ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 12/8 10-11 පි.
  • කාගෙත් කුසගිනි නිවෙන දා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාගෙත් කුසගිනි නිවෙන දා!
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • දෙවි මිහිතලය පාරාදීසයක් කරන කාලය අත ළඟයි!
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 12/8 10-11 පි.

කාගෙත් කුසගිනි නිවෙන දා!

තම දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා දකිද්දී සැලකිලිමත් පියෙකුගේ හිතට මොන තරම් දුකක් ඇති වෙයිද කියා සිතා බලන්න. මනුෂ්‍ය පියෙකුට එසේ හැඟෙනවා නම් අපගේ ප්‍රේමණීය දෙවි පියාණන්ට කොයි විදිහට හැඟෙනවා ඇද්ද? මෙවැනි තත්වයකට මුහුණ දෙන මිලියන ගණනකගේ දුක දෙවි හොඳින් හඳුනනවා.

කුසගින්නේ සිටින අයට ආහාර සැපයීම සඳහා මිනිසාට හොඳ අභිප්‍රායක් තිබුණත් 21වන සියවස ආරම්භයේදී කුසගින්නෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබුණා. නමුත් අපේ පියාණන් වන යෙහෝවා දෙවිට කුසගින්න සදහටම තුරන් කිරීමට හැකියාවක් වගේම වුවමනාවක්ද තිබෙනවා. අපි ඒ බව දන්නේ කොහොමද?

දෙවි මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවව ඒදන් උයනේ පදිංචි කළ විට ජීවිතය උපරිම අන්දමින් භුක්ති විඳීමට ඇති තරම් ආහාර ලබා දුන්නා. ඔවුන්ට කිසි හිඟයක් නොතිබුණු බව බයිබලයේ පැහැදිලි කරන්නේ මෙලෙසයි. “මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලද බීජ දරන පල ඇති සියලු වෘක්ෂයන්ද ඔබට දුනිමි” කියා දෙවි පැවසුවා. යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ ආදම් සහ ඒවගේ දරුවන් “පොළොව පුරා පැතිර” ඔහු සපයා තිබෙන සෑම යහපත් දේ භුක්ති විඳීමයි.—උත්පත්ති 1:28, 29.

මුල් යුවළ මැවුම්කරුට විරුද්ධව කැරලිගැසීම නිසා ඔහුගේ ආශීර්වාද අහිමි වුණත් මනුෂ්‍යයන් සඳහා දෙවිගේ මුල් අරමුණ වෙනස් වුණේ නැහැ. යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “බඩගිනි වූවන්ට කෑම දෙන” තැනැත්තා හැටියටයි. ඒ වගේම මනුෂ්‍යයන්ට ආහාර ලබාගැනීමට තිබෙන සියලු බාධක ඉවත් කරන බවට සඳහන් අනාවැකි බොහොමයක් බයිබලයේ අඩංගු වී තිබෙනවා.—ගීතාවලිය 146:7.

දේවරාජ්‍යය ස්ථාපිත කර පොළොවේ කටයුතු පාලනය කිරීමට යන්නේ කවදාද කියා දැනගැනීම සඳහා යේසුස්ගේ ගෝලයන් ඔහුගෙන් ලකුණක් හෝ සාක්ෂි ඉල්ලා සිටියා. එවිට යේසුස් ඊට පෙර පවතින තත්වයන් ගැන විස්තරයක් ඔවුන්ට දුන්නා. “ආහාර හිඟකම්” ඉන් එක් දෙයක්. යේසුස්ගේ වදන් සලකා බැලීමෙන් මිනිසාගේ දුක් වේදනා ඉක්මනින්ම කෙළවර වන බවට සහතිකයක් ලබා දෙනවා.a—මතෙව් 24වන පරිච්ඡේදය.

දෙවි ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන පාරාදීස පොළොව ගැන ගීතාවලිය 72:16හි [නව අනුවාදය] මෙවන් අනාවැකියක් දී තිබෙනවා. “කඳු මත ගොයම් ලෙළ දේවා! ධාන්‍ය බහුලව ඉතිරේවා!” පුරාණ ඊශ්‍රායෙලයේ සාමාන්‍යයෙන් ධාන්‍ය වැවුණේ මිටියාවත්වලයි. ඒත් මෙම අනාවැකියේ සඳහන් ආශීර්වාද ලත් කාලයේදී පාළු, නිසරු, පලදාවක් නැති ඉඩම්වල පවා වගා කළ විට බොහෝ ධාන්‍ය හටගනීවි. එක් බයිබල් විශාරදයෙක් මෙසේ පවසනවා. “ක්‍රිස්තුස්ගේ පාලන සමයේදී අස්සක් මුල්ලක් නෑර හැම තැනකම පාහේ ධාන්‍ය වගාවන් දක්නට ලැබෙයි. කඳු මුදුන් පවා සශ්‍රීක වෙයි.”

බයිබලයේ පුරෝකථනය කර තිබෙන ජීවිතයත් අද මනුෂ්‍යයා භුක්ති විඳින ජීවිතයත් අතර තිබෙන්නේ මොන තරම් වෙනසක්ද! “පොළොව ස්වකීය වර්ධනය දුන්නීය. දෙවි එනම් අපේම දෙවි අපට ආශීර්වාද කරන්නේය.” ඇත්තෙන්ම දෙවි අපට පොරොන්දු කරන්නේ එවැනි අනාගතයක්.—ගීතාවලිය 67:6.

ඔබත් ඔබේ පවුලේ අයත් මෙම බයිබල් අනාවැකිවල සඳහන් හද දනවන ආශීර්වාද සහ වෙනත් ආශීර්වාද භුක්ති විඳීමට කැමති නම් ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසීමට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට ලිවීමට පසුබට වෙන්න එපා.

[පාදසටහන]

a යේසුස්ගේ අනාවැකි ඉටු වී තිබෙන ආකාරය දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[10වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න