ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 10/8 31 පි.
  • අවදානමට ලක් වූ ඕකිඩ්?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවදානමට ලක් වූ ඕකිඩ්?
  • 1998 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දිනෙන් දින හැඩ වන ඕකිඩ්
    2010 පිබිදෙව්!
  • මී මැස්සෙක් මී මැස්සෙක් නොවන්නේ කුමන අවස්ථාවේදීද?
    1997 පිබිදෙව්!
  • මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?
    2001 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 10/8 31 පි.

අවදානමට ලක් වූ ඕකිඩ්?

ඕකිඩ් ඕනෑම තැනක වැවෙනවා. පස්වල, ගස්වල මෙන්ම පර්වතවල පවා ඒවාට වැඩීමට හැකියි. නිදැල්ලේ වැවී තිබෙන මේ මනහර පැළවල පරිසරයට දිගටම හානි කළොත් ඒවා ඉතුරු වෙන එකක් නැහැ කියා ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සංගමය (IUCN) අනතුරු අඟවයි. “ඒවා පොදුවේ තිබෙන තැන්වල සුළු සුළු වෙනස්කම් කිරීමෙන් පරාගනය සඳහා අත්‍යවශ්‍ය කෘමීන් වඳ වී යෑම හෝ උන් වෙනත් තැනකට යෑම සිදු විය හැකියි” කියා IUCNහි වෙන්ඩි ස්ට්‍රාම් පවසනවා. “එහෙම වුණහම, ඕකිඩ් බෝ කරන්න බැරි වෙනවා” කියාත් ඇය පවසනවා.

ගණන් බලා ඇති අන්දමට, ලොව පුරා සෑම වසරකම විකිණෙන ඕකිඩ් මිලියන පහෙන්, සීයට 20ක් ලබාගෙන තිබෙන්නේ නිදැල්ලේ වැඩෙන ඒවායින්. මෙය, මේ අලංකාර පැළයේ සංරක්ෂණයට බාධාවක් බව IUCN සඳහන් කරයි. මෙබැවින්, ඕකිඩ් ලබාගන්න වුවමනා අය ඒවායේ ස්වාභාවික පරිසරයෙන් උදුරනවා වෙනුවට හරිතාගාරවල වවා ඇති ඒවා මිල දී ගත යුතු බවට IUCN නිර්දේශ කරනවා.

අඩුම තරමින් මිනිසා දන්න ඕකිඩ් විශේෂ 20,000ක්වත් තිබෙනවා. සමහර පැළවල උස සෙන්ටිමීටර් 0.6ක් පමණයි; අනිත් ඒවා මීටර් 30ක් දිගට වැවෙන වැල්. ඕකිඩ් විශේෂ වැඩිහරියක් සඵලව වැඩෙන්නේ වැස්ස බහුලව තිබෙන උණුසුම්, නිවර්තන ප්‍රදේශවලයි. නමුත් ඒවා බේරී පැවතීම සඳහා, පහසුවෙන් හානියට ලක් විය හැකි ස්වභාවධර්මයේ සමබරතාව මත රඳා සිටිනවා.

කනගාටුවට කරුණක් වන්නේ, මනුෂ්‍යයන්ගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම හේතුවෙන්, පරිසරය හානියට ලක්වීම සහ ඕකිඩ් ඇතුළු වෙනත් පැළ වැඩිහරියකට එය තර්ජනයක් වීමයි. නමුත් වැඩි කාලෙකට නෙවෙයි. දෙවි පොරොන්දු වී ඇති නව ලොවෙහි, මිනිසා ස්වභාවධර්මයට අනුකූලව ජීවත් වෙන්න යනවා. ඒ කාලේදී ගීතිකාකරුගේ මෙම වදන් ඉටු වේවි: “කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් . . . ප්‍රීතියෙන් ගී කියන්නේය.”—ගීතාවලිය 96:12.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Jardinerʹia Juan Bourguignon

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Jardinerʹia Juan Bourguignon

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න