ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/07 22 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සෞඛ්‍ය සම්පන්න දිවියක් සොයා
    2000 පිබිදෙව්!
  • විකල්ප ප්‍රතිකාර ක්‍රම—ඉල්ලුම වැඩිවීමට හේතු
    2000 පිබිදෙව්!
  • ඔබේ තේරීම
    2000 පිබිදෙව්!
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 9/07 22 පි.

අපගේ පාඨකයන්ගෙන්

සියලු රෝගවලට නිමාවක්! (2007 ජනවාරි) “මුදල් හා කාලය වැය කරමින් අරගන්නා වූ බෙහෙත් හේත්වලින් සිදු වන්නේ ප්‍රයෝජනයක් නොව හානියක්” කියා මෙම කලාපයේ සඳහන් වී තිබුණා. ඉන් ඇඟවෙන්නේ බටහිර ඖෂධ වෙනුවට භාවිත කරන සමහර වෙනත් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවලින් ගැටලු මතු විය හැකි බවයි. මේ නිසා ඉහත කළ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ආරක්ෂිතම හා සාර්ථකම ඖෂධ ලෙස පිබිදෙව්! සඟරාව බටහිර ඖෂධ නිර්දේශ කරන බවද? ඒත් එක් ආයතනයක් පවසන්නේ බටහිර ඖෂධ එතරම් සාර්ථක හෝ ආරක්ෂිත නොවන බවයි.

එක්සත් ජනපදයේ ජී. සී.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: ඖෂධවල හොඳ නරක කාලයෙන් කාලයට වෙනස් වන බව හුඟක් අයට පෙනී ගොස් තිබෙනවා. මේ දෙයම බටහිර ඖෂධ හෝ වෙනත් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමවලටත් අදාළයි. වැදගත්ම දෙය වන්නේ ඔබ ප්‍රතිකාරයක් ගන්නා සෑමවිටකම ඉන් ලැබෙන ප්‍රයෝජනය හා අතුරු විපාක ගැන දැන සිටීමයි. එමෙන්ම ඒවා බයිබල් ප්‍රමිතිවලට පටහැනි වෙනවාද නැද්ද යන්න ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි. කෙසේනමුත් තමන්ට කැමති ප්‍රතිකාරයක් ලබාගැනීම පෞද්ගලික තීරණයක්. “පිබිදෙව්!” විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැති බව මීට පෙර ලිපිවල පවා සඳහන් කර තිබුණා. කෙනෙක් ලබාගන්නා ප්‍රතිකාරයක් විවේචනයට ලක් කිරීම ක්‍රිස්තියානීන් විසින් නොකළ යුතුයි. ලිපියේ සඳහන් කර තිබූ ලෙස කුමන ප්‍රතිකාර ක්‍රමය භාවිත කළත් රෝගවලට සම්පූර්ණ නිමාවක් ගෙනෙන්න මේ කිසිම ක්‍රමයකට බැහැ. රෝග නැති ලොවක් ඇති කළ හැක්කේ දෙවිගේ රාජ්‍යයට පමණයි.—එළිදරව් 21:3, 4.

‘මගේ දෙපා සවි වන දා’ (2006 අගෝස්තු) ෆ්‍රාන්චෙස්කො ආබටෙමාර්කොගේ ඉවසීම හා නිහතමානිකම මගේ හිතට හුඟක් කාවැදුණා. ඔහු ආබාධිත කෙනෙක් වුණත් ඔහුගේ මානසික පීඩනයත් සමඟ යෙහෝවා දෙවිට සේවය කරන්න ඔහුට තිබුණු ආශාව නම් පුදුමාකාරයි. අපි මොන තත්වයකට මුහුණ දුන්නත් අපිට හැකි උපරිමයෙන් දෙවිට සේවය කරන්න පුළුවන් බව මම මේ අද්දැකීමෙන් ඉගෙනගත්තා. ජීවිතේ විශාල වෙනස්කම් කරන්න බයිබල් ප්‍රතිපත්ති ඔහුට උපකාරවත් වුණු ආකාරය දැනගැනීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා.

කාම්බෝජයේ එන්. ජී.

ෆ්‍රාන්චෙස්කොට ජය ගන්න බාධා හුඟක් තිබුණා. ඒත් සත්‍යය ලැබුණාට පස්සේ එයා ඒ බාධාවලට මුහුණ දුන්නේ ප්‍රීතියෙන්. ඒ වගේම එයාට තියෙන්නේ පුදුම අධිෂ්ඨාන ශක්තියක්. මට වගේම මේ ලිපිය කියවූ අනිත් අයටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙන්න ඇතියි කියලයි මට හිතෙන්නේ.

දකුණු අප්‍රිකාවේ එම්. ඩී.

මම මේ අද්දැකීමට හුඟක් ආශා කරනවා. යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න මට ඔහුගේ අද්දැකීම කොච්චර උදව් වුණාද කියලා මට ෆ්‍රාන්චෙස්කොව හමු වෙලා කියන්න තියෙනවා නම්!

එක්සත් ජනපදයේ ජේ. බී.

ඔයාගේ විඳදරාගැනීමත් ජ්වලිතයත් ගැන මම ඇත්තටම සතුටු වෙනවා ෆ්‍රාන්චෙස්කො. පාරාදීස පොළොවේදී ඔයාට මුවෙක් වගේ පැන යන්න හැකි වෙන බව ස්ථිරයි. ඔයාට ආදරය කරන ඔයා වෙනුවෙන් යාච්ඤා කරන සහෝදර සහෝදරියන් හුඟක් ඉන්නවා කියලා මතක තියාගන්න.

රුසියාවේ එස්. ජී.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න