ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/09 4-5 පි.
  • ප්‍රතිකාර ක්‍රම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රතිකාර ක්‍රම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබට කළ හැකි දේ
  • මුහුණ දීමට සිදු වන තත්වයන්
  • යොවුන් සිනහව නැති කරන රෝගය
    2017 පිබිදෙව්!
  • මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට
    2004 පිබිදෙව්!
  • මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • හේතු සෙවීම
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 7/09 4-5 පි.

ප්‍රතිකාර ක්‍රම

රූත් දිගු කාලයක් පුරා මානසික අවපීඩනයෙන් පෙළුණු තැනැත්තියක්. ඇය ඒ සඳහා ප්‍රතිකාර ලබාගත් ආකාරය ගැන මෙසේ පවසනවා. “මම මගේ ස්වාමිපුරුෂයා සමඟ ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. අපේ ජීවන රටාව වෙනස් කළා. ඒ විතරක් නෙමෙයි පීඩනකාරී තත්වය තවත් වැඩි නොවන විදිහට කටයුතු කරන්නත් වෑයම් කළා. අපිට නිවැරදි ප්‍රතිකාර ක්‍රමය ලැබුණු නිසා මට සුවයක් තිබෙනවා. සමහර අවස්ථාවල මොන දේ කළත් පලක් නැහැයි කියා හිතෙනවා. එවැනි අවස්ථාවලදී මගේ ස්වාමිපුරුෂයාගේ සහ මිතුරන්ගේ ප්‍රේමණීය සැලකිල්ල එම ප්‍රතිකාර ක්‍රමය දිගටම කරගෙන යෑමට උපකාරවත් වුණා.”

රූත්ගේ අද්දැකීමෙන් පෙන්වන්නේ දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුට අන් අයගේ උපකාරය මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි. මානසික අවපීඩනයට ප්‍රතිකාර නොගැනීම සමහර අවස්ථාවලදී මරාන්තික විය හැකියි. ‘රෝගීන්ට වෛද්‍යවරයෙකුගේ’ උපකාරය අවශ්‍ය වන බව මීට අවුරුදු දෙදහකට කලින් යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (මාක් 2:17) මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර මගින් සහනයක් ලබාගත හැකියි.a

ඔබට කළ හැකි දේ

මානසික අවපීඩනයට ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා. ඔබට තිබෙන රෝග ලක්ෂණ හා රෝගයේ තිබෙන බරපතළකම අනුව ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙනවා. (“විවිධ තත්වයන්” නමැති කොටුව බලන්න) බොහෝ අයට තම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් ප්‍රමාණවත්. ඒත් සමහර අයට ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයයි. වෛද්‍යවරයා ඔබට ප්‍රතිඅවපීඩක ඖෂධ (antidepressant) හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කළ හැකියි. තවත් අය දේශීය ඖෂධවලින් මෙන්ම ආහාර රටා වෙනස් කිරීමෙන් හා ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කිරීමෙන්ද යහපත් ප්‍රතිඵල ලබා තිබෙනවා.

මුහුණ දීමට සිදු වන තත්වයන්

1. මිතුරන් දෙන උපදෙස්: වෛද්‍ය විද්‍යාව පිළිබඳ සුළු දැනුමක් හෝ කිසිඳු දැනුමක් නැති අය පවා ඔබ ගත යුතු ප්‍රතිකාර ක්‍රම ගැන උපදෙස් දිය හැකියි. ඔබ ගත යුත්තේ ආයුර්වේද ඖෂධද බටහිර ඖෂධද නැත්නම් කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ කියා ඔවුන් තරයේ කියා සිටිය හැකියි.

සලකා බලන්න: ඔබ උපදෙසක් පිළිගැනීමට පෙර එය විශ්වාසනීයද කියා සොයා බලන්න. නමුත් තීරණය ගත යුත්තේ ඔබ මිස අන් කිසිවෙකු නොවෙයි.

2. අධෛර්ය වෙන්න එපා: ලබාගන්නා ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙනවා කියා සිතන නිසාත් ඖෂධවලින් අතුරු ආබාධ ඇති වීම නිසාත් එම ප්‍රතිකාර නවතා දැමීමට පෙලඹිය හැකියි.

සලකා බලන්න: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.” (හිතෝපදේශ 15:22, NW) ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම බොහෝවිට සාර්ථක වන්නේ වෛද්‍යවරයාත් රෝගියාත් අතර හොඳ අදහස් හුවමාරුවක් තිබෙන විටයි. ඔබ සැලකිලිමත් වන දේ ගැන හෝ ඔබට තිබෙන රෝග ලක්ෂණ ගැන වෛද්‍යවරයාට පැහැදිලි කරන්න. ඔබ ලබාගන්නා ප්‍රතිකාර ක්‍රමය වෙනස් කළ යුතුද නැත්නම් ප්‍රතිඵල ලැබෙන තුරු එය දිගටම භාවිත කළ යුතුද කියා විමසන්න.

3. ඉක්මන් වෙන්න එපා: සති කිහිපයක් ප්‍රතිකාර ලබා යම් සුවයක් ලැබූ පසු ප්‍රතිකාර නතර කිරීමට රෝගියා තීරණය කළ හැකියි. ප්‍රතිකාර ලැබීමට පෙර ඔවුන් අද්දුටු තත්වය අමතක විය හැකියි.

සලකා බලන්න: ප්‍රතිකාර නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. හිතුමනාපෙට නතර කිරීම භයානක මෙන්ම ජීවිතයටද තර්ජනයක් විය හැකියි.

බයිබලය වෛද්‍ය අත්පොතක් නොවූවත් එහි කර්තෘ වන යෙහෝවා දෙවි අපේ නිර්මාතෘයි. මීළඟ ලිපියේ සියලු මානසික පීඩනයෙන් පෙළෙන්නන්ට හා ඔවුන්ව රැකබලා ගන්නන්ට බයිබලය මත පදනම් සහනය හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙනවා.

a පිබිදෙව්! යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් යෝජනා කරන්නේ නැහැ. තමන් තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද කියා තීරණය කිරීම එක් එක්කෙනා සතු වගකීමක්.

විවිධ තත්වයන්

වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ රෝගියාගේ අවපීඩන තත්වය අනුවයි.

  • මානසික අවපීඩන තත්වය (Major depression): රෝග ලක්ෂණ මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පුරා පැවතිය හැකියි. එවැනි කෙනෙකු නිසි ප්‍රතිකාර ලබාගත්තේ නැත්නම් ඔහුගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවලට යම් බාධා ඇති විය හැකියි.

  • දෙයාකාර මනෝ ස්වභාවය: මෙම තත්වය යටතේ කෙනෙකුගේ මානසික ස්වභාවය එකම මට්ටමක පවතින්නේ නැහැ. එය දිගු කාල සීමාවක් පුරා අධික්‍රියාකාරී වීමට (උමතුව) හෝ අවක්‍රියාකාරී වීමට (අවපීඩනය) පුළුවන්.—වැඩි විස්තර සඳහා 2004 ජනවාරි පිබිදෙව්! කලාපයේ “මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට” නමැති ලිපිය බලන්න.

  • ඩිස්තිමියාව: මෙය දරුණු මානසික අවපීඩනය තරම් භයානක නොවූවත් අවපීඩන රෝග ලක්ෂණ එදිනෙදා කටයුතුවලට බාධා ඇති වෙයි. සමහර අයට කලින් කලට දරුණු මානසික අවපීඩන තත්වයක් ඇති විය හැකියි.

  • පසු ප්‍රසව මානසික අවපීඩනය: මෙම තත්වය ඇති වන්නේ මවක් දරුවා ප්‍රසූත කළ පසුවයි. මෙය දරුණු මානසික තත්වයක්.

  • දේශගුණික තත්වයන් නිසා ඇති වන පීඩනය: හිරු එළිය නොලැබීම නිසා ශීත ඍතුවේදී හා ශරත් ඍතුවේදී මෙම තත්වය ඇති වෙයි. මෙය වසන්ත ඍතුවේදී හා ගිම්හාන ඍතුවේදී නැති වී යයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න