ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 10/8 4-6 පි.
  • සුරක්ෂිත ජීවිතයක් සොයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සුරක්ෂිත ජීවිතයක් සොයා
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උසස් අධ්‍යාපනය
  • ද්‍රව්‍යමය දේවල් 10,000ක් ප්‍රමාණවත්ද?
  • බලාගෙනයි!
  • රෝග ලක්ෂණවලට නොව—රෝගයට ප්‍රතිකාර කරන්න
  • සුරක්ෂිත අනාගතයකට මඟ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • කල්පවතින සුරක්ෂිත ජීවිතයක්
    1998 පිබිදෙව්!
  • දැන් දැනෙන සුරක්ෂිතභාවය සදාකාලයටම සුරක්ෂිතව සිටීම
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 10/8 4-6 පි.

සුරක්ෂිත ජීවිතයක් සොයා

සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් විවිධ මිනිසුන් විවිධ අදහස් දරනවා. එක්කෙනෙකුට සුරක්ෂිතභාවය කියන්නේ රැකියාවක් තිබීම. තව කෙනෙකුට එය ධනය අදහස් කරනවා. සුරක්ෂිතභාවය කියන්නේ සැහැසියාවෙන් තොර වටපිටාවකට කියා තව කෙනෙක් පවසනවා. ඒ ගැන ඔබට වෙනත් අදහසක් තියෙනවාද?

ඔබ දරන අදහස කුමක් වුණත්, බලාපොරොත්තු වන ආකාරයෙන් ඔබේ ජීවිතය සුරක්ෂිත කරගැනීමට ගත යුතු පියවර ඔබ ගනු ඇති බව නිසැකයි. යම් ප්‍රමාණයකට පෞද්ගලික ආරක්ෂාව අත් කරගැනීමට යුරෝපයේ සිටින ජනයා කරමින් සිටින දෙය සලකා බලන්න.

උසස් අධ්‍යාපනය

යුරෝපීය කොමිසමේ සභාපති වන ජාක් සාන්ටේ පවසන පරිදි, යුරෝපීය සංගමයේ සිටින යෞවනයන්ගෙන් සියයට 20ක් පසු වෙන්නේ විරැකියාවෙන්. මේ අනුව, ඒ වයස් මට්ටමේ සිටින බොහෝදෙනෙකුට බලපාන ප්‍රශ්නය මෙයයි: මගේ ජීවිතය සුරක්ෂිත කරන්නාවූ රැකියාවක් මම ලබාගන්නේ කොහොමද? මේ ඉලක්කය අත් කරගැනීමට හොඳම ක්‍රමය උසස් අධ්‍යාපනය බව බොහෝදෙනෙක් සිතනවා. එය ශිෂ්‍යයන්ට “රැකියා වෙළඳපොළේ කැපීපෙනෙන වාසියක්” අත් කර දෙන බව ලන්ඩන්හි ද සන්ඩේ ටයිම්ස් අදහස් දක්වනවා.

නිදසුනක් වශයෙන්, ජර්මනියේ, “අධ්‍යාපනය සහ විද්‍යාලීය පදවි සඳහා ඇති ආශාව පෙර කිසිදාකටත් වඩා වැඩි වී ඇත” කියා නාස් ඔවිෂ්ෂේ නොය ප්‍රෙස්සේ වාර්තා කරනවා. විශ්වවිද්‍යාල පාඨමාලා කාලය තුළ ශිෂ්‍යයෙක් හැටියට කෙනෙකුට ඩොලර් 55,000ක් වැය කිරීමට සිදු වුණත්, මේ ආශාව නිරන්තරවම පවතිනවා.

අධ්‍යාපනය බැරෑරුම් ලෙස සලකන සහ රැකියා සුරක්ෂිතභාවය ගැන ආශාවක් දක්වන යෞවනයන් ප්‍රශංසා කටයුතුයි. එමෙන්ම, රැකියාවක් සෙවීමේදී කුසලතා සහ සුදුසුකම් ඇති කෙනෙකුට රැකියාවක් සෙවීමේදී වාසියක් තියෙනවා. නමුත් උසස් අධ්‍යාපනය සැමවිටම රැකියා සුරක්ෂිතභාවය ලබා දෙනවාද? එක්තරා ශිෂ්‍යාවක් මෙහෙම කිව්වා: “මම මුල ඉඳන්ම දැනගෙන හිටියා, මගේ අධ්‍යාපන පාඨමාලාව නිශ්චිත වෘත්තීමය කටයුත්තකටවත් රැකියා සුරක්ෂිතභාවයටවත් මඟ පෙන්වන්නේ නැහැයි කියලා.” ඇගේ තත්වය අසාමාන්‍ය එකක් නෙවෙයි. එක්තරා අවුරුද්දකදී, ජර්මනියේ විරැකියාවෙන් පසු වන විශ්වවිද්‍යාලීය උපාධිලාභීන්ගේ සංඛ්‍යාව පෙර කිසිදාකට වඩා උච්චාවස්ථාවකට පැමිණියා.

එක් පුවත්පතකට අනුව ප්‍රංශයේ, තරුණ විරැකියාව හේතුවෙන් උසස් පාසැල් ඩිප්ලෝමාවේ අගය බාල වී ඇති නිසා යෞවනයන් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ලබනවා. කොහොමවුණත්, අධ්‍යාපනය ලබා අවසන් වූ වහාම, “උපාධියක් තිබුණු පළියට, ඒකෙ වෙනසක් නැහැ” කියා, බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිගන්නවා. දි ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍යයේ “විද්‍යාලීය ජීවිතයේ දැඩි පීඩනයන් ශිෂ්‍යයන්ට දරුණු සේ බලපා තිබෙන” බවයි. ජීවිතයේ අනාරක්ෂිතභාවය සමඟ කටයුතු කිරීමට ශිෂ්‍යයන්ට උපකාර කරනවා වෙනුවට, විශ්වවිද්‍යාල ජීවිතය ඇතැම්විට මානසික අසහනය, කාන්සාව සහ ආත්ම-අභිමානය හීනවීම ආදි ගැටලුවලට මඟ පාදන බව වාර්තා වී තියෙනවා.

බොහෝ අවස්ථාවල, යම් කර්මාන්තයක් ඉගෙනගැනීම හෝ යම් නිෂ්පාදන ක්ෂේත්‍රයක ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීම, විශ්වවිද්‍යාල උපාධියක් ඇතුව සිටීමට වඩා පහසුවෙන් සුරක්ෂිත රැකියාවක් ලබාගැනීමට හැකි කරවනවා.

ද්‍රව්‍යමය දේවල් 10,000ක් ප්‍රමාණවත්ද?

සුරක්ෂිත ජීවිතයකට රහස ධනය කියා බොහෝදෙනෙක් විශ්වාස කරනවා. හොඳ බැංකු ගිණුමක් තියෙනවා නම්, දුෂ්කර කාලවලදී කාටවත් අතපාන්න අවශ්‍යතාවක් නැති නිසා, මෙය ඥානවන්ත දෙයක් කියා කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. “මුදල ආරක්ෂාවක්” කියා බයිබලය පැහැදිලි කරනවා. (දේශනාකාරයා 7:12) කොහොමවුණත්, ධනය රැස් කිරීම සැමවිටම වැඩි පෞද්ගලික ආරක්ෂාවක් සපයනවාද?

අනිවාර්යයෙන්ම නැහැ. පසුගිය 50වසර තුළ ධනය රැස් කරගත් ආකාරය ගැන සලකා බලන්න. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමඟ, ජර්මානු ජනගහනයෙන් වැඩි හරියකට කිසිම දෙයක් තිබුණේ නැහැ. අද, එක් ජර්මානුවෙකුට අයිතම 10,000ක ධන සම්භාරයක් ඇති බව ජර්මානු පුවත්පතක් කියා සිටිනවා. ආර්ථික වාර්තා නිවැරදි නම්, අනාගත පරම්පරා මීටත් වඩා දේවල් අත් පත් කරගන්න යනවා. නමුත් මෙසේ ධනය පොදි ගැසීම ජීවිතය වඩා සුරක්ෂිත කරනවාද? නැහැ. දැනට අවුරුදු 20කට 30කට පෙර තිබුණාට වඩා, දැන් ජීවිතයේ සුරක්ෂිතභාවය අඩු වී තියෙනවා. ජර්මනියේ සිදු කළ සමීක්ෂණයක් හෙළි කළේ, තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මෙය පිළිගන්නා බවයි. මෙසේ, ධනය මහත් සේ වැඩි කරගැනීම, ජනයාට වැඩි සුරක්ෂිතභාවයක් හැඟෙන්න සලස්වා නැහැ.

මෙය තේරුම්ගත හැකියි; මන්ද, කලින් ලිපියේ සඳහන් කළ ආකාරයට, අනාරක්ෂිතභාවයක් හැඟීම කීමෙන් අදහස් කරන්නේ චිත්තවේගීය බරක් කියන එකයි. චිත්තවේගීය බරක් ද්‍රව්‍යමය වස්තුවෙන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු කර දමන්න බැහැ. ධනය ඇතුව සිටීම දිළිඳුභාවයෙන් සහනයක් ලබා දෙන අතර, දුෂ්කර කාලවලදී උපකාර කරන්න යන බව ඇත්තයි. නමුත්, සමහර තත්වයන් යටතේ, මුදල් සම්භාරයක් තිබීම, ටිකක් තිබීම හා සමානම පීඩාවක් විය හැකියි.

මේ අනුව, ධනය ආශීර්වාදයක් විය හැකි අතර, එය සුරක්ෂිත ජීවිතයකට මූලික සාධකය නොවන බව මතකයේ තබාගැනීමට, ද්‍රව්‍යමය සන්තකය කෙරෙහි සමබර ආකල්පයක් ඇතුව සිටීම අපට උපකාර කරන්න යනවා. මේ පොළොව මත සිටිද්දී යේසුස් ක්‍රිස්තුස් මෙසේ කියමින් තම අනුගාමිකයන්ව දිරිගැන්නුවා: “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15) ජීවිතයේ සම්පූර්ණ සුරක්ෂිතභාවයක් හැඟෙන්න, ද්‍රව්‍යමය වස්තුවට වඩා වැඩි යමක් පුද්ගලයෙකුට අවශ්‍යයි.

වියපත් වූ අයට, තමන් සන්තක දේවල් ඒ තරම්ම වැදගත් වන්නේ, ඒවායේ ද්‍රව්‍යමය වටිනාකමට වඩා ඒවා සමඟ ඇති ඔවුන්ගේ චිත්තවේගීය බැඳීම නිසායි. වියපත් වූ කෙනෙක් වස්තුව ගැන සලකනවාට වඩා සැලකිලිමත් වන්නේ, තමන්ව සැහැසියාවට ගොදුරු වීමේ අවදානම ගැනයි.

බලාගෙනයි!

“අපරාධ . . . පසුගිය වසර 30 ඇතුළත ලොව පුරා වැඩි වෙන්නාවූ ගැටලුවක් බවට පත් වී තිබෙනවා” යයි පවසන්නේ, බ්‍රිතාන්‍යයේ ප්‍රකාශිත අපරාධ වැළැක්වීමට ප්‍රායෝගික මාර්ග (ඉංග්‍රීසියෙන්) නම් පොත් පිංචයයි. පොලීසියට කිසිම විවේකයක් නැහැ. සමහරුන් මේ සමඟ කටයුතු කරමින් සිටින්නේ කොහොමද?

පෞද්ගලික ආරක්ෂාව ආරම්භ වන්නේ නිවසෙන්. උදාහරණයක් හැටියට ස්විට්සර්ලන්තයේ, හොරුන්ට ඇතුල් විය නොහැකි ආරක්ෂිත නිවෙස් තැනීමේ විශේෂ දක්ෂතා ඇති එක් ගෘහ ශිල්පියෙක් නිවාස නිර්මාණය කළා. ආරක්ෂිත අගුලු, අමතර ශක්තිය යොදා තැනූ දොරවල් සහ පොලු දැමූ ජනෙල්වලින් ඒවා සමන්විත වුණා. මේවායේ නිවාස අයිතිකරුවන් ප්‍රසිද්ධ ආප්තෝපදේශය ඇති සැටියෙන්ම ගන්නා බවක් පෙනෙන්න තියෙනවා: “නිවස මගේ බලකොටුවයි.” ෆෝකස් නමැති පුවත් සඟරාවට අනුව, මෙම නිවෙස් මිල අධික වුණත්, ඒවාට ඇති ඉල්ලුම ප්‍රබලයි.

නිවස තුළ මෙන්ම පිටතද ආරක්ෂාව දැඩි කරගැනීමට, සමහර ප්‍රජාවන්හි වැසියන් අසල්වැසි ප්‍රදේශයේ ආරක්ෂක වැඩපිළිවෙළවල් සංවිධානය කර තියෙනවා. සමහර නගරාසන්න ප්‍රදේශවල වැසියන් එයිනුත් ඔබ්බට යමින්, යම් පැය ගණනකට තම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන්න ආරක්ෂක ආයතනවලට මුදල් ගෙවනවා. පාළු නගර මාවත්වල රාත්‍රියේදී තනියම ගමන් බිමන් යෑම ඥානවන්ත නැති බව බොහෝදෙනාට හැඟෙනවා. තම දරුවන්ගේ ශුභසාධනය ගැන ස්වභාවයෙන්ම සැලකිලිමත් වන දෙමාපියන් අමතර පූර්ව ආරක්ෂක පියවර ගැනීමට ඉඩ තියෙනවා. මෙම පිටුවේ ඇති කොටුවේ තියෙන යෝජනා සලකා බලන්න.

හොරුන්ට ඇතුල් විය නොහැකි ආරක්ෂිත නිවාස සඳහා වියදම් කරන්න සැමෝටම හැකියාවක් නැහැ. ඊට අමතරව, අසල්වැසි ප්‍රදේශයේ ආරක්ෂිත වැඩපිළිවෙළවල් සහ ආරක්ෂිත මුර සංචාර, සමස්ථයක් වශයෙන් අපරාධ ඉවත් නොකරන්න ඉඩ තියෙනවා. එයින් විය හැක්කේ, අනාරක්ෂිත ප්‍රදේශවලට නිකම්ම අපරාධ තල්ලු කර හැරීමක් පමණයි. මේ අනුව, අපරාධ පෞද්ගලික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක්ව පවතිනවා. අපේ ජීවිත ආරක්ෂා කරගන්න නම්, අපරාධ පරාජය කිරීමට අතිමහත් වෑයමක් දැරීමට වඩා වැඩි යමක් අවශ්‍යයි.

රෝග ලක්ෂණවලට නොව—රෝගයට ප්‍රතිකාර කරන්න

සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න අප සියලුදෙනාටම සහජයෙන්ම ආශාවක් ඇති අතර, එම ඉලක්කය අත් කරගැනීම සඳහා අප සාධාරණ සහ ප්‍රායෝගික පියවර ගෙන තියෙනවා. අපේ ජීවිතය අනාරක්ෂිත කරන්නාවූ අපරාධ, විරැකියාව සහ අනිත් සෑම දෙයක්ම, මුළු මිනිස්වර්ගයා මතම බලපා ඇති තත්වයේ රෝග ලක්ෂණ පමණයි. එම තත්වය සුව කරගැනීමට, රෝග ලක්ෂණවලට පමණක් නොව, මුලට පහර දිය යුතුයි.

අපේ ජීවිතවල අනාරක්ෂිතභාවයට මුල මොකක්ද? එය මුලිනුපුටා දමා, ජීවිතයෙහි අනාරක්ෂිතභාවය අප සදහටම ඉවත් කරන්නේ කෙසේද? මේ කරුණ මීළඟ ලිපියෙහි සාකච්ඡා කරන්න යනවා.

[6වන පිටුවේ කොටුව]

බාල දරුවන්ව රැකගැනීමට මාර්ග

නිතර සිදු වන ළමා පහර දීම්, පැහැරගෙන යෑම් සහ මිනිමැරුම් නිසා, පහත සඳහන් දේවල් කිරීමට තම දරුවන්ට ඉගැන්වීම ප්‍රයෝජනදායක බව බොහෝ දෙමාපියන් සොයාගෙන තියෙනවා:

1. තමන්ට නරකයයි හැඟෙන යමක් කරන්න පොලඹවන ඕනෑම කෙනෙකුට, ඉතා ස්ථිර ලෙස එපා කියන්න.

2. දෙමාපියන් තමන් සමඟ සිටින විට වෛද්‍යවරයෙකුට හෝ හෙදියකට ඇරෙන්න, කිසිවෙකුට ශරීරයේ රහස්‍ය කොටස් ස්පර්ශ කරන්න ඉඩ දීම ප්‍රතික්ෂේප කරන්න.

3. අනතුරක් අභියස පලා දුවන්න, බෙරිහන් දෙන්න, කෑගසන්න එහෙම නැත්නම් ළඟපාත සිටින වැඩිහිටියෙකුගේ උපකාරය පතන්න.

4. දරුවාට අපහසුතාවක් දැනෙන ඕනෑම සිද්ධියක් හෝ සංවාදයක් ගැන දෙමාපියන්ට කියන්න.

5. දෙමව්පියන්ගෙන් රහස් සැඟවීමෙන් වළක්වන්න.

අවසාන කරුණ හැටියට, තම දරුවන්ව බලාකියා ගැනීම සඳහා තබා යන ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් දෙමාපියන් සුපරීක්ෂාකාරි වන්න.

[5වන පිටුවේ පින්තූර]

අපේ ජීවිත සුරක්ෂිත කරගැනීම සඳහා, අධ්‍යාපනය, ධනය හෝ අපරාධ පරාජය කිරීමට දරන අතිමහත් වෑයමට වැඩි යමක් අවශ්‍යයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න