අපගේ පාඨකයන්ගෙන්
දෙවිගේ පැවැත්ම “ඇත්තටම දෙවි කෙනෙක් සිටීද?” (1999 පෙබරවාරි 8) යන ලිපි පෙළ මට කොතරම් උපකාර වුණාද කියා විස්තර කරන්න මට බැහැ. කොතෙකුත් අසා තිබුණු ඒත් සොයාගැනීමට බැරි වුණු දෙවිව එය මට පෙන්වා දුන්නා. මා වැනි අයට සත්‍යයේ මාර්ගය පහදා දීම ගැන මගේ හද පත්ලෙන්ම ඔබට ස්තුති කරනවා.
කේ. පී., බ්‍රසීලය
අන්ධ වුවත් ඵලදායී “අන්ධ වුවත් ඵලදායී මෙන්ම සතුටුදායක ජීවිතයක්” යන පොලිටිමි වෙනිට්සියානෝස්ගේ ජීවිත කතාව අඩංගු 1999 පෙබරවාරි 8වනදා කලාපයේ පළ වූ ලිපිය ගැන ඔබට ස්තුතියි. ඇගේ ධෛර්යය සහ දෙවි කෙරෙහි තිබූ ස්ථිරසාර ඇදහිල්ල මගේ හද ගත්තා. එක අතකට මේ විශිෂ්ට ස්ත්‍රියගේ ජීවිතය, අහිමි වීම් සහ දුෂ්කරතාවලින් පිරී තියෙනවා. අනිත් අතට, මිල කළ නොහැකි ආශීර්වාදවලින් ඇය පොහොසත්ව සිටිනවා. ජීවත් වීම සඳහා කෙරෙන මේ දුෂ්කර දිවි ගමනේදී වෙහෙස වී සිටින සියලුදෙනාටම මේ කතාව අතිමහත් උපකාරයක් වගේම දිරිගැන්වීමක් වන බව මට විශ්වාසයි.
කේ. ආර්., රුසියාව
ඇඳුම් මට වයස අවුරුදු 11යි. “අප අඳින ඇඳුම්—ඇත්තෙන්ම ඒවා ගැන සැලකිලිමත් විය යුතුද?” (1999 පෙබරවාරි 8) යන ලිපියේ තිබූ විශිෂ්ට උපදෙස්වලට ඔබට ස්තුති කරන්න මට වචන නැහැ. මගේ පංතියේ ළමයින් වගේ අඳින්න මට කලින් උවමනා වුණත්, මගේ ඇඳුම් පිළිවෙළකට වගේම ශිෂ්ට විදිහට තියෙන්න ඕනෙයි කියලත් අන්තයට යෑම හොඳ නැහැයි කියලත් හිතන්න මේ ලිපිය මට උදව් කළා.
ඒ. එස්., එස්ටෝනියාව
මගේ ඇඳුම් කෝපි කාලේ ඒවා කියල එහෙම නැත්නම් කිසිම ගතියක් නැති ඒවා කියලා අනිත් අය කියද්දී සමහර වෙලාවට මට දුක හිතෙනවා. ඒත් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම වටිනා දෙයක් බව තහවුරු කළ නිසා ඔබේ ලිපිය මට ලොකු දිරිගැන්වීමක් වුණා.
ආර්. එල්., බ්‍රසීලය
අවුරුදු ගණනාවක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මට තිබුණේ දුකක් වගේම විහිළුව මුසු හැඟීමක්. මෑතකදී මගේ යහළුවෙක් 1999 පෙබරවාරි 8වනදා පිබිදෙව්! සඟරාවක් මට දුන්නා. මම ඒක කියවීමෙන් රසයක් වින්දා විතරක් නෙවෙයි, යෙහෝවාගේ සාක්ෂිකාරයන් ගැන තිබුණු ආකල්පයත් ඒකෙන් වෙනස් වුණා. විශේෂයෙන්ම මගේ හිත ගත්තේ ඇඳුම් ගැන ඒකෙ තිබුණු ලිපියයි. ඇඳුම් මිල දී ගනිද්දී මා දරන ආකල්පය එහෙම් පිටින්ම ඒකෙ විස්තර කරල තිබුණා. අනාගතයේදී මම නිර්මාණ ශිල්පීන් නිමවන ඇඳුම් ගැනීම ගැන ඕනෑවට වඩා තකන්න යන්නේ නැහැ. ඒ වගේම කියවන්න තවත් සඟරා ගෙනත් දෙන්න කියල මම මගේ යහළුවාට කියනවා.
යූ. බී., ජර්මනිය
පළිබෝධ නාශක “රසයනික පළිබෝධ නාශක නසන්නේ කෘමීන්ව පමණක් නෙවෙයි” (1999 මාර්තු 8) යන ලිපිය කියවා මමත් මගේ බිරිඳත් බොහෝ සතුටු වුණා. පරිසරවේදීන් වන අප, මේ පොළොව විෂවීමට එරෙහිව සටන් කිරීමට උත්සාහ කර තිබෙනවා. බ්‍රසීලය, චීනය සහ වෙනත් රටවලත් ප්‍රයෝජනවත් මෙන්ම මේ ගැන සලකන මිනිසුන් සිටින බව දැනගැනීමට ලැබීම අපට සහනයක්.
ඩබ්. ජී., කැනඩාව
ඕපාදූප “යෞවන අය අසති . . . ඕපාදූප කීම එතරම්ම හානිදායක වන්නේ ඇයි?” (1999 මාර්තු 8) යන ලිපිය සඳහා මගේ ස්තුතිය පිළිගන්න. සභා ඇසුරෙන් කපාහරිනු ලබන ඊළඟ පුද්ගලයා මමයි කියා ටික කලකට පෙර කෙනෙක් පැතිරවූ දූසමාන ආරංචිය නිසා, ඕපාදූප මොනතරම් හානිදායකද කියා මම පෞද්ගලිකවම අද්දැක්කා. බොරුව ඒ තරම්ම වේදනා ගෙන දෙනවා! අදාළ පුද්ගලයා කනගාටුව ප්‍රකාශ කළත් ඔහු කෙරෙහි තිබූ මගේ විශ්වාසය නැති වුණා.
ආර්. එම්., ස්විට්සර්ලන්තය
ඕපාදූප මගේ පාසැල පුරාම පැතිරී තිබෙනවා. ඒ නිසා ඒ ලිපිය මට මහත් දිරිගැන්වීමක් වගේම ශක්තියක් ගෙන දුන්නා. අනිත් අයට නරක නාමයක් ඇති වන ආකාරයෙන් මම ඕපාදූප පතුරුවා තිබෙන බව කියන්නත් ලැජ්ජයි. ඒ වගේම යාළුවෝ අනිත් අයට විරුද්ධව අනං මනං කියද්දී මම ඒවා අහගෙන ඉඳලා ඒ අයගේ සංවාදවලට පෝර දාලත් තියෙනවා. ඉතින් මේ ලිපිය කියවද්දී මට ගොඩාක් දුක හිතුණා. ඒවගේම මං කරල තියෙන දේවල්වලට ඒ හැම වාක්‍යයකින්ම උපදෙස් දෙනවා කියලයි මට හැඟුණේ. මම පතුරලා තියෙන හැම ඕපාදූපයක් ගැනම මම ඇත්තෙන්ම ලැජ්ජාවට පත් වෙනවා. පාසැලේ ඕපාදූප පැතිරීම දිගටම කෙරීගෙන යන බව මම දන්නවා. ඒත් ඒකට කොටස්කාරයෙක් නොවෙන්න තරම් ශක්තිමත් වෙන්න මම අධිෂ්ඨාන කරගත්තා.
එම්. ඩබ්., ජපානය