ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 10/8 30 පි.
  • රෝස පාට විලක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රෝස පාට විලක්!
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • බයිකල් ලොව ගැඹුරුතම විල
    2007 පිබිදෙව්!
  • ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්
    2002 පිබිදෙව්!
  • ටිටිකාකා විලේ පාවෙන දූපත්
    1994 පිබිදෙව්!
  • ගිනිවිල කියන්නේ මොකක්ද? පාතාලය සහ ගෙහෙන්නාව කියන්නෙත් ගිනිවිලටමද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 10/8 30 පි.

රෝස පාට විලක්!

සෙනිගාල්හි පිබිදෙව්! ලේඛක විසින්

සාමාන්‍යයෙන් විලක් රෝස පාටයි කියද්දී ටිකක් අමුතුයි. ඒ වුණාට රෙට්බා විල රෝස පාටයි. එය හඳුන්වන්නේ රෝස විල කියලයි. අපේ නිවස පිහිටා තිබුණේ බටහිර අප්‍රිකාවේ සෙනිගාල්වල ඩකා නුවර. එතැන ඉඳන් මේ විලට තිබුණේ කිලෝමීටර 30ක දුරක්. අපිට හිතුණා මේ විල ඇත්තටම රෝස පාටද කියලා බලන්න. අපි විල ළඟට යනකොට හිරු රැස්වලින් නැහැවුණු විලේ වතුර ටික දිලිසි දිලිසි තිබුණා. කිව්වා වගේම හරි. ලස්සන රෝස පාට විලක්. වතුරේ සිටින ක්ෂුද්‍ර ජීවීන් සමඟ හිරු රැස් ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් නිසයි ඒ වගේ අද්විතීය රෝස පාටක් ඇති වෙන්නේ කියලා අපේ මාර්ග උපදේශකයා අපට කිව්වා. විලේ පාට විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා බලන්න.

නොගැඹුරු විල් පතුලේ ලුණු තට්ටුවක් තිබෙනවා. වතුර හරිම ලුණු ගතියයි. ඒ නිසා සමහර අය කිසිම වෙහෙසක් නැතුව වතුර මත පාවෙලා යනවා අපි දැක්කා.

හුඟදෙනෙක් රෝස විලෙන් ආදායමක් උපයනවා (1). අපිට දකින්න ලැබුණා කම්කරුවෝ විල් තීරය දිගේ ට්‍රක් රථවලට ලුණු පටවන ආකාරය. අපි ටිකක් නැවතිලා බැලුවා ගම්මු විලෙන් ලුණු ගන්න විදිහ. මිනිස්සු විලට බැහැලා අඩි හතරක පමණ ගැඹුරින් තිබෙන ජලයේ හිටගෙන දිග ගල් කටුවකින් ලුණු කඩනවා. ඉන්පසු ඔවුන් ෂවලයෙන් බෝට්ටුවලට ඒවා පටවනවා. බෝට්ටුව පිරෙන්න ලුණු පටවන නිසා බොහොම අමාරුවෙන් තමයි බෝට්ටුව යන්නේ (2). ලුණු ටොන් එකක් එකතු කිරීමට පැය තුනක් ගත වෙන බව එක් කම්කරුවෙක් අපට කිව්වා. බෝට්ටු ඉවුරට ළං වූ විට කාන්තාවන් එක පෝලිමට ඇවිත් බාල්දිවලට ලුණු පුරවා ඔළුවේ තියාගෙන යනවා (3).

අපේ ගමන ඉතාමත් සුවදායක අද්දැකීමක්. මෙම රෝස විල අපගේ පොළොව යෙහෝවා දෙවිගෙන් ලද අගනා ත්‍යාගයක් කියා කීමට තිබෙන බොහෝ ආශ්චර්යවත් දේවල් අතුරින් තවත් දෙයක්.—ගීතාවලිය 115:16.

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo by Jacques CLEMENT, Clichy, FRANCE at http://community.webshots.com/user/pfjc

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න