ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 12/8 15-17 පි.
  • “අපි මෙන් ඔබටත් මිදිය හැකියි!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අපි මෙන් ඔබටත් මිදිය හැකියි!”
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුම්පානයේ ව්‍යාප්තිය
  • ඔබට මිදෙන්න පුළුවන් කොහොමද?
  • දුම්පානය නතර කළ යුත්තේ ඇයි?
    2000 පිබිදෙව්!
  • නතර කිරීමට අත්වැලක්
    2000 පිබිදෙව්!
  • දුම් පානය දෙවියන් අනුමත කරනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 12/8 15-17 පි.

“අපි මෙන් ඔබටත් මිදිය හැකියි!”

ජපානයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

ජනප්‍රවාදයට අනුව, 1500ගණන්වල අගභාගයේ දුම්පානය කරන අමුත්තන් රැගත් යුරෝපීය නැව් ජපානයට සේන්දු වූ විට “ඔවුන්ගේ කටින් දුම් පිට වූ නිසා, බඩවල්වල ගිනි ඇවිළෙන්නාක් මෙන්” දිස් වුණා. පුදුමය කුතුහලයකට පෙරළමින් 1880ගණන් වන විට, දුම්පානය කිරීමේ පුරුද්ද ජපානයේ මුල්බැස ගත්තක් බවට පත් වී තිබුණා. පුදුමයට පත් වූ මෙම ජපන් ජාතිකයන්ගේ පැවතෙන්නන් ලෝකයේ සිටින වැඩියෙන්ම දුම්පානය කරන්නන් අතරට එක් වෙයි කියලා කවුද සිතුවේ?

“අපිට වැඩුණු කෙනෙක් විදිහට හැඟෙන්න සහ වැඩිහිටියෙකුට හැඟෙන විදිහ දැනගන්න ඕනේ වුණා.”—ආකිඔ, ඔසාමූ සහ යෝකො.

“මට ඕනේ වුණේ බර අඩු කරගන්නයි.”—ට්සුයා.

“ඒක වුණේ කුතුහලය හින්දයි.”—ටොෂිහිරෝ.

“දුම්බොන එක හානිකර විදිහට අපට බලපායි කියලා අපි හිතුවේ නැහැ.”—රියෝහේයි, ජුනිචි සහ යාසුහිකො.

“මට ඕනේ වුණේ මගේ දෙවෙනි පිළිසිඳගැනීමේ කාලයේදී ඇති වන ඔක්කාරගතිය නැති කරගන්නයි.”—චිඑකො.

“ව්‍යාපාර රැස්වීම් අතරතුරේදී ඇති වන අසීරු අවස්ථාවලදී මම දුම්වැටියක් දල්වාගත්තා.”—ටාට්‍යුහිකෝ.

මෙහි සඳහන් වන මිනිසුන් කණ්ඩායමගෙන් තමන් සිගරට් බොන්න පටන්ගත්තේ ඇයි කියා විමසූ විට ඔවුන් දුන්නේ මෙම හේතුයි. ඇතමුන් ජපානය දුම්බොන්නන්ගේ පාරාදීසය හැටියට හඳුන්වන නිසා, මෙවැනි විස්තර කිරීම් හොඳින් තේරුම්ගත හැකියි. එනමුත් පුදුමයට කරුණක් වන්නේ ඉහත සඳහන් කළ සියලුම අය දුම්පානය කිරීමේ පුරුද්දෙන් මිදී තිබීමයි. ඔවුන්ගේ පරිසරයෙන් ඔවුන්ට එල්ල වූ බාධා ඔබ සලකා බලන විට, මෙය ඇත්තෙන්ම ඔවුන්ගේ පැත්තෙන් ජයග්‍රහණයක්. ඔවුන් ඒක කළේ කොහොමද කියා ඔබ පුදුමයෙන් යුතුව කල්පනා කරමින් සිටිනවාද? පළමුවෙන්ම අපි, ජපානයේ දුම්පානය කිරීමේ පුරුද්ද අද කොතරම් ව්‍යාප්තව පවතිනවාද කියා සලකා බලමු.

දුම්පානයේ ව්‍යාප්තිය

වයස අවුරුදු 15ක් හෝ ඊට වැඩි දුම්බොන අමෙරිකානුවන් සියයට 28 හා සසඳන විට, දුම්පානය කරන ජපන් ජාතික වැඩිහිටි පුරුෂයන්ම විතරක් සියයට 56ක් සිටියි. ජපානයේ 3,40,00,000ක් වන දුම්පානය කරන්නන්ගෙන් සියයට 22ක් පමණ කාන්තාවන් වන අතර, මෙයින් බොහෝදෙනෙක් තරුණ අයයි. තරුණ දුම්බොන්නන්ගේ ශීඝ්‍ර වර්ධනයට, වැඩිහිටියන්ගේ ආදර්ශය සහ සූක්ෂ්ම වෙළඳ ප්‍රචාරණය විශාල වශයෙන් දායක වී තිබෙනවා. දශක දෙකකටත් වඩා වැඩි කාලයක සිට එක්සත් ජනපදයේ ප්‍රචාරය කිරීම තහනම් කර තිබූ සිගරට් සම්බන්ධ වෙළඳ දැන්වීම්, දැන් ජපානයේ, රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම තහනම් කර තිබෙනවා.

තවදුරටත්, ජපානයේ වීථිවල සවි කර තිබෙන වෙළඳ යන්ත්‍ර මගින් පහසුවෙන්ම සිගරට් ලබාගත හැකියි. සිගරට් පැකට්ටුව අතට ගත් විට කිසිම බලපෑමක් නැති මුද්‍රිත පණිවුඩ කවුද සැලකිල්ලට ගන්නේ. ලේබලයේ නිකම්ම මෙසේ කියවීමට තිබෙනවා: “ඕනෑවට වඩා දුම්පානය නොකරමු. එය හානිකර විය හැකියි.” දුම්පානය කිරීමෙහි භයානක අනතුරක් පවතිනවායයි කියන කාරණය ගණනකට නොගන්නවාට අමතරව, උපද්‍රවයක් නැති බවට ව්‍යාජ හැඟීමක් ඇති කරන ප්‍රසිද්ධයයි සලකන මිනිසුන් ගණනාවකගේ නරක ආදර්ශයත් දුම්පානය කිරීමට ජපන් වැසියන්ව පොලඹවනවා.

තව තවත් පුරවැසියන්ගේ දුම්පානය නතර කිරීම සම්බන්ධයෙන් ජපානය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම දුම්පානය වැළැක්වීමට උත්සාහකරන්නන් විසින් හෙළාදැකීම පුදුමයට හේතුවක් නෙවෙයි. එසේ වුවත්, දුම්පානය ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට එල්ල කරන තර්ජන ගැන ජනයාට අනතුරු ඇඟවීමේ වැදගත්කම දැකීමට ශික්ෂකයන් පටන්ගනිමින් සිටිනවා. වෙනත් තැන්වල සිටින දුම්පානය කරන්නන් වගේම ඔක්කාරය, හුස්මගැනීමේ අපහසුතාව, නොකඩවා පවතින කැස්ස, බඩේ අමාරුව, ආහාර අරුචිය, පහසුවෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැනි රෝග ලක්ෂණ ජපානයේ දුම්බොන්නන් විසිනුත් අද්දකින අතර, ඇතැම්විට කාලයාගේ ඇවෑමෙන් පෙණහලු පිළිකාව, හෘදයාබාධ හෝ වෙනත් රෝග හේතුවෙන් සිදු වන අකල් මරණවලටද ඔවුන් ගොදුරු වෙනවා.

රජයේ ඒකාධිකාරය හෙබවූ දශක ගණනාවක්ම අවසාන කරමින්, 1985 අප්‍රියෙල් 1වනදා ජපානයේ දුම්කොළ කර්මාන්තය පෞද්ගලිකරණය කළා. ඒ වුණත්, එය තවමත් රජයත් සමඟ තිබෙන කිට්ටු සම්බන්ධකම් නිසා, දුම්පානය අධෛර්යය කිරීමට ගෙන තිබෙන මොනයම් ප්‍රයත්නයකට වුවත් අකුල් හෙළා තිබෙනවා. දුම්පානයට විරුද්ධ වන කණ්ඩායම්, ජපානය දුම්බොන්නන්ගේ පාරාදීසයක් හැටියට සැලකීමට හේතු මෙය පැහැදිලි කරනවා. එසේම මෙහි සිටින වෛද්‍යවරුන්, ජපානය “දුම්පානයට දිරි දෙන සමාජයක්ය” යන කාරණය සම්බන්ධව ලතවීමට හේතුව ද ඩේලි යොමියුරි (ඉංග්‍රීසියෙන්) නම් පුවත්පත වාර්තා කරනවා.

සමහරුන් එයින් මිදීම සම්බන්ධයෙන් සාර්ථක වී ඇති අයුරු බැලීමට “අප මිදුණු අයුරු” යන කොටුව බලන්න.

ඔබට මිදෙන්න පුළුවන් කොහොමද?

කොටුවේ සඳහන් වූ අය මෙන්, කලින් දුම්පානයට ලොල් වූ අයගේ උපදෙස්වල සාරය ගන්නවා නම්, මෙසේ කැටි කර දක්වන්න පුළුවන්: එයින් මිදෙන්න තිබෙන ඔබේ චේතනාව පැහැදිලි එකක් විය යුතුයි. හොඳම එක නම් දෙවිට තිබෙන ප්‍රේමය හා ඔහුව සතුටු කිරීමට තිබෙන ආශාවයි. තවත් හොඳ එකක් නම් ඔබේ අසල්වැසියාට ප්‍රේම කිරීමයි. ඉලක්කයක් තියාගන්න. ඒ වගේම ඊට එකඟව ක්‍රියා කරන්න. ඔබ එයින් මිදෙමින් සිටින බව දැනගැනීමට සලස්වන්න. ඔබේ යාළුවන්ට මේ ගැන පවසන අතරම ඔබේ පවුලේ සාමාජිකයන්ගෙන් උදව් ලබාගන්න. හැකි නම් එක විගස නතර කරන්න. ඒ වගේම දුම්පානය කරන පරිසරයක් මඟහරින්න ඔබට පුළුවන් හැම දෙයක්ම කරන්න.

ඔබ බයිබලය අධ්‍යයනය කරමින් සිටිනවා නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ තිබෙන ඇසුර පුළුල් කරන්න. ඔවුන් අතර සිටිද්දී, දුම්පානය කිරීමට තිබෙන ඔබේ ආශාව ඉක්මනින්ම නැති වී යයි. අනික් අතට, ඔබ දුම්පානය කරන්නෙක් සමඟ බයිබලය පාඩම් කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නම් ඔහුව අතහරින්න එපා. ඔහුගේ නරක පුරුද්දට වඩා යෙහෝවාට ආදරය කරන්න ඔහුට උපකාර කරන්න.

[16, 17 යන පිටුවේ කොටුව⁄පින්තූර]

“අප මිදුණු අයුරු”

මිකෝ: “මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගද්දී මට කිසිම විශ්වාසයක් තිබුණේ නෑ මට නම් දුම් බොන එකෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. පාඩම් කිරීමේ මගේ චේතනාව වුණේ ජීවනයට යන පාර දැනගන්න අඩුම ගානේ මගේ දරුවන්ටවත් ඉඩ සලසලා දෙන එකයි. නමුත් දෙමව්පියන් හොඳ ආදර්ශයක් තියන්න ඕනේ කියලා මම ඉක්මනින්ම අවබෝධ කරගත්ත හින්දා, මම උපකාරය ඉල්ලලා යෙහෝවා දෙවිට හුඟාක් උනන්දුවෙන් යාච්ඤා කරන්න පටන්ගත්තා. යාච්ඤා කරපු දේට අනුව කටයුතු කරන්න ලොකු මහන්සියක් ගන්න මට සිද්ධ වුණා. ඒ අතර, මට වෙලාවකට මහා කාලකණ්ණි ගතියක් හැඟුණා. හැබැයි අන්තිමේදී මම මේ ජරා පුරුද්දෙන් අයින් වුණාම, දැනිච්ච පිරිසිදු හෘද සාක්ෂියක පුදුමාකාර හැඟීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

මාසයුකි: “දවසකට පැකට් තුනක් බොන කෙනෙක් හැටියට ඉඳලා, හුඟාක් උත්සාහ කළත් සැරෙන් සැරේ අසමත් වීමෙන් පස්සේ, අවසානයේදී මගේ අන්තිම සිගරට් එක නිවලා දාලා මම දුම්පානයට ආයුබෝවන් කිව්වා. මගේ පවුලේ අය, මගේ සෙසු සාක්ෂිකරුවන් සහ යෙහෝවා දෙවි එයින් මිදෙන්න මට උදව් කෙරුවා. මම වැඩ කරන බැංකුවේ ඉන්න කිසිම කෙනෙක් මම දුම්බොන එක නතර කරලයි තියෙන්නේ කියන එක විශ්වාස කෙරුවේ නැහැ. බැංකුවේ මිනිසුන් ගැවසෙන ස්ථානවල සිටින කාර්යාල සේවකයන්ට, අපේ ගනු දෙනුකරුවන්ට දක්වන සැලකිල්ලක් වශයෙන් දුම්පානය නොකර සිටින්න මම යෝජනා කෙරුවා. සේවකයන්ගෙන් සියයට 80ක්ම දුම්බොන්නන් වුණත් මගේ යෝජනාව මල් ඵලගත්තා. මෙම ප්‍රතිපත්තිය අපේ බැංකුවේ ශාඛා 260ක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා.”

ඔසාමූ: “මම දෙවිගේ වචනය වන බයිබලයෙන් සත්‍යය ඉගෙනගත්තම මම දැනගත්තා මට දුම්බොන එක නතර කරන්න වෙනවමයි කියලා. ඒකට මට අවුරුද්දක්ම විතර ගියා. මම ඒකෙන් මිදුණට පස්සෙත්, තවත් මාස හයක් දුම්බොන ආසාවත් එක්ක පොරබදන්න සිද්ධ වුණා. දුම්බොන එක නතර කරන්න නං ඕනෙකමක් තියෙන්න ඕනේ කියලා මම දැනගෙන හිටියා.”

ටොෂිහිරෝ: “යේසුගේ මිදීමේ මිල පූජාව මට කොච්චර ගැඹුරට කාවැදුණාද කියලා කියනවා නම්, මට හැඟුණා අඩුම තරමින් මගේ දුම්පානය නතර කිරීමෙන් මට කැප කිරීමක් කරන්න පුළුවන් කියලා.”

යාසුහිකො: “යෙහෝවා දෙවිට කීකරු වෙන්නත්, දුම්පානයෙන් මිදෙන්නත් මං ගත්ත තීරණය මගේ ජීවිතය බේරුවා. එක දවසක් මම වැඩ කරමින් හිටිය කාමරය, සිදුරකින් කාන්දු වෙච්ච ප්‍රොපේන් වායුවෙන් පිරුණා. මම සාමාන්‍යයෙන් කරන විදියට සිගරට් එකක් පත්තු කරගත්තා නං පිපිරීමක් ඇති වෙන්න ඉඩ තිබුණා. නමුත් මම සිගරට් බොන එක ටික දවසකට කලින් නතර කර තිබුණු හින්දා, ඒ ගැන කතා කරන්න අද මම මෙහෙ ඉන්නවා.”

ආකිඔ: “විටින් විට ඔක්කාර ගතියක් දැනෙන්න පටන්ගත්තම දුම්පානය මට හානි කරමින් තිබුණා කියලා මම සැක කෙරුවා. ඒත් මම ඒකෙන් අයින් වුණේ නැහැ. දුම්බීමේ අනතුරු ගැන පිළිගන්න පුළුවන් විදිහේ මුල්ම තොරතුරු මට හම්බ වුණේ යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙලා හිටිය මගේ බිරිඳගෙනුයි. මම ඉක්මනින්ම බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. මම මුරටැඹ ප්‍රකාශනවලින් ඉගෙනගත්තා දුම්බොන්නෙක් තමාට විතරක්ම නෙමෙයි, හැබැයි එයාගේ පවුලේ උදවියටත් හානි කරන බව. ඉක්මනින්ම මම ඒක නතර කෙරුවා!”

රියෝහේයි: “මගේ බිරිඳ මට එකපාරකට සිගරට් පැකට් 20ක් ගන්න පුරුදු වෙලා හිටියා. නමුත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කෙරුවට පස්සේ, මට හානිකර වෙන්න පුළුවන් දෙයක් වෙන හින්දා ඇය ඒවා කඩෙන් ගේන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මම මගේම සිගරට් කඩයක් පටන්ගත්තා. මම දවසකට පැකට් තුනහමාරක් විතර බොමින් හිටියා. ඊට පස්සේ මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මට ඉක්මනින්ම බයිබල් මාතෘකා ගැන බලපෑමෙන් යුක්ත කථිකයෙක් වෙන්න ඕනේ වුණා. ඒ නිසා දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් දෙන මෙම පුහුණුව සඳහා සුදුසුකම් ලබාගැනීමට මම දුම්පානය කිරීම අතහැරියා.”

ජුනිචි: “සාක්ෂිකාරියක් වන මගේ චූටි දුව මගේ ජීවිතය ගැන සැලකිලිමත් වුණා. දුම්පානය අතහරින්න මාව ඇය පොරොන්දු කරවාගත්තා. ඉතිං මම ඒක කෙරුවා.”

ට්සුයා: “මම පළමු වතාවට රාජ්‍ය ශාලාවක් බලන්න ගිය විට, මම එයට ඇතුල් වූ විගසම සිගරට් අළු බඳුනක් සහ ගිනි පෙට්ටියක් ඉල්ලුවා. මාව පුදුමයට පත් කරවමින්, එහෙ ඉන්න කවුරුවත් දුම්පානය කරන්නේ නැහැයි කියලා මට කිව්වා. මම දැනගත්තා මට දුම්පානයෙන් මිදෙන්න වෙනවාමයි කියලා. මම ඉස්පිරිතාලයේ හිටිය අප්‍රසන්න දවස් අට, විරමණ ලක්ෂණවල කටුක වේදනාව ආයෙත් කිසිදාක අද්දකින්න ඕනේ නැති බව මට ඒත්තුගැන්නුවා.”

යෝකො: “යේසු වධකණුවක ඇණ ගහලා ඉන්න කොට ඔහුට පිළිගන්වපු මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කෙරුව ආකාරය සලකා බලමින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සඟරා සහ අනිත් ප්‍රකාශනවලින් මේ විෂය ගැන මම අධ්‍යයනය කෙරුවා. ඔහුගේ නාමය වෙනුවෙන් පවිත්‍ර ප්‍රශංසාකරන්නෙක් වෙන්න ඕනේ බව කියමින් මම යෙහෝවා දෙවිට යාච්ඤා කෙරුවා. ඊට පස්සේ මම ආයෙත් කවදාවත් දුම්පානය කෙරුවේ නැහැ. මං වටේ හිටිය මිනිස්සු දුම්පානය කෙරුවම ඔවුන්ගෙන් සිගරට්වල දුම් උරන්න මට පුදුම විදියට ආසාවක් ආවත්, මගේ දුම්බීමේ පුරුද්ද ආයෙත් එළියට එනවා දකින්න මට ඕන වුණේ නැති හින්දා ඉක්මනින්ම මම එතනින් අයින් වුණා.”

කලින් දුම්බොන්නන් වූ මේ සියලුම අය ආයෙත් කවදාවත් දුම්පානය නොකරන්න අධිෂ්ඨාන කරගෙන තියෙනවා. ඔබත් මෙම පුරුද්දෙන් මිදෙන්න වුවමනාවෙන් සිටින දුම්බොන්නෙක්ද?

මිකෝ

ඔසාමූ

යාසුහිකො

ආකිඔ සහ ඔහුගේ බිරිඳ සචිකෝ

ජුනිචි සහ ඔහුගේ දියණිය මෙරී

යෝකො

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න