ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 11/8 19 පි.
  • තෙල් සහ ඔබේ දිවි ගමන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තෙල් සහ ඔබේ දිවි ගමන
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • තෙල් ලබාගන්නේ කොහෙන්ද?
    2003 පිබිදෙව්!
  • තෙල් ආශීර්වාදයක් මෙන්ම ශාපයක්?
    2003 පිබිදෙව්!
  • ඔයිල් පාම්—බහුප්‍රයෝජන ගසක්
    1999 පිබිදෙව්!
  • රන්වන් පැහැයෙන් යුත් අගනා තෙලක්
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 11/8 19 පි.

තෙල් සහ ඔබේ දිවි ගමන

පැට්රෝලියම් සහ එයින් නිෂ්පාදනය කරන දේවල් නොමැති වුවහොත් බොහෝදෙනෙකුගේ ජීවිතය කෙබඳු එකක් වනු ඇද්දැයි ඔබ කවදා හෝ සිතා තිබේද?a රථ වාහන, බයිසිකල්, ළදරු කරත්ත හා චලනය වන කොටස්වලින් සමන්විත තවත් දේවල් වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක කරවීම සඳහා පැට්රෝලියම්වලින් ගනු ලබන තෙල් භාවිත කෙරේ. තෙල් මගින් ඝර්ෂණය අඩු කරන නිසා යන්ත්‍රවල කොටස් ඉක්මනින් ගෙවී යෑම අවම වේ. එනමුත් මීට වඩා බොහෝ දේවල් තෙල් මගින් සිදු කෙරේ.

ගුවන් යානා, රථ වාහන හා උණුසුම ලබා දීමේ පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා ඛනිජ තෙල් යොදාගැනේ. රූපලාවණ්‍ය ද්‍රව්‍ය, තීන්ත, ලිවීමට යොදාගන්න තීන්ත, ඖෂධ, පොහොර හා ප්ලාස්ටික් බොහොමයක් ඇතුළු තවත් දේවල් රැසක පැට්රෝලියම්වලින් ගත් සංඝටක අඩංගු වේ. ඛනිජ තෙල් නොමැති නම් බොහෝදෙනෙකුගේ දෛනික ජීවිතය දැනට වඩා හාත්පසින්ම වෙනස් විය හැකියි. එක් මූලාශ්‍රයක සඳහන් වන පරිදි පැට්රෝලියම් හා ඒ ඇසුරෙන් නිපදවන ද්‍රව්‍යයන් “ලෝකයේ අනිත් සියලුම ද්‍රව්‍යයන්වලට වඩා වැඩියෙන් විවිධ දේවල් සඳහා යොදාගැනීම” ගැන පුදුම විය යුතු නැත. අපට ඛනිජ තෙල් ලැබෙන්නේ කෙසේද? මෙය තිබෙන්නේ කොහේද? මිනිසුන් ඛනිජ තෙල් කොතරම් කාලයක සිට භාවිත කරනවාද?

ක්‍රිස්තුස් මිහිතලයේ ජීවත් වීමට සහස්‍ර දෙකකට වඩා වැඩි කාලයකට ඉහතදී ජීවත් වූ නෝවා දෙවි දුන් උපදෙස් අනුගමනය කරමින් අතිවිශාල යාත්‍රාවක් සෑදු බව බයිබලයේ සඳහන් වේ. එම යාත්‍රාවට ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා ඔහු කීල් හෙවත් තාර වර්ගයක් භාවිත කළ බව එහි පැවසේ. ඇතැම්විට එය පැට්රෝලියම්වලින් ගත් දෙයක් වූවා විය හැකියි. (උත්පත්ති 6:14) පුලුස්සන ලද ගඩොල් සෑදීමේදී බැබිලෝනිවරුන් විසින් පැට්රෝලියම්වලින් ගත් ද්‍රව්‍යයන් භාවිත කරන ලදි. ඊජිප්තු වැසියන් මළ මිනි කල් තබාගැනීම සඳහාද පුරාණ මිනිසුන් බෙහෙතක් වශයෙන්ද මෙය භාවිත කර තිබේ.

ඛනිජ තෙල් අද ලෝකයේ සුවිශේෂී වැදගත්කමක් හිමි දෙයක් බවට පත් වෙයි කියා සිතන්න ඇත්තේ කවුද? නවීන කාර්මික සමාජය රඳා පවතින්නේ පැට්රෝලියම් මතයි කියා පැවසුවහොත් එය නිවැරදිය.

ඛනිජ තෙල් බහුලව භාවිත කිරීමට ප්‍රධානතම හේතු කාරකය වී තිබෙන්නේ එයින් ගනු ලබන තෙල් ආලෝකය ලබාගැනීමට භාවිත කිරීමයි. පහළොස්වන සියවස තරම් දිගු කාලයකට ඉහතදී ලාම්පු දැල්වීම සඳහා බාකූ නමැති නගරයේ තිබූ එතරම් නොගැඹුරු ළිංවලින් ගත් තෙල් භාවිත කරන ලදි. බාකූ කියන්නේ වර්තමානයේ අසර්බයිජානයේ අගනුවරයි. වර්ෂ 1650දී රුමේනියාවේ පිහිටි නොගැඹුරු තෙල් නිධි හාරන ලදි. එහිදී ලබාගත් භූමිතෙල් ස්වරූපයෙන් තිබූ තෙල් භාවිත කළේ ආලෝකය ලබාගැනීම සඳහායි. දහනවවන සියවසේ මැදභාගය වන විට රුමේනියාව ඇතුළු නැඟෙනහිර යුරෝපයේ සෙසු රටවල් තෙල් කර්මාන්තය අතින් සමෘද්ධිමත් තත්වයකට පැමිණ තිබිණ.

එක්දහස් අටසිය ගණන්වලදී අමෙරිකා එක්සත් ජනපදයේ පුරුෂයන් කිහිපදෙනෙකු තෙල් සෙවීමේ කර්තව්‍යයට අත තැබුවේ ආලෝකය ලබා දීමට හොඳ ද්‍රව්‍යයක් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. ඇති තරම් භූමිතෙල් වෙළඳපොළට සැපයීම සඳහා භූමිය කණින්ට අවශ්‍ය බව එම කණ්ඩායමේ අය නිවැරදිව නිගමනය කළහ. මේ අනුව 1859දී පෙන්සිල්වේනියාවේදී සාර්ථක ලෙස තෙල් ළිඳක් කණින ලදි. තෙල් උමතුව පටන්ගත්තේ එදා සිටයි. ඉන්පසුව සිදු වූයේ කුමක්ද?

[පාදසටහන]

a “පැට්රෝලියම්” නමැති වචනය පැමිණෙන්නේ “පාෂාණ තෙල්” යන අරුත ඇති ලතින් වචනයකිනි. පැට්රෝලියම් යන වචනය සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන්නේ ඉතා කිට්ටු සම්බන්ධයක් තිබෙන සංඝටක දෙකක් වන භූමි වායු හා ඛනිජ තෙල් හැඳින්වීම සඳහාය. බොහෝදෙනෙක් භූමි වායු හඳුන්වන්නේ මීතේන් කියාය. සමහර අවස්ථාවලදී ඛනිජ තෙල් හා භූමි වායු යන දෙකම පොළොවේ ඇතැම් තැන්වල තිබෙන ඉරිතැලීම් අතරින් මතුපිටට පැමිණෙයි. ඛනිජ තෙල් ද්‍රවයක් වශයෙන් හෝ ඇස්ෆල්ට්, ගල්තාර, බිටුමන් හෝ තාර වැනි ස්වරූපයෙන්ද තිබිය හැකියි.

[19වන පිටුවේ කොටුව]

පැට්රෝලියම් යනු කුමක්ද?

ස්වාභාවික තෙල් ළිංවලින් ලැබෙන බොර තෙල් හෙවත් පැට්රෝලියම් විස්තර කර තිබෙන්නේ ඝන, ගිනිගන්නාසුලු, කහ හා කලු අතර වර්ණයකින් යුත් වායු, ද්‍රව හා ඝන තත්වයේ පවතින පොළොව යට ස්වාභාවිකව සෑදෙන හයිඩ්‍රොකාබන් ලෙසයි. මෙය ස්වාභාවික ගෑස්, පැට්රල්, නැප්තා, භූමිතෙල්, ඉන්ධන, ලිහිසි තෙල්, ඉටි හා ඇස්ෆල්ට් යනාදිය ඇතුළු විවිධ කොටස්වලට වෙන් කළ හැකියි. එමෙන්ම විවිධ දේවල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යක් ලෙසද මෙය භාවිත කෙරේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න