ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/06 27 පි.
  • මම සමරන්නේ නැති හේතුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම සමරන්නේ නැති හේතුව
  • 2006 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැලොවීන් උත්සවයේ සුල මුල
    බයිබලයෙන් උත්තර
  • හැලොවීන් උත්සවේ නොදත් කතාව
    2013 පිබිදෙව්!
  • ජනප්‍රිය උත්සව—අහිංසක විනෝදයක්ද?
    2001 පිබිදෙව්!
  • ජනප්‍රිය උත්සවවල සුල මුල
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 10/06 27 පි.

මම සමරන්නේ නැති හේතුව

මයිකල් කැනඩාවේ ජීවත් වෙන අවුරුදු 14ක් වයසැති පිරිමි දරුවෙක්. ගිය අවුරුද්දේ ඔහුගේ අසල්වැසියෝ, හොල්මන්, අවතාරවලට සම්බන්ධකමක් ඇති ඉතා ජනප්‍රිය හැලොවීන් උත්සවය පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටියදී ඔහු කළ දේ ගැන පාසැලේදී ලියූ රචනාවක මයිකල් මෙහෙම විස්තර කළා.

‘අඳුර වැටී තිබෙන මේ වෙලාවේ මගේ ජනේලයෙන් පිටත බැලුවා. ඇටසැකිලි සහ සොහොන් ස්මාරක වැනි ආකෘති සාදා ඒවාවලින් අහළ පහළ ගෙවතු සරසා තිබෙනවා. මිනිස් මුහුණු වට්ටක්කා ගෙඩිවල කපා ඒවා පහන් කූඩු මෙන් ජනෙල්වල තබා තිබෙනවා. දෙමාපියන් තම දරුවන් ඊළඟ දවසේ අඳින්න යන ඇඳුම් සකස් කරමින් සිටින අතර, දරුවන් ඔවුන්ට ලැබෙන දේවල් ගැන වගේම කරන්න යන දේවල් ගැනත් සිහින මවනවා.

‘නමුත් අපේ පවුල වෙනස්. අපේ ගෙවත්තෙවත්, ජනෙල්වලවත් කිසිම සැරසිල්ලක් දකින්න නැහැ. සමහර අය මගෙන් අහනවා මම ඇයි හැලොවීන් උත්සවය පවත්වන්නේ නැත්තේ කියලා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මූලිකවම එය සමරන්නේ නැත්තේ එහි මූලාරම්භය නිසයි.a

‘ඇත්තටම කියනවා නම්, මම මේක සමරන කාලයට හරි කැමතියි. මොකද මම යම් යම් දේවල් නොකර සිටින්නේ ඇයි කියා මටම තහවුරු කරගන්න මෙය හොඳ අවස්ථාවක්. යම් චාරිත්‍රයක මූලාරම්භය නිසා ඇති වී තිබෙන බලපෑම ගැන අපිම සොයා බලන්න ඕනේ. මම නම් හිතන්නේ එසේ කිරීම ඉතාමත්ම වැදගත් දෙයක් කියලයි. උදාහරණයකට හිට්ලර්ගේ හමුදා භටයෝ වගේ ඇඳ පැළඳගෙන ඉන්නවා දැක්කොත් අපේ ගමේ අය ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ ඔවුන් කළ දුෂ්ට දේවල් ගැන බොහෝදෙනෙක් දන්න නිසයි. ඔවුන් ඒවාවලට කැමති නැහැ. මම හොල්මන්, අවතාර හා මායාබන්ධන සම්බන්ධ සියලුම දේවල්වලට කොහෙත්ම සම්බන්ධ වෙන්න කැමති නැහැ. ඒවායින් නියෝජනය කරන දේවල්වලට මම හරි අකමැතියි. අපි යම් දෙයක් කරනවාද නැද්ද කියා තීරණය කරන විට ඒවාට අදාළ වන පැති ගැනත් සිතා බැලීම ඉතා වැදගත්. යමක් ජනප්‍රිය නිසාම එය කිරීම සුදුසු නැහැ. ඒ අතින් මම වෙනස්. මම යමක් විශ්වාස කරන්නේ ඒවා ගැන සොයා බලා තිබෙන නිසයි. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ.’

[පාදසටහන]

a වැඩි විස්තර සඳහා 2001 ඔක්තෝබර් 8 එවේක් සඟරාවේ 5-10 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න