ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 10/8 7-10 පි.
  • කල්පවතින සුරක්ෂිත ජීවිතයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කල්පවතින සුරක්ෂිත ජීවිතයක්
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සුරක්ෂිත ආරම්භයක් මුළුමනින්ම වැනසී
  • ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දෙන්න
  • ‘ඔයගොල්ලන්ගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරල බලන්න’
  • ධර්මිෂ්ඨකම, නිසංසලභාවය සහ සුරක්ෂිතභාවය
  • සැබෑ සුරක්ෂිතභාවය—දැනුත් සදහටත්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුරක්ෂිත ජීවිතයක් සොයා
    1998 පිබිදෙව්!
  • අනාරක්ෂිත හැඟීම්වලින් ගොඩ එන්න නම් . . .
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මිනිසා සකස් කරන ලද “සාමය සහ සුරක්ෂිතභාවය” ඉක්මවා බැලීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 10/8 7-10 පි.

කල්පවතින සුරක්ෂිත ජීවිතයක්

ඔබට හොඳටම උණගැනී තියෙනවා නම්, හිසරදයෙන් සහනයක් ලබන්න බෙහෙත් පෙත්තක් ගන්නත්, උණ බස්සාගන්න සමහරවිට අයිස් බෑගයක් තබන්නත් ඉඩ තියෙනවා. බෙහෙත් පෙත්ත සහ අයිස් බෑගය රෝග ලක්ෂණ උහුලාගැනීමට උපකාර කළත්, ඒවා උණේ මුලට ප්‍රතිකාර නොවෙයි. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය නම්, පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.

මනුෂ්‍යවර්ගයා පෙළෙමින් සිටින්නේ, අනාරක්ෂිතභාවය නමැති නොනවතින උණෙන්. අප්‍රසන්න රෝග ලක්ෂණවලින් සහනයක් ලැබීමට සුදුසු ආකාරයෙන් කෙටි කාලීන පියවර අප ගත්තත්, සුවයක් ලබාගත හැකි වන්නේ, අපේ තත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ රෝග නිර්ණයක් කළ හැකි කෙනෙකුගෙන් පමණයි. ඉතින්, අපේ මැවුම්කාරයා වන යෙහෝවා දෙවි තරම් මනුෂ්‍යවර්ගයා ගැන වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. අප මත එල්ල වී ඇති ගැටලු නිසා ජීවිතය සුරක්ෂිත නැති බව ඔහු දන්නවා.

සුරක්ෂිත ආරම්භයක් මුළුමනින්ම වැනසී

යෙහෝවා මුල් මිනිස් යුවළ පරිපූර්ණ ලෙස මවා සුරක්ෂිත පරිසරයක තැබූ බව දේවවචනය පැහැදිලි කරනවා. ඔවුන් කාන්සාවෙන් තොරවයි සිටියේ. පාරාදීසයක සම්පූර්ණ ආරක්ෂාව ඇතුව සදාකාලයටම ජීවත් වීමයි, මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිගේ අරමුණ වුණේ. “දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්” මනුෂ්‍යවර්ගයාගේ මුල් සැලැස්මට අයත් වුණා. ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපුරාලනු ලැබූ බව සැලකිල්ලට ගන්න; පරිසරය “දැකීමට ප්‍රියවූ” එකක් ලෙස විස්තර කර තිබීමෙන්, ඔවුන්ගේ චිත්තවේගීය අවශ්‍යතාද සපුරාලනු ලැබූ බව නිසැකයි. මුල් යුවළව ස්ථිරසාර, ගැටලුවලින් තොර ජීවිතයක් සහතික කළ වටපිටාවක තැබූ බව මෙයින් අදහස් කළාට කිසිම සැකයක් නැහැ.—උත්පත්ති 2:9.

ආදම් සහ ඒව දෙවිගේ ප්‍රේමනීය පරමාධිපති පාලනය ප්‍රතික්ෂේප කර, සැකයේ, භයේ, ලජ්ජාවේ, වරදසහගතභාවයේ සහ අනාරක්ෂිතභාවයේ හැඟීම් තම ජීවිතවලට හඳුන්වා දුන්නා. දෙවිව ප්‍රතික්ෂේප කළ පසු, තමා “භයපත්” වූ බව ආදම් පිළිගත්තා. එතෙක් කිට්ටු සහ ප්‍රයෝජනවත් සබඳතාවක් භුක්ති විඳිමින් සිටි මුල් මිනිස් යුවළ වස්ත්‍ර ඇඳගනිමින්, තම ප්‍රේමනීය මැවුම්කාරයා කෙරෙන් සැඟවුණා.—උත්පත්ති 3:1-5, 8-10.

යෙහෝවාගේ මුල් අරමුණ වෙනස් වී නැහැ. අපේ මැවුම්කාරයා කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා ඉතා ඉක්මනින් මේ පොළොව යළි පාරාදීස තත්වයකට පත් කරමින්, සදාකාලයටම සුරක්ෂිතව ජීවත් වෙන්න සලස්වන ප්‍රේමනීය දෙවිකෙනෙක් බව බයිබලය පවසනවා. අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් මෙම පොරොන්දුව දෙනු ලැබුවා: “බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. . . . සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න.” (යෙසායා 65:17, 18) මේ අලුත් අහස සහ අලුත් පොළොව ගැන කතා කරද්දී ප්‍රේරිත පේතෘස් කියන්නේ, එහි “ධර්මිෂ්ඨකම වාසයකරන” බවයි.—2 පේතෘස් 3:13.

මෙය අත් කරගන්න යන්නේ කෙසේද? යෙහෝවා පිහිටුවන ආණ්ඩුවක් මාර්ගයෙන්. ඒ, තම අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කියා යේසුස් ක්‍රිස්තුස් කී ආණ්ඩුවයි: “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.”—මතෙව් 6:9, 10.

දෙවිගේ ආණ්ඩුව මිනිස් ආණ්ඩු වෙනුවට පත්වී, දෙවිගේ අරමුණ ප්‍රේමනීය ලෙස ලොව පුරාම ක්‍රියාත්මක කරන්න යනවා. (දානියෙල් 2:44, 45ආ) ආදම්ගේ දවස්වල සිට මනුෂ්‍යවර්ගයාට පීඩා කළ සැකය, භය, ලජ්ජාව, වරදසහගතභාවය සහ අනාරක්ෂිතභාවය තවදුරටත් නැහැ. බයිබලය කියන විදිහට ඒ රාජ්‍යය අත ළඟයි. දැන් පවා, ඒ කියන්නේ අපේ අස්ථිර ලෝකයේ පවා, දෙවිගේ රාජ්‍යය කෙරෙහි ආශාවෙන් බලා සිටින අය තරමක් දුරකට සුරක්ෂිතභාවය අද්දකිනවා.

ආත්මික කාරණාවලට ප්‍රමුඛත්වය දෙන්න

භයවීම සහ මානසික අසහනය කියන්නේ මොකක්ද කියා දැන සිටි දෙවිගේ සේවකයෙක් තමයි දාවිත්. ඒ වුණත්, ගීතාවලිය 4:8 [NW] වාර්තා කර තියෙන විදිහට දාවිත් ලිව්වේ මෙහෙමයි: “සන්සුන්ව මම වැතිර නිදන්නෙමි. මන්ද අහෝ යෙහෝවා, ඔබම, ඔබ පමණක්ම මා සුරක්ෂිතව වාසය කරවන්නේය.” දාවිත් ඇතැම් අවස්ථාවල ගැටලුවලින් කොටු වී සිටිද්දී, යෙහෝවා ඔහුට සුරක්ෂිතභාවයේ හැඟීමක් ලබා දුන්නා. මෙයින් අපට යමක් ඉගෙනගත හැකිද? අනාරක්ෂිත ලෝකයක් තුළ යම් තාක් දුරකට සුරක්ෂිතභාවයක් අපට අත් කරගත හැක්කේ කෙසේද?

ආදම් සහ ඒව සම්බන්ධ උත්පත්ති වාර්තාව සලකා බලන්න. ඔවුන්ට ඔවුන්ගේ සුරක්ෂිතභාවයේ හැඟීම අහිමි වූයේ කිනම් අවස්ථාවේදීද? මැවුම්කාරයා සමඟ තම පෞද්ගලික සම්බන්ධතාව අත්හළ මෙන්ම මනුෂ්‍යවර්ගයා සඳහා ඔහුගේ අරමුණට එකඟව ජීවත් වීම ප්‍රතික්ෂේප කළ මොහොතේ සිටයි. එසේනම්, යෙහෝවා සමඟ පෞද්ගලික සම්බන්ධතාවක් ඇති කරගැනීමෙන් සහ ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වීමට උත්සාහ කිරීමෙන් මේ ක්‍රියාකාරිත්වය ආපස්සට හැරෙව්වොත්, එසේ නොකරනවාට වඩා සුරක්ෂිත ජීවිතයක් දැන් පවා අපට භුක්ති විඳින්න පුළුවන්.

බයිබල් අධ්‍යයනයක් තුළින් යෙහෝවාව දැනගැනීම, ජීවිතයේ අර්ථය තේරුම්ගන්න අපට උපකාර වෙනවා. අපි කව්ද, අපි මෙහි සිටින්නේ ඇයි කියා අප වටහාගන්න යන්නේ එවිට පමණයි. සුරක්ෂිත අනාගතයක් අපට ලැබෙන්න යන්නේ, අප දෙවිට ප්‍රේම කරන විට, මනුෂ්‍යවර්ගයා සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ දැනගත් විට සහ එහි අපට හිමි ස්ථානය තේරුම්ගත් විටයි. පාවුල් නමැති මිනිසෙක් මෙය අවුරුදු කිහිපයකට උඩදී තේරුම්ගත්තා.

පාවුල් ඉපදී හැදී වැඩුණේ, ජර්මානු වෙරළෙන් මදක් ඔබ්බට වෙන්න පිහිටි දූපතකයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් අද්දුටු දේවල් නිසා ඔහුගේ පවුලේ අය ආගම කෙරෙහි කිසි උනන්දුවක් දැක්වූයේ නැහැ. තරුණයෙක්ව සිටියදී තමා ගත කළ ජීවිතය ගැන පාවුල් කියන්නේ මෙහෙමයි: “මම කිසිම දෙයක් විශ්වාස කළේ නැහැ; කිසිම කෙනෙකුට ගරු කළේ නැහැ. මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් මගේ දුක තුනී කරගන්න උත්සාහ කළා. සතියකට දෙතුන් වතාවක් කණමදයා වගේ බිව්වා. මට මගේ ජීවිතය ගැන කිසිම සුරක්ෂිතභාවයක් තිබුණේ නැහැ.”

ඉන්පසුව පාවුල් යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් එක්ක සාකච්ඡා කළා. පාවුල් බොහෝ තර්ක කළත්, සාක්ෂිකාරයා කී යමක් ගැන ඔහු හිතන්න පටන්ගත්තා. “නැති දෙයකින් කිසිවක් ඇති වෙන්නේ නැහැ.” වෙනත් විදිහකින් කියනවා නම්, අප අවට ඇති සෑම ස්වාභාවික දෙයකටම මැවුම්කාරයෙක් සිටිය යුතුයි.

“මම ඒ ගැන නැවත නැවතත් හිතුවා; අන්තිමේදී ඒකට එකඟ වෙන්න සිද්ධ වුණා.” ඉතින් පාවුල් යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර, යෙහෝවාව හඳුනාගත්තා. ඔහු මෙහෙම පිළිගන්නවා: “මගේ දෙමාපියන් ඇරෙන්න, මෙතුවක්කල් මං වෙනුවෙන් යමක් කරපු එකම එක්කෙනා යෙහෝවා විතරයි.” පාවුල් සාක්ෂිකාරයෙක් හැටියට 1977දී බව්තීස්ම වූ අතර, මෙහෙම කියනවා: “ජීවිතයේ අරමුණ මොකක්ද කියල මම දැන් හොඳටම දන්නවා. යෙහෝවාට ඕන විදිහට මම ජීවත් වෙනවා. මටත් මගේ පවුලේ අයටත් සිද්ධ වෙන්න පුළුවන් ඕනෙම කරදරයක් අනාගතයේදී ඉවත් කරල දාන්න දෙවිට පුළුවන්. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ.”

මේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? පාවුල් තම අනාරක්ෂිතභාවයෙන්, එනම් චිත්තවේගීය බරෙන් ගොඩ ආවා; ඒ ද්‍රව්‍යමය වස්තුව මත නෙවෙයි, නමුත් ආත්මික කාරණා මතට අවධානය යොමු කිරීමෙන්. ඔහු මැවුම්කාරයා සමඟ දැඩි සම්බන්ධතාවක් වර්ධනය කරගත්තා. මිලියන ගණන් යෙහෝවාගේ සාක්ෂිකාරයන් එවැනි සම්බන්ධතාවක් භුක්ති විඳිනවා. මෙය ඔවුන්ට අන්‍යයන් සමඟ කටයුතු කරද්දී ආත්ම-පරිත්‍යාගශීලී වෙන්න උපකාර කරන අභ්‍යන්තර ශක්තියක් ලබා දෙනවා. යෙහෝවාගේ සාක්ෂිකාරයන් නිවෙස්වලට ගොස් මිනිසුන්ට කතා කරන්න ඔවුන්ගේ කාලය වැය කරනවා. එසේ කරන්නේ, ආත්මික කාරණා මත අවධානය යොමු කිරීම මගින්, ඔවුන්ගේ ජීවිත වඩා සුරක්ෂිත කරගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහායි. නමුත් සාක්ෂිකාරයන් දේශනා කරනවාට වඩා වැඩි යමක් කරනවා.

‘ඔයගොල්ලන්ගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරල බලන්න’

වර්ෂ 1997 ජූලි මාසයේදී ඕද්‍ර ගඟ පිටාර ගලා උතුරු යුරෝපයේ විශාල ප්‍රදේශයක් යට කර දැමූ විට, අසල්වැසි පෝලන්තයේ සිටින ජනයා අසරණ වූ ආකාරය ගැන ජර්මනියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට ආරංචි වුණා. ඔවුන්ට කළ හැකිව තිබුණේ කුමක්ද? බ’ලින් නගරයෙත් ඒ අවටත් විසූ සාක්ෂිකාරයන් දින කිහිපයක් තුළ, එ. ජ. ඩොලර් 1,16,000ක් ස්වේච්ඡාවෙන් සම්මාදම් කිරීමෙන් පුදුමාකාර ත්‍යාගශීලීත්වයක් පෙන්නුවා.

ඉදි කිරීම් වැඩ සම්බන්ධයෙන් පළපුරුදු සාක්ෂිකාරයන්, තමන්ගේම වියදමින් පැය හයක් තිස්සේ ගමන් කර බ’ලින්හි සිට පෝලන්තයේ ව්රෝස්ලොෆ් ප්‍රදේශයට පැමිණියා. එක් කුඩා නගරයක, බොහෝ නිවාස දරුණු ලෙස ආපදාවට ලක් වී තිබුණා. සාක්ෂිකාර පවුලකට අයිති නිවසකට මීටර් හයකට වඩා ඉහළින් වතුර දමා තිබුණා. ඔවුන්ගේ දියණිය ඊළඟ මාසයේ විවාහ වෙන්න සිටි අතර, ඇගේ පුරුෂයා සමඟ එම නිවසේ පදිංචි වීමට නියමිතව තිබුණා. ගෙය අලුත්වැඩියා කරන්නත්, තම සන්තකය සම්පූර්ණයෙන්ම වාගේ නැති වී ගිය පවුලට උපකාර කරන්නත් කළ හැක්කේ කුමක්ද?

වතුර හිඳී ගිය විට එක් අසල්වැසියෙක් සමච්චලයට මෙහෙම ඇසුවා: “ඔයගොල්ලන්ගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරල බලන්නැත්තෙ ඇයි, එයාට මොකක්වත් කරන්න පුළුවන්ද කියලා.” ඊළඟ දවසේදී, ජර්මනියේ සිට මෝටර් රථ කිහිපයක් ඒ සාක්ෂිකාර නිවස කරා පැමිණීම අසල්වැසියාව මොනතරම් මවිතයට පත් කළාද! අමුත්තන් කණ්ඩායමක් වාහනයෙන් බැස නිවසේ අලුත්වැඩියා කටයුතු කරන්න පටන්ගත්තා. “ඒ කව්ද? ද්‍රව්‍යවලට ගෙවන්නේ කව්ද?” අසල්වැසියා ඇසුවා. මේ තමන්ගේ ආත්මික සහෝදරයන් බවත්, අමුද්‍රව්‍යවලට මේ අමුත්තන්ම ගෙවන බවත් සාක්ෂිකාර පවුල ඔවුන්ට කිව්වා. නිවස අලුත්වැඩියා කරද්දී, නගරයේ මිනිසුන් පුදුමයෙන් යුතුව නිරීක්ෂණය කළා. ඒ විතරක් නෙවෙයි, විවාහයත් කලින් සැලසුම් කරපු දවසෙම පැවැත්වූවා.

යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වයට අයිති වීම ආත්මික ප්‍රයෝජන පමණක් නොව, අනාරක්ෂිත ලෝකයේ යම් තාක් දුරට සුරක්ෂිතභාවයක්ද ගෙනෙන බව මේ පවුල සොයාගත්තා. මෙවැනි දේ අද්දැක්කේ ඔවුන් විතරක්ම නෙවෙයි. පීඩාවට පත් ප්‍රදේශයේ තිබූ නිවාස සහ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ රාජ්‍ය ශාලාද අලුත්වැඩියා කළා. සාක්ෂිකාරයන් නොවන අසල්වැසියන්වත් අමතක කළේ නැහැ. ඔවුන්ගේ නිවෙස්වල අලුත්වැඩියා කටයුතුවලටත් සෑහෙන උපකාර සැපයූ අතර, එය මහත් සේ අගය කළා.

ධර්මිෂ්ඨකම, නිසංසලභාවය සහ සුරක්ෂිතභාවය

අන්තිමට, තදින් තිබූ උණය බැස, අප යථා සුවයට පැමිණි විට, උපකාර කළ වෛද්‍යවරයාට අප මොනතරම් කෘතඥපූර්වක වෙනවාද! මුළු මනුෂ්‍යවර්ගයාම පෙළෙන අනාරක්ෂිතභාවය නමැති උණය, දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් නිට්ටාවටම සුව කළ විට, අප අපේ මැවුම්කාරයාට මොනතරම් කෘතඥපූර්වක වෙන්න යනවාද! ඔව්, “සැබෑ ධර්මිෂ්ඨකම, නිසංසලභාවය සහ සුරක්ෂිතභාවයෙන් යුත් අනන්ත කාලයක” ජීවිතයක් අපට පොරොන්දු වී තිබෙන්නේ ඔහුයි. මොනතරම් මවිතාකාර අපේක්ෂාවක්ද!—යෙසායා 32:17, NW.

[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ද්‍රව්‍යමය වස්තුව මත නොව ආත්මික කාරණා මත අවධානය යොමු කිරීමෙන් චිත්තවේගීය බරකින් සහනය ලබන්න අපට පුළුවන්

[8, 9 යන පිටුවේ පින්තූරය]

සියලුදෙනාම කල්පවතින සුරක්ෂිතභාවයෙන් ජීවත් වන නව ලෝකයක් දෙවි පොරොන්දු වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න