ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 11/8 15-16 පි.
  • තරබාරුකම විශාල ගැටලුවක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තරබාරුකම විශාල ගැටලුවක්ද?
  • 2004 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තරබාරුකම යනු කුමක්ද?
  • තරබාරුකමට හේතු වන්නේ කුමක්ද?
    2004 පිබිදෙව්!
  • පුංචි පැංචන් මහත් වුණාට කමක් නැද්ද?
    2009 පිබිදෙව්!
  • ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වී තිබේද?
    2003 පිබිදෙව්!
  • තරවීම එතරම් හොඳ දෙයක් නොවන විට
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2004 පිබිදෙව්!
g04 11/8 15-16 පි.

තරබාරුකම විශාල ගැටලුවක්ද?

“යෞවන වියේ තරබාරුකම වසංගතයක් මෙන් පැතිරිලා.”—ඉන්දියාවේ දිල්ලි නුවර ඉන්ඩ්‍රප්‍රෙස්තා ඇපොලෝ රෝහලේ, අන්තරාසර්ග පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක එස්. කේ. වාන්ග්නූ.

ඉහත දැක්වෙන පරිදි, යෞවන වියේ තරබාරුකමට හේතු වී තිබෙන්නේ මධ්‍යම පංතියේ ඉන්දියානු පවුල් බොහොමයක් තම ජීවන රටාව වෙනස් කරගෙන තිබෙන නිසාය. මෙම වසංගතය බොහෝ රටවලට පැතිරෙමින් පවතී. මෙසේ වන්නේ ව්‍යායාම අඩුවෙන් ගන්නා අයගේ මෙන්ම පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීමට පුරුදු වී සිටින අයගේ සංඛ්‍යාව වැඩි වන බැවිනි. යෞවනයන්ට ඖෂධ නිර්දේශ කරන උපදේශකයෙක් පැවසුවේ “[බ්‍රිතාන්‍යයේ] මතු පරම්පරාව . . . මිනිස් ඉතිහාසයේ පැවත ඇති වැඩියෙන්ම තරබාරු පරම්පරාව වනු ඇත” කියාය. එමෙන්ම එක් පුවත්පතක මෙසේ පවසයි. “කලින් තරබාරුකම ගැටලුවක් වී තිබුණේ වැඩිහිටි අයට පමණයි. එහෙත් දැන් බ්‍රිතාන්‍යයේ සිටින තරුණ පරම්පරාව අනුගමනය කරන ආහාර පුරුදු හා ව්‍යායාම් රහිත ජීවන රටාව නිසා ඔවුන් සිටින්නේද එම තත්වයෙයි. කලින් එක්සත් ජනපදයට ආවේණිකව තිබූ ගැටලුවලට දැන් ඔවුහුද මුහුණ පාමින් සිටිති. දිගු කලක් පුරා තරබාරුව සිටීම නිසා ඔවුන්ට දියවැඩියාව මෙන්ම හෘදයාබාධ හා පිළිකාව වැනි රෝග සෑදීමේ වැඩි නැඹුරුවාවක් තිබෙනු ඇත.”—පුවත්පත Guardian Weekly.

එක්තරා පොතක ලේඛකයෝ මෙසේ පවසති. “දැන් ලෝකයේ තිබෙන ලොකුම ගැටලුව කන්න නැති එක නොව වැඩියෙන් කන්න තිබෙන එකයි.” (පොත Food Fight.) ඩොන් පෙක් නමැති තැනැත්තා දි ඇට්ලැන්ටික් මන්ත්ලි සඟරාවේ මෙවැන්නක් ලියයි. “අමෙරිකානුවන් මිලියන නවයක් පමණ ‘රෝගාතුර වන තරමටම තරබාරුය.’ ඔවුන්ගේ බර, තිබිය යුතු බරට වඩා කිලෝග්‍රෑම් 45ක් හෝ ඊටත් වඩා වැඩිය.” මේ හේතුවෙන් අකාලේ මිය යන අයගේ සංඛ්‍යාව 3,00,000ට ළඟා වී තිබේ. “අමෙරිකාවේ වසරකට දුම්පානය නිසා මිය යන සංඛ්‍යාවට පසුව වැඩියෙන්ම මිය යන්නේ බර හා සම්බන්ධ ලෙඩ රෝග නිසාය.” පෙක් මෙසේ පවසමින් අවසන් කළේය. “කුසගින්න හා බෝවන රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව අබිබවා තරබාරුකම ළඟදීම හිස එසවීමට ඉඩ තිබේ. එය ලෝකයේ පවතින ලොකුම සෞඛ්‍ය ගැටලුව බවට පත් වනු ඇත.” මෙලෙස තරබාරුකම ගැටලුවක් වෙමින් පවතිද්දී ඇස් කන් පියාගෙන සිටිය හැක්කේ කාටද? වෛද්‍ය වෝල්ටර් සී. විලට් කෑම බීම සහ නිරෝගීකම නමැති පොතේ ලියන්නේ ‘ඔබ දුම්පානය කරනවාද නැද්ද යන්න සලකාබැලීම වැදගත් මෙන්ම ඔබේ බර වැඩිද නැද්ද කියා බැලීමත් ඔබේ අනාගත සෞඛ්‍යයට ඉතා වැදගත් බවය.’—මෙම පොත සිංහලෙන් නැත.

තරබාරුකම යනු කුමක්ද?

තරබාරු කෙනෙකු ලෙස ගණන් ගැනෙන්නේ සාමාන්‍ය බරට වඩා බර ටිකක් වැඩි කෙනෙකු නොවේ. අමෙරිකාවේ මේයෝ සායනය මෙසේ පවසයි. “සරලව කියනවා නම් තරබාරුකම යනු මේදය වැඩි පුර තැන්පත්ව තිබීම නිසා අධික ලෙස බර වැඩි වීමය.” යමෙකුගේ බර සාමාන්‍ය බරට වඩා ටිකක් වැඩිද කියා නිශ්චය කරන්නේ කෙසේද? කෙනෙකුගේ බර ටිකක් වැඩි වී තිබේද කියා හෝ ඔහු තරබාරු තත්වයට පත්ව සිටීද කියා හෝ දැනගැනීම සඳහා උසට සරිලන බර පිළිබඳ වගුවලින් යම් දළ සටහනක් ලබාගත හැකියි. (17වන පිටුවේ වගුව බලන්න.) කෙසේවෙතත් එක් එක් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රමාණයේ වෙනස්කම් සම්බන්ධයෙන් මෙය ගණන් ගත නොහැකියි. මේයෝ සායනය මෙසේ පවසයි. “කෙනෙකු නිරෝගීද යන්න වඩාත් හොඳින් නිශ්චය කළ හැක්කේ බර අනුව නොව ඔහුගේ ශරීරයේ තිබෙන මේද ප්‍රමාණය අනුවය.” උදාහරණයකට, මලල ක්‍රීඩකයෙකුට විශාල ලෙස මස්පිඬු තිබිය හැකි නිසා හෝ ඔහුගේ ශරීර කූඩුව විශාල විය හැකි නිසා ඔහුගේ බර වැඩි විය හැකියි. බර වැඩිවීමට හෝ තරබාරු වීමට මූලික හේතූන් මොනවාද? ඊළඟ ලිපියේ එම ප්‍රශ්නය පිළිබඳව සලකා බලනු ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න