහස් දැක්වීම මගින් දෙවිගේ අරමුණට යම් ආකාරයකින් බලපෑමක් විය හැකිද? නිසැකවම, මෙය විය නොහැකියි. (ගණන් කථාව 23:19; රෝම 11:33, 34) බයිබලය මෙසේ ප්‍රකාශ කරනවා: “[යෙහෝවාගේ] මන්ත්‍රණය සදාකාලයට . . . පවත්නේය.” (ගීතාවලිය 33:11) සර්වබලධාරි දෙවිව සිටීමෙන් ඔහු සැමවිටම සාර්ථක වෙනවා.—යෙසායා 55:8-11.

‘තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීමට’ දෙවිට බලය තිබුණත්, තවමත් බොහෝදෙනෙක් අනුමාන කිරීමට කැමතියි. සමහරු තමන්වම විනිශ්ච දවසේ ප්‍රොපේතවරුන් බවට පත් කරගෙන තිබෙනවා. මේ හේතුව නිසා, දින සම්බන්ධයෙන් අනුමාන කරන අයට සවන් දීමේ අනතුර පිළිබඳව ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයන්ට විශේෂ උපදෙස් දුන්නා. ඔහු මෙසේ ලිව්වා: “[යෙහෝවාගේ] දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව. කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරින්න.”—2 තෙසලෝනික 2:1-3.

දෙවි කලින් තීරණය කර තිබෙන පරිදි නියමිත දිනයට හා වෙලාවට අනුව අනාගතය සඳහා ඔහුගේ අරමුණු ඉටු කරන බවට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්ථිරයෙන්ම විශ්වාස කරනවා. (හබක්කුක් 2:3; 2 පේතෘස් 3:9, 10) තවද වැඩි-ඈතක-නොවූ අනාගතයේදී මේ සිද්ධීන් හටගනියි කියා අපි විශ්වාස කරනවා. (2 තිමෝති 3:1-5) කෙසේවුවත්, අදදින ප්‍රගුණ වෙමින් පවතින සිද්ධාන්තයන් සම්බන්ධයෙන් අපි අනුමාන කිරීම් කරන්නේවත්, ඒවාවලට අනුබල දෙන්නේවත් නැහැ.b වර්ෂ 2000වත්, 2001වත්, මිනිසා විසින් නියම කළ කාල සීමාවක්වත් යෙහෝවාගේ කාලසටහන සමඟ කිසිම සම්බන්ධයක් නැති බවට සහතිකයි.

[පාදසටහන්වල]

a කාර්මික දෘෂ්ටිකෝණයකින් බලන කල, නාමික තුන්වන සහස්රය පටන්ගන්නේ 2001 ජනවාරි 1වනදායි. පළමු සහස්රය පටන්ගත්තේ බිංදු වර්ෂයකින් නොව නමුත් වර්ෂ එකෙනුයි. කෙසේවුවත්, මහජනයා “තුන්වන සහස්රය” යන යෙදුම වර්ෂ 2000ට සම්බන්ධ කරනවා. මේ ලිපිය, වර්ෂ 2000 සම්බන්ධයෙන් ජනප්‍රිය අපේක්ෂාවන් මත අවධානය යොමු කරවනවා.

b 1997 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ පිටු 21-2 මෙසේ ප්‍රකාශ කළා: “යෙහෝවාගේ දවස සිදු වෙන්න යන්නේ කවදාද යන්න දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් උනන්දුවක් පෙන්වා තිබෙනවා. ඒ මහත් උනන්දුව නිසා, එය කවදාද එන්නේ කියන එක තක්සේරු කරන්න ඔවුන් ඇතැම් අවස්ථාවන්වලදී තැත් කර තිබෙනවා. ඒත් යේසුගේ මුල් ගෝලයන් කළාක් මෙන් කිරීමෙන්, නියමිත “කාලය කවදා වේදැයි” අප “නොදන්න” බවට වූ තම ස්වාමියාගේ අවවාදය කල්පනාවට ගන්න ඔවුන් අසමත් වී තිබෙනවා. (මාර්ක් 13:32, 33) ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් නියම කාලයට කලින් ඇති කරගත් අපේක්ෂාවන් නිසා කවටකම්කරන්නන් ඔවුන්ව අවමානයට ලක් කර තිබෙනවා. (2 පේතෘස් 3:3, 4) කොහොම වුණත්, යෙහෝවාගේ කාලසටහනට අනුව, යෙහෝවාගේ දවස නිසැකවම පැමිණෙන බව පේතෘස් සහතික කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න