දස දෙසින්
◼ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇති අවුරුදු දහයෙන් “හයවෙනි ස්ථානය” හිමි වන්නේ 2006 වසරටයි. මෙම අවුරුදු දහයම වාර්තා වුණේ පසුගිය අවුරුදු 12 ඇතුළතයි.—WORLD METEOROLOGICAL ORGANIZATION
◼ බීජිංහි මහජන ආරක්ෂක කාර්යාංශයේ නිවේදනයකට අනුව එම රටේ එක් නිවසක ඇති කළ හැක්කේ “එක බල්ලෙකු” පමණයි. මෙහි අරමුණ ජලභීතිකා රෝගය මර්දනය කිරීමයි. මෙම රෝගයෙන් 2004දී චීනයේ මිය ගිය මිනිසුන්ගේ සංඛ්‍යාව 2,660ක් පමණ වුණා.—XINHUA ONLINE.
◼ හෝටල්වල නැවතී සිටින අමුත්තන්ට “සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාව සියයට 50ක්” පමණ වෙනවා. ඊට හේතුව හෝටල්වල දොර අගුලු, ලාම්පු, දුරකථන හා TV දුරස්ථ පාලක යන දේවල් ඔවුන් ස්පර්ශ කිරීමයි.—කැනඩාවේ MACLEAN’S.
කෘමීන් සොයා යන ගමනක්
කීට විශේෂඥයින්විසින් ඇමසන් වැසි වනාන්තරයෙහි සිටින කෘමී විශේෂ 60,000ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒත් තවමත් හඳුනාගෙන නොමැති කෘමී විශේෂ සංඛ්‍යාව 1,80,000ක් පමණ සිටින බව එක් පුවත්පතක පැවසෙනවා. (එම පුවත්පත Folha Online) එම වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයේ කීට විශේෂඥයින් 20දෙනෙකු පමණ අධ්‍යයන කටයුතු කරගෙන යන අතර වසරකට කෘමී විශේෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන උන් පිළිබඳව අධ්‍යයනය කළ හැකි බව හෙළි වී තිබෙනවා. මේ ආකාරයට බලන විට ගණන් බලා ඇති සියලුම කෘමී විශේෂ ගැන තොරතුරු අධ්‍යයනය කිරීමට තව අවුරුදු 3,300 පමණ ගත වෙයි!
දුමෙන් වැසී ගිය ජීවිත!
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් නිකුත් කළ එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “ලෝක ජනගහනයෙන් සියයට 25ක් (බිලියන 1.6ක්) පමණ එදිනෙදා කටයුතු කරන්නේ විදුලි බලය නොමැතිවයි. එමෙන්ම බිලියන 2.4ක් පමණ පිරිසක් තම ඉවුම් පිහුම් හා වෙනත් අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා අවශ්‍ය තාපය උත්පාදනය කරගැනීමට ගල් අඟුරු, දර හෝ සත්ව අසූචි භාවිත කරනවා. මේවායින් පිටවන දුම්වලින් වැලඳෙන රෝග නිසා වසරකට කාන්තාවන් හා ළමුන් මිලියන දෙකහමාරක් පමණ මිය යනවා.”—Our Planet නම් සඟරාව.
බොරුකාරයන්ගේ පාරාදීසයක්
නාඳුනන අයත් සමඟ කතා කරන්නත් ප්‍රසිද්ධියක් ලබන්නත් හුඟක් අයට වෙබ් අඩවි උදව් වෙනවා. එක් පුවත්පතක සඳහන් වුණේ මේවා “බොරුකාරයන්ට පාරාදීසයක්” වගේම ජාතිවාදීන්ට ඕපාදූප පතුරවන්නන්ට කදිම අවස්ථාවක් බවයි. ඒවා මගින් සමහර අය තමන් ගැන අසත්‍යය තොරතුරු සපයන අතර තරබාරු, උසින් අඩු, පොකුටු කොණ්ඩයක් ඇති අයව සමච්චලයට පවා ලක් කරනවා. එසේ කිරීමෙන් ඔවුන් එවැනි පුද්ගලයන්ව මහත් වේදනාවට පත් කරනවා. බ්‍රසීලයේ මනෝවෛද්‍යවරයෙක් වූ ඊවෙලීස් ෆෝර්ටීම් පවසන්නේ ‘මෙවැනි හේතු නිසා පුද්ගලයන්ට සැබෑ ජීවිතේදී දැනෙන වේදනාවට වඩා මේවා මගින් දැනෙන වේදනාව වැඩියි’ කියායි.—Folha Online නම් පුවත්පත.
අරුම පුදුම උපකරණයක්!
සූර්යයා හා චන්ද්‍රයාගේ පිහිටීමත්, සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ සිදුවීමත් නිවැරදිව කියන්න පුළුවන් උපකරණයක් කිමිදුම්කරුවන් විසින් මුහුද යට තිබී සොයාගෙන තිබෙනවා. මෙය ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසට අයත් උපකරණයක්. මෙය සොයාගෙන තිබෙන්නේ ග්‍රීසියට අයත් දූපතක් වූ ආන්ඩීකීතීරාවලට ආසන්නව 1901දී මුහුදුබත් වූ නැවකිනුයි. මෙම උපකරණය විද්‍යාඥයින් විසින් X-කිරණ යොදාගෙන පරීක්ෂා කළ විට එය අවම වශයෙන් කුඩා ලෝකඩ දැති රෝද 30ක් පමණ යොදාගෙන සාදා තිබෙන බව හඳුනාගත්තා. එක් සඟරාවක පවසන්නේ මෙය ‘සාදා ඇත්තේ ඉතාම සංකීර්ණ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන’ බවයි.—Nature නම් සඟරාව.
[21වන පිටුවේ හිමිකම් විස්තර]
AP Photo/Thanassis Stavrakis